කටු­නා­යක ගුවන් තොටු­පළේ ප්‍රචා­රණ කට­යුතු රිච­ඩ්සන් සමා­ග­මට | සිළුමිණ

කටු­නා­යක ගුවන් තොටු­පළේ ප්‍රචා­රණ කට­යුතු රිච­ඩ්සන් සමා­ග­මට

ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රීී ලංකා) සමාගමේ සභාපති ධම්මික රණතුංග සහ රිචඩ්සන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, නස්රි නිසාර් මහත්වරු ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රීී ලංකා) සමාගමේ සභාපති ධම්මික රණතුංග සහ රිචඩ්සන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, නස්රි නිසාර් මහත්වරු ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව.

මෙරට ප්‍රමුඛ පෙළේ ප්‍රචා­රණ ආය­ත­න­යක් වන රිච­ඩ්සන් ආය­ත­නය, කටු­නා­යක ගුවන් තොටු­පළ පර්ය­න්තයේ සහ පළමු මහලේ මගී පර්යන්ත ගොඩ­නැ­ගිල්ලේ සම්පූර්ණ වෙ‍ෙළඳ ප්‍රචා­රණ කාර්යය හිමි­කර ගැනී­මට සමත්ව තිබේ.

ඒ අනුව, කටු­නා­යක ගුව­න්තො­ටු­පළේ ආග­මන විග­මන ශාලා ඇතුළු විශාල ප්‍රදේ­ශ­යක ප්‍රචා­රණ කට­යුතු රිච­ඩ්සන් ආය­ත­න­යට බාර වේ. ගුවන් තොටු­පළේ සිදු කෙරෙන වෙළෙඳ ප්‍රචා­ර­ණය, නිතර විදෙස් ගත­ව­න්නන්, සංචා­ර­ක­යන් සහ ව්‍යාපා­රි­ක­යන් ඉලක්ක කර‍ ­ගෙන සිදු කිරීම, ප්‍රචා­රණ කට­යු­තු­ව­ලදී ඉතා ඵල­දායි මාර්ග­යක් වන අතර, වේග­යෙන් දියු­ණු­වන කටු­නා­යක ගුවන් තොටු­පළ ඒ සඳහා අති­ශ­යින් සුදුසු භූමි­යක් ලෙස හඳු­නා­ගෙන ඇත.

කටු­නා­යක ගුවන් තොටු­පළ මගී ධාරි­තාව වාර්ෂි­කව මිලි­යන දහ­යක් වන පමණ අතර එය ඉදි­රි­යේදී තව දුර­ටත් වර්ධ­නය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රිච­ඩ්සන් ආය­ත­නය, ගුව­න්තො­ටු­පළේ අභ්‍ය­න්තර ප්‍රති­රූ­පය මෙම ප්‍රචා­රණ කට­යුතු හරහා වර්ධ­නය කිරී­ම­ටත්, ගුවන් මගීන්ට අමුතු ආකා­රයේ අන්දැ­කීම් සහ වෙළෙඳ දැන්වීම් සඳහා ආයෝ­ජ­නය කර­න්නන්ට විවි­ධා­කාර සන්නි­වේ­දන විස­ඳුම් ලබා­දී­මට ත් පිය­වර ගෙන තිබේ.

විවිධ සන්නා­ම­ව­ලට ගැළ­පෙන ප්‍රචා­රණ විධි, ගුවන් තොටු­පළේ අභ්‍ය­න්තර නිමා­වට අනු­කූ­ලව වඩාත් ආක­ර්ෂ­ණීය ලෙස සිදු කිරී­මට ඔවුන් බලා­පො­රොත්තු වේ.

මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් රිච­ඩ්සන් සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ, නස්රි නිසාර් මහතා සඳ­හන් කළේ සෑම සන්නා­ම­යක් සඳ­හාම ඉතා ඵල­දායි ලෙස නිර්මා­ණ­ශී­ලීව සහ නව තාක්ෂ­ණය යොදා ගෙන තම සේවාව සැප­යී­මට කට­යුතු කරන බවයි.

ජාත්‍ය­න්තර සන්නා­ම­ව­ලට ඉතා උසස් මට්ටමේ ගුණා­ත්මක තත්ත්ව­යෙන් යුතු ප්‍රචා­රණ පද්ධති අවශ්‍ය වන අතර, ඉදිරි වසර තුන තුළ රිච­ඩ්සන් සමඟ එක්වන සෑම දැන්වී­ම්ක­රු­ව­කු­ටම අති නවීන තාක්ෂ­ණ­යෙන් යුතු උසස් සේවා­වක් සැප­යී­මට කට­යුතු කරන බවත් ඔහු පැව­සීය.

Comments