IMBS ඩිප්ලෝමා ප්‍රදා­නෝ­ත්ස­වය උත්ක­ර්ෂ­වත්ව | සිළුමිණ

IMBS ඩිප්ලෝමා ප්‍රදා­නෝ­ත්ස­වය උත්ක­ර්ෂ­වත්ව

කළ­ම­නා­ක­රණ හා ව්‍යාපාර අධ්‍ය­යන ආය­ත­නයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදා­නෝ­ත්ස­වය පසු­ගිය දා කොළඔ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලාවේ දී පැවැ­ත්විණි. එම අව­ස්ථා­වට ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ලයේ ආර­ම්භක උප­කු­ල­පති මහා­චාර්ය චන්ද්‍රා ඇඹු­ල්දෙ­ණිය ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වූ අතර, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ගෝඨා­භය ජය­රත්න හා කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ දර්ශ­නය හා මනෝ­විද්‍යා අධ්‍ය­යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය දයා එදි­රි­සිංහ මහ­ත්වරු සම්භා­ව­නීය ආරා­ධි­ත­යන් ලෙස සහ­භාගි වූහ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු සභා­පති ආචාර්ය නාලක ගොඩ­හේවා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ අධ්‍යා­පන අධ්‍යක්ෂ දයා බණ්ඩාර කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ දර්ශ­නය හා මනෝ­විද්‍යා අධ්‍ය­යන අංශයේ ආචාර්ය්‍ය ගුණේන්ද්‍ර ගයන්ත, ගම්පහ යශෝ­දරා බාලිකා විද්‍යා­ලයේ විදු­හ­ල්ප­තිනි ගයානි වත්සලා, ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ විද්‍යා­ලයේ විදු­හ­ල්පති සරත් වසන්ත, කේම්බ්‍රිජ් විශ්ව­වි­ද්‍යා­ලයේ ශ්‍රී ලංකා නියෝ­ජිත Thariq Khan යන මහත්ම මහ­ත්මීහු විශේෂ ආරා­ධි­ත­යන් ලෙස සහ­භාගි වූහ.

 

Comments