නවින්ට 50යි | සිළුමිණ

නවින්ට 50යි

ශ්‍රී ලංකා නීති විද්‍යා­ල­යෙන් නීතිය හදාරා එතැ­නින් එක්සත් රාජ­ධා­නියේ සසෙක්ස් සර­ස­වි­යට ඇතු­ළත් වන ඔහු නීතිය පිළි­බඳ උපා­ධිය ලබා­ගන්නා අතර එක්සත් රාජ­ධා­නියේ මිඩ්ල් ටෙම්පල් හි බැරි­ස්ට­ර්ව­ර­යෙකු ලෙස සිය නීති වෘත්තිය අර­ඹයි. එත­නින් නොන­ව­තින නවින් යළි දිව­යි­නට එන්නේ ලන්ඩන් සර­ස­වි­යෙන් මූල්‍ය හා මූල්‍ය නීතිය පිළි­බඳ පශ්චාත් උපා­ධි­යද ලබා­ග­නි­මිනි.

එක්සත් ජාතික පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යෙකු වූ ගාමිණී දිසා­නා­ය­ක­යන්ගේ හා එම පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂි­කා­වක වූ ශ්‍රීමා දිසා­නා­ය­කගේ වැඩි­ම­හල් පුතු නවින් දිසා­නා­යක සිය ජීවි­තයේ 50 වන වස­රට පිවිස සිටී.

එතෙක් මෙතෙක් කාල­යත් ඔහු ගත කළ ජීවි­තය, ඔහු එකතු කර­ගත් දැනුම් සම්භා­රය හා අත්දැ­කීම්, මුහුණ දුන් අභි­යෝග හා පසු කළ කඩ­ඉම් විසින් නවින් දිසා­නා­යක චරි­තය වසර 50 දී පිරි­පුන් පරි­ණත මිනි­සෙකු කර ඇතැයි හැගේ. ඔහු විසින් අද වන විට ප්‍රද­ර්ශ­නය කර­මින් සිටින ඉව­සීම, නිවීම, ගැඹුර හා දැක්ම ඒ බව මොන­වට සනාථ කරයි.

“ඇම­ති­තු­මනි ඔබ ගන්නා සම­හර තීන්දු ඔබේ දේශ­පා­ලන පැවැ­ත්මට එච්චර ගුණ නෑ නේද?” දිනක් පුව­ත්පත් වාර්තා­ක­ර­වකු ඇසූ විට නවින් දුන්නේ මෙවන් පිළි­තු­රකි.

“මම කිසි විටෙක මගේ ජන­ප්‍රි­ය­තාව උදෙසා වැරදි සහ­ගත තීන්දු තීරණ ගන්න කෙනෙක් නෙවෙයි. මම නියෝ­ජ­නය කරන විෂය පථ­යට, රටට හා ජන­තා­වට අහි­ත­කර ඔනෑම දෙය­කට මම එක­හෙළා විරුද්ධ වෙනවා. එහෙම දුර­දිග නොබලා දේශ­පා­ල­ඥ­යන් ගත් ජන­ප්‍රිය තීන්දු නිසා තමයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. ”

ජ්‍යෙෂ්ඨ දේශ­පා­ල­න­ඥ­යෙකු වන කරූ ජය­සූ­රිය මහ­තාගේ වැඩි­ම­හල් දිය­ණිය, ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ නියෝ­ජි­ත­ව­රි­යක වන වෛද්‍ය ලංකා ජය­සූ­රිය සමඟ විවාහ වන නවින් මේ වන විට දිය­ණි­යන් දෙදෙ­නෙ­කුගේ පියෙකි.

මෙරට දේශ­පා­ලන ඉති­හා­සයේ හා එක්සත් ජාතික පක්ෂයේ පෙර­ළි­කා­රයා වූ ගාමිණී දිසා­නා­යක හදි­සියේ ජීවි­ත­යෙන් නික්ම යද්දී නවින් පසු කර­මින් සිටියේ ඔහුගේ විසි­පස් වන අවු­රු­ද්දය. මහා අත්වැ­ලක් සිඳී යෑම කෙනෙ­කුට දරා­ගත නොහැකි කම්ප­න­යක් වුණත් නවින් එදා වැටුණේ නැත. අභි­යෝ­ග­ය­කදී දෙප­යින් නැඟී සිටින හැටි ඒ වන විටත් ඔහු දැන සිටි­යේය. දෙප­යින් නැඟී සිටී­මට හැකි දැනුම, අධ්‍යා­ප­නය, විනය, හැදි­යාව ඉව­සීම හා ආත්ම විශ්වා­සය නවින්ගේ එකම ශක්තිය විය. දිනෙන් දින වැඩෙන ඒ ධනය විසින් ඔහුගේ 50 වන වියේදී මිනි­ස­ත්ක­මින් දැනු­මෙන් හා අත්දැ­කී­මෙන් පොහො­සත් මිනි­සෙකු නිර්මා­ණය කර ඇත.

“මට සාටක පල­ඳන්න මගේ අප්පච්චි මම ළඟ හිටියේ නෑ. මගේ අප්ප­ච්චි­වත් මගේ අම්ම­වත් අපේ දේශ­පා­ලන ස්ථාව­ර­ත්වය හදන්න දේශ­පා­ල­නය කළ අය නෙවෙයි. ඒ නිසා මට තියෙන්නෙ මගේ උත්සා­හ­යෙන් ආපු ගම­නක්” ඇමති නවීන් සිය දේශ­පා­ලන ගමන ගැන කියන්නෙ එහෙම.

නවින් දිසා­නා­යක එක්සත් ජාතික පක්ෂය නියෝ­ජ­නය කර­මින් පාර්ලි­මේ­න්තු­වට එන්නේ 2000 වස­රේ­දීය. එතැන් සිට පැවැත්වූ සෑම මැති­ව­ර­ණ­යක්ම ජය­ගන්නා ඔහු නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කය එක්සත් ජාතික පක්ෂයේ බල­කේ­න්ද්‍ර­යක් කිරී­මට සමත් වෙයි. බහු වාර්ගික දිස්ත්‍රි­ක්ක­යක බහු වාර්ගික ඡන්ද­දා­ය­ක­යාගේ ප්‍රසා­දය දිනා­ගැ­නීම අප වැනි රටක ඉතා බැරෑ­රුම් අප­හසු ඉල­ක්ක­යකි. එහෙත් නවින් එම ඉල­ක්කය පහ­සු­වෙන් ජය­ගන්නේ සිය චරි­ත­යෙන් චර්යා­වෙන් ඔප්පු කර ඇති මනු­ෂ්‍ය­ත්වය හා විශ්ව­ස­නී­ය­ත්වය නිසා­මය. ඒ ගති­ගුණ වලට ජාති භේද වර්ග වාද කුල­මල නැත.

වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා ලෙස ඇම­ති­ධුර වග­කීම් අර­ඹන නවින්, සංචා­රක හා ක්‍රීඩා, සමාජ කළ­ම­නා­ක­රණ හා ප්‍රති­සං­ස්ක­රණ, ආයෝ­ජන ප්‍රව­ර්ධන යන අමාත්‍ය ධුර හොබවා ඇත. ඔහු 50 වන වියට පා තබන්නේ වැවිලි කර්මාන්ත කැබි­නට් අමා­ත්‍ය­ව­රයා ලෙසය.

ආයෝ­ජන ප්‍රව­ර්ධන අමා­ත්‍ය­ව­ර­යාව සිටි­යදී වසර දෙකක් ඇතු­ළත රුපි­යල් බිලි­යන 200 සිට රුපි­යල් බිලි­යන 800 දක්වා සිවු ගුණ­ය­කින් ආයෝ­ජන ඉහළ නැංවී­මට හෙතෙම සමත් විය.

ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මූල­ධ­ර්ම­ය­න්ගෙන් අනූන මහත්මා දේශ­පා­ල­න­යක නියැ­ළෙ­මින් සිය පර­ම්පරා උරු­මයේ ගෞර­ව­යත් දේශ­පා­ලන වෘත්තියේ ගෞර­ව­යත් ආරක්ෂා කර­ග­නි­මින් සිය ගමන යන නවින් සිය පනස් වන උප­න්දි­නය සම­රන්නේ තමා දේශ­පා­ල­නය ඇරඹූ පක්ෂයේ ජාතික සංවි­ධා­ය­ක­ව­රයා ලෙසය. ඒ වන විටත් නවින් දිසා­නා­යක පක්ෂයේ ජන­ප්‍රි­යම දෙවෙනි පෙළ නියෝ­ජි­තයා විය. ඒ බව පක්ෂයේ තන­තුරු සඳහා පැවැත්වූ රහස් ඡන්ද­යෙන් වැඩිම ප්‍රති­ශ­තය ලබා­ගැ­නී­මෙන් නවින් ඔප්පු කළේය.

2000 වස­රෙන් ඇරඹි නවින්ගේ දේශ­පා­ලන ගමනේ ඔහු සෑම විටම හිට­ගත්ගේ නිවැ­රදි පැත්තේය. සෑම විටම සත්‍යය සිය දර්ශ­නය කර­ගත් නවින් පටු දේශ­පා­ලන වාසි තකා වැඩ කරන්නේ නැත.

අවශ්‍ය දේ වැද­ගත් ලෙස කිය­නවා මිස ඔහු කිසි දිනෙක ජන­ප්‍රිය කතා කිය­මින් රූප­වා­හිනි තිරයේ විහි­ළු­කා­ර­යෙකු වන්නේ ද නැත. වරද දුටු තැන එය නිවැ­රදි කර­න්නේය. වංචාව ඉදි­රියේ කිපෙ­න්නේය. නවින් මහ ආඩ­ම්බ­ර­කා­ර­යෙ­කැයි ඇතැම් අය කියති. එහෙත් ඔහු හමු වී කතා­බහ කළ පසු එසේ කියන අය යන්නේ අපි නවින් ගැන හිතා­ගෙන හිටිය විදිහ වැර­දියි කිය­මිනි.

“ඔබේ පියා දේශ­පා­ල­නය කළ යුග­යයි අදයි අතර දකින වෙනස කුමක්ද?” යැයි දිනක් රූප­වා­හිනී නිවේ­ද­ක­යෙකු ඇමති නවින් දිසා­නා­ය­ක­ගෙන් ඇසු­වේය.

“මගේ අප්පච්චි තරුණ කාලෙ­මයි මහ­වැ­ලිය වගේ විශාල වග­කී­මක් ලැබුණේ. ජනා­ධි­පති ජේ. ආර්. ජය­ව­ර්ධ­නගේ මම දකින හොඳම ගති­ගු­ණය තමයි තමන්ගේ අමා­ත්‍ය­ව­රුන් ගැන ඔහු තුළ පැවති විශ්වා­සය.

ඒ නිසාම මගේ අප්ප­ච්චිට වැඩ කිරී­මට අවශ්‍ය පසු­බිම නිර්මා­ණය වී තිබුණා. මගේ අප්පච්චි වගේම ලලිත් ඇතු­ල­ත්මු­දලි, ආර්. ප්‍රේම­දාස වගේ චරිත ඉස්මතු වුණේ ඒ පසු­බිම තුළයි. නමුත් දැන් දේශ­පා­ල­නයේ හැඩය වෙනස්. අපි එය අව­බෝධ කර­ගත යුතුයි” ඒ නවින්ගේ පිළි­තු­රයි.

 

පුණ්‍යා සම­ර­කෝන්

Comments