එජාප අපේ­ක්ෂ­ක­යාට සන්ධා­න‌යේ සහාය | සිළුමිණ

එජාප අපේ­ක්ෂ­ක­යාට සන්ධා­න‌යේ සහාය

එක්සත් ජාතික පෙරමුණේ සන්ධානය පිළිබඳ පූර්ණ එකඟතාවකට පැමිණ ඇති බවත්, ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයාට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලු පක්ෂ සහාය දැක්වීමට තීරණය කර ඇති බවත් සිළුමිණට වාර්තා වේ.

පසුගිය 17 වැනිදා පවත්වන ලද සාකච්ඡාවකදී එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලු පක්ෂ නායකයන් එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සමඟ සන්ධානය සම්බන්ධයෙන් තිබූ සෑම ගැටලු සහගත තත්ත්වයක්ම විසඳාගත් බවද ඒ ආරංචි මාර්ගවලින් පැවසේ.

ඒ අනුව නව සන්ධානයේ නාමය, ලකුණ, කාර්යාලය, ලේකම්වරයා, නායකත්වය හා නායකත්ව මණ්ඩලය මෙන්ම අපේක්‍ෂකයා තෝරනු ලබන ආකාරය පිළිබඳව මෙන්ම අනාගත මහ මැතිවරණවලට තරග කරන අවස්ථාවල ක්‍රියා කරන ආකාරය ගැනද ගැටලු පැන නොනඟින පරිදි එකඟතාවකට පැමිණ තිබෙන බවද ඒ ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

සන්ධානය හා සම්බන්ධ ප්‍රධාන පක්ෂ දෙකක් නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු වන පාඨලී චම්පික රණවක හා අර්ජුන රණතුංග මහත්වරුන් ඉකුත් සතියේ ප්‍රකාශ කළේ සන්ධානයකින් තොරව අපේක්ෂකයකුට ජය ගත නොහැකි බවයි.

Comments