රට නසන අප­රා­ධ­ක­රු­වන්ට සැප දෙන අප­රාධ කොට්ඨා­සයේ අප­රා­ධ­කා­රයෝ | සිළුමිණ

රට නසන අප­රා­ධ­ක­රු­වන්ට සැප දෙන අප­රාධ කොට්ඨා­සයේ අප­රා­ධ­කා­රයෝ

ධුෂ් සමඟ ඩුබායි පොලිස් අත්අ­ඩං­ගු­වට පත් වූ කංජි­පානි ඉම්රාන් මෙර­ටට භාර කෙරෙන්නේ පසු­ගිය මාර්තු 28 වැනි­දාය. එතැන් සිට මාස පහ­කට ආසන්න කාල­යක් තිස්සේ කංජි­පානි සිටින්නේ කොළඹ අප­රාධ කොට්ඨා­සය භාර­යේය. ඒ ආර­ක්ෂක ලේක­ම්ව­ර­යා­ගෙන් ලබා­ගත් රඳ­වා­ගැ­නීමේ නියෝ­ග­ය­කිනි.

දරුණු අප­රා­ධ­ක­රු­වෙකු වන කංජි­පානි මෙර­ටට රැගෙන ආ මුල් දින­වල රඳවා තැබුවේ කොළඹ වරාය පරි­ශ්‍රයේ පිහිටි වරයා පොලි­සියේ සිර මැදි­රි­යේය. ඒ දැඩි ආර­ක්ෂා­වක් සහි­ත­වය.

පොලි­සිය පැත්තෙන් කංජි­පානි ගැන නිකුත් වූ නිල ප්‍රකාශ අනුව කොළඹ නග­රයේ සිදු වුණු ඝාතන ගොන්න­ක­ටම ඔහු සම්බ­න්ධය. රට වටේම ඔහුගේ ගෝල­බා­ල­යෝය. ලංකාව ව්‍යස­න­යට ලක් කළ ප්‍රධාන මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක්ය. කොළඹ නග­රයේ ඔහුට අයත් වස්තු සම්භා­ර­යක්ම තිබේ. ඒවා­යින් වැඩි හරි­යක්ම ඇත්තේ ගොඩ­නැ­ගිලි සහ ඉඩම් වශ­යෙනි. කංජි­පානි රැඳ­වුම් නියෝ­ග­ය­කින් රඳ­වා­ගෙන පරී­ක්ෂණ කරන්නේ ඔහු මුල් කර­ගෙන ජාල­ග­තව ඇති පාතා­ල­යම නීතිය හමු­වට ගෙන එන්න­ටය.

දැන් මාස පහක් තිස්සේ ඔහු රඳ­වා­ගෙ­නය. එහෙත් තව­මත් ඔහුට අයත් රුපි­ය­ලක දෙයක් සොයා­ග­න්නට කොළඹ අප­රාධ කොට්ඨා­සය සමත් වී නැත. කංජි­පානි ඩුබායි සිටින තාක් කල් කොළඹ සිදු වන මිනිස් ඝාත­න­ව­ලට ඔහුගේ නම ඈඳ­මින් ඔහු පට්ට ගැසූ පොලි­සිය කංජි­පා­නිගේ අප­රාධ ගැන අද වච­න­යක් වත් සඳ­හන් කරන්නේ නැත. ඒ වෙනු­වට පොලි­සිය කරන්නේ කංජි­පා­නිගේ උප­න්දි­නය වෙනු­වෙන් කොළඹ අප­රාධ කොට්ඨා­සය තුළ කේක් කප­මින් සාද­යක් පැවැ­ත්වී­මය.

දරුණු අප­රා­ධ­ක­රු­වෙකු ලෙස මෙන්ම අංක එකේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙකු බව කියූ කංජි­පානි ඉම්රා­න්ගෙන් ප්‍රශ්න කර­මින් මත්කුඩු ජාවා­ර­මේත් පාතා­ල­යේත් සැඟ­වුණු තොර­තුරු සොයා ගන්නවා වෙනු­වට උප­න්දි­නය සැම­රී­මට තරම් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් නම්‍ය­ශීලී වී ඇත්තේ කංජි­පා­නිගේ මුදල් බලය හමු­වේ­දැයි මේ වන විට ඇත්තේ සැබ­වින්ම ගැට­ලු­වකි.

පෙනී යන ආකා­ර­යට අනුව මෙතෙක් කලක් කොළඹ අප­රාධ කොට්ඨා­සය භාරයේ තබා ගනි­මින් කර ඇත්තේ කංජි­පා­නිව හුර­තල් කිරී­මකි.

හුර­ත­ලය හෙළි වූ හැටි

හුර­ත­ලය රටට හෙළි වන්නේ මාග­ල්කන්දේ සුදත්ත හිමි­යන් විසින් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් තිදෙ­නෙකු කංජි­පානි සමඟ හුර­තල් වන අයුරු දැක්වෙන වීඩි­යෝ­වක් එළි­යට දැමී­මත් සම­ඟිනි.

එම වීඩි­යෝව ජංගම දුර­ක­ත­න­ය­කින් කොළඹ අප­රාධ කොට්ඨා­ස­යේම නිල­ධා­රි­යෙක් විසින් පටි­ගත කරන ලද්දකි. එම වීඩි­යෝවේ සට­හන් වී ඇත්තේ කංජි­පානි සමඟ ඉතා ළෙන්ගතු ලෙස සිනා­සෙ­මින් එම උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් සිටින අයු­රුය. වීඩියෝ දර්ශ­නය දුටු සැණින්ම පෙනී යන්නේ එය අසා­මාන්‍ය හිත­ව­ත්ක­මක් මිස සාමාන්‍ය තත්ත්ව­යක් නොවන බවකි. එම අව­ස්ථා­වේදී කංජි­පානි සිටින්නේ මාංචු සහි­ත­වය. එහෙත් රූප රාමු­ව­ලින් කංජි­පානි සහ පොලිස් නිල­ධා­රීන් අතර ඇති සම්බ­න්ධය ගැන ලොකු කතා­වක් කිය­වෙයි.

ඒත් එක්කම මාග­ල්කන්දේ සුදන්ත හිමි­යන් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන්ට එරෙ­හිව තවත් චෝද­නා­වක් එල්ල කළේය. ඒ කංජි­පා­නිගේ උප­න්දින සාදය ගැනය. පොලි­සියේ ලොකු පුටු සෙලවී ගියේ ඒත් එක්ක­මය. වැඩ­බ­ලන පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහ­තාගේ උප­දෙ­සින් බස්නා­හිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ජගත් අබේ­සි­රි­ගු­ණ­ව­ර්ධන මහතා වහාම ඒ ගැන පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කරන්නේ ගල්කිස්ස කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මුදිත පුස්සැල්ල මහතා මඟිනි.

කංජි­පා­නිගේ උප­න්දින සාදය ගැනද තොර­තුරු හෙළි වන්නේ ද ඒත් එක්ක­මය. එම සාදය සඳහා කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට කේක් රැගෙන විත් ඇත්තේ කංජි­පා­නිගේ පියාය. කංජි­පානි සිය උපන් දින සාදය එදා කොළඹ අප­රාධ කොට්ඨා­ස­යේදී සමරා ඇතැයි පැව­සෙන්නේ පොලිස් නිල­ධා­රී­න්ටද කේක් කවාය.

මහා පරි­මා­ණයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙකු මෙන්ම පාතා­ලයේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වෙකු වන කංජි­පා­නිට කොළඹ අප­රාධ කොට්ඨා­ස­යේදී ලැබෙන සැල­කි­ලි­ව­ලින් හෙළි වී ඇත්තේ එකක් දෙකක් පමණි.

කොළඹ අප­රාධ කොට්ඨා­සයේ අභ්‍ය­න්තර තොර­තුරු මඟින් දැන­ග­න්නට ඇති ආකා­ර­යට අනුව කංජි­පා­නිට ජංගම දුර­ක­තන භාවිතා කිරී­මට පවා පහ­සු­කම් ලැබී ඇති අවස්ථා බොහෝය. කංජි­පා­නිත් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රී­නුත් අතර මේ ආකා­ර­යට හිත­ව­ත්කම් ඇත්තේ අද ඊයේ සිට නොවේ.

කංජි­පානි ඩුබායි සිටින කාලයේ පවා කොළඹ අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන් සමඟ ඉතා කිට්ටු සම්බ­න්ධ­කම් පවත්වා තිබුණු බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. කංජි­පා­නිගේ ගෝල­බා­ල­යන් අත්අ­ඩං­ගු­වට ගත්අ­ව­ස්ථා­ව­ලදී ඩුබායි සිට ඔහු ලබා­දෙන එක දුර­ක­තන ඇම­තු­ම­කින් එම ගෝල­යන් නිද­හස් කරනු ලැබූ අව­ස්ථාද නැතු­වාම නොවේ.

කංජි­පානි ඇසුරු කළේ සැර­ය­න්ව­රුන් සහ කොස්තා­ප­ල්ව­රුන් නොව ඊට ඉහළ නිල­ධා­රීන්ය. ඒ අය අතර සහ­කාර පොලිස් අධි­කා­රී­වරු මෙන්ම ඊට ඉහළ නිල­ධා­රී­හුද වෙති. මාස පහක් තිස්සේ රඳ­වා­ගෙන සිටි­යත් ඒ කිසි­වෙකු ගැන අද­ටත් සොයා බලා ඇති බවක් පෙනෙ­න්නට නැත.

එසේ කංජි­පානි ඇසුරු කළ ඇතැම් නිල­ධා­රීන් අද පොලි­සියේ නැත. ඒ යැයි කියා කංජි­පා­නිගේ දුක සැප සොයා­බ­ල­න්නට ඔවුන් අම­තක කර­න්නේද නැත. කංජි­පා­නිට කොළඹ අප­රාධ කොට්ඨා­සය තුළ කේක් කපා උප­න්දි­නය සම­ර­න්නට හැකි­යාව පවා ලැබෙන්නේ ඒ නිසාය.

කංජි­පානි සමඟ පම­ණක් නොව, මාක­ඳුරේ මධුෂ් සම­ඟින්ද ඉතා කිට්ටු සම්බ­න්ධ­කම් තිබුණු නිල­ධා­රීන් කොළඹ අප­රාධ කොට්ඨා­සයේ සේවයේ නිර­තව සිටි බව පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව තුළ ප්‍රසිද්ධ රහ­සකි. පොලිස් විශේෂ කාර්ය බළ­කාය මදුෂ්ගේ ගෝල­යන් අල්ල­න්නට යන විට ඔවුන් ආර­ක්ෂි­තව භාර ගන්නට පවා සැදී පැහැදී සිටි නිල­ධා­රීහු කොළඹ අප­රාධ කොට්ඨා­සයේ සිටි­යහ.

එකී නිල­ධා­රීන් කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට ගිනි තබා පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ගේ ලේඛන ගිනි දෙවි­යන්ට පූජා කිරීමේ සැල­සු­මක්ද පසු­ගිය කාලයේ ක්‍රියා­වට නංවා තිබිණි. වාස­නා­ව­කට ගින්න ආර­ම්භක අව­ස්ථා­වේ­දීම නිවා දැමී­මට හැකි­යාව ලැබෙන්නේ එය පැතිර යන්නට මත්තෙනි. එසේ නොව­න්නට අද දෙම­ට­ගොඩ තිබෙන්නේ ගිනි ගැනී­මට ලක්වූ අප­රාධ කොට්ඨාශ ගොඩ­නැ­ගි­ල්ලය.

එදා එම ගින්නෙන් විනාශ වූයේ නිල­ධා­රීන් කිහිප දෙනෙ­කුගේ නිල ඇඳුම් කිහි­ප­යක් පමණි. ඒ ගින්න එදා එළි­යට නොදුන් පොලිස් ප්‍රධා­නීන් ඒ ගැන අභ්‍ය­න්තර පොලිස් විම­ර්ශ­න­යක් සිදු කළේ රහ­සි­ග­ත­වය. එහිදී අනා­ව­ර­ණය වන්නේ මාක­ඳුරේ මධුෂ්ට හිත­වත් නිල­ධා­රි­යෙකු ඒ පිටු­පස සිටින බවය. ඒ අනුව එම නිල­ධා­රියා කොළඹ අප­රාධ කොට්ඨා­ස­යෙන් පන්නා දමන්නේ කොළඹ අප­රාධ කොට්ඨා­සය ශුද්ධ කිරීමේ අර­මු­ණෙනි.

දැන් කංජි­පානි ඉම්රාන් සමඟ උපන් දින සාද පවත්වා හසු වන්නේ එදා මාක­ඳුරේ මධුෂ් සමඟ සම්බ­න්ධ­කම් පැවැත්වූ බව කියන නිල­ධා­රියා කොළඹ අප­රාධ කොට්ඨා­ස­යෙන් පන්නා දැමී­මට මුල්වූ නිල­ධා­රීන් කිහිප දෙනෙකි. වැඩ­බ­ලන පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා කොළඹ අප­රාධ කොට්ඨා­ශයේ උප පොලිස් පරී­ක්ෂ­ව­රුන් තිදෙ­නෙකු ඉකුත් සතියේ යාප­න­ය­ටත් මුල­තිව්, මන්නා­ර­ම­ටත් මාරු කර යැවෙන්නේ ‍එවන් තත්ත්ව­යක් හමු­වේ­දීය. පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක පොලිස් අධි­කාරී නීතීඥ රුවන් ගුණ­සේ­කර මහතා සඳ­හන් කළේ කංජි­පානි ඉම්රාන්ගේ උපන් දින සැම­රුම ගැන කෙරෙන විම­ර්ශ­න­යට අදා­ළව එම නිල­ධා­රීන් තිදෙ­නාට ස්ථාන මාරු­වීම් ලබා­දුන් බවය.

මෙහිදී සඳ­හන් කළ යුතු කරු­ණක් වන්නේ පසු­ගිය කාලයේ කොළඹ අප­රාධ කොට්ඨා­සයේ වැඩක් කළ නිල­ධා­රීන් අතර ඉදි­රි­යෙන්ම සිටි­න්නේද එම නිල­ධා­රීන් බවය. වැඩිම අප­රා­ධ­ක­රු­වන් පිරි­සක් කොටු කර­ගෙන ඇත්තේද අප­රාධ විම­ර්ශන වැඩි ප්‍රමා­ණ­ය­කට දායක වී ඇත්තේද එම නිල­ධා­රී­හුය.

කෙසේ වෙතත් කංජි­පානි ඉම්රාන් සහ කොළඹ අප­රාධ කොට්ඨා­සය සම්බ­න්ධ­යෙන් බස්නා­හිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ මෙහෙ­යැ­වී­මෙන් ගල්කිස්ස කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී මුදිත පුස්සැල්ල මහතා කළ මූලික විම­ර්ශ­න­යෙන් හෙළි වූ කාරණා ගැන වැඩ­බ­ලන පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා දක්වන්නේ විශේෂ අව­ධා­න­යකි. පොලිස් විශේෂ විම­ර්ශන ඒක­ක­යට වැඩි­දුර විම­ර්ශන පව­රන්නේ එබැ­විනි. ඒ කොළඹ අප­රාධ කොට්ඨා­සය කොනක සිට ශුද්ධ කිරීමේ අර­මු­ණද ඇති­වය. ඒ අනුව ඉදි­රි­යේදී කොළඹ අප­රාධ කොට්ඨා­සයේ ලොකු වෙන­සක් බලා­ගැ­නී­මට හැකි වනු ඇත.

මධුෂ්ගේ සැප

මාක­ඳුරේ මධුෂ්ගේ කතාව ද දැන් කංජි­පා­නිගේ කතා­වට නොදෙ­වෙ­නිය. මාක­ඳුරේ මධුෂ් මාස තුන­කට අධික කාල­යත් තිස්සේ රඳවා සිටින්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වේය. මධුෂ් මෙර­ටට රැගෙන එන තුරුම බොහෝ අය සිටියේ නොයි­ව­සි­ල්ලෙනි. මධුෂ් මෙර­ටට ගෙන එන්නට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙ­යුම් පවා ක්‍රියා­ත්මක කෙරිණි. ඩුබායි බල­ධා­රීන් මධුෂ් මෙර­ටට භාර දෙන්නේ ඒ අනු­වය.

මධුෂ්ව මෙර­ටට ගෙන එන්නට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ පොලිස් කණ්ඩා­ය­මක්ද ඩුබායි බලා ගියේය. කටු­නා­යක ගුවන් තොටු­පොළේ සිට මධුෂ් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට රැගෙන එන්නේද ඇම­ති­ව­ර­යෙ­කු­ටත් නැති තරමේ සැල­සු­ම­කට විශේෂ කාර්ය බළ­කායේ සන්නද්ධ ආර­ක්ෂා­වක් යොද­වාය.

එදා සිට මේ දක්වා මාස තුන­කට අධික කාල­යක්ම මධුෂ් රඳවා සිටින්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ සිර කුටි­ය­කය. 2014 වසරේ ත්‍රස්ත­වාදී විම­ර්ශන කොට්ඨා­සයේ රඳවා සිටි­යදී මෙන් මුහුණු පුරා රැවුල වවා­ගෙන සිටින මධුෂ් බොහෝ දේවල් මේ කාලය තුළ වමාරා ඇති බව කීවත් තව­මත් ඔහුගේ තොර­තුරු මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අඩි­ය­ක්වත් ඉදි­රි­යට තබා ඇති බවක් පෙනෙ­න්නට නැත.

මෙරට මත්කුඩු ජාලායේ මහා බල­කණු රැසක් ගැන ද තොර­තුරු ඔහු හෙළි කර ඇතත් අඩුම තර­මින් ඒ කිසි­වෙ­කු­ගෙ­න්වත් කට උත්ත­ර­යක් හෝ ලබා­ගෙන ඇති බවක් දැන­ග­න්නට නැත. ඒ නම් කියැ­වෙන සැක­කාර අප­රා­ධ­ක­රු­වන් අතර දේශ­පා­ල­ක­යෝද වෙති. මධුෂ් සමඟ ඇසුරු කළ දේශ­පා­ල­න­ඥ­යන් රැසක් ගැනද පැහැ­දිලි සාක්ෂි සමඟ තොර­තුරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබි ඇතත් ඒ කිසිදු දේශ­පා­ල­න­ඥ­යෙ­කු­ගෙන් කට­උ­ත්ත­ර­ය­ක්වත් ගෙන නැත. ඒ අය අතර පක්ෂ විපක්ෂ භේද­ය­කින් තොරව දේශ­පා­ල­න­ඥ­යන් සිටින නිසා අඩි­යක් දෙකක් ආප­ස්සට ගෙන සිටි­න්නට පොලි­සි­යට සිදු­වූ­වා­දැයි අප දන්නේ නැත.

මධුෂ් සම්බන්ධ ප්‍රභූ ඝාතන චෝදනා

මාක­ඳුරේ මධුෂ්ට එරෙ­හිව එල්ල වුණු දරු­ණුම චෝද­නාව වූයේ ඔහු ජන­පති මෛත්‍රී­පාල සිරි­සේන සහ හිටපු ආර­ක්ෂක ලේක­ම්ව­ර­යෙකු වූ ගෝඨා­භය රාජ­පක්ෂ ඝාත­න­යට සැල­සුම් කළේ යැයි කියාය. ඒ බව හෙළි කරනු ලැබුවේ නාමල් කුමාර නැමැති පුද්ග­ල­යාය. ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ හිටපු නියෝජ්‍ය පොලි­ස්පති නාල­කද සිල්වා මහතා අත්අ­ඩං­ගු­වට ගන්නේ එකී ඝාතන කුම­න්ත්‍ර­ණයේ සැක­ක­රු­වෙකු ලෙසිනි.

දැන් මාක­ඳුරේ මධුෂ් සිටින්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු අත්අ­ඩං­ගු­වේය. මධුෂ් මෙර­ටට ගෙන එන තුරුම පට්ට ගැසු ජන­පති සහ ගෝඨා­භය ඝාත­නය ගැන දැන් කිසිදු වච­න­යක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පැත්තෙන් එළි­යට එන්නේ නැත. ඒ වෙනු­වට පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව පැත්තෙන් කියැ­වෙන්නේ අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වත් මාක­ඳුරේ මධුෂ් හුර­තල් කර­මින් සිටින බවකි.

පොලිස් ප්‍රධා­නීන්ගේ රැස්වී­ම­කදී පවා ඒ ගැන නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යෙකු චෝදනා කර ඇත්තේ මධුෂ් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සිටි­මින් ඩුබායි රටට පවා දුර­ක­තන ඇම­තුම් ගනි­මින් සිටින බව සඳ­හන් කර­මිනි. ඊට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රති­චා­රය වී ඇත්තේ විම­ර්ශන කට­යුතු වෙනු­වෙන් එම දුර­ක­තන ඇම­තුම් ලබා දී ඇති බවය.

මාස තුනක් තිස්සේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳ­වා­ගෙන සිටි­යත් මාක­ඳුරේ මධුෂ් ඩුබායි රැඳී සිටින වක­වා­නු­වේදී ඔහුගේ අප­රාධ සොය­න්නට ගත් වෙහෙ­සෙන් බිඳ­ක්වත් දැන් මධුෂ්ගේ ගෝල­බා­ල­යන් සහ ආයුධ මෙන්ම දේපොළ ගැන සොය­න්නට උන­න්දු­වක් නැත. මධුෂ් රටින් පලා යන විට 2015 වසරේ දී සැඟවූ බව කියන ටී 56 අවි­යක් සහ පිස්තෝ­ල­යක් මීග­මුවේ ඇළ­කින් සොයා­ගැ­නී­මක් හැරුණු කොට වෙන කිසි­වක් මධු­ෂ්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරී­ම්ව­ලින් සොයා­ගත් බවක් දැන­ග­න්නට නැත.

ඒ අනුව බලන කල පෙනී යන්නේ ඩුබායි සිට පොලිස් නිල­ධා­රී­න්ටත් මර­ණීය තර්ජ­නය කළ මෙරට පාතා­ලයේ ගෝඩ් ෆාදර් ලෙස සැල­කෙන මාක­ඳුරේ මධු­ෂ්ගෙන් සාමාන්‍ය අප­රා­ධ­ක­රු­වෙ­කු­ගෙන් සොයා­ගන්නා තර­මි­න්වත් දේපො­ළක් හෝ ආයුධ සොයා­ගැ­නී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සමත් නැති බවය. අඩුම තර­මින් මධුෂ්ගේ සමීප ගෝල­යෙ­කු­වත් අත්අ­ඩං­ගු­වට ගත් බවක් දැන ගන්නට නැත.

ගංජා දඬු­වම

කංජි­පානි ඉකුත් 23 අවු­රුදු 06කට බන්ධ­නා­ගා­ර­ගත වන්නේ එවැනි පසු­බි­ම­ක­දීය. කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු ගිහාන් කුල­තුංග මහතා කංජි­පානි වසර 06 කට හිරේ යවන්නේ ගංජා නඩු­වක වර­ද­ක­රු­ක­ර­මින්ය.

ඒ නඩුව ගොනු කරන්නේ වර්ෂ 2013 දී මාලි­ගා­වත්ත පොලි­සිය විසිනි. වරද ගංජා කිලෝ 5ක් ළඟ තබා­ගැ­නී­මය. එම නඩුව විභාග කිරී­මට පසු­ගිය 23 දා දින නිය­මව තිබිණි. එක­ව­රම කංජි­පානි තමා වර­ද­කරු බව පිළි­ග­ත්තේය. ඒ සමඟ විනි­සු­රු­ව­රයා සිය තීන්දුව ප්‍රකාශ කර­මින් ඔහු වසර 06කට බන්ධ­නා­ගා­ර­ගත කළේය. ඒ තීන්දු­වෙන් පොලි­සිය වික්ෂිප්ත වී ඇති අයුරු පෙනිණි. පොලි­සිය විශ්වාස කළේ සමාන්‍ය ගංජා නඩු­ව­කට මෙන් රුපි­යල් 25000 නොවැඩි දඩ­යක් කංජි­පා­නිට නියම කරනු ඇතැයි කියාය. ඒ නිසා රුපි­යල් 25000 මුද­ලක් පවා පොලිස් නිල­ධා­රීහු සූදා­නම් කර­ගෙන සිටි­යහ.

පරී­ක්ෂණ මෙහෙ­ය­වීමේ අවංක අව­ශ්‍ය­තා­ව­කින් නිල­ධා­රීහු පිරි­සක්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සිටි­යහ. පැමි­ණෙන බාධක හමුවේ වුවද පරී­ක්ෂණ කට­යුතු ඉදි­රි­යට පවත්වා ගැනීමේ මූලික අව­ශ්‍ය­තාව සැපි­රුණේ කංජි­පානි තව­දු­ර­ටත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳ­වා­ගෙන සිටී­මෙන් පම­ණය.

එහෙත් අධි­ක­රණ තීන්දුව අනුව කංජි­පානි තව­දු­ර­ටත් පොලිසි භාරයේ තබා­ගැ­නී­මට නොහැ­කිය. එම නඩු තීන්දුව ප්‍රකා­ශ­යට පත් කරන විට බන්ධ­නා­ගාර ගතව සිටින ඔහුගේ ගෝල­යන් ඔහු පිළි­ගැ­නීමේ උත්ස­ව­යක් සංවි­ධා­නය කර තිබිණි.

දැන් කංජි­පානි වැලි­ක­ඩය. මැද­හත්ව බැලූ විට පෙනෙන්නේ ඩුබා­යිහි රැඳී සිටි­මින් කළා­ටත් වඩා ආර­ක්ෂි­තව නැව­තත් මත්ද්‍රව්‍ය ජාවා­රම කිරීමේ අව­ස්ථාව ඔහුට ලැබී ඇති අයු­රුය. කංජි­පා­නිට මේ ලැබුණ අව­ස්ථාව ඉදි­රි­යේදී මාක­ඳුරේ මධුෂ්ට ලැබු­ණද අප පුදුම විය යුතු නැත. ඒ, මේ රටේ වැඩ සිද්ධ වන ආකා­රය සම්බ­න්ධව තේරුම් ගන්නට තරම් අව­බෝ­ධ­යක් තව­මත් අප සතුව නැති බැවිනි.

Comments