99X Technology සමා­ගමට ගෞර­වා­ද­ර­ය | සිළුමිණ

99X Technology සමා­ගමට ගෞර­වා­ද­ර­ය

99X Technology සමා­ගම මෙරට වැඩිම ගෞර­වා­ද­ර­යට පාත්‍ර වූ සමා­ගම් 100 අත­රට නම්කි­රී­මට LMD සඟ­රාව පසු­ගි­යදා කට­යුතු කළේ ය. වාර්ෂි­කව පව­ත්වනු ලබන මෙම සමී­ක්ෂ­ණය සිදු­ක­රනු ලබන්නේ Nielsen ආය­ත­නය මගිනි. මෙම ලැයි­ස්තු­වට රටේ ප්‍රමු­ඛ­තම සහ අති­ශය ජන­ප්‍රිය නාම­යන් හිමි සමා­ගම් මෙන්ම බහු­ජා­තික සමා­ගම්ද ඇතු­ළත් වේ.

මෙවර මෙම සමී­ක්ෂ­ණය සිදු­ක­රන ලද්දේ 15 වන වරට වන අතර, එහිදී 32 වැනි ස්ථානය හිමි­ක­ර­ගැ­නී­මට 99X Technology සමා­ගම සමත් විය. තවද මෙම ලැයි­ස්තු­වට ඇතු­ළත් වීමට සමත් වූ තාක්ෂණ සමා­ගම් 9 අත­රින් ප්‍රථම ස්ථාන­යට පැමිණ ඇත්තේද 99X Technology සමා­ග­මයි.

“‍අප සමග අත්වැල් බැඳ­ගෙන සිටින සියලු‍ම දෙනා වෙනු­වෙන් ඉහ­ළම තලයේ සේවා­වක් සැල­සී­මට අප උත්සාහ කර­නවා.

මෙම උත්සා­හය තුළදී ජන­තාව අප කෙරෙහි දක්වන ආක­ල්පය අපට ඉතා­මත් වැද­ගත්. මේ ආකා­ර­යට LMD/Nielsen සමී­ක්ෂ­ණය මගින් මෙරට වැඩිම ගෞර­වා­ද­ර­යට පාත්‍ර වූ තාක්ෂණ සමා­ගම ලෙස නම්ක­රනු ලැබීම මෙන්ම මේ ආකා­ර­යට රටේ දැවැ­න්තම සමා­ගම් අතර ශ්‍රේණි­ගත වීමට ලැබීම මගින්, අපගේ උත්සා­හය සාර්ථක වී ඇති බව පෙනී යනවා .99X Technology සමා­ගමේ සම නිර්මාතෘ සහ ප්‍රධාන විධා­යක නිල­ධාරී මනෝ සේක­රම් මහතා පැවසී ය.

99X Technology ප්‍රධාන කාර්යා­ලය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අතර එම සමා­ගම නෝර්වේ සහ ඔස්ට්‍ර­ලේ­සි­යා­වේද කාර්යාල ස්ථාපිත කර ඇත. 2019 වස­රේදී ආසි­යාවේ විශි­ෂ්ට­තම රැකියා ස්ථාන­යක් ලෙස ඇග­යී­මට ලක්වී­මට එම සමා­ගම සමත් විය.

Comments