මගේ නිවාඩු කාලය | සිළුමිණ

මගේ නිවාඩු කාලය

මම නිවාඩු කාලයේදි ලොකු අම්මලාගේ ගෙදර ගියෙමි. ලොකු අම්මාගේ ගම අලුත්ගමයි. මම අයියා අක්කා නංගි මල්ලි සමඟ සෙල්ලම් කළෙමි. අපි වෙරළු කඩා අච්චාරු සාදා කෑවෙමු. එක දවසක් අපි දිය ඇල්ලක් බලන්නට ගියෙමු. අපි දිය ඇල්ලෙන් නෑවෙමු. ලොකු අම්මා මට රස කෑම සාදා දුන්නාය. මහප්පා කතා කියා දුන්නේය. නිවාඩු කාලය අවසන් වන විට මට දුක සිතුණි. අම්මයි තාත්තයි තාත්තයි සමඟ මම ගෙදර ආවෙමු. ලොකු අම්මලාගෙන් වෙන් වී එන විට මම හැඬිමි.

සනුමි සිතුලිමා රණසිංහ

4 ශ්‍රේණිය සී

රාජකීය විද්‍යාලය,

හොරණ

 

Comments