කෝච්චියේ නුවර ගමන කඩි­නම් කරන පිළි­යම් | Page 3 | සිළුමිණ

කෝච්චියේ නුවර ගමන කඩි­නම් කරන පිළි­යම්

 

ඩ­රට දුම්රිය මාර්ගයේ ගමන් කාලය අඩු කිරීම පිණිස රඹු­ක්කන හා කඩු­ග­න්නාව අතර දුම්රිය ධාව­නය විධි­මත් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ආසි­යානු සංව­ර්ධන බැංකුවේ මූල්‍යා­ධාර යටතේ ආරම්භ කර ඇතැයි ප්‍රවා­හන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජන රණ­තුංග මහතා සිළු­මි­ණට පැව­සීය.

ඒ යටතේ රඹු­ක්කන හා කඩු­ග­න්නාව අතර මාර්ගයේ දුම්රිය මාරු වන ස්ථාන වැඩි කිරී­මට හෝ දුම්රිය සංඥා පද්ධ­ති­යක් ස්ථාපිත කිරීම හෝ වෙනත් වැඩි දියුණු කළ හැකි සංව­ර්ධන ක්‍රියා­දාම සම්බ­න්ධව සොයා බැලීම මෙහි අර­මුණ බව ඇමැ­ති­ව­රයා කීය. මේ වන විටත් පේරා­දෙ­ණිය හා මහ­නු­වර අතර ද්විත්ව මාර්ග සංව­ර්ධන ව්‍යාපෘ­තියේ වැඩ අරඹා ඇතැයි කී ඇමැ­ති­ව­රයා ඉදි­රි­යේදී කඩු­ග­න්නාව සිට කටු­ග­ස්තොට දක්වා විදුලි දුම්රිය සේවා­වක් අර­ඹන බවද පැව­සීය. මේ වසර අග වන විට කොළඹ හා මහ­නු­වර අතර තවත් දුම්රිය කීප­යක් ධාව­න­යට කට­යුතු යෙදී­මෙන් පසු මේ මාර්ගයේ දුම්රිය තද­බ­දය අඩු කිරී­මට පිය­වර ගත යුතු බවද ඇමතිවරයා කීය.

Comments