මහින්ද්‍රා මෝටර් රථ එක­ලස් කිරීමේ කර්මාන්ත ශාලාව වැලි­පැන්නේ | සිළුමිණ

මහින්ද්‍රා මෝටර් රථ එක­ලස් කිරීමේ කර්මාන්ත ශාලාව වැලි­පැන්නේ

ඇම­රි­කානු ඩොලර් බිලි­යන 20.7ක වත්ක­මක් ඇති මහින්ද්‍රා සමු­හයේ අනු­බද්ධ ආය­ත­න­යක් වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමා­ගම කොළ­ඹට නුදුරු වැලි­පැන්න හි දී තම දේශීය මෝටර් රථ එක­ලස් කිරීමේ කම්හල ඇර­ඹී­මත් සමග ගෝලීය වශ­යෙන් තම ව්‍යාප්තිය සඳහා දැවැන්ත පිය­ව­රක් තබා ඇත. මහින්ද්‍රා අයි­ඩි­යල් වශ­යෙන් නම් කරන ලද එම එක­ලස් කිරීමේ කර්මාන්ත ශාලාව අයි­ඩි­යල් මෝටර්ස් සමග සහ­යෝ­ගී­තා­ව­යෙන් කට­යුතු කරනු ලබයි.

එම එක­ලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද දින තම පළමු නිෂ්පා­ද­නය වන Mini SUV KUV1OO එළි දැක්වීය

එම එක­ලස් කිරීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස්, මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ආචාර්ය පවන් ගොඑන්කා , ප්‍රධාන ජාත්‍ය­න්තර මෙහ­යුම් නිල­ධාරී අර­වින්ද් මැතිව් මහ­ත්ව­රුන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් සිදු කෙරිණි. කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ආචාර්ය පවන් ගොඑන්කා මහතා,” මෙම මෝටර් රථ එක­ලස් කිරීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම ශ්‍රී ලංකා වෙ‍ෙළඳ පොළට පිවි­සීමේ සුවි­ශේෂී සන්ධි­ස්ථා­න­යක් ලෙස සල­කන්න පුළු­වන්. ශ්‍රී ලංකාව අපගේ උපා­ය­මා­ර්ගික වෙළ­ඳ­පො­ළක් වන අතර මේ කාර්මාන්ත ශාලාව ඇර­ඹී­මත් සමඟ දේශීය අව­ශ්‍ය­තා­වන්ට ගැළ­පෙන නිෂ්පා­දන නිසි වේලා­වට ලබා දීමේ හැකි­යාව අප සතු කිව යුතුයි. මෙය රටේ කාර්මික සංව­ර්ධ­න­යට පම­ණක් නොව විශාල රැකියා උත්පා­ද­න­ය­ක­ටත් මඟ පෑදෙන බව විශ්වා­ස­යයි ”පැව­සීය. අන්ත­ර්ජා­තික මෙහෙ­යුම් ප්‍රධානී අර­වින්ද් මැතිව් මහතා අද­හස් දක්ව­මින් ”වසර ගණ­නා­වක් පුරා අයි­ඩි­යල් මෝටර්ස් සමග තිබු අපගේ නොබි­දෙන සහ­යෝ­ගී­තාව දිනෙන් දින ශක්ති­මත් වෙමින් ජය­ග්‍රාහී මාව­ත­කට පැමිණ තිබෙ­නවා. ශ්‍රී ලංකාව තුළ අපගේ පාරි­භෝ­ගි­ක­යන්ට වඩාත් හොඳ සේව­යක් ලබා­දී­මට හැකි වනු ඇතැයි මම විශ්වාස කර­නවා” යැයි පැව­සීය.

Comments