දේශ­පා­ලන කර­ළිය සෙලවූ කුරු­ණෑ­ගල අසුන් පෙර­ළිය | සිළුමිණ

දේශ­පා­ලන කර­ළිය සෙලවූ කුරු­ණෑ­ගල අසුන් පෙර­ළිය

 

සු­ගිය සතියේ දේශ­පා­ලන කති­කාව තුළ කිසි­යම් කසු­කු­සු­වක් ඇවිළී තිබීණි. එහි උඩින්ම කිය­වුණේ හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­ණ­තුංග මහ­ත්මි­යගේ නමයි. සාලින්ද දිසා­නා­යක මහ­තාගේ අභා­වය නිසා හිස් වූ කුරු­ණෑ­ගල දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුරයේ දිවු­රුම් දීම පිණිස ශාන්ත බණ්ඩාර මහ­තාගේ ඉල්ලා අස් වීමෙන් පුර­ප්පාඩු වූ එක්සත් ජනතා නිද­හස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුර­යට හිටපු ජන­ප­ති­නිය පත් කර­න්නැයි ශ්‍රීල­නිප මන්ත්‍රී­ව­රුන් හා ආසන සංවි­ධා­ය­ක­ව­රුන් පිරි­සක් ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කර තිබෙන බවට කතා පැතිර යෑම ඊට හේතු­වයි. කුමා­ර­ණ­තුංග මහ­ත්මිය පුර­ප්පාඩු වූ මන්ත්‍රී ධුර­යට පත් කිරී­මෙන් අන­තු­රුව විපක්ෂ නායක ධුර­ය­ටද පත් කිරී­මට කට­යුතු කරන ලෙස ඉල්ලා මේ පිරිස ජනා­ධි­ප­ති­ව­ර­යාට ලිපි­යක් භාරදී ඇති බවද මේ අතර කිය­විණි. මෙය පොහො­ට්ටුව සමඟ සන්ධා­න­ගත වීමට කතිකා කරන පිරි­සට නම් කිසි සේත්ම ශුභා­රං­චි­යක් නොවීය.

 

චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය ජනා­ධි­ප­තිව සිටි සමයේ තම ආණ්ඩුවේ විදේශ කට­යුතු අමා­ත්‍ය­ව­රයා වූ ලක්ෂ්මන් කදී­ර්ගා­මර් මහතා (2005 අගෝස්තු 12දා) ස්නයි­පර් තුව­ක්කු­ක­රු­ව­කුගේ වෙඩි­තැ­බී­ම­කින් ජීවි­ත­ක්ෂ­යට පත් විය. කදී­ර්ගා­මර් මහ­තාගේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගුවේ පසු වූ එල්ටී­ටීඊ සාමා­ජික මුත්ත­යියා සභා­දේ­වන් නමැත්තා පසු­ගිය ජූනි 22 වැනිදා කොළඹ ජාතික රෝහ­ලේදී මිය­යෑම නිසා කදී­ර්ගා­මර් ඝාතන නඩුව, මහා­ධි­ක­ර­ණය විසින් අව­සන් කළාය. එකල නිල නොවන ආරංචි මාර්ග­ව­ලින් පැව­සුණේ කදී­ර්ගා­මර් මහතා අග­මැ­ති­ව­රයා ලෙස පත් කිරී­මට සිටින බව ආරංචි වීමත් සමඟ මේ ඝාත­නය සිදු වූ බවයි. ඒ වන විටත් මහින්ද රාජ­පක්ෂ මහතා අග­මැ­ති­ව­රයා ලෙස පත්ව සිටි­යේය. රජයේ ප්‍රබ­ල­යකු තුන්වන පාර්ශ්ව‍යක් මඟින් එල්ටී­ටී­ඊ­යට මුදල් දුන් බවට කට­කතා පැතිර ගියේද එක­ලය.

 

ප්‍රති­රූප මාරුව

 

කෙසේ හෝ 2005 නොවැ­ම්බ­රයේ මහින්ද රාජ­පක්ෂ මහතා මෙරට පස්වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා ලෙස දිව්රුම් දුන්නේය. ඔහු ක්‍රම­යෙන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය තුළ බණ්ඩා­ර­නා­ය­ක­ව­රුන්ට පැවති බලය දුර්වල කළේය; ඒ වෙනු­වට ඩී.ඒ. රාජ­පක්ෂ ප්‍රති­රූ­පය ඔප­වත් කර­මින්, එය රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ පක්ෂ­යක් බවට පත් කළේය. එය ඔහුට වඩාත් පහසු වූයේ යුද ජය­ග්‍ර­හ­ණය සමඟ තමන්ට ලැබුණු කීර්තිය නිසාය. තව­දු­ර­ටත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට පැව­තී­මට නම් මේ රාජ­ප­ක්ෂ­වා­ද­යෙන් එය මුදා­ගත යුතුය. ඊට වික­ල්පය චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­ණ­තුංග බව ඔවුන් සිත­න්නට ඇත්තේද එනිසා විය හැකිය. මන්ද යත්: රවි­රාජ්, ශ්‍රීපති සූරි­ය­ආ­රච්චි, ජෙය­රාජ් ප්‍රනා­න්දු­පුල්ලේ, මහින්ද විජේ­සේ­කර ආදි දේශ­පා­ලන නාය­ක­යන්ට අත් වූ ඉර­ණම තම­න්ටද කිසි­යම් දිනක අත්වනු දැකීම ඔවුන්ට ඉව­සිය නොහැ­කිය. පසු­ගිය රාජ­පක්ෂ සමයේ නාමල් රාජ­පක්ෂ මහතා පැමි­ණෙන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නාය­ක­යන්ට පවා ඔහුට ගෞරව සමා­චාර දැක්වී­මට සිදු විය. වතා­වක් දයා­සිරි ජය­සේ­කර මහතා ප්‍රසි­ද්ධියේ ප්‍රකාශ කළේ; තමන් වැනි තරුණ නාය­ක­යන්ට රාජ­ප­ක්ෂ­ක­ර­ණය වූ ආණ්ඩු­වක් තුළ කිසිදා ඉඩක් නොලැ­බෙන බවයි. එය ඔහු දන්නා බවත්, අනෙක් බංකො­ලොත් දේශ­පා­ල­ක­යන් මෙන් රාජ­ප­ක්ෂ­ලාගේ ප්‍රති­රූ­ප­යෙන් ඡන්ද ලබා­ගැ­නී­මට තරම් තත්ත්ව­ය­කට තමා තවම පිරිහී නැති බවත්, එසේ තරග කර පරා­ජය වුවත් කොන්ද කෙළින් තබා­ගෙන ඊට මුහුණ දිය හැකි ආත්ම ශක්ති­යක් තමාට ඇති බවත් ඒ මහතා මීට කල­කට ප්‍රථම පවසා තිබිණි.

 

ජන­ප­තිගේ අපේ­ක්ෂාව

 

එකල එසේ වී නම් ගෝඨා­භය රාජ­පක්ෂ ජන­පති වී, මහින්ද රාජ­පක්ෂ අග­මැති වී, චමල් රාජ­පක්ෂ කථා­නා­යක වූ ආණ්ඩු­වක තමන්ට කෙවැනි ඉර­ණ­මක් අත්විය හැකි­දැයි ප්‍රග­ති­ශීලි ශ්‍රීල­නීප මන්ත්‍රී­ව­රුන් ප්‍රශ්න කරන බව ශ්‍රීල­නි­පයේ අභ්‍ය­න්තර ආරංචි මාර්ග පව­සයි. මේ අව­දා­න­ම්කාරි තත්ත්ව­යෙන් මිදී­මට නම් ඉදි­රි­යේදී ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රමුඛ කොට­ගත් පුළුල් පක්ෂ සන්ධා­න­ය­කට යා යුතු බව ඔවුන්ගේ අද­හස වී තිබේ. එහිදී වාමා­ශික අද­හස් දරන රැඩි­කල් වෙන­සක් ඇති කළ හැකි බල­වේ­ග­යක් නිර්මා­ණය කිරීම ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මේ මොහොතේ වග­කීම බව එහි 68 වන සංව­ත්ස­ර­යේදී ජනා­ධි­ප­ති­ව­රයා කළ කතාව තුළ ගැබ්ව තිබිණි. ප්‍රභූ පැලැ­න්තියේ බලය අහිමි කර ජන­තා­වගේ සැබෑ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් දිය හැකි ආණ්ඩු­වක් ඉදි­රි­යේදී නිර්මා­ණය කළ යුතු බව ජනා­ධි­ප­ති­ව­රයා පැව­සූයේ එබැ­විනි.

චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­ය­කගේ පැමි­ණීම සම්බ­න්ධ­යෙන් හා-හූව පසු­ගි­යදා මතුව ආ විට ශ්‍රීල­නි­පයේ සිටින පොහො‍ට්ටු කල්ලි­යට එත­රම් හිත­කර ආරං­චි­යක් නොවූයේ ශ්‍රීල­නීප‍ය දියාරු කිරී­මට පොහොට්ටු පක්ෂය විසින් ක්‍රියා­වට නංවා තිබෙන වැඩ­පි­ළි­වෙ­ළට ඉන් බල­පෑ­මක් වන බව දැක ඇති වූ බිය නිසාය. එනිසා ඊට ඔවුන් තරයේ විරුද්ධ වී ඇති බව­ටද කතා­වක් පැතිර ගියේය.

හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා චන්ද්‍රිකා මහ­ත්මිය පත් කිරී­මට තීර­ණ­යක් ගෙන ඇත්දැයි මහින්ද අම­ර­වීර මහ­තා­ගෙන් අප කළ වීම­සී­ම­කදී ඔහු පවසා සිටියේ එහි කිසිදු සත්‍ය­තා­වක් නැති බවයි. එතු­මිය එවැ­න්නක් ඉල්ලා නැති බවත්, එතු­මිය ලැස්තුවේ වත් නැති බවත්, මෙය අමූ­ලික බොරු­වක් බවත් එහිදී ඔහු සඳ­හන් කළේය. මේ සම්බ­න්ධ­යෙන් පක්ෂය තවම කිසිදු තීර­ණ­ය­කට එළඹී නැති බවත්, ඉදි­රි­යේදී ඒ සම්බ­න්ධ­යෙන් පක්ෂය තීර­ණ­යක් ගැනී­මට නිය­මිත බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටි­යේය.

 

කුරු­ණෑ­ගල අසුන කාටද?

 

මේ අතර, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් ඉවත් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී­ව­රුන් වන ලක්ෂ්මන් යාපා අබේ­ව­ර්ධන, විජිත් විජ­ය­මුනි සොයිසා, එස්බී දිසා­නා­යක, ඩිලාන් පෙරේරා සහ ඒඑ­ච්එම් ෆවුසි යන මන්ත්‍රී­ව­රුන්ට එරෙ­හිව විනය ක්‍රියා­මාර්ග ගැනී­මට අදා­ළව පක්ෂය විසින් ලිපි බාර දී ඇතැයි ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ මහ­ලේ­කම් දයා­සිරි ජය­සේ­කර මහතා පසු­ගි­යදා (4) පැවති මාධ්‍ය සාක­ච්ඡා­ව­කදී පවසා තිබිණි. මේ සම්බ­න්ධ­යෙන් දින 7ක් ඇතු­ළත කරුණු දක්වන ලෙස ඔවුන්ට ඒ ලිපි මඟින් දැනුම් දී ඇතැ­යිද හෙතෙම එහිදී සඳ­හන් කළේය.

ජාතික මැති­ව­රණ කොමි­සම හෙට රැස්වී­මට නිය­මි­තය. එහි ප්‍රකා­ශ­ක­යකු සඳ­හන් කළේ, ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණය ඇතුළු ඡන්ද විම­සීම් සම්බ­න්ධ­යෙන් එහිදී වැඩි අව­ධා­න­යක් යොමු කරන බවයි. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදාළ නාම­යො­ජනා කැඳ­වීම හෙට තීර­ණය කිරී­මට නිය­මිත බවද ඔහු සඳ­හන් කළේය. ඉදිරි ඡන්ද විම­සී­මේදී දිස්ත්‍රික් මට්ට­මින් පැමි­ණිලි කමිටු ස්ථාප­නය කිරී­මට කෙරෙ­හිද මැති­ව­රණ කොමි­සමේ අව­ධා­නය යොමුව තිබේ. මෙහිදී දැනට පුර­ප්පාඩු වී ඇති එක්සත් ජනතා නිද­හස් සන්ධාන කුරු­ණෑ­ගල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය දින 30ක් ඇතු­ළත සම්පූර්ණ කර­න්නැයි මැති­ව­රණ කොමි­සම කුරු­ණෑ­ගල දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධා­රි­ව­ර­යාට ලිඛි­තව දැනුම් දී තිබේ.

මැති­ව­රණ කොමි­සම සඳ­හන් කළේ, 1981 අංක 1 දරණ පාර්ලි­මේන්තු මැති­ව­රණ පනත ප්‍රකා­රව මේ පිය­වර ගැනී­මට තමන් එහිදී කට­යුතු කළ බවයි.

මේ නිසා අර කසු­කු­සුවේ සත්‍ය-අස­ත්‍ය­තාව හෙටින් එළ­ඹෙන දින කිහි­ප­යේදී රටට අනා­ව­ර­ණය වනු ඇත.

Comments