05 ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල සියයට 50කින් ඉහළට | Page 3 | සිළුමිණ

05 ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල සියයට 50කින් ඉහළට

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රුපියල්500/- සිට රුපියල් 750/- දක්වා 50% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වි ඇත.

අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය අද (03) අනුමත කර ඇත්තේ, ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දක්ෂ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා ලබා දුන් ශිෂ්‍යාධාරය, වසර ගණනාවකින් වැඩි නොකිරීම නිසා එම ආධාර මුදල ඉහළ නැංවීම සඳහාය.

අශිෂ්‍යත්ව සමතුනට 6 වැනි ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) දක්වා අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා නිදහස් අධ්‍යාපනය අර්ථවත් කරමින් මේ ශිෂ්‍යාධාරය ලබා දෙයි.

දැනට වාර්ෂිකව ශිෂ්‍යාධාර ලබන 130,000 ක් පමණ සිසු දරු දැරියන්ගේ ශිෂ්‍යාධාර මුදල, මෙම තීරණය නිසා 50% කින් වැඩි වනු ඇත.

මාසයකට රුපියල් 500/- බැගින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා රජය වාර්ෂිකව රුපියල් මිලියන 610 ක් වැය කරන අතර වාර්ෂිකව මිලියන 365 ක අතිරේක පිරිවැයක් දරමින් රජය මෙම ශිෂ්‍යාධාර මුදල රුපියල් 750/- දක්වා වැඩි කිරීමෙන් අපේක්ෂා කරන්නේ නිදහස් අධ්‍යාපන අයිතිය තවදුරටත් තහවුරු කිරීම බව ද සඳහන්.

 

Comments