ත්‍රිවිධ විප­ල්ලාස | Page 2 | සිළුමිණ

ත්‍රිවිධ විප­ල්ලාස

ආචාර්ය දිල්ශාන් මනෝජ් රාජ­පක්ෂ කථි­කා­චාර්ය, බෞද්ධ දර්ශ­නය අධ්‍ය­යන අංශය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව­වි­ද්‍යා­ලය

විප­ල්ලාස පිළි­බඳ විවධ වර්ගී­ක­රණ සූත්‍ර දේශ­නා­වල විවිධ ආකා­ර­ව­ලින් දැක්වෙන අතර විප­ල්ලාස පිළි­බඳ ත්‍රිවිධ වර්ගී­ක­ර­ණය අති­ශය ගැඹුරු මෙන් ම සූත්‍ර සාහි­ත්‍ය­යෙහි සුලභ විව­ර­ණ­යක් බව කිව යුතු ය. එම ත්‍රිවිධ විප­ල්ලාස නම්,

1 සංජා­න­නය හා විප­ල්ලාස (සඤ්ඤා විප­ල්ලාස)

2 චින්ත­නය හා විප­ල්ලාස (චිත්ත විප­ල්ලාස)

3 සංවේ­ද­නය හා විප­ල්ලාස (දිට්ඨි විප­ල්ලාස) යනු යි.

 

සංජා­න­නය හා විප­ල්ලාස

(සඤ්ඤා විප­ල්ලාස)

 

පුද්ග­ලයා විෂය ලෝකය දෙස බලන අකා­රය අනුව විප­ල්ලාස හට­ගැ­නීම යි. තවත් ආකා­ර­ය­කින් දක්වන්නේ නම්, සංඥා­වෙන් විප­රීත බැවින් සංඥා විප­ල්ලාස වේ. (සඤ්ඤා­වි­ප­ල්ලා­සාති සඤ්ඤාය විප­ල්ල­ත්ථ­භාවා) දෙවි­යන් සහිත ලෝකයා සුව යැයි ගැනීම විප­රීත සංඥාව යි.

සංඥා විප­ල්ලාස යනු සංඥා­වගේ විප­ර්යා­ස­යට පත් වීම යි. ඒ සඳහා විප­රීත සංඥා යැයි ද කියයි. සංඥා විප­ල්ලාස සතර විධ ය. (චතුස්සො විප­රී­ත­ස­ඤ්ඤා­යොති අත්ථො.) එනම්, සඤ්ඤා විප­ල්ලාස දුබල ය. එය හාත්ප­සින් ම යම් කිසි­වක් නිත්‍යාදි ලෙස වර­දවා හෝ අනි­ත්‍යාදි වශ­යෙන් සත්‍ය ලෙස හෝ ගැනී­මට සමත් ධර්ම­යක් නොවේ. පඤ්ච­ස්ක­න්ධය නිත්‍ය යැයි ගන්නා සිත හා එක් වීමෙන් ද දෘෂ්ටිය හා එක් වීමෙන් ද සංඥාව ද විප­ර්යාස යි.

I. අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා විප­ල්ලාස

II. දුක්ඛ දෙය සුඛ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා විප­ල්ලාස

III. අනාත්ම දෙය ආත්ම ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා විප­ල්ලාස

IV. අසුභ දෙය සුභ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා විප­ල්ලාස

 

සංඥාව මෙන් උප­දින මිථ්‍යා­දෘ­ෂ්ටීන් මෙන් උප­දිනු ලබන භ්‍රාන්ත (විසි­රුණු) සිතේ ස්වභා­වය සඤ්ඤා විප­ල්ලාස යි. ‘විස­ඤ්ඤීනො’ යනු ද සඤ්ඤා විප­ල්ලා­ස­යට යෙදෙන තවත් යෙදු­මකි. සිති­විලි වශ­යෙන් දුර්වල අකු­සල් පාර්ශ්වයේ මුල්කො­ට­ගෙන සඤ්ඤා විප­ල්ලාස ක්‍රියා­ත්මක වේ. ලොව ගැටීම් හට­ගන්නේ, සඤ්ඤාව සහ දිට්ඨිය නිසා ය.

සංඥා විප­ල්ලා­ස­වල ප්‍රති­වි­රුද්ධ පාර්ශ්වය වන සංඥාවේ අවි­ප­ල්ල­ත්ථය ද සතර විධ ය. එනම්,

I. නිත්‍ය දෙය අනිත්‍ය ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා අවි­ප­ල්ලත්ථ

II. සුඛ දෙය දුක්ඛ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා අවි­ප­ල්ලත්ථ

III. ආත්ම දෙය අනාත්ම ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා අවි­ප­ල්ලත්ථ

IV. සුභ දෙය අසුභ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා සඤ්ඤා අවි­ප­ල්ලත්ථ

 

අනිත්‍ය වස්තුවේ නිත්‍ය සංඥා ඇති දුක්ඛයේ සුඛ සංඥා ඇති අනා­ත්ම­යෙහි ආත්මය යැයි සංඥා ඇති අශූ­භයේ ශූභ සංඥා ඇති ව දෘෂ්ටි විප­ර්යාස වශ­යෙන් මිථ්‍යා­දෘ­ෂ්ටි­යට වැටුණු වික්ෂිප්ත සිත් ඇති සත්ත්වයා යෝග­ක්ෂේ­මය නො ලද හෙයින් මාර­යාගේ යෝග­යෙහි යුක්ත වන බව මෙහි දී පෙන්වා දෙයි. එම සත්ත්ව­යන් ජාති, ජරා, මරණ ආදිය කරා යන බවත් සංසා­ර­ගාමී වන බවත් ලොව පහළ වන බුදු­ව­රුන් දුක් සන්සි­ඳ­වන සිවු­සස් දහම් දෙසන බවත් ඉන් නැණ එළිය කරන චතු­රාර්ය සත්‍ය පහළ වන අතර ප්‍රාඥ­යන් එම බුදු­ව­රු­න්ගෙන් දහම් අසා ස්වකීය චිත්තය පිරි­සුදු කර­ගෙන අනිත්‍ය අනිත්‍ය වශ­යෙන් දුක් දුක් වශ­යෙන්, අනා­ත්මය අනා­ත්මය වශ­යෙන්, අශූ­භය අශූ­භය වශ­යෙන් දැක සම්‍ය­ද­ර්ශ­නය වෙත පැමිණ සියලු සසර දුක් ඉක්ම­වන බවත් මෙහි දී අව­ධා­ර­ණය කෙරේ.

චින්ත­නය හා විප­ල්ලාස

(චිත්ත විප­ල්ලාස)

 

පුද්ගල අද­හස් පද­නම් කර­ගෙන විප­ල්ලාස හට­ගැ­නීම ය. චිත්ත විප­ල්ලාස යනු සිතින් හා සිති­වි­ලි­ව­ලින් විප­ර්යා­ස­යට පත් වීම ය. ඒ සඳහා විප­රීත චිත්ත යැයි ද කියයි. චිත්ත විප­ල්ලාස සතර විධ ය.

I. අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත විප­ල්ලාස

II. දුක්ඛ දෙය සුඛ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත විප­ල්ලාස

III. අනාත්ම දෙය ආත්ම ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත විප­ල්ලාස

IV. අසුභ දෙය සුභ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත විප­ල්ලාස

 

චිත්ත විප­ල්ලා­ස­වල ප්‍රති­වි­රුද්ධ පාර්ශ්වය වන චිත්තයේ අවි­ප­ල්ල­ත්ථය ද සත­ර­විධ ය. එනම්,

I. නිත්‍ය දෙය අනිත්‍ය ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත අවි­ප­ල්ලත්ථ

II. සුඛ දෙය දුක්ඛ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත අවි­ප­ල්ලත්ථ

III. ආත්ම දෙය අනාත්ම ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත අවි­ප­ල්ලත්ථ

IV. සුභ දෙය අසුභ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා චිත්ත අවි­ප­ල්ලත්ථ

 

දෘෂ්ටි විර­හිත දුර්වල අකු­සල් චිත්ත පාර්ශ්වයේ මුල් කොට­ගෙන චිත්ත විප­ල්ලාස ක්‍රියා­ත්මක වේ.

සිත සත්ත්ව රූප­වල බාහිර රූප, පර­මාර්ථ රූප වෙන්කොට දැකී­මට අස­මත් වේ. සිත දකින්නේ එකට බැඳී ඝනව පවත්නා රූප කලාප සමූ­හ­යන් එක් එක් දෙයක් ලෙස ය. සවස් කාලයේ දල්වන ලද මධ්‍යම රාත්‍රියේ ද පවත්නා පහන් සිළුව එක දෙයක් ලෙස ය. උප්ප­ත්තියේ සිට මර­ණය දක්වා පවත්නා සිත් පර­ම්ප­රාව එක් සිතක් ලෙස ය. සිත දකින්නේ නාම­රූප ධර්ම පිළි­බඳ සමූහ සන්තති ප්‍රඥප්ති ධර්ම දෙකය. එබැ­වින් සිතට වස්තු මිස ප්‍රඥ්ප්ති ධර්ම දැනෙන්නේ නැත. සන්ත­තිය මිස ඉප­දීම පෙනෙන්නේ නැත. එබැ­වින් සිත අනිත්‍ය වූ නාම­රූප ධර්ම නිත්‍ය ලෙස දකී.

 

සංවේ­ද­නය හා විප­ල්ලාස

(දිට්ඨි විප­ල්ලාස)

 

දෘෂ්ටි සම්ප්‍ර­යුක්ත සිත දිට්ඨි විප­ල්ලාස යි. පුද්ග­ල­යාගේ හැඟීම් පද­නම් කර­ගෙන විප­ල්ලාස හට­ගැ­නීම යි. සිත වර­ද­වා­ගත් නාම­රූප ධර්ම ‘මමය, සත්ත්ව­යාය, සත්ත්ව­යාගේ සාරය බලන තැනැ­ත්තාය, අසන තැනැ­ත්තාය” කියා වර­දවා තදින්, ස්ථිර වශ­යෙන් ගන්නා දෘෂ්ටි ඇති වීම දිට්ඨි විප­ල්ලාස යි. දිට්ඨි විප­ල්ලාස යනු දෘෂ්ටි­යෙන් විප­ර්යා­ස­යට පත් වීම යි. ඒ සඳහා විප­රීත දිට්ඨි යැයි ද කියයි. දිට්ඨි විප­ල්ලා­සය මිච්ඡා දිට්ඨි­ගතා යනු­වෙන් ද හැඳින්වේ. දිට්ඨි විප­ල්ලාස සත­ර­විධ ය.

I. අනිත්‍ය දෙය නිත්‍ය ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි විප­ල්ලාස

II. දුක්ඛ දෙය සුඛ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි විප­ල්ලාස

III. අනාත්ම දෙය ආත්ම ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි විප­ල්ලාස

IV. අසුභ දෙය සුභ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි විප­ල්ලාස

 

දිට්ඨි විප­ල්ලා­ස­වල ප්‍රති­වි­රුද්ධ පාර්ශ්වය වන දිට්ඨියේ අවි­ප­ල්ල­ත්ථය ද සතර විධ ය. එනම්,

I. නිත්‍ය දෙය අනිත්‍ය ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි අවි­ප­ල්ලත්ථ

II. සුඛ දෙය දුක්ඛ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි අවි­ප­ල්ලත්ථ

III. ආත්ම දෙය අනාත්ම ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි අවි­ප­ල්ලත්ථ

IV. සුභ දෙය අසුභ ලෙස ගැනී­මෙන් ඇති කර­ගන්නා දිට්ඨි අවි­ප­ල්ලත්ථ

 

පෙළෙහි අන්ත­ර්ගත දිට්ඨි සංක­ල්පය පිළි­බඳ විවිධ වර්ගී­ක­රණ අත­රින් මූලික වර්ගී­ක­ර­ණ­යක් ලෙස බහු­ලව යෙදෙන්නේ එම ද්වි ප්‍රභේ­ද­ගත දිට්ඨි වර්ගී­ක­ර­ණ­යයි. එනම්,

1. සම්මා­දිට්ඨි

2. මිච්ඡා­දි­ටිඨි යනු යි.

 

එම පද­වල අන්ත­ර්ගත අරුත් හා අද­හස් ඉහත දී ද සාකච්ඡා විය. පෙළෙහි එන බොහෝ­ම­යක් දිට්ඨි පිළි­බඳ වර්ගී­ක­ර­ණ­යන් අයත් වන්නේ මිච්ඡා­දි­ට්ඨිය සම්බ­න්ධ­වයි. දිට්ඨි පරා­ම­ර්ශ­නය හේතු­වෙන් “ස්කන්ධ සංඛ්‍යාත ලෝකය ශාස්ව­තය, අශා­ස්ව­තය, අන්ත­වත්ය, අන­න්ත­වත්ය, ජීව­යත් එය ම ය, ශරී­ර­යත් එය ම ය, ජීවය අනෙ­කකි, ශරී­රය අනෙ­කකි. සත්ත්වයා මර­ණින් මතු වෙයි. සත්ත්වයා මර­ණින් මතු නොවෙයි. සත්ත්වයා මර­ණින් මතු වන්නේ ද වෙයි, නොවන්නේ ද වෙයි, සත්ත්වයා මර­ණින් මතු වන්නේ ද නොවෙයි, නොවන්නේ ද නොවෙයි” යනු­වෙන් දස වැදෑ­රුම් පරිදි දෘෂ්ටි විප­රී­ත­ක­ර­ණ­යට ලක් කරන අතර, පුද්ග­ලයා හා ලෝකය පිළි­බඳ ඇති වන විප­රීත දෘෂ්ටි සත­රක් විප­ල්ලාස නමින් පෙළෙහි දැක්වේ. එනම්,

I. අසුභ වූ දෙය පිළි­බඳ සුභය යන දෘෂ්ටිය

II. දුක් වූ දෙය පිළි­බඳ සැපය යන දෘෂ්ටිය

III. අනි­ත්‍යය වූ දෙය පිළි­බඳ නිත්‍ය ය යන දෘෂ්ටිය

IV. අනාත්ම වූ දෙය පිළි­බඳ ආත්මය යන දෘෂ්ටිය යනු යි.

 

යමෙකු තුළ ආත්ම­යක පැවැත්ම පිළි­බඳ යම් දෘෂ්ටි­යක් තිබේ නම්, එය පව­තින්නේ පංච­පා­දා­න­ස්ක­න්ධය ඇසුරු කොට ගෙනය. ඊට හේතුව නම්, පංච­ස්ක­න්ධය හැර සත්ත්වයා පුද්ග­ලයා වශ­යෙන් පැන­විය හැකි අන් කිසි­වක් පුද්ග­ලයා තුළ, සත්ත්වයා තුළ නැති බැවිනි. ආත්ම­වා­දය බැහැර කිරීම සඳහා ස්කන්ධ, ආය­තන, ධාතු ආදිය විග්‍රහ කොට ත්‍රිල­ක්ෂ­ණය සමඟ විශ්ලේ­ෂ­ණා­ත්ම­කව ඉදි­රි­පත් කරයි.

 

විප­ල්ලා­ස­වල පවත්නා

අනු­පූර්ව සබ­ඳ­තාව

 

උක්ත කී ත්‍රිවිධ විප­ල්ලා­ස­වල අන­න්‍ය­තාව හා ප්‍රබ­ල­තාව සම්බ­න්ධ­යෙන් අට්ඨ­කථා හි තොර­තුරු රැසක් හමු වේ. ඒ අනුව සඤ්ඤා විප­ල්ලාස, චිත්ත විප­ල්ලාස හා දිට්ඨි විප­ල්ලාස යන විප­ල්ලා­ස­වල පවත්නා අනු­පූර්ව සබ­ඳ­තාව පද­නම් කර­ගෙන එම පිළි­වෙළ පෙළ­ගසා ඇත. ප්‍රබ­ල­තාව අනුව සංඥා විප­ල්ලාස වඩා දුර්වල ය. චිත්ත විප­ල්ලාස සංඥා විප­ල්ලා­ස­ව­ලට වඩා තර­මක් ප්‍රබල නමුත් දිට්ඨි විප­ල්ලා­ස­ව­ලට වඩා දුර්වල ය. විප­ල්ලාස අත­රින් වඩාත්ම බල­වත් දිට්ඨි විප­ල්ලාස යි.

මේ අනුව සඤ්ඤා විප­ල්ලාස, චිත්ත විප­ල්ලාස හා දිට්ඨි විප­ල්ලාස යන විප­ල්ලා­ස­වල පවත්නා අනු­පූර්ව සබ­ඳ­තාව හා ප්‍රබ­ල­තාව මඟින් ඒ ඒ විප­ල්ලා­ස­වල අන­න්‍ය­තාව ද අටු­වාවේ විස්තර වේ. සඤ්ඤාව නුවණ හට­නො­ගත් දරු­වෙ­කුගේ දැනුම මෙනි. අර­මු­ණෙහි එළඹ සිටීම් මාත්‍රය ම ග්‍රහ­ණය කරයි. චිත්තය ගැමි පුරු­ෂ­යෙ­කුගේ කහ­වණු දැක්ම මෙනි. ලක්ෂණ අව­බෝධ කර­ගත හැකි ය. ඇතු­ළට කිඳා බැස, ස්පර්ශ කරන හෙයින් දෘෂ්ටිය ලෝකු­රු­වාගේ මහ අඬු­වෙන් යකඩ ග්‍රහ­ණය කිරී­මට සමාන ය.

තවත් ආකා­ර­ය­කින් දක්වන්නේ නම්, සඤ්ඤා විප­ල්ලාස සියලු විප­ල්ලාස අතු­රින් වඩා මෘදු ය. තණ කොළ­ව­ලින් සෑදු පුරුෂ රුව­ව­ලට සැබෑ පුරු­ෂ­යෙක් ය, යනු­වෙන් මුව පොව්වන් තුළ ඇති වන හැඟීම අනි­ත්‍යාදී විෂ­යයේ මිථ්‍යා ආදියේ එළඹ සිටි ආකා­රය ගැනීම ය. සඤ්ඤා විප­ල්ලා­ස­ව­ලට වඩා තර­මක් බල­වත් චිත්ත විප­ල්ලාස වනාහි මැණික් නො වන දේ විෂ­යෙහි මැණික් ආකා­ර­යෙන් එළඹ නිත්‍යාදි වශ­යෙන් ගැනීම යි. විප­ල්ලාස අත­රින් වඩාත් ම බල­වත් දිට්ඨි විප­ල්ලාස යනු යම් අර­මු­ණක් යම් ආකා­ර­ය­කින් එළඹ සිටි ද එය ඒ ඒ ආකා­ර­යෙන් ශාස්වත වශ­යෙන් ‘මෙය ම සත්‍ය ය, අනෙක්වා බොරු ය,’ යනු­වෙන් ගැනීම යි.

නෙත්ති­ප්ප­ක­ර­ට්ඨ­ක­ථා­වට අනුව සඤ්ඤා විප­ල්ලාස, චිත්ත විප­ල්ලාස හා දිට්ඨි විප­ල්ලාස යන විප­ල්ලා­ස­වල පවත්නා අනු­පූර්ව සබ­ඳ­තා­ව­ගො­ඩ­නැ­ඟෙන්නේ අති­ශය ගැඹුරු පද­නෙ­මිනි. එනම්, සඤ්ඤා විප­ල්ලා­ස­ව­ලට හේතුව චිත්ත විප­ල්ලාස යි. චිත්ත විප­ල්ලාස දිට්ඨි විප­ල්ලා­ස­ව­ලට හේතු වේ.

ත්‍රිවිධ විප­ල්ලා­ස­වල අනු­පූර්ව පිළි­වෙළ රේරු­කාණේ චන්ද­වි­මල හිමි කෙළෙස් එක්ද­හස් පන්සි­යය නැමැති ග්‍රන්ථයේ දී සඤ්ඤා, චිත්ත හා දෘෂ්ටි යන විප­ල්ලාස දක්වන්නේ තර­මක් වෙනස් අකා­ර­යක සබ­ඳතා පද­න­මක් මත ය.

පෙළෙහි සඤ්ඤා, චිත්ත හා දෘෂ්ටි යන විප­ල්ලා­ස­වල සබ­ඳ­තාව අනු­පූර්ව පිළි­වෙළ දැක්වෙ­නුයේ ක්‍රමා­නු­කූල ව වර්ධ­නය වන විප­ල්ලා­ස­වල ආදී­නව ශීඝ්‍ර වන අන්දෙ­මිනි. සඤ්ඤා, චිත්ත හා දෘෂ්ටි යන විප­ල්ලා­ස­වල සබ­ඳ­තාව අනු­පූර්ව පිළි­වෙළ තර­මක් අන්‍යා­කාර වන අන්ද­මින් ඉදි­රි­පත් කරන රේරු­කාණේ චන්ද­වි­මල හිමි පෙන්වා දෙන්නේ විප­ල්ලා­ස­වල සඤ්ඤා, චිත්ත හා දෘෂ්ටි යන පිළි­වෙළ තුළ දිට්ඨි ප්‍රබ­ල­වෙ­තත් සඤ්ඤා විප­ල්ලා­සයේ අනි­වාර්ය ප්‍රති­ඵ­ලය චිත්ත විප­ල්ලා­සය නො වන බව යි.

ඒ අනුව සඤ්ඤා විප­ල්ලා­සය ඍජු ව ම දිට්ඨි විප­ල්ලා­ස­යට කේන්ද්‍ර විය හැකි ය. අනෙත් අතට චිත්ත විප­ල්ලාස දිට්ඨි විප­ල්ලා­ස­යට ඍජු ව ම බල­පායි. යම්කිසි කරු­ණක් ගැන ඇති වූ සංඥාව මුලින් දුබල වුව ද කල්යෑ­මෙන් ස්ථිර වී දුරු කළ නො හැකි තත්ත්ව­ය­කට පත් වේ. එබැ­වින් සංඥා විප­ල්ලා­සය ද ප්‍රබල ය. රේරු­කාණේ චන්ද­වි­මල හිමි කෙළෙස් එක්ද­හස් පන්සි­යය නැමැති ග්‍රන්ථයේ දී පෙන්වා දෙන්නේ මෙහි සඤ්ඤා, චිත්ත හා දිට්ඨි යන විප­ල්ලාස තුන පිළි­වෙ­ළින් එකි­නෙ­කට බල­වත් බව ය.

Comments