එරන්දතී වතුතන්තිරිගේ කලායතනයේ කලඑළි මංගල්‍යය දා... | සිළුමිණ

එරන්දතී වතුතන්තිරිගේ කලායතනයේ කලඑළි මංගල්‍යය දා...

එරන්දතී වතුතන්තිරිගේ කලායතනයේ නර්තනය හැදැරූ ශිෂ්‍යයාවෝ තිස් හය දෙනෙක් පසුගියදා සිය කලඑළි මංගල්‍යය පැවැත්වූහ. විශාරද එරන්දතී වතුතන්තිරිගේ මහත්මිය වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ බාලිකා මහ විදුහල් නර්තන ආචාර්යවරියක වන අතර, ඇයගෙන් වසර ගණනාවක් පුරා නර්තනය හැදැරූ ශිෂ්‍යාවෝ මෙලෙස සිය නර්තන කලාවේ ඉදිරි පියවර තැබූහ.

මාරවිල, මූදුකටුව සොයිසාරාමයේදී පැවැත්වූ මේ කලා මංගල්‍යයට මූදුකටුව සොයිසාරාම විහාරාධිපති, ශාස්ත්‍රපති, මූදුකටුවේ සාසනසිරි හිමි, හලාවත රදගුරු දේව ධර්මාචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ, හලාවත පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික අධ්‍යක්ෂ ෆ්‍රෑන්ක් තිසේරා පියතුමා, මහාචාර්ය ධනපාල ඕවට ගෙදර, ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී සුනිලා රූපස්සර, ගායන ශිල්පී කසුන් කල්හාර ඇතුළු සම්භාවනීය අමුතතන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වූහ.

Comments