ලාංකිකයින් රැගත් බෝට්ටුවක් ඔස්ට්‍රේලියානු හමුදා භාරයට | Page 2 | සිළුමිණ

ලාංකිකයින් රැගත් බෝට්ටුවක් ඔස්ට්‍රේලියානු හමුදා භාරයට

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් 13 දෙනෙකු රැගත් තවත් බෝට්ටුවක් ඔස්ට්‍රේලියානු හමුදාව භාරයට ගෙන තිබේ.

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩූටන් කියා සිටියේ, පසුගිය මාසයේදී එම යාත්‍රාව ඉන්දීය සාගරයේ ඔස්ට්‍රේලියාවට අයත් කුඩා දිවයිනක් වන කොකෝස් දිවයිනට ඔබ්බෙන්වූ මුහුදේදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ භාරයට ගත් බවයි.

පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාව බලා ගිය 13 වන යාත්‍රාව මෙය ලෙස සැලකෙයි.

ඔස්ට්‍රේලියාවේ දැඩි සංක්‍රමණික ප්‍රතිපත්තිය අනුව නීතිවිරෝධීව ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම සඳහා බෝට්ටු මගින් පැමිණෙන සංක්‍රමණිකයින් නැවතත් ඔවුන් පැමිණි රටටම මුහුදු සීමාවේදී හරවා යැවෙයි.

ඔස්ට්‍රේලියානු භූමියකට ඇතුළුවන සංක්‍රමණිකයින් පැපුවා නිව්ගිනියාව, නාවුරු යන දූපත්වල පිහිටි රැඳවුම් මධ්‍යස්ථාන වෙත යවනු ලබන බව රොයිටර් පුවත් සේවය අනාවරණ කළේ ය.

 

Comments