කොළඹ පළාත් ප්‍රධාන සංඝ­නා­යක ධුර­යෙන් පිදුම් ලබන මාකූරේ පිය­නන්ද නාහි­මියෝ | සිළුමිණ

කොළඹ පළාත් ප්‍රධාන සංඝ­නා­යක ධුර­යෙන් පිදුම් ලබන මාකූරේ පිය­නන්ද නාහි­මියෝ

රාගම මහර නැලි­ගම ශ්‍රී ‍ශෛලාස­න්නා­රා­මා­ධි­පති අම­ර­පුර අරි­ය­වංශ සිරි සද්ධම්ම යුක්තික මහා නිකායේ කොළඹ පළාත් ප්‍රධාන අධි­ක­රණ සංඝ­නා­යක මාකූරේ පිය­නන්ද නාහි­පා­ණන් වහන්සේ විසින් සිදු කරන ලද ශාස­නික මෙහෙ­යට උප­හාර පිණිස ශ්‍රී පිය­තිස්ස වංශා­ලං­කාර විද්‍යා­පති විනය විභාවි හෙළ වෙද ඍෂි ශාසන ශෝභන පූජ්‍ය මාකුරේ පිය­න­න්ද­ති­ස්සා­භි­ධාන කොළඹ පළාත් සංඝ සභාවේ ප්‍රධාන සංඝ­නා­යක ධුරය පිරි­නැ­මී­මට සංඝ සභාව විසින් තීර­ණය කර ඇත. වර්ෂ 1947 අගෝස්තු මස 29 වැනිදා කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ කොටි­යා­කු­ඹුර කුඩා නග­ර­යට නුදුරු මාකූරේ ගම්මා­නයේ උපත ලද එච්. සෝම­පාල දරුවා 6 වන ශ්‍රේණියේ අධ්‍යා­ප­නය ලබන අව­දි­යේම මාකූරේ පිය­නන්ද නමින් පැවිදි බවට පත් විය.

චීව­ර­යට සරි­ලන සේ සියලු කට­යුතු වල නියැ­ළුනු මේ කුඩා සාම­නේර හිමි­යන් විසින් තම ගුරු දේව­යන් වහන්සේ වූ දිප්පි­ටියේ ශ්‍රී පිය­තිස්ස නාහි­මි­යන් විසින් පව­රන ලද සියලු කට­යුතු ඉටු කර­මින් ආග­මික ශාස­නික කට­යු­තු­වල නියැ­ළෙ­න්නට විය. කොළඹ ශ්‍රී ලංකා විද්‍යා­ලයේ අධ්‍යා­ප­නය ලැබූ පිය­නන්ද හාමු­දු­රුවෝ අධ්‍යා­ප­නය නිම කිරී­මෙන් පසුව පළමු ගුරු පත්වීම ලැබුවේ අම්පාර ප්‍රදේ­ශයේ ඉතා දුෂ්කර පාස­ල­ක­ටය.

පසුව කිරි­ල්වල, හුම්බු­ළුව හා රාගම හීන්කෙන්ද විදු­හ­ල­ටත් යළිත් අම්පා­ර­ටත් ගුරු වෘත්තිය සඳහා වැඩම කළ උන් වහන්සේ 1982 වසරේ නැලි­ගම ශ්‍රී ශෛලා­ස­න්නා­රාම පුරාණ විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති ධුර­යට පත් වූයේ උන් වහ­න්සේගේ ආචා­ර්ය­ව­ර­යා­ණන් වහන්සේ වූ පූජ්‍ය දිප්පි­ටියේ ශ්‍රී පිය­තිස්ස නාහි­මි­යන්ගේ අප­ව­ත්වී­මත් සම­ඟය. ඒ වන විටත් පිය­නන්ද හිමි­යන් විසින් තම ගුරු හිමි­ය­න්ගෙන් මනා ලෙස උගත් ශාස්ත්‍ර­යක් විය. ඒ විෂ­ඝෝර සර්ප­යන්ගේ දෂ්ඨ කිරීම් උදෙසා ක්ෂණි­කව ලබා දෙන ප්‍රති­කාර ක්‍රම­යයි. ගුරු හිමි­යන් විසින් දශක ගණ­නා­වක් තිස්සේම සිදු කර­ගෙන ආ විෂ වෙද­කම උන් වහ­න්සේද සිදු කරන ලදි. ඒ ගුරු හිමි­යන් සේම කිසි­දි­නක කිසි­ව­කු­ගෙන් කිසිදු මුද­ලක් අය නොක­ර­මිනි. ඒ සේවාව අදත් ලක්ෂ ගණ­න­කට දිවි රැක දෙන්නට සමත්ව තිබේ. ගුරු වෘත්තිය අව­සා­න­යේදී තම විහා­ර­ස්ථා­න­යට යාබ­ඳව පිහිටි ශ්‍රී සංඝ­මිත්තා විද්‍යා­ලයේ ආචා­ර්ය­ව­ර­යකු ලෙසට පත්ව ආ උන් වහන්සේ පසුව එහි විදු­හ­ල්පති ධුරය දැරූහ. විශ්‍රාම ගිය පසු­වත් කාලා­න්තා­ර­යක් තිස්සේ උන් වහන්සේ ගරු සේව­යක් ලෙස එහි කට­යතු කළහ. උන් වහ­න්සේගේ සේවා කාලය තුළදී විදු­හ­ලට නව ඉඩ­මක් ලබා ගැනී­මට කට­යුතු කළ අතර එහි තෙම­හල් ගොඩ­නැ­ගි­ල්ලක්ද ඉදි කළහ. අදත් විදු­හ­ලට ඇති එකම මහල් ගොඩ­නැ­ගිල්ල එයයි.

පාසල ප්‍රදේ­ශයේ දරු දැරි­යන්ට ප්‍රිය මනාප ස්ථාන­යක් බවට පත් කළ උන් වහන්සේ විහා­රස්ථ ශ්‍රී සංඝ­මිත්තා දහම් පාසලේ ප්‍රධා­නා­චාර්ය ධුරය දර­මින් විශාල සේවා­වක් ඉටු කළහ. දහම් පාසලේ ආචාර්ය මණ්ඩ­ලය සමඟ ඉතා සුහ­දව සාකච්ඡා පව­ත්ව­මින් කට­යුතු කරන ලබන උන් වහන්සේ එය ප්‍රදේශයේ හොඳම දහම් පාස­ලක් බවට පත් කිරී­ම­ටද කට­යුතු කළහ. විශේ­ෂ­යෙන්ම දහම් පාස­ලට දෙම­හල් පුස්ත­කා­ල­යක් ද මේ වන විට ස්ථාපිත කර ඇත.

විහා­ර­ස්ථා­නයේ බල­වත් අඩු­පා­ඩු­වක්ව පැවැති චෛත්‍යය රාජ­යා­ණන් වහන්සේ නමක් ඉදි කරන ලද්දේ උන් වහ­න්සේගේ සම­යේය. එසේම සාම­ණේර භික්ෂු මධ්‍ය­ස්ථා­න­යක්ද ඉදි කිරී­මට පිය­නන්ද හිමි­යන් විසින් කට­යුතු කරන ලදී.

විහා­ර­ස්ථා­න­යට පැමි­ණෙන දාය­ක­යන්ගේ වාහන ගාල් කිරී­මට අවශ්‍ය ඉඩ පහ­සු­කම්ද උන් වහන්සේ විසින් මේ වන විටත් සකස් කර දී ඇති අතර උන් වහ­න්සේගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වන කිවු­ල්දෙ­ණියේ ඥානා­නන්ද, හිඟු­ර­ල­කන්දේ පඤ්ඤා­නන්ද , මාකූරේ පිය­ර­තන, ඇල්පි­ටියේ සුබෝ­ධා­නන්ද ඇතුළු හිමි­ව­රුන් විසින් විහා­ර­ස්ථා­නය මෙන්ම කැල­ණිය නාතු­ඩුව විහා­ර­ස්ථා­නය ඇසු­රින් සිදු කරනු ලබන සේවාව මහර ප්‍රදේ­ශයේ වෙනත් කිසිදු විහා­ර­ස්ථා­න­ය­කින් නොවනා තරම්ය.

ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ප්‍රධා­නම පෙර­හ­රක් වන නැලි­ගම ශ්‍රී සංඝ­මිත්තා පෙර­හර උන් වහන්සේ ගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් සෑම දෙසැ­ම්බර් මාස­ය­කම පැවැ­ත්වෙන අතර මේ වන විටත් මෙවර පෙර­හර සංවි­ධාන කර ඇත. විහා­ර­ස්ථා­නය ඇසුර කර පවත්නා සුහද අනෞ­න්‍යා­ධාර සමි­තිය හා නැලි­ගම අපි මිතුරෝ සංවි­ධාන ඇතුළු සමිති සමා­ගම් රැසක උන් වහන්සේ උප­දේ­ශ­කයෝ වෙති. උන් වහන්සේ විසින් සර්ප විෂ පිළි­බ­දව දක්වන ලද සේවාව පිණිස උන් වහ­න්සේට ලැබුණු ගෞරව නාම­යන් අප­ම­ණය. උන් වහන්සෙ සර්ප විෂ විශේ­ෂඥ ධුර­යද දරති. එමෙන්ම මහර ශාස­නා­ක­ර­ක්ෂක මණ්ඩ­ලයේ සභා­පති පද­විය වසර 8ක්ම දැරූ උන් වහන්සේ මේ වන විට එහි උප සභා­පති පද­විය දරති. උන් වහන්සේ විසින් දරනු ලබන තන­තුරු හා ලැබුණු උප­හාර නාම­යන් අති­ම­හත්ය. උන් වහන්සේ විසින් ලද කොළඹ පළාත් ප්‍රධාන සංඝ­නා­යක ධුරය පිළි­බඳ අක්ත­පත්‍ර ප්‍රදා­නය හා උන් වහන්සේ පිළි ගැනීම මේ මස 30 වැනිදා මහත් උත්ස­වා­කා­ර­යෙන් සිදු කෙරේ. ඒ අම­ර­පුර මහා නිකායේ උත්ත­රී­තර මහා නායක අග්ග­මහා පණ්ඩිත කොටු­ගොඩ ධම්මා­වාස මහ නාහි­මි­යන් සහ විපක්ෂ නායක මහින්ද රාජ­පක්ෂ මහතා ඇතුළු ආරා­ධිත අමු­ත්තන් රැස­කගේ සහ­භා­ගි­ත්ව­යෙනි. පියනන්ද හිමියන් විසින් ගොඩ නඟන ලද සාම­ණේර භික්ෂූ ආය­ත­න­යද එදි­නම විවෘත කෙරේ. නාතු­ඩුව නන්දා­ගිරි විහා­ර­යද සම­ගින් තම දිවි­යම සසු­න­ටත් ගම රට හා ජන­තාව වෙනු­වෙන් කැප කරන ලද අපේ නාහි­මි­යන්ට නිදුක් නීරෝගී දීර්ඝා­යුෂ පතමු!

තාරක වික්‍ර­ම­සේ­කර

Comments