ශ්‍රීලනිප ප්‍රබලයන් රුසක් අද ඉන්නේ පොහොට්ටුවේ | සිළුමිණ

ශ්‍රීලනිප ප්‍රබලයන් රුසක් අද ඉන්නේ පොහොට්ටුවේ

එජ­නිස අම්පාර දිස්ත්‍රික් පාර්ලි­මෙන්තු මන්ත්‍රි විම­ල­වීර දිසා­නා­යක

 

රටේ මේ වන­විට ප්‍රධාන ම මාතෘ­කාව බවට පත්වෙලා තියෙන්නේ ජනා­ධි­පති මැති­ව­ර­ණ­යයි . මේ වන විට මැති­ව­රණ කොමි­ස­මට ශ්‍රිල­නිප දැනුම් දීමක් කර තියෙ­නවා, ඒ පක්ෂයේ ජනා­ධිති අපේ­ක්ෂ­ක­යකු පත් කිරී­මට තීර­ණය කර ඇති බව‍. එය පොදු ජන පෙර­මුණු පක්ෂයේ අපේ­ක්ෂ­කයා‍ට අභි­යෝ­ග­යක් නොවෙයි ද?

පුරෝ­ක­ත­න­යක් කර­ගැ­නී­මට පූර්ව පද­නම වන්නේ පසු­ගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැති­ව­ර­ණය යි. මේ රටේ ළද­රුම පක්ෂ­යක් ලෙසයි එය ඉදි­රි­පත් වුණේ. එව­කට මේ රටේ අාණ්ඩු බලය හිමි­වෙලා ති‍බු‍ණේ ශ්‍රිල­නිප සහ එජා­පය යන ප්‍රධාන පක්ෂ දෙකට. එවැනි තත්ත්වක් තුළ ඇන්. ඇම් පෙරේරා, එස්. ඒ වික්‍ර­ම­සිංහ, කොල්වින් ආර්ද සිල්වා, පිලිප් ගුණ­ව­ර්ධන, ගාමිණි දිසා­නා­යක, චන්ද්‍රිකා කුමා­ර­තුංග මැති­නිය ඇතුළු සියලු පාර්ශ්ව­යන් මේ කණ්ඩා­මට අභි­යෝග කිරී­මට උත්සහා කළා. එය කව­දා­වත් සාර්ථක වුණේ නෑ. සියල්ල දේශ­පා­ලන සිති­යමේ තිත් බවට පත්වුණා. නමුත් ඉති­හා­සයේ පළමු වරට ගිය වසරේ පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී එව­කට ළදරු පක්ෂ­යක්ව පැවැති පොහො­ට්ටුව පක්ෂය ඡන්ද ලක්ෂ පන­ස්දෙ­ක­කට අධික සංඛා­වක් ලබා ගත්තා. දැන් අග­මැති තුමාගේ පක්ෂ­යෙන් කවුරු ඡන්දය ඉල්ලු­වත් ශ්‍රිල­නිප කවුරු ජන්දය ඉල්ලු­වත් ජය­ග්‍ර­හ­ණය කරන්නේ අපේ න‍ියෝ­ජි­තයා.මේ පක්ෂ පසු­ගිය මැති­ව­ර­ණ­වල ලබා­ගත් ඡන්ද පිළි­බඳ ව අපි දන්නවා; ඒ නිසා අපි දන්නව මේ වන විට යුඑන්පි විරෝධී ඡන්ද සියල්ල අපේ පක්ෂය වටා එකතු වෙලා ඉව­රයි. ශ්‍රිල­නිප සිටි ප්‍රබ­ලයෝ බොහෝ ප්‍රමා­ණ­යක් අද වන විට පොහො­ට්ටුව වටා ඉන්න නිසා ඒ ඡන්ද සිය­ල්ලත් මේ වර මැති­ව­ර­ණ­යෙන් එතු­ම­න්ලට ලැබෙන්නේ නැහැ.

ඔබ කිව්වා පළා­ත්පා­ලන මැති­ර­ණ­යේදී පොහො­ට්ටුව නම් වන ළදරු පක්ෂය ඡන්ද ලක්ෂ පනස් දෙකක් ලබා­ගත්තා කියලා. නමුත් ජනා­ධි­පති මැති­ව­ර­ණය කියන්නේ එක් පුද්ග­ල­යකු තරග කරන මැති­ව­ර­ණ­යක්. පසු­ගිය මැති­ව­ර­ණ­යෙදි ලබා ගත් ඡන්ද වලට අම­ත­රව තවත් ඡන්ද ප්‍රමා­ණ­යක් ලබා ගැනී­මට සිදු­ව­නවා. ඒ වගේ සුළු ජාතික පක්ෂ­වල ඡන්දය ගෝඨා­භය මහ­තාට නොලැ­බීමේ අව­කා­ශ­යක් ඇතැයි කියලා ඇතැ­මුන් සඳ­හන් කර­නවා‍?‍

එදා ජය­ග්‍ර­හ­ණය කළේ ළදරු පක්ෂ­යක්; වගේම ආණ්ඩු බලය වෙනත් පක්ෂ දෙකක් අතර තිබි­ය­දීයි පලා­ත්පා­ලන මැති­ව­ර­ණ­යේදී අලුත් පක්ෂය මේ ජය­ග්‍ර­හ­ණය කළේ. ශක්ති­මත් පද­න­මක් තිබුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ජනා­ධි­පති මැති­ව­ර­ණය වගේම මහ­මැ­ති­ව­ර­ණය පරා­ජය වෙලා තිබි­යදී තමයි මේ යුඑන්පී විරෝධි සියලු බල­වේග සහ දැවැන්ත පුද්ගල ප්‍රති­රූ­ප­යක් වන මහින්ද රාජ­පක්ෂ මහතා වටා එදා ජන­තාව එකතු වුණා. දැනුත් එජාප විරෝධි ජන­බල ය රැස්වෙලා ඉන්නේ අපි වටා කියලා ඉතා පැහැ­දි­ලියි‍.

මේ වන­විට ශ්‍රිල­නිප යෙන් ප්‍රබල අපේ­ක්ෂ­ක­යෙක් ඉදි­රි­පත් වුණොත් එය අභි­යෝ­ග­යක් නොවෙ­යිද කියලා මම අහන්නේ.?

දැන් මේ වන විට එජාප විරෝධි සියලු බල­වේග අපි වටා එක­තු­වෙලා තිය­නවා. ඒ හරහා අති විශාල පිරි­සක් අපි වටා එකතු වෙලා තිය­නවා. ශ්‍රිල­නිප කිසිදු අපේ­ක්ෂ­ක­යෙක් අපිට අභි­යෝ­ග­යක් නොවෙයි. එජා­ප­යට තවම අපේ­ක්ෂ­ක­යකු තෝරගන්න බැරි­වෙලා තියෙ­නවා. ඒ අය කවුරු ඉදි­රි­පත් කළත් එය අපිට අභි­යෝ­ග­යක් නැහැ ‍.

මේ ප්‍රබල ජාතික නාය­ක­ත්වය වෙනු­වෙන් ඡන්දය ප්‍රකාශ කිරී­මට එක්කෝටි විසි­ල­ක්ෂ­යක් ජන­තාව එදි­නට පාරට බහීවි. ජනා­ධි­පති මැති­ව­ර­ණ­යේදි අපි අනි­වා­ර්යෙන් ලබා ගන්නවා ඡන්ද ලක්ෂ හැට­ප­හක් . දැනට පනස් දෙකයි. තව ලක්ෂ දහ­තු­නයි අපිට ඕන. එය අපිට අභි­යෝ­ග­යක් නැහැ. මේ වැඩෙන් වෙන්නේ ශ්‍රිල­නිප ඉති­රි­වෙලා ඉන්න අයත් පොහො­ට්ටුව පක්ෂ­යට එකතු වීමයි; දැනට තමන්ට තියෙන පිළි­ගැ­නීම කියලා පාක්ෂික‍යා හිත­නවා. ඒකෙන් පාක්ෂි­කයා දුර්මුඛ වෙනවා. අපි සමඟ ආණ්ඩුව ගැන කල කිරී­මට ලක්වුණු පාක්ෂි­ක­යන් කතා කර­නවා. අපි ඉතා හොඳ කළ­ම­නා­කා­රි­ත්ව­යෙන් යුතු පක්ෂ­යක් නිර්මා­ණය කර තිබෙ­නවා; ජන­තාව ඒ ව‍ටා එකතු වෙනවා.

ශ්‍රිල­නිප සහ පොදු ජන පෙර­මුණ අතර ‍ගොඩනැ­ඟී­මට යන සාකච්ඡා සාර්ථක වුණා කියලා කිව්වත් අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කිරී­මට සුදා­නම් වීම තුළ සන්ධා­න­ගත වීම පිළි­බඳ විශ්වා­ස­යක් තබා­ගත නොහැකි නේද?

මම හිතන්නේ නැහැ අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් කරයි කියලා

ඒවු­ණත් මැති­ව­රණ කොමි­ස­මට ශ්‍රිල­නි­පයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ඉදි­රි­පත් කරන බවට දැනුම් දිලා ‍තියෙනවා නේද?

සම­හර විට සාකච්ඡා කිරී­මේදි කේවල් කිරී­මක් සඳහා එය කළා විය හැකියි. අපි තවම හිත­නවා එසේ සන්ධාන ගත­වී­මක් සිදු­වෙයි කියලා. එසේ නොවු­ණොත් අපේ මව් පක්ෂය; අපි හිටපු පක්ෂය; අපි හැඳුණු පක්ෂය; අපි දේශ­පා­ල­නය ආරම්භ කරපු පක්ෂය දිය­වෙයි අයි­ස්ප­ල­මක් වගේ .

ජන­තා­වට ඔබ කියන තරම් ඡන්දය පිළි­බඳ ව උද්යෝ­ග­යක් තියෙ­න­වාද ජන­තාව දැන් පොරොන්දු දේශ­පා­ල­නය පිළි­බඳ ව කිසිදු විස්වා­ස­යක් නැහැ. ඒ නිසා එක්කෝටි විසි ලක්ෂ­යක් ජන­තාව පාරට බහි­නවා කියා අපිට විස්වාස කරන්න පුළු­වන්ද?

ගොවියා, කම්ක­රුවා, ව්‍යාපා­රි­කයා, කාර්මි­කයා, රජයේ සේව­කයා, සංචා­රක කර්මාන්ත කරුවෝ සියලු ජන­තාව මේ ආණ්ඩුව ගැන කළ­කි­රීලා ඉන්නේ. මේ වන විට ක්‍රියා­කා­රීව වැඩ කරන්නේ පොදු ජන­පෙ­ර­මුණ පම­ණයි. ජන­තාව කල­කි­රිලා ඉන්නේ මේ රජය ගැන. පසු­ගිය ආණ්ඩුව මේ රටට වැඩක් කරලා පෙන්නුව‍ා. අපි තිස්ව­ස­රක යුද්ධය අව­සන් කරලා මේ රටේ ජාතික ආර­ක්ෂාව තහ­වුරු කළා.‍ මිනි­සුන්ට ගැටෙන්න වෙන දේශ­පා­ල­නික ප්‍රබ­ලයෝ ගමේ නැහැ . වැඩක් කරන්නේ පොදු ජන පෙර­මුණ පම­ණයි.

මේ වන විට ශ්‍රිලං­කාවේ දැවැ­න්තම දේශ­පා­ලන ව්‍යාපා­රය පොදු­ජන පෙර­මුණ බවට අද වන විට පත් වෙලා ඉව­රයි. ප්‍රධාන කාර­ණාව දැවැන්ත ම දේශ­පා­ලන පක්ෂයේ අපේ­ක්ෂ­කයා ගෝඨා­භය රාජ­පක්ෂ වීමයි‍.

මේ අය සංහි­ඳි­යාව ගැන කතා කළාට අද වන විට මොන­වද තහ­වුරු වෙලා තියෙන්නේ. සංහි­දි­යාව නැහැ, සම­ගිය නැහැ, ජාතික ආර­ක්ෂාව නැහැ, මිනි­සුන්ට එදා වේල කන්න නැහැ; ඒවගේ තත්ත්ව­යක් අද රටේ ඇති­වෙලා ජාතික ආර­ක්ෂාව බිඳ වැටි‍ලා.

Comments