කොටි සංවි­ධා­න­යට පණ දෙන බව කියන පලෙයි දොස්තර ගැන හෙළි වන විස්තර | සිළුමිණ

කොටි සංවි­ධා­න­යට පණ දෙන බව කියන පලෙයි දොස්තර ගැන හෙළි වන විස්තර

 

වේළු­පිල්ලේ ප්‍රභා­ක­රන් නන්දි­ක­ඩාල් කල­පු­වේදී හමුදා වෙඩි­ල්ල­කින් මිය යෑමත් සමග වසර තිහක් තිස්සේ ඇදී-ගිය යුද්ධ­යට 2009 වසරේ මැයි 18 දා සිට නැව­තීමේ තිත තැබු­ණත්, මිය ගිය ප්‍රභා­ක­ර­න්නට පණ දෙන්නට මේ ගෙවුණු දස වසර තුළ එල්ටී­ටීඊ ඩය­ස්පෝ­රාව ගත් උත්සා­හ­යන් අප­ම­ණය. ස්විට්ස­ර්ල­න්තය, කැන­ඩාව, ප්‍රංසය, එංග­ල­න්තය සහ නෝවේ කේන්ද්‍ර කර­ගත් එල්ටී­ටීඊ ඩය­ස්පෝ­රාව ඒ වෙනු­වෙන් කෝටි-ප්‍රකෝටි ගණන් මුදල් වැය කරති. දකුණේ පාතාල කල්ලි පවා ඔවුන් ඒ සඳහා භාවිත කරන බව රාජ්‍ය බුද්ධි සේවය විසින් හෙළි කර­ගන්නේ මෙව­සර ආර­ම්භ­යේ­දීය.

 

එසේ ඩය­ස්පෝ­රාවේ සැල­සු­ම­කට අනුව ප්‍රභා­කා­රන්ට පණ දෙමින් එල්ටී­ටීඊ සංවි­ධා­නය නැවත ගොඩ­නැ­ගී­මට රහස් මෙහෙ­යු­මක නිරත වූ බව කියන වෛද්‍ය­ව­ර­යකු ඉකුත් සතියේ අත්අ­ඩං­ගු­වට ගන්නේ යුද හමුදා බුද්ධි අංශ­යට ලද තොර­තු­ර­කට අනු­වය. ඒ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ සහා­යද ඇති­වය. පලෙයි රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රියා වූ ඔහු සින්න­යියා ශිව­රූ­බන්ය. තව­මත් හත­ළිස් එක්වන වියේ පසු­වන වෛද්‍ය සින්න­යි­යාට එරෙ­හිව මේ වන විට එල්ල වී ඇති චෝද­නාව වන්නේ එල්ටී­ටී­ඊය ප්‍රති­සං­වි­ධා­න­යට ආධාර හා අනු­බල දීමය. හමුදා මාධ්‍ය ප්‍රකා­ශක බ්‍රිගේ­ඩි­යර් සුමිත් අත­පත්තු පව­සන්නේ ඩය­ස්පෝ­රාවේ උදව් ඇතිව කොටි සංවි­ධා­නය ප්‍රති­ස්ථා­ප­නය කිරී­මට මේ වෛද්‍ය­ව­රයා උත්සා­හ­යක නිර­තව සිටි බවත් කාල­යක් තිස්සේ කෙරුණු විම­ර්ශ­න­ය­කින් පැහැ­දි­ලි­වම පෙනී ගිය බැවින් ඔහුව අත්අ­ඩං­ගු­වට ගත් බවත්ය.

ත්‍රස්ත­වාදී විම­ර්ශන කොට්ඨා­සයේ සහාය ඇතිව වෛද්‍ය ශිව­රූ­බන්ව හමුදා බුද්ධි අංශය විසින් අත්අ­ඩං­ගු­වට ගන්නේ ඉකුත් 19 වැනි­දාය. ඒ යාප­නය පලෙ­යිහි පිහිටි ඔහු පදිං­චිව සිටි නිවෙ­සේ­දීය. ඒ නිවෙසේ තිබී සැක­ක­ට­යුතු යැයි කියා හමු­වන්නේ වායු රයි­ෆ­ල­යක් සහ වායු පිස්තෝ­ල­යක් පමණි. මේ අවි දෙක සිය භාර­යට ගන්නා හමුදා බුද්ධි අංශ වෛද්‍ය­ව­රයා සමග ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට භාර දෙන්නේ සැඟ­වුණු බොහෝ තොර­තු­රුද සම­ගිනි. ඊට අනුව මෙම වෛද්‍ය­ව­රයා එල්ටී­ටී­ඊය පණ ගන්න­වන්ට සැල­සුම් කර­මින් සිට ඇතැයි පැව­සෙන්නේ කරුණා අම්මාන් සහ ඩග්ලස් දේවා­නන්දා ඉලක්ක කර­මින් ප්‍රහා­ර­යක් එල්ල කර­මිනි. ඩග්ලස් සහ කරුණා අම්මාන් ඩය­ස්පෝ­රාවේ ඉලක්ක බවට පත්ව ඇතැයි මෑත­කදී හෙළි වන පළමු අව­ස්ථාව වන්නේ මෙයයි. ඊට පෙර අවස්ථා කිහි­ප­ය­ක­දීම හෙළිව තිබුණේ ඔවුන් කුරු­මා­නම් අල්ලන්නේ දෙමළ ජාතික සන්ධා­නයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී සුම­න්ති­රන්ට බවය. එහිදී වන්නි­යේදී සුම­න්ති­රන් ඉලක්ක කර පුපු­රවා හරි­න්නට සූදා­නම් කර තිබුණු ක්ලේමෝ බෝම්බ දෙකක් පවා ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය විසින් සොයා­ගන්නා ලදි. සුම­න්ති­රන් ඝාතන සැල­සු­මට සම්බන්ධ කිහිප දෙනෙක්ද ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­ව­ටද ගනු ලැබූහ. ඒ අය අතර පුන­රු­ත්ථා­ප­නය වූ මෙන්ම පුන­රු­ත්ථා­ප­නය නොවූ එල්ටී­ටීඊ සාමා­ජි­ක­යෝද සිටි­යහ. ඒ සියලු දෙනාම මෙහෙ­ය­වන බව පෙනී ගියේ විදේ­ශ­වල සිටින එල්ටී­ටීඊ හිත­වාදී ඩය­ස්පෝ­රා­වයි. මේ ජාලයේ වෛද්‍ය සින්න­යියා ශිව­රූ­බන්ද ප්‍රබල චරි­ත­යක් බව බුද්ධි අංශයේ තක්සේ­රු­වයි.

ශිව­රූ­බන් මුල­තිව් රෝහලේ වැඩ බලන අධි­ක­රණ වෛද්‍ය­ව­ර­යාව සිටි 2014දී ජිනී­වාහි පැවැති මානව හිමි­කම් සැසි­යට සහ­භාගි වී ඇත්තේද ඩය­ස්පො­රාව නියෝ­ජ­නය කර­මිනි. යුද්ධය පැවති සමයේ හමු­දාව යුද අප­රා­ධ­වල නිරත වූ බව එදා ඔහු මානව හිමි­කම් සැසි­යේදී ලෝක­යට හඩ ගා කියා තිබිණි. ඉන් නොනැ­ව­තුණු ඔහු අල්ජ­සීරා රූප­වා­හ­නි­යට පවා සම්මුඛ සාක­ච්ඡා­වක් දෙමින් හමු­දාවේ කීර්ති­නා­මය විනාශ කළේ බේගල් ගොන්නක් ඇද­බා­මිනි.

හමුදා බුද්ධි අංශ­ව­ලට ලැබී ඇති තොර­තු­රු­ව­ලට අනුව මේ වෛද්‍ය­ව­රයා එල්ටී­ඊය පණ ගන්ව­න්නට හිටපු එල්ටී­ටීඊ සාමා­ජි­ක­යන් රැස් කිරීමේ මෙහෙ­යු­ම­කද නිර­තව සිට ඇත්තේය. ඒ අතර ඔහු සී-4 වර්ගයේ අධි­බ­ලැති පුපු­රන ද්‍රව්‍ය පවා රැස් කර­මින් සිට ඇත. ඒ යුද්ධය අව­සන් සම­යේදී එල්ටී­ටී­ඊය මතු­වට ගැනී­මට වළ­දැමූ පුපු­රන ද්‍රව්‍ය ගොඩ­ග­නි­මිනි. එසේ ඔහු විසින් රැස් කර­ගත් පුපු­රන ද්‍රව්‍ය විශාල ප්‍රමා­ණ­යක් අප්‍රේල් 21 දායින් පසු මුහු­දට දමා ඇති බවද සඳ­හන්ය. ඒ පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පසු රට පුරා සිදු කළ මෙහෙ­යු­ම්ව­ලදි හසු වේයැයි තිගැ­ස්සී­මෙනි. එසේ මුහු­දට දැමූ සී-4 යයි කිය­වෙන පුපු­රන ද්‍රව්‍ය­ව­ලින් කොට­සක්ද හමු­දාවේ තොර­තුරු මත මේ වන විට සොයා­ගෙන හමා­රය. ඒවා තිබී ඇත්තේ අලි­යා­ව­ලෙයි මුහු­දේය. කළු පැහැති ගුළි­යක් ලෙසින් තිබුණු ඒ ද්‍රව්‍ය කිලෝ 15ක පමණ බර­කින් යුතු විය. වෛද්‍ය ශිව­රූ­බන් ප්‍රශ්න කිරීම් හමුවේ පව­සන්නේ ඒ පාර්ස­ලය තමන් නොදන්නා පුද්ග­ල­යකු විසින් තමන් නැති අව­ස්ථා­ව­කදී සිය නිල නිවෙසේ තබා­ගොස් ඇති බවත්, එය මුහු­දට විසි කරන්නේ ඒ ගැන ඇති වුණු සැක­යට බවත්ය. එහෙත් සැක­යක් විණි නම් ඔහු කළ යුතුව තිබුණේ ඒ පාර්ස­ලය මුහු­දට විසි කර­නවා වෙනු­වට පොලී­සි­යට භාර දෙන්න­ටය.

අනා­ව­ර­ණය වෙමින් ඇති ආකා­ර­යට ශිව­රූ­බන් වෛද්‍ය උපා­ධිය ලබා විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පිට වන්නේ 2006දීය. රජයේ සීමා­වා­සික වෛද්‍ය පත්වීම ඔහුට ලැබෙන්නේ 2008දීය. ඒ යුද්ධය අව­සන් වක­වා­නු­වයි. බුද්ධි අංශ සඳ­හන් කරන්නේ ඔහු කොටි නායක වේළු­පිල්ලේ ප්‍රභා­ක­රන්ගේ පෞද්ග­ලික වෛද්‍ය­ව­රයා ලෙසද ඔහු කට­යුතු කර ඇති බවය. ඒ කියන ආකා­ර­යට අනුව ඔහු ප්‍රභා­ක­රන්ගේ වෛද්‍ය­ව­රයා ලෙස සිටිය යුතු වන්නේ 2006 වසරේ උපා­ධිය හිමි­ක­ර­ගෙන විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පිට වීමෙන් පසු­වය. වේළු­පිල්ලේ ප්‍රභා­ක­රන් සීමා­වා­සික පත්වී­ම­ක්වත් නැති ආධු­නික වෛද්‍ය­ව­ර­යකු තම පෞද්ග­ලික වෛද්‍ය­ව­රයා ලෙස ළඟ තබා­ග­නී­දැයි ඇත්තේ ගැට­ලු­වකි. එහෙත් බුද්ධි අංශ ඔවුන්ට ලැබී ඇති තොර­තු­රු­ව­ලට අනුව සඳ­හන් කරන්නේ ඔහු ප්‍රභා­ක­රන්ගේ වෛද්‍ය­ව­රයා බවකි.

විවිධ තොර­තු­රු­වල සඳ­හන් වන ආකා­ර­යට අනුව වෛද්‍ය ශිව­රූ­බන් රිවි­රැස මෙහ­යු­මේදී තුවාල ලැබූ එල්ටී­ටීඊ සාමා­ජි­ක­යන්ට පවා ප්‍රති­කාර පවා කර තිබේ. යුද හමු­දාව රිවි­රැස මෙහෙ­යුම දියත් කරන්නේ ත්‍රිකු­ණා­මල වරා­යට එල්ටී­ටී­ඊය ප්‍රහා­ර­යක් එල්ල කර­මින් චන්ද්‍රිකා ආණ්ඩුවේ සාම ක්‍රියා­ව­ලි­යෙන් ඉවත් වීමට ප්‍රති­ප්‍ර­හා­ර­යක් වශ­යෙනි. 1995 ඔක්තෝ­බර් 17 දා ඇරඹි රිවි­රැස මෙහෙ­යු­මට නැව­තීමේ තිත තැබෙන්නේ දෙසැ­ම්බර් 02 දා එතෙක් එල්ටී­ටීඊ ග්‍රහ­ණයේ පැවැති යාප­නය මුදා­ගැ­නී­මත් සම­ගිනි. වෛද්‍ය ශිව­රූ­බන් උසස් පෙළ අධ්‍යා­ප­නය ලබන්නේ මේ වක­වා­නු­වේ­දීය. රිවි­රැස මෙහෙ­යු­මේදී තුවාල ලැබූ එල්ටී­ටීඊ සාමා­ජි­ක­යන්ට ඔහු ප්‍රති­කාර කළේ නම් ඒ කර ඇත්තේ මඩ­ක­ල­පුවේ සිට වන්නි­යට ගොසිනි. ඒ අධ්‍යා­ප­න­යද හදා­ර­මින් සිටි­ය­දීය.

ප්‍රභා­ක­රන්ගේ තවත් පෞද්ග­ලික වෛද්‍ය­ව­ර­යකු බව කියන අයකු පලෙ­යි­හීදී අත්අ­ඩං­ගු­වට ගන්නා අතර, ශිව­රූ­බන් පළමු වතා­වට ආර­ක්ෂක අංශ අත්අ­ඩං­ගු­වට පත්වන්නේ යුද්ධයේ අව­සන් දින කිහි­ප­යේ­දීය. ඒ අව­සන් මොහොත දක්වාම ඔහු සමඟ රැඟී සිටි තවත් වෛද්‍ය­ව­රුන් හය දෙන­කුද සම­ඟිනි. අන්තිම මොහොතේ රජයේ පාල­නයේ පැවති ප්‍රදේ­ශ­යට පැමිණි ඔවුන් සත් දෙනා අත්අ­ඩං­ගු­වට ගත් ආර­ක්ෂක අංශ විම­ර්ශන සඳහා ඔවුන් භාර කරන්නේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය වෙතය. ඉක්බිති වසර එක­හ­මා­ර­කට ආසන්න කාල­යක් ඔවුන් සිටියේ ත්‍රස්ත විම­ර්ශන කොට්ඨාස භාර­යේය. අව­සා­නයේ මේ පිරිස නිද­හස් කෙරෙන්නේ ඔවුන්ට එරෙ­හිව කිසිදු චෝද­නා­වක් ගොනු කිරී­ම­කින් තොර­වය.

යුද්ධය නිමා වන විට වෛද්‍ය ශිව­රූ­බන් සේවයේ නිර­තව සිටින්නේ එකල එල්ටී­ටීඊ පාල­නයේ පැවැති මුල­ති­ව්හීය. රජයේ පාල­නයේ පැවති ප්‍රදේ­ශ­යන් යෑමට කොතෙ­කුත් අව­ස්ථාව තිබු­ණත් ඔහු තවත් වෛද්‍ය­වරු හත් දෙනකු සමග මුල­ති­ව්හිම රැඳී සිටි­යේය. ප්‍රභා­ක­රන්ගේ වෛද්‍ය­ව­රයා ලෙස ඔහු කට­යුතු කළේ නම් ඒ අව­සන් කාල වක­වා­නුවේ විය යුතුය. එසේත් නැති නම් ප්‍රභා­ක­රන්නේ සැබෑ වෛද්‍ය­ව­රයා වූයේ කන­ක­සු­න්ද­රම් මයි­ලේ­රු­ම්පෙ­රු­මාල්ය. ප්‍රභා­ක­රන්ගේ පවුලේ වෛද්‍ය­ව­රයා වූයේද ඔහුය. ප්‍රභාගේ උප­න්ගම වන වැල්වැ­ටි­තු­රේම වැසි­යකු වන ඔහු යුද්ධය නිමා වන වක­වා­නු­වේදී සේවයේ නිර­තව සිටියේ කිලි­නො­ච්චි­යේය. යුද්ධය නිමා­වී­මත් සමඟ ජීවි­තයේ සැඳෑ සමය වැල්වැ­ටි­තුරේ පිහිටි සිය නිවෙසේ ගත කර­මින් සිටි ඔහු 2018 ඔක්තෝ­බර් 09 දා මිය ගියේය.

ජිනීවා මානව හිමි­කම් කොමි­ස­මට යමින් යුද හමු­දාව යුද අප­රාධ කළේ­යැයි චෝදනා නග­න්නට වූයේ මේ හත් දෙනා අතර සිටි ශිව රූබන් පමණි. ඒ සෑම චෝද­නා­වක්ම ඔහු කර­න්නට වූයේ උතුරේ දෙමළ ජන­තා­වගේ හොඳ­හි­තද දිනා­ග­නි­මිනි. ඒ නිසාම ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට එරෙ­හිව පලෙයි ජන­තාව පවා පාර­ටද බැස්සේය. ඒ වෛද්‍ය ශිව­රූ­බන් නිද­හස් කරන ලෙස ඉල්ල­මිනි. උතුරේ ද්‍රවිධ ජන­තාව සමග ඔහු මිතු­රුව සිටි­යේ­යැයි කියා හෝ ජනතා විරෝ­ධ­යක් මතු­වෙ­මින් ඇතැයි කියා ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­ස­යට ඔහු නිද­හස් කර­න්නට කිසි­සේත්ම ඉඩක් නැත. ඒ හමුදා බුද්ධි අංශය විසින් ඔහුට එරෙ­හිව දී ඇති තොර­තුරු ඉතා භයා­නක ඒවා බැවින් ඒ ගැන පුළුල් විම­ර්ශ­න­යක් කළ යුතු හෙයිනි. වෛද්‍ය ශිව රූබන්ව කොළ­ඹට පවා රැගෙන නොයා මේ වන තුරුත් යාප­නයේ රඳ­වා­ගෙන පරී­ක්ෂණ පව­ත්වන්නේ ඒ නිසාය

Comments