හති වැටෙන දිවිල්ල | සිළුමිණ

හති වැටෙන දිවිල්ල

‘ඒකා­ධි­ප­ති­යෙක් තමයි ඕන’

‘ආඥා­දා­ය­ක­යෙක්ට තමයි රට හදන්න පුළු­වන්’

‘රටට වින­යක් ඕන; දැඩි පාල­න­යක් ඕන’

මේ සම­හරු කියන කතා ය.

‘ඒ වැඩේට හරි­යන්නේ ගෝඨා’

ඒ තවත් කතා­වක් ය; බොහෝ දෙන­කුට අම­තක අතුරු කතා­වක් තිබේ.

ඔහු 'ලස්සන ජීවි­ත­ය­කට, ලස්සන නග­ර­ය­කට ඉඩ­දෙන්න’ යැයි රුපි­යල් මිලි­යන ගණ­නින් දැන්වීම් පළ කර­මින් නාග­රික ජනයා බුරුතු පිටින් පන්නා දැමූ මිනිසා ය. කොළඹ නග­රය ලස්සන නග­ර­යක් කිරීම සඳහා වූ සිය සිහි­නය ප්‍රකා­ශ­යට පත්ක­ර­මින් ගෝඨා කීවේ පර්ච් එකක් දෙකක් වැනි කුඩා බිම්ක­ඩ­වල ජීවි­තය ගෙවන කොළඹ පැල්ප­ත්වා­සීන්ට පහ­සු­කම් සහිත වඩා හොඳ මහල් නිවාස ලබා­දෙන බව වුවත් ඔවුන්ට ලැබුණේ වර්ග­අඩි 272ක කුකුළු කූඩු ය. 'ඉඩ­දෙන්න' යැයි ආද­ර­ණීය දැන්වීම සමා­ජ­ගත කර­මින් ගෝඨා සැබ­වින්ම කළේ 'මිලි­ටරි' පන්නයේ එළවා දැමී­මකි. ඒ එළවා දැමීමේ රඟ මොන­ත­රම් ද කීවොත් ඊට එරෙ­හිව වච­න­යක් කී අයකු වෙත්නම් ඔහු 'නොක­වුට්' විය.

එදා ව්‍යාජ ආද­ර­ණීය බව­කින් 'ඉඩ දෙන්න' යැයි පවසා ක්‍රියා­වෙන් 'පල­යව්' යැයි කියූ ගෝඨා මෙදා 'වියත් මඟ' හරහා රට හදන හැටි කියයි. එය වියත් මඟක් නොව 'විපත් මඟක්' බව කියන්නේ ගෝඨාගේ පරණ කල්ක්‍රි­යාව දන්නා මිනිස්සු ම ය.

ගෝඨා කියන්නේ ම 'නීතිය' මහ දවල් බල්ලට දැමූ අයෙක් ය. මහින්ද කල්ලියේ ස්වරූ­පය ම 'නීතිය එක්ක' සෙල්ලම් කිරීම නිසා එය අරු­ම­යක් නොවේ.

'හමුදා සේවයේ යෙදෙ­මින් දේශ­පා­ල­නය කළා' කියන චෝද­නාව යටතේ එවක සරත් ෆොන්සේකා 'කුද­ලා­ගෙන' යන රාජ­පක්ෂ මිලි­ටරි පාල­නය ගෝඨා නීති කැඩූ විට පැත්ත නොබලා සිටියේ හිරි­කි­ත­යක් නැතිව ය. එවක එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ බස්නා­හිර පළාත් සභා අපේ­ක්ෂක උදය ගම්ම­න්පි­ලගේ මැති­ව­රණ ප්‍රචා­රක ව්‍යාපා­රයේ සමා­ර­ම්භක උත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­තයා වශ­යෙන් ආවේ රාජ්‍ය නිල­ධා­රි­යකු වූ ගෝඨා ය.

රජයේ සේව­ක­යන්ගේ විනය පාල­න­යට අදාළ ව බල­පැ­වැ­ත්වෙන ආය­තන සංග්‍ර­හ­යට අනුව රජයේ මාණ්ඩ­ලික මට්ටමේ නිල­ධා­රීන්ට ප්‍රසිද්ධ දේශ­පා­ලන අයි­ති­වා­සි­කම් නොමැති අතර එය කඩ­කි­රීම විනය විරෝධී ක්‍රියා­වකි. එමෙන්ම මැති­ව­රණ සම­ය­කදී රජයේ දේපළ දේශ­පා­ලන ප්‍රචා­රක කට­යුතු සඳහා යොදා ගැනීම සම්පූ­ර්ණ­යෙන් ම තහ­නම් වන අතර ඒ දේප­ළ­වල බාර­කා­ර­ත්වය පැව­රෙ­න්නේද අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට ය. තවද මැති­ව­රණ නීති­රීති කඩ­කි­රීම සම්බ­න්ධ­යෙන් චෝදනා ලබන පහළ මට්ටමේ රජයේ සේව­ක­යන් සම්බ­න්ධ­යෙන් ක්‍රියා­කි­රීමේ බල­යද ඇත්තේ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්ට ය. එසේම රජයේ ප්‍රධාන ගණන් දීමේ නිල­ධා­රියා වන්නේ ද අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා ය.

හැබැයි මේ කිසි­වක් තඹ දොයි­තු­ව­කට මායිම් නොකළ ගෝඨා එදා නීතිය කඩා දැම්මේ ය.

'වියත් මඟ' හදන්නේ මෙහෙම අය ය; ජන­පති සිහින දකින්නේ එහෙම අය ය. සුදු වෑන් භීති­කාව නිර්මා­ණය කළ පුද්ග­ලයා, මාධ්‍ය­වේ­දීන් ව පැහැර ගෙන­ගොස් අත­පය කඩා දම­න්නට හෝ 'ඉව­ර­යක්' කොට දම­න්නට මඟ කී පුද්ග­ලයා, කල්ලි­වා­දය වපුරා බිහි­සුණු සමා­ජ­යක් නිර්මා­ණය කර­න්නට කට­යුතු කළ පුද්ග­ලයා, ජාති­වා­දය වපුරා වෙනත් ජාතීන්ට ජීවත් වීමේ අපේ­ක්ෂාව භීති­යක් බවට පත් කළ පුද්ග­ලයා, වතුර බින්දු­වක් බොන්නට ඉල්ලූ ජන­තා­වට ගිනි බිඳී­මට නියෝග දුන් තැනැත්තා 2020 ජන­ප­ති­ව­ර­ණ­යට එනවා නම් ඒක එක අත­කට හොඳ ය. මක්නි­සාද යත් සාහ­සි­ක­ත්වය, භීතිය, අශි­ෂ්ට­ත්වය සහ නපුර දෙවැනි වතා­ව­ටත් පරා­ජය කළ රටක් ලෙස එදාට නැවත මේ රට ඉති­හාස ගත­වන නිසා ය.

එහෙම බැලු­වම ගෝඨා එන එක හොඳ ය. සම­හරු කියන්නේ ඒකා­ධි­ප­ති­යකු අවශ්‍ය යැයි කියා ය. තව සම­හරු කියන්නේ ආඥා­දා­ය­ක­යකු අවශ්‍ය යැයි කියා ය. එක් භික්ෂුන් වහන්සේ නමක් කීවේ ‘හාමු­දු­රු­ව­න්ගෙන් සීයට අනූ­න­ව­යක් ගෝඨා එක්ක’ කියා ය. ‘එත­කොට බුදු­හා­මු­දු­රුවෝ එක්ක ඉන්නේ සීයට එකද?’ කියා කවුදෝ අසා තිබිණි. ආඥා­දා­ය­ක­යකු ඉල්ලන අයට සිහි­පත් කර­න්නට යමක් තිබේ.

'දැන­ටත් අපි අපේ කෙනා ගෙනත් ඉව­රයි. ඒත් යූ එන්පිය තවම අපේ­ක්ෂ­කයා තෝරන අර්බු­දේක'

සම­හරු එහෙම කියයි.

' ඒකනේ, මහින්ද මහ­ත්ත­යාගේ තීන්දු­වට සේරම අව­නත වෙනවා. ඒක තමයි ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය'

තවත් සම­හරු කියයි. හැබැයි ඒකට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය කිය­නවා නම් ඒ අය ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය දන්නේ නැත.

උතුරු කොරි­යාවේ සිදු­වන්නේ එහෙම ය. ගඩා­ෆිලා, හිට්ලර්ලා, මුස­ලෝ­නිලා, ඉඩි අමීන්ලා කරන්නේ ඔහොම ය. ඒක ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­ය­නම් ඒ වෙනම ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යකි. තමන්ට හිතෙන කෙනා නම් කිරී­මත් ඊට සිය­ලු­දෙනා අත් ඔසවා අනු­මත කිරී­මත් වහල් කම මිස වෙන එකක් නොවේ.

'ගෝඨා ආවොත් අනා­ථයි. එයා මිලි­ටරි නාය­ක­යක්' කියා දස අතේ බැණ වැදුණු වාසු අත් ඔසවා මහි­න්දගේ තිර­ණය අනු­මත කළේ ය. ඒකා­ධි­ප­ති­වා­ද­යට තමන් විරු­ද්ධයි කියා කී ඩිවු ගුණ­සේ­ක­රත් එදා අත් ඔසවා අනු­මත කළේය. වාමාං­ශි­කද දක්ෂි­ණාං­ශික ද කියන එක වෙනම කතා­වකි. එහෙත් ෆැසි­ස්ට්වා­ද­යට, ඒකා­ධි­ප­ති­වා­ද­යට, මිලි­ට­රි­වා­ද­යට වාසුලා අත් ඔස­වන්නේ කොහො­මද කියන්න දන්නේ වාසුලා ම පමණි.

හැබැයි එජා­පය එහෙම නැත. ඔවුන්ට මොන විවේ­චන කළත් ඔවුන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට ගරු කරයි. ඔවුන්ට අපේ­ක්ෂ­ක­යෝත් දක්ෂ­යෝත් ඕන­ත­රම් සිටී. නියම වෙලා­වට ඔවුන් තමන්ගේ අපේ­ක්ෂ­කයා ගෙන එනු ඇත.

කල් තියාම බොක්ෂින් වළ­ල්ලට පැන ෂැඩෝ බොක්ෂින් ගැසූ මහි­න්දට වෙච්ච දේ කාටත් මතක ය. හැබැයි ඒක පොහො­ට්ටුවේ මහි­න්ද­ලාට,ගෝඨ­ලාට අම­තක ය. මුහුද හත් ගවු­වක් තියා අමුඩ ගස­න්නට ගොස් දැන් ගෝඨාගේ ප්‍රචා­රක යාන්ත්‍ර­ණය සහ­මු­ලින්ම අවුල් ය.

එයා­ලම ගැසූ පෝස්ටර් කට­වුට් එයා­ලම ඉවත් කර­මින් 'මීඩි­යා­ව­ලින් මැජික් පෙන්වති. 'හරි­යට ඒ අය කට­වුට් ඉවත් කරන්නේ ඒවා වෙන අය ගැසුවා වගේ ය.

රෝමයේ තුන්වැනි අධි­රා­ජ­යාගේ නම ගයුස් ජුලි­යස් කසාර් ඔග­ස්ටස් ජර්ම­නී­සි­යස් ය. මේ පාල­කයා රෝම ජන­තාව අතර ප්‍රසි­ද්ධි­යට පත්වූයේ ‘‘කලි­ගි­යුලා’’ යන නමින් ය. කලි­ගි­යුලා කැමති වූයේ 'මං පොර' න්‍යායෙන් වැඩ කර­න්නට ය. මුළු භාණ්ඩා­ගා­රය ම තිබුණේ ඔහු යටතේ ය. කලි­ගි­යුලා වස­රක් තුළ නාස්ති කළ මුදල රෝම සෙස්ට­ර්ටි­යුස් 2,700,000,000කි. එකී මුදල මුළු රෝමයේ ආදා­ය­මෙන් 50%කි.

ජීව­ත්වී­මට තර­ම්වත් යමක් උපයා ගන්නට නොහැකි ජන­තා­වට බදු ගෙවා ගැනී­මට නොහැකි වූ කල කුරිරු ලෙස ඝාත­නය කර දැමීය. රූමත් කාන්තා­වන් සහ පිරි­මින් හුව­මාරු කර­ගැ­නීමේ පද­නම මත වංශ­ව­තුන්ට සූදු ක්‍රීඩා හඳුන්වා දුනි. ඉන් නොනැ­වතී දුගී ජන­තා­වගේ ඉඩම් තමන්ගේ ඥාතීන්ට පව­රා­දෙනු ලැබූ අතර වීර්ය­යෙන් නැඟි­ටින ව්‍යාපා­රි­ක­යකු වෙත්නම් ඔහුගේ ව්‍යාපා­රය උපා­ය­ශී­ලීව තමා වෙත හෝ තම හිත­ව­තුන් වෙත පවරා ගැනීම සිදු කෙරිණි.

කලි­ගි­යු­ලාගේ කැමැත්ත සහ ඔහුට පහළ වූ අද­හස රටේ නීතිය බවට පත්කෙරූ අතර අධි­ක­ර­ණය තමන්ගේ හිතු මනා­පෙට තම පාල­නය යට­තට ගත්තේය.

ඔහු රටේ ජන­තා­වට වඩා තමන්ගේ අශ්ව­යන්ට සැල­කු­වේය. ජන­තා­ව­ගෙන් අය­කළ බදු මුද­ල්ව­ලින් තම අශ්ව­යන්ට රන්, මිණි, මුතු, ඇත්දළ, ආභ­රණ පැල­ඳ­වීය. රනින් නිම කළ ලාඩම් පැල­ඳ­වීය. අශ්ව­යාගේ සම පැහැ­පත් කර­ග­න්නට ඌට ලබා­දෙන ධාන්‍ය­වල රන් ආලේ­ප­කර ලබා දුන්නේ ය.

අව­සා­නයේ ‘‘ඉන්සි­ටේ­ටස්’’ අශ්ව­යාට තානා­පති ධුර­යක් පවා පිරි­නැ­මීය. එකී තන­තුර එව­කට රෝමයේ සෙනෙට් සභික තන­තු­ර­කට සමාන ය. රෝම ඉති­හා­සයේ කළු­පාට යුගය නිර්මා­ණය කළේ ඔහු ය.

මේ කතාව මීට වසර තුන­කට පෙර ලියුවා නම් ඊට ආදේශ වන්නට තිබුණේ රෝමය වෙනු­වට 'ලංකාව ය'.

කලි­ගි­යුලා මුලින් ම කළේ ඊනියා දේශා­නු­රා­ග­ය­කින් ජන­තාව උන්මා­ද­යට පත් කරන එක ය. තමන් රෝමය රකින දෙවියා බව ඔහු ඒත්තු ගැන්වීය. ඒ වෙනු­වෙන් අති විශාල ප්‍රචා­රක ව්‍යාපා­ර­යක් දියත් කළේ ය. තම සමී­ප­තම නෑදෑ සනු­හ­ර­යට වග­කි­ව­යුතු සියලු සම්පත් ලබා දුන්නේ ය. මුළු ලෝකය ම තමාව විනාශ කිරී­මට සිහින දකින බවත් ඒ කුම­න්ත්‍ර­ණ­ව­ලින් තමාව ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වග­කීම බවත් කලි­ගි­යුලා කීවේය.

කිසි­ව­කු­ටත් තම රට අල්ල­න්නට ඉඩ නොදෙන බව ඔහු දෑතින් පපු­වට ගසා ගනි­මින් කීවේය. ලොකු ම විහි­ළුව වූයේ ඔහු අල්ලනු තබා අල්ල­න්නට හිත­න්න­වත් කෙනෙක් එවක නොසි­ටීම ය. ඒ තර­මට එකල රෝමය දුප්පත් ය.

එහෙත් ස්වකීය බල ව්‍යාපෘ­තිය වෙනු­වෙන් කලි­ගි­යුලා බේගල් පුර­ව­මින් ජන­තා­වගේ අනු­ක­ම්පාව දිනා­ගත්හ.

විමසා බලන්න මීට තෙව­ස­ර­කට පෙර සිදු­වූ­යේත් එයම නොවේද?

මහින්ද යුග­යේ­දීත් වුණේ ඒකම ය. ඔහු මුළු­ම­හත් භාණ්ඩා­ගා­රය ම පාල­නය කළේය. තමන්ගේ නෑදෑ සනු­හ­ර­යට සියලු සම්පත් බෙදා දුන්නේ ය. බුද්ධිය, දැනුම තුට්ටු­වට දමා කිසිදු දැනු­මක් නැති දේශ­පා­ලන අන්තේ­වා­සි­ක­යන් තීර­ණා­ත්මක තැන්ව­ලට පත්කොට වග­කීම් ලබා දුන්නේය. බදු­පිට බදු ගසා ජන­තාව පෙළන අතර සුර­තල් මැකෝ ගිර­වකු වෙනු­වෙන් කාලය වෙන් කළේය.

බට­හිර කුම­න්ත්‍රණ ගැන වේදිකා දෙද­රන්න කෑ ගස­මින්, ඊට සුදුසු උස් හඬක් ඇති වීර­වංශ වැන්නන් හරහා එකී මතය සමා­ජ­ගත කළේය.

සශ්‍රීක ඉඩම් සහ දේපළ ඔහුගේ සමී­ප­ත­ම­යන් උප­ක්‍ර­ම­ශී­ලීව ඒවායේ හිමි­ක­රු­ව­න්ගෙන් අත්පත් කර­ගන්නා විට ඔහු සිටියේ 'මැකෝ ගිරවා' සුර­තල් කර­මින්ය.

1930 ඩොමි­නික් රාජ්‍යයේ පාල­කයා වූ 'රෆා­යල් ට්‍රැජි­ල්ලෝත්' ‘අමුතු’උම­තු­කා­ර­යෙක් ය', ‘දෙවි­යන් ස්වර්ගයේ, ට්‍රැජිල්ලා විශ්වයේ' ලෙස සෑම දේව­ස්ථා­න­ය­කම සට­හන් කළ ඔහු රටේ සෑම අංක තහ­ඩු­වක ම ‘ට්‍රැජි­ල්ලෝට ජය’ යනු­වෙන් සට­හන් කළේය. තම පුතාට වසර තුන සපි­රෙන විට කර්නල් පද­වි­යක් පිරි­නැමූ ඔහු පුතාට වයස දහය වන විට ජන­රාල් පද­විය දුන්නේය. රටේ සියලු ගොඩ­නැ­ඟිලි, පාලම්, බෝක්කු, කඳු­හෙල් සිය­ල්ලට තම පවු‍ලේ නම් යොද­න්නට ප්‍රිය කළේය. අකු­රක් නොදන්නා සිය බිරි­යට හොඳ ම ‍ලේඛක­යාට හා දාර්ශ­නි­ක­යාට හිමි නොබෙල් ත්‍යාගය ලබා දීමට ඔහු වෙහෙ­සුණේ ය.

නැවත මීට තෙව­ස­ර­කට පෙර ඉති­හා­සය සිහි­පත් කරනු යෙහෙකි.

'තමන් මහ රජු' වග ගීත­ව­ලින් පවා කිය­වා­ගත් ඔහු තම පුතා දේශ­පා­ල­න­යට ගෙනැ­විත් ' නිල නොලත් අමා­ත්‍ය­ව­ර­යකු' කළේය. අනෙක් පුතා නාවික හමු­දාවේ 'නිල නොලත් ප්‍රධා­නියා' කළේය. සියලු ගොඩ­නැ­ඟිලි, පාලම්, බෝක්කු, පාසල්, වැසි­කිළි තම නමින් වැජ­ඹෙ­නවා දකි­න්නට ඔහු රිසි විය.

ලොව පුරා සිටි උමතු පාල­ක­ය­න්ගේත් ඔහු­ගේත් වෙන­සක් තිබුණේ නැත. එහෙම වෙන­සක් තිබුණා නම් ඒ 'නම්' වලින් තිබූ වෙනස පමණ ය.

ආඥා­දා­ය­ක­යන් ඉල්ලා සිටි­න්නන්ට සිහි­පත් කළ යුත්තේ එක දෙයකි.

ඔබ යව වපුරා වී බලා­පො­රොත්තු වෙනවා නම් ඔබට මාන­සික ආබා­ධ­යකි.තවත් සම­හ­රුන්ට අම­තක දෙයක් තිබේ.

මේ රටේ ජනා­ධි­ප­ති­ව­රණ ඉති­හා­සයේ ජේ.ආර් හැර සෙසු සියලු දෙනා ජය­ගෙන තිබෙන්නේ පීඩා­වන්,කකු­ලෙන් ඇදීම්, මැද පහු­වෙලා එන අපේ­ක්ෂ­කයා ය.

88 ප්‍රේම­දා­සට ඉල්ලන්න දෙන එකක් නෑ කියා සම­හරු සිතූහ. ඒ වෙන­කොට ආණ්ඩුව එජා­පය ය. උතුර දකුණ දෙකේම ගින්දර ය. රට දෙපැත්ත දැල්වෙන විල­ක්කු­වක් ය. සම­හරු හිතුවේ ජේ.ආර්ම එයි කියා ය. හැබැයි ජේ ආර් මරමු කියා රට පුරා පෝස්ටර් ය. ඉන්දි­යන් හමු­දාව රටට ගොඩ බැහැලා ය. මේ සියල්ල අස්සේ එජා­පය හිටියේ නියත පරා­ජ­යක ය. සිරි­මාවෝ ජන­පති වෙන්න රෙදි මසා­ගෙන සිටියා ය.

හැබැයි අන්ති­මට එජා­පය ප්‍රේම­දාස නම් කළේය. රැලි­යක් තියන්න බැරි රටේ ප්‍රේම­දාස කතා කළේ ගෙවල් වලට ය.

'මම ඉන්දිය හමු­දාව යව­නවා' ප්‍රේම­දාස කීවේය.

'ඉන්දි­යන් හමු­දාව ගෙනාවේ එයාල මිසක් අපි නෙවේ. ඉතින් එයා­ලම ගෙනාව ප්‍රශ්නේ එයාල ම ඉවර කර­න­වලු'

මැතිනි කීවා ය.

අන්ති­මට මිනිස්සු ඡන්දේ දුන්නේ ප්‍රේම­දා­සට ය.

94 වෙන­කොට එජා­පය පර­ද්දන එක හීන­යක් වෙලා තිබුණි. හැබැයි මැති­නිගේ කකු­ලෙන් ඇදිලි මැද මංග­ලලා චන්ද්‍රිකා ගෙනාවේ ය. අන්ති­මට චන්ද්‍රිකා වාර්තා තිබ්බා ය; 2005 මහින්ද අග­මැති ය. ඒත් ඔහුට ජන­පති අපේ­ක්ෂ­ක­කම නොදෙන තැනට පත්වී තිබුණි. ඒ වෙන­කොට ජනා­ධි­පති චන්ද්‍රිකා ය. ඈ පවා මහි­න්දට එරෙ­හිව සිටියේ ය. පක්ෂ යාන්ත්‍ර­නය මහි­න්දට හිමි නොවීය. අද මහි­න්දට සමීප සම­හර අය එදා මහින්ද දිහා­වත් නොබැ­ලුවේ ය.

එදා රනිල් හිටියේ දිනන තැන ය. පොදු පෙර­මුණ අනාත වෙන බව සියලු දෙනා සිතූහ. රනිල් සීයට 55 පනින බවට සම­හරු කීය. අන්ති­මට කකුල් මාට්ටු මැද මහින්ද සට­නට ආවේය. හිටියේ ජවිපේ විතර ය; රනිල් පරාද ය. මහින්ද දිනුම් ය. 2015 මුල සිටම මහින්ද ජන­පති වෙන්න හිතුවේ ය.'මහි­න්දට තෙව­රක් පුළු­වන්'කියා පෝස්ටර්, රැලි රට පුරා දියත් විය.

හැබැයි පහු­වෙලා ආව මෛත්‍රී මහින්ද නැමති පර්ව­තය පෙරළා දැම්මේය.

මෙදා කුමක් වෙයිද කියා දැන් ම කියන්න බැරි ය. හැබැයි දැන්නම් ගෝඨා ඉන්නේ මීඩි­යා­ව­ලින් ජනා­ධි­පති වෙලා ය.

අමෙ­රි­කාවේ හිලරි සහ ට්‍රම්ප් අතර ජන­පති සට­නේදී හැමෝම කීවේ හිලරි සීයට 60ක් ගනවා කියා ය. ඔබාමා පවා සහය දුන්නේ හිල­රිට ය. අන්ති­මට කවු­රු­වත් විශ්වාස නොකළ ට්‍රම්ප් අමෙ­රි­කාවේ ජනා­ධි­පති ය.

මානාභරණ

Comments