මහින්දගෙ ආණ්ඩු පොරොන්දු ඉටු කරනවා | සිළුමිණ

මහින්දගෙ ආණ්ඩු පොරොන්දු ඉටු කරනවා

 

ප්‍රබල රාජ්‍ය නාය­ක­යෙක් ජනා­ධි­ප­ති­ව­ර­යෙක් ගැන සියලු දේශ­පා­ලන පක්ෂ කතා කළත් ඊළඟ ආණ්ඩුවේ බල­වතා අග­මැ­ති­ව­රයා, ජනා­ධි­ප­ති­ව­රයා නොවෙයි කියලා ඇතැම් විද්ව­තුන් දේශ­පා­ලන විචා­ර­ක­යන් කිය­නවා නේද?

එය සත්‍ය කාර­ණා­වක් නොවෙයි. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ බල­තල යම් ආකා­ර­ය­කට අඩු­වක් වෙලා තියෙ­නවා. යම් ආකා­ර­යක වෙන­ස්කම් වෙලා තිබු­ණාට ජනා­ධි­ප­ති­ව­ර­යාට මේ රට පාල­නය කිරිමේ අයි­තිය දහ­නව වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යෙන් පසු­වත් තියෙ­නවා. අග­මැ­ති­ව­රයා බලය ඇති පුද්ග­ලයා වෙනවා නම් එහි ගැට­ලු­වක් අපිට නැහැ. විවිධ දෙනා විවිධ මත­වාද පළ කර­නවා; නමුත් අපිට කිසිදු ගැට­ලු­වක් වෙන්නේ නැහැ, එහෙම අර්බු­ද­කා­රී­ත්ව­යක් මතු­වෙන්නේ නැහැ.

ජන­තා­වට දෙන මැති­ව­රණ පොරොන්දු කිසිදු රජ­යක් විසින් ඉටු නොක­රන නිසා ජන­තාව තුළ විස්වා­ස­යක් නැති­වෙලා තියෙ­නවා මැති­ව­රණ පොරොන්දු සම්බ­න්ධ­යෙන්. කුමන අපේ­ක්ෂ­ක­යකු සම්බ­න්ධ­යෙන් වුවත් එත­රම් විස්වා­ස­යක් නැති තත්ත්ව­යක් අද වන විට උද්ගත වෙලා තියෙ­නවා. ඒ නිසා පොහො­ට්ටුවේ අපේ­ක්ෂ­ක­යට ඔබ­තු­මාලා හිතන තරම් විශිෂ්ට ‍ජයග්‍ර­හ­ණ­යක් ලැබේ යැයි හිතන්න පුළු­වන්ද?

දේශ­පා­ලන පොරොන්දු බර­ප­තල ලෙස කඩ කෙරුණේ වර්ත­මාන ආණ්ඩු­වෙන්. මේ ආණ්ඩුව තමයි ලබා දුන්න පොරොන්දු වලින් සිය­යට පහ­ක්වත් ඉටු නොක­රපු ආණ්ඩුව. පසු­ගිය රජය කාල‍යේ අපි දුන් ප්‍රධාන මැති­ව­රණ පොරොන්දු සියල්ල ඉටු කළා. ඒ නිසා ජන­තා­වට මහින්ද රාජ­පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගැන විස්වා­ස­යක් තිබුණා. ඒ ආණ්ඩුව පොරොන්දු ඉටු කරන බව ජන­තාව දන්නවා. පොරොන්දු ඉටු නොක­රන අයට බලය දුන්නාම විශ්වා­සය නැතුව යනවා‍.

මේ වන­විට පසු­ගිය රජය සමයේ දුෂණ වංචා සහ අතු­රු­දන් වීම් සම්බන්ධ පරි­ක්ෂණ කඩි­නම් කිරීම් සහ මේ රජය සම්බ­න්ධ­යෙන් ඇති මහ බැංකු බැඳු­ම්කර මුල්‍ය වංචාව පිළි­බඳ කතාව යළිත් කර­ලි­යට ඇවිත් තියෙ­නවා. මේවා ජන­තාව ඉදි­රියේ කරන දේශ­පා­ලන ජව­නිකා බවට පත් වෙලා. අදාළ පාර්ශ්ව­යන්හි අසා­ධා­ර­ණ­ව­ලට ලක් වුවන්ට සාධා­ර­ණ­යක් ඉටු­වෙලා නැහැ නේද මෙතෙක්.?

මේවා මැති­ව­රණ වේදි­කා­වල කතා­ක­ර­නවා විත­රයි. විධි­මත් ආකා­රයේ පරි­ක්ෂණ කළේ නැහැ. මැති­ව­ර­ණ­ය­කදි අනෙක් පාර්ශ්ව­යන්ට අග­ති­යක් ඇති කිරී­මට තමයි මේ දේවල් මැති­ව­රණ කිට්ටු වුණාම වේදි­කාට ගේන්නේ. හදිසි නඩු­පැ­වැ­රීම් කරලා තියෙ­නවා. ඒ නඩු පැවැ­රීම්, පරි­ක්ෂණ කට­යුතු කිරීම් සම්බ­න්ධ­යෙන් පරි­ක්ෂණ කට­යුතු කඩි­නම් කිරීම පිළි­බඳ ව අපි ට කිසිදු ගැට­ලු­වක් නැහැ. නමුත් එසේ කිරී­මට මැති­ව­ර­ණ­යක් එන්නම ඕනෑද? මේ බැදු­ම්කර වාර්තාව සම්බ­න්ධ­යෙන් මෙන්ම තාජු­ඩීන්, එක්නැ­ලි­ගොඩ, ලසන්ත සම්බ­න්ධ­යෙන් පරි­ක්ෂණ ඉක්මන් කරන්න කියලා අපිත් කිව්වා. මේ සිදු­වීම් දේශ­පා­ලන වාසි සඳහා යොදා ගන්න එපා කියලා අපි කිව්වා‍. වැර­දි­කා­රයෝ හෙළි­ද­රව් කරන්න කියලා අපි කිව්වා. ආණ්ඩුව පත් කරපු කොමි­සමේ පරි­ක්ෂණ කට­යුතු ඉක්මන් කරන්න කියලා අපි කිව්වා. ආණ්ඩුව ඒවා කළේ නැහැ. ආණ්ඩුවේ අතේ පත්තු වුණ හොර­කම් සම්බ­න්ධ­යෙන් පරි­ක්ෂණ කට­යුතු කරන්නේ නැහැ. එයට හේතුව අදාළ පාර්ශ්ව­යන්ට දඩු­වම් දෙන්න වෙන නිසා. දේශ­පා­ලන ගේම් තමයි මේ සේරම. මේවා මැති­ව­ර­ණ­යක් කිටටු වුණාම ඡන්ද වලට සිමා වුණු පරි­ක්ෂණ බවට පත්වෙලා තිය­නවා. පරී­ක්ෂණ සාධා­රණ ව පව­ත්වලා අැත්ත රටට කියන්න කියලා තමයි අපිත් ඉල්ලන්නේ. මේ නිසා තමයි ජන­තා­වට විස්වා­ස­යක් නැති­වෙලා තියෙන්නේ ආණ්ඩුව සම්බ­න්‍ධ­යෙන්.

ඇතැ­මුන් කිය­නවා ගෝඨා­භය රාජ­පක්ෂ කියන්නේ පොහො­ට්ටුවේ ජනා­ධි­පති අපෙ­ක්ෂ­කයා මිසක් එ් වටා ඉන්න අනෙ­කුත් දේශ­පා­ලන පක්ෂ වල ඇතැ­මුන් ගේ කැමැත්ත ගෝඨා­භය මහ­තාට නැහැ කියලා.

නැහැ අපි සියලු දෙනා එක­ඟ­තා­ව­කට ඇවිත් තමයි මේ යෝජ­නා­වට කැමැති වුණේ. පක්ෂ දහ­යක් අපි සමඟ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට අත්සන් කරලා තියෙ­නවා. අාණ්ඩුවේ ඇතැම් මන්ත්‍රි­ව­රුන් සමඟ සාකච්ජා කර­මින් පව­ති­නවා. ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රි­ව­රුන් පවා ගෝඨා­භය මහ­තාට සහය පළ කරලා තියෙ­නවා.

ශ්‍රිල­නිප සහ ශ්‍රිලංකා පොදු­ජන පෙර­මුණු පක්ෂය අතර ගොඩ­නැ­ඟී­මට උත්සාහ කරන සන්ධා­නය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණු නායක මහින්ද රජ­පක්ෂ මහතා ‍සහ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා අතර පසු­ගිය දිනක පුළුල් සාක­ච්ජා­වක් පැවැත්වු බවත්, ඒ සාකච්ජා සාර්ථක වු බවත් පක්ෂයේ ඇතැම් නියෝ­ජි­ත­යන් පව­ස­නවා.

ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට පෙර මේ සන්ධා­නය ගොඩ­නැ­ගිය හැකියි කියල ඔබ හිත­න­වාද?

අපි අවංක චේත­නා­ව­කින් මේ සන්ධා­නය ගොඩ නැඟීම සඳහා එකතු වුණේ. ඒ නිසා මැති­ව­ර­ණ­යට පෙර මේ සන්ධා­නය ගොඩ­නැ­ඟිය යුතුයි. පක්ෂයේ අන­න්‍ය­තාව ආරක්ෂා කර­මින් මේ සියල්ල කළ යුතුයි.

ජනා­ධි­පති මැති­ර­ණ­යේදි තීරක බලය ශ්‍රිලං­නිප කියල ඇතැම් මන්ත්‍රි­ව­රුන් කිය­නවා... මේ වගේ ජාතික කාර­ණා­ව­කදි අපි විහිලු කතා කරලා වැඩක් නැහැ. තීරක බලය කවුද කියලා ජන­තාව තීන්දු කරලා ඉව­රයි. මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමට ඔබ­තු­මාලා බලා­පො­රොත්තු වෙන්න පොදු ජන පෙර­මුණ ලෙසද?

ඒකා­බද්ධ විප­ක්ෂය පුළුල් සන්ධා­න­යක් ‍ගොඩ නඟ­නවා. අනෙ­කුත් පක්ෂ­වල නියෝ­ජි­ත­යන්ගේ කැමැත්ත සහ සාක­ච්ඡා­ව­ලින් අන­තු­රුව අපි තීර­ණය කර­නවා මොකක්ද ඒ සන්ධා­නයේ නම සහ ලකුණ කියලා. පොහො­ට්ටුව වුණොත් වඩා හොඳයි. අසීරු කාල‍යේ ගොඩ­නඟා ඉතා ඉහ­ළ­ටම ගිය පක්ෂ­යක් නිසා.

ජනා­ධි­පති මැති­ව­ර­ණ­යේදි ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට සුළු ජාතික ඡන්දය නොලැ­බෙන බව ඇතැ­මුන් කිය­නවා ?

මේ වන විට මේ ආණ්ඩු­වට ජන­තාව විරු­ද්ධයි කියන දේ මුළු රට ම පිළි­ගන්න කාර­ණා­වක්. විචා­ර­යක් තියන කිසිම කෙනෙක් මේ ආණ්ඩු­වට ඡන්දය දෙන්නේ නැහැ. ගමේ ජන­තාව එක්ක ගමින් ගමට අපි යද්දී අපිට පේනවා මේ ආණ්ඩු­වට තියන විරෝ­ධය. අපි මේ ‍රටේ ප්‍රධාන පක්ෂය බවට පත්වෙලා ඉව­රයි. දිනපු පක්ෂය වෙලත් වැඩි ම ඡන්ද සම්භා­වි­තාව ගත්ත පක්ෂය වෙලා අනෙක් පක්ෂ වලට අව­ලාද කරන්නේ.

Comments