Deep Heat දැන් ශ්‍රී ලංකාවේ | සිළුමිණ

Deep Heat දැන් ශ්‍රී ලංකාවේ

වසර 60කට අධික කාල­යක් ලොව පුරා විශ්වා­සය දිනා­ගත් වේදනා සහ­න­කා­ර­ක­යක් ලෙස මෙය ප්‍රච­ලිත වී ඇති අතර එය ස්වාභා­වික සංඝ­ටක මෙන්ම විද්‍යා­නු­කූ­ලව උසස් ප්‍රමි­ති­යෙන් නිප­දවූ කෘත්‍රිම සංඝ­ටක වල ද මනා සංක­ල­න­යක් ලෙස ද පැස­සු­මට ලක් වී තිබේ.

Deep Heat යනු ශ්‍රී ලංකාවේ වෙළ­ඳ­පො­ලට හඳුන්වා දෙන නව­තම Rohto නිෂ්පා­ද­න­යයි. Rohto යනු විශ්වා­ස­නීය විස­ඳුම් රැසක් සම­ගින් මෙරට වෙ‍ෙළ­ඳ­පොළේ ප්‍රමු­ඛ­ස්ථා­න­යක් ඉතා කෙටි කල­කින් දිනා­ගත් සමා­ග­මකි.

'Deep Heat’' නිෂ්පා­දන මගින් මාංශ පේශීන් සැහැල්ලු කොට, දැඩි බව අඩු කොට, වේද­නාව සම­නය කර­මින් ආලේ­පිත ප්‍රදේ­ශ­යට මනා රුධිර සංස­ර­ණ­යක් ලබා දෙයි. මෙහි අඩංගු රසා­ය­නික සංයෝ­ජ­නය මගින් සිරුරේ අදාළ ප්‍රදේ­ශ­යට සිසි­ලක් සහ උණු­සු­මක් ලබා දෙමින්, උණු­සුම සහ සිසිල මනාව පාල­නය කිරීම හරහා වේද­නාව සම­නය කිරීම සිදු කරයි. රක්ත­වා­තය, ආත­ර­යි­ටීස්, පිට කොන්දේ වේද­නාව, මාංශ පේශි වේද­නාව, සන්ධි වේද­නාව, උර­හිස් වේද­නාව ආදී රෝගා­බාධ නිසා ඇති වන වේද­නාව Deep Heat භාවි­ත­යෙන් සම­නය කර­ගත හැක.

Rohto නිෂ්පා­දන මුලින්ම මෙරට වෙළ­ඳ­පො­ළට පැමි­ණියේ 2013 වසරේ වන අතර ඒ සම­ගම මෙරට වෙළෙ­ඳ­පොළේ ජය­ග්‍ර­හණ රැසක් ලබා­ග­න්නට ඔවුන්ට අව­ස්ථාව ලැබිණි. විශේ­ෂ­යෙන්ම Acnes, Oxy Face Wash සහ Mentholatum LipIce යන Rohto නිෂ්පා­දන ඉතා කෙටි කල­කින් මෙරට වෙ‍ෙළ­ඳ­පොළ තුළ විශාල ජන­ප්‍රි­ය­ත්ව­යක් දිනා ගන්නට සමත් විය.

Rohto සඳහා ඇති අන්තර්ජාතික පිළි­ගැ­නීම මෙන්ම එම නිෂ්පා­දන විසින් දිනා­ගෙන ඇති කීර්ති නාම­යද, සමා­ගම තුළ පව­තින වටි­නා­කම් සමු­දාය නිසා ද මෙම නිෂ්පා­දන ශ්‍රී ලංකාවේ පාරි­භෝ­ගි­ක­යන්ට නැවුම් අත්දැ­කීම් රැසක් එක් කළ බව එම සමා­ගමේ මෙරට කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂිකා ගයාත්‍රි රත්නා­යක මහ­ත්මිය පැව­සු­වාය.

Comments