රනිල් සජිත් අතර තීරණාත්මක හමුවක් | Page 3 | සිළුමිණ

රනිල් සජිත් අතර තීරණාත්මක හමුවක්

ක්සත් ජාතික පෙර­මු­ණෙන් ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­කයා තෝරා ගැනීමේ තීර­ණය පක්ෂයේ නායක රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේම­දාස මහ­තාට පැව­රී­මට එක්සත් ජාතික පෙර­මුණ තීර­ණය කර තිබේ. පසු­ගිය සිකු­රාදා අර­ලිය ගහ මන්දි­රි­යේදී පැවැති සාක­ච්ඡා­වේදී ඒ පිළි­බ­ඳ තීර­ණ­ය­කට එළැඹ ඇත.

ඒ අනුව අපේ­ක්ෂ­කයා නම් කිරීමේ අව­සන් තීර­ණය සඳහා නාය­කයා හා නියෝජ්‍ය නාය­කයා අද (08) හමු වී ඒ පිළි­බ­ඳව තීර­ණ­යක් ගැනී­මට නිය­මි­තය. ඒ අනුව අද පැවැ­ත්වෙන සාක­ච්ඡාව තීර­ණා­ත්මක වනු ඇතැයි ද වාර්තා වේ.

 

පක්ෂයේ විනය හා එක­මු­තු­කම රඳවා ගෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය ගැන්මට අවශ්‍ය බව අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් මෙහිදී පවසා ඇති අතර එසේ නොවු­ව­හොත් පක්ෂ­යට ඡන්ද අහිමි වීමේ අව­දා­න­මක් පව­තින බවද අග­මැ­ති­ව­රයා පවසා ඇත. අද (08) පැවැ­ත්වෙන තීර­ණා­ත්මක සාක­ච්ඡාව පක්ෂයේ නාය­ක­යාට හා නියෝජ්‍ය නාය­ක­යාට පැව­රී­මට එජාප ජ්‍යෙෂ්ඨ­යින් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ඇමැ­ති­ව­රුන් විසින් තීර­ණය කර ඇත්තේ එයින් පසු­වය.

අපේ­ක්ෂ­කයා කවු­රුන් වුවත් පක්ෂයේ සහාය ලබා දීම ගැනද මෙහිදී සාක­ච්ඡා­වට ලක්ව ඇති අතර ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­කයා නම් කිරී­මෙන් පසුව එක්සත් ජාතික පෙර­මු­ණට සම්බන්ධ සෙසු පක්ෂ සමඟ ඉදිරි පිය­වර ගැනී­මට නිය­මි­තය.

Comments