
පොලොන්නරුව නව අධිකරණ සංකීර්ණය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි. නව අධිකරණ සංකීර්ණය මහල් තුනකින් සමන්විත අතර ඒ සඳහා රුපියල් මිලියන 327ක් වැය කර තිබේ. සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ඇතුළු මැති අමැතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.