බුදු­ර­දුන්ගේ නාම­යට සත්ත්ව නාම සම කරනු එපා | Page 2 | සිළුමිණ

බුදු­ර­දුන්ගේ නාම­යට සත්ත්ව නාම සම කරනු එපා

මෑත­කදී සොයා­ගත් හූනන් කීප දෙ‍නකු ජන සමා­ජයේ විශේ­ෂිත පුද්ග­ල­යන් අත­ළො­ස්ස­කගේ නම්ව­ලින් නම් කර තිබුණි. මෙහිදී මොලුස්කා කුලයේ මත්ස්‍ය විශේ­ෂ­යක් බුදු හිමිගේ නමින් හැඳි­න්වී­මට තීර­ණය කරන ලද කුපු­වත වච­නයේ පරි­ස­මා­ප්තා­ර්ථ­යෙන්ම හද­වත දෙද­රන සුලුය.

කොයි කා සමඟ සෙල්ලම් කළත් තුන් ලෝකයේ සුවි­ශේ­ෂිත පුද්ග­ල­යකු හැටි­යට වැඩ වෙසෙන බුදු­ර­දුන්ගේ නාමය සම­ඟ­වත් සිහි­නෙන් පම­ණ­වත් සෙල්ලම් - බෙල්ලම් නොකළ යුතුය. එමෙන්ම අම්මා, තාත්තා යන විශේ­ෂිත පුද්ග­ල­යන් එක්කද ලොව පවත්නා තුරු සෙල්ලම් නොකළ යුතුය.

මේ ආකා­ර­යට විශේ­ෂිත පුද්ග­ල­යන් සතුන් - සිවු­පා­වුන්ගේ නම්ව­ලින් හඳු­න්ව­න්නට ගිය­හොත් තවත් විද­ග්ධ­යන් කිහි­ප­දෙ­න­කු­ට­වත් ලබන ඉර­හ‍ඳෙන් ඉක්බිති පිළි­සි­ඳී­මට වාස­නාව ලැබූ පසු ගෙදර බැල්ලි­යගේ නමින් අම්මාත්, නිව­හනේ සුන­ඛ­යාගේ නමින් තාත්තාත් අඳු­න්ව­න­වාට අබ­මල් රොනක තර­ම්වත් සංකා­වක් නැති­සේය. අනේ කාලේ වනේ වාසේ කොන්ක්‍රීට් උග­තුනි!!!

මාදම්පේ - කලා­භූ­ෂණ

ඇම්. අසෝක ද සිල්වා

 

Comments