Emerald Active කමිස කලාවේ අලුත්ම ලකුණ | සිළුමිණ

Emerald Active කමිස කලාවේ අලුත්ම ලකුණ

ශ්‍රී ලංකාවේ පිරිමි ඇඟලු‍ම් සම්බන්ධ ප්‍රමු­ඛ­තම සන්නා­මය වන Emerald තම නව­තම කමිස එක­තුව Emerald Active නමින් හඳුන්වා දී ඇත.

සාමාන්‍ය අවස්ථා සඳහා සුදුසු, කමිස පෙළක් වන Emerald Active නිමවා ඇත්තේ අලං­කා­රය සහ නවීන විලා­සිතා සම්ප්‍ර­දා­යන් මැනැ­වින් එක්තැන් වන පරි­ද්දෙනි. කමිස අඳින පුද්ග­ල­යාගේ පෞරු­ෂ­ත් වය අනුව තෝරා­ගත් හැකි ආකා­ර­යට විලා­සිතා රැස­කින් වෙළ­ඳ­පො­ළට පැමි­ණෙන මෙම කමිස එක­තුව, කෙනෙ­කුගේ රුචි­ක­ත්වය අනුව වර්ණ හා නිමා­වන් රැස­කින් මිල­දී­ගත හැකි වේ. හොඳ ඇඟලු‍ම් එක­තු­වක එක් වැද­ගත් අංග­යක් වන්නේ ඇඳුම් සංඛ්‍යාව නොව විවි­ධ­ත්ව­යයි. නව Emerald Active කමිස පෙළ පාරි­භෝ­ගි­ක­යන්ට මේ විවි­ධ­ත්වය නව මාන­ය­කින් දැකී­මට අව­ස්ථාව සලසා දෙනු ඇත. සුදුසු ලෙස ගැළ­පීම මගින් මේවා උදෑ­සන හමු­ව­කට, රාත්‍රී සාද­ය­කට පම­ණක් නොව මුහුදු වෙරළේ සැහැ­ල්ලු‍වෙන් ගත­ක­රන මොහො­ත­කට පවා මැනැ­වින් සුදුසු වේ. යට නොකර හැඳීම, ටී ෂර්ට් එක­කට උඩින් හැඳීම හෝ අත් නවා හැඳීම ඇතු­ළුව, සුදුසු ඕනෑම ආකා­ර­ය­කට මෙම කමිස පෙළෙන් හැඩ­විය හැක. ඒ නිසා කෙනෙ­කුට තමන් වඩාත්ම තෘප්ති­මත් වන ආකා­ර­යට Emerald Active කමිස වලින් සැර­සී­මට නිද­හස ලැබේ.

Comments