බීමට වතුර පොදක් ඉල්ලන යාප­නයේ මිනිස්සු | සිළුමිණ

බීමට වතුර පොදක් ඉල්ලන යාප­නයේ මිනිස්සු

මිනි­සුන් හෝ සත්ත්ව­යන් මියැ­දෙ­න්නට පණ අදි­මින් සිටින විට ඉල්ලන්නේ වතුර පොදක්ය. බොහෝ විට මිනි­සුන්ගේ අව­සාන වච­නය වන්නේද '' මට වතුර ටිකක්'' යන්න විය හැකිය.

බීමට ගන්නා ජලයේ වටි­නා­කම මෙත­රම් වූවත් අපේ රටේ ජල සම්පත අනුව ඇතැම් ප්‍රදේ­ශ­ව­ලට අවශ්‍ය පම­ණ­ටත් වඩා ජලය තිබු­ණද තවත් බොහෝ පළා­ත්ව­ලට ජලය ඇත්තේම නැත.

බීමට ජලය නැතිව සිටින වැසි­යන්ගේ ලයි­ස්තුවේ ඉහ­ළම සිටින්නේ යාප­නයේ වැසි­යෝය. ඔවුන් එදා සිට බීමට ජලය ඉල්ලා සිටි අතර ඒ කාල වක­වා­නුවේ සිටම යාප­නයේ වැසි­යන්ට බීමට ජලය සපයා දීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­ම­ටද බොහෝ දෙනෙකු උත්සහ කොට තිබේ.

යාප­නයේ පවත්නා භූගෝ­ලීය පිහි­ටීම මත යාප­නයේ ඇති ජලය පානීය ජලය වශ­යෙන් භාවි­ත­යට ගැනී­මට හැකි­යා­වක් නැත. දිවං­ගත මහා­චාර්ය සෙනෙවි එපි­ට­වත්ත මහතා වසර ගණ­නා­ව­කට ඉහ­තදී ප්‍රකාශ කළේ යාප­නයේ පව­තින හුනු­ගල් තට්ටුව නිසා කිසිම දිනක යාප­නයේ වැසි­යන්ට යාප­නයේ ඇති කඨින ජලය පානය කිරී­මට නොහැකි වන බවයි.

උතුරු පළාත් ආණ්ඩු­කාර ආචාර්ය සුරේන් රාඝ­වන්

ඔහුගේ වික­ල්පය අනුව යාප­නයේ වැසි­යන්ට පානීය ජලය පිට­ස්තර ප්‍රදේ­ශ­ය­කින් සැප­යීම හෝ පානීය ජල බෝතල් රැගෙන ගොස් පානය කිරීම සුදු­සුම වික­ල්පය බවද ඔහු සද­හන් කළේය.

යාප­නයේ මහ පොළොව යට ඇලි මෙන් ඇති හුනු­ගල් තට්ටුව කාල­යත් සම­ඟම සේදී ගොස් තැනි­තලා පොළොව ගිලා බැසී­ම­කට ලක් වුව­හොත් මුහුදු ජලය ඒ තැනි­ත­ලාව මතට පැමිණ මුළු යාප­න­යම අනා­ග­තයේ යම් දිනක මුහුදු ජල­යෙන් වැසී යෑමට ඇති ඉඩ­කඩ වැඩි බවද සෙනෙවි එපි­ට­වත්ත මහ­තාගේ නිග­ම­නය විය. යාප­නය අර්ධ­ද්වී­පය මුහු­දක් බවට පත් වීම ගැන කතා කිරී­මට වඩා මේ අව­ස්ථා­වේදී යාප­න­යට පානීය ජලය සප­යා­ගත යුතු අන්දම පිළි­බඳ කතා කිරීම වැද­ගත් වී ඇත්තේ දශක කීප­යක්ම යාප­නයේ වැසි­යන් පිරි­සුදු පානීය ජලය අපේ­ක්ෂා­වෙන් සිටී­මත් ඒ සඳහා විකල්ප ක්‍රියා මාර්ග හඳුන්වා දී තිබී­මත් නිසාය.

යාප­න­යට පිරි­සුදු පානීය ජලය සප­යා­දී­මට ගත් උත්සා­හය පිළි­බඳ ඉති­හාස කතා කොතෙ­කුත් ඇතත් වසර තුන්සී­ය­ක­ටත් ඉහත සිට දේශීය මෙන්ම විදේ­ශීය පිරිස් මේ උත්සා­හයේ නිරත වී ඇති බව නොයෙක් විම­ර්ශ­න­ව­ලදී පෙනී යයි.

ජර්ම­නියේ සරයේ විශ්ව­වි­ද්‍යා­ලයේ පිරි­සක්ද ඊට සහ­භාගී වී ඇති අතර කුග­නේ­ස්වර රාජා නැමති අයෙකු වරින් වර ඒ පිළි­බඳ අධ්‍ය­ය­නය කොට තිබේ.

ඒ සියලු උත්සා­හ­යන් මැද යාප­නයේ සිටි ඉංජි­නේ­රු­වකු වන ආරු­මු­ගම් නැමැත්තා වඩ­ම­රච්චි කල­පුව ඔස්සේ පානීය ජලය යාප­න­යට රැගෙන යෑමට විශාල උත්සා­හ­යක් දරා තිබේ.

එකල ඒ වෙනු­වෙන් ඉදි කළ ඉදි­කි­රී­ම්වල නට­බුන් අද­ටත් ඒ ප්‍රදේ­ශයේ දැකිය හැකිය. ආරු­මු­ගම් ඉංජි­නේ­රු­ව­රයා ඕස්ට්‍රෙ­ලි­යා­වට යෑමෙන් පසුව ඔහුගේ ඉංජි­නේරු පුතකු ඒ ව්‍යාපෘ­තිය ක්‍රියා­වට නැංවි­මට උත්සහ කළද එය අත­ර­මඟ ලොප් වී තිබේ.

විශාල වශ­යෙන් ජලය ඇති තැනක සිට ජලය නැති තැන­කට ජලය රැගෙන යෑම ප්‍රායෝ­ගි­කව සිදු වන දෙයකි. ඒ නිසාම යාප­න­යට සැත­පුම් කීප­යක් දුරින් පිහිටි කිලි­නො­ච්චියේ ඉර­ණ­මඩු ජලා­ශයේ සිට යාප­න­යට පානීය ජලය රැගෙන යෑම වඩාත් පහසු බව අතී­තයේ පටන්ම සාක­ච්ඡා­වට බඳුන් වූ කාර්යකි.

බ්‍රිතාන්‍ය පාලන සම­යේදී පවා ඉර­ණ­මඩු ජලා­ශයේ ජලය පානීය ජලය වශ­යෙන් යාප­න­යට රැගෙන යෑමට පිඹු­රු­පත් සකස් වී තිබේ. නමුත් ඒ සිය­ලුම ව්‍යාපෘති අත­ර­ම­ඟදී නවතා දැමී­මට සිදු වී ඇත්තේ කිලි­නො­ච්චියේ ගොවීන්ගේ විරෝ­ධතා මධ්‍ය­යේය.

මිරි­දිය ජලය ප්‍රධාන වශ­යෙන් කොටස් දෙක­කට බෙදී­මේදී පානීය ජලය හා කෘෂි­කා­ර්මික ජලය වශ­යෙන් වෙන් කිරී­මක් කළ හැකිය. මිනි­සාට බීමට නෑමට සහ සේදී­මට යොදා ගැනෙන්නේ පානීය ජල­යට අයත් කොට­සයි. අනෙක් කොට­සෙන් සිදු වන්නේ කෘෂි­කා­ර්මික කට­යු­තුය.

කිලි­නො­ච්චිය දිස්ත්‍රි­ක්ක­යම කෘෂි­කා­ර්මික ජීවන රටා­ව­කට හුරු වූ ප්‍රදේ­ශ­යක් බැවින් ඔවුන් ඉර­ණ­මඩු ජලා­ශයේ ජලය කුඹුරු ගොවි­තැ­නට මිස වෙනත් කිසිම කට­යු­ත්තක් සඳහා යොදා­ගැ­නීම කෙරෙහි කිසිදු මනා­ප­යක් නැත. අඩුම තර­මින් ඉර­ණ­මඩු ජලා­ශයේ ජලය කිලි­නො­ච්චියේ ගම්මා­න­වල වැසි­යන්ට පානීය ජලය වශ­යෙන් ලබා­දීම කෙරෙ­හි­වත් ඔවුන් සතු­ටක් දක්වන්නේ නැත.

කිලි­නො­ච්චිය ඉර­ණ­මඩු ජලා­ශයේ ජලය පානීය ජලය වශ­යෙන් යාප­න­යට රැගෙන යෑම සදහා අව­සන් වරට උත්සා­හ­යක් දරන ලද්දේ ආසි­යානු සංව­ර්ධන බැංකු­වයි. ඒ මීට වසර පහ­කට පමණ ඉහ­ත­දීය. ඒ අව­ස්ථා­වේ­දීද කිලි­නො­ච්චියේ වැසියෝ ඊට විරෝ­ධය පල කළහ. කිලි­නො­ච්චියේ සාමාන්‍ය වැසි­යන් පම­ණක් නොව එව­කට උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමා­ත්‍ය­ව­රයා වූ සී.වී.විග්නේ­ස්ව­රන් මහ­තාද ඊට විරුද්ධ වූයේය.

ඉර­ණ­මඩු ජලා­ශයේ ධාරි­තාව අඩි තිස් හත­රක් වූවත් කිලි­නො­ච්චියේ ගොවි සංවි­ධාන තර්ක කළේ ඔවුන්ගේ ගොවි­තැන් කට­යුතු සදහා ජලය ප්‍රමා­ණ­වත් නොවන බවය.පසුව ආසි­යානු සංව­ර්ධන බැංකුව තවත් රුපි­යල් මිලි­යන 1750ක මුද­ලක් විය­දම් කොට ඉර­ණ­මඩු ජලා­ශයේ ධාරි­තාව අඩි තිස් හය­කට වැඩි කළද එම ජලා­ශයේ ජලය පානීය ජලය වශ­යෙන් යාප­න­යට රැගෙන යෑමට නොහැකි විය.

ඒ අව­ස්ථා­වේදී මතු වූයේද ගොවීන්ගේ විරෝ­ධ­තාව පිළි­බඳ වූ ගැට­ලු­වයි.

එදා සියලු දෙනාම මානූ­ෂිය වශ­යෙන් සලකා මේ ව්‍යාපෘ­ති­යට අව­ස්ථා­වක් සලසා දෙන මෙන් කිලි­නො­ච්චියේ ගොවි සංවි­ධාන වලින් ඉල්ලී­මක් කළද ඔවුන් කිසි විට­කත් ඊට නම්‍ය­ශීලී නොවීය.

බීමට ජල පොදක් ලබා නොදෙන වුන් ඊළග ආත්ම­භා­ව­යේදී “කෑදැ­ත්තන්’’ ලෙස උප­දින බවට ලාංකික ගැමි­යන් තුළ දැඩි විශ්වා­ස­යක් පව­තින නිසාම එදා බොහෝ දෙනෙකු කිලි­නො­ච්චියේ වැසි­යන්ට ශාප කළේ කෑදැ­ත්තන් වී ඉප­දේවා යනු­වෙනි.

කිලි­නො­ච්චියේ ගොවීන් මහා අස­ත්පු­රු­ෂ­යන් පිරි­සක් යැයි එදා සියලු දෙනාම කියා සිටි­යත් අද මොර­ග­හ­කන්ද ජලා­ශයේ ඇති ජල ප්‍රමා­ණය දෙස බලන විට කිලි­නො­ච්චියේ ගොවීන්ගේ විරෝ­ධ­තාව ඉතා සාධා­රණ බව විද්‍යා­මාන වෙයි.

එක් ජලා­ශ­යක ජල­යෙන් පානීය ජල­යත් කෘෂි­කා­ර්මික ජල­යත් ලබා ගැනිම ප්‍රශ්න හා ගැටලු රැස­කට මුහුණ පාන තත්ත්ව­යක් බව ඉතාම පැහැ­දි­ලිය.

මේ සියලු ගැටලු හා බාධක ඉතා හොදින් අව­බෝධ වී ඇති නිසා ඉර­ණ­මඩු ජලා­ශය අත­හැර යාප­න­යට පානීය ජලය රැගෙන යෑමේ ක්‍රම­යක් පිළි­බඳ මේ දින­වල අව­ධා­නය යොමු වී තිබේ.

මේ ව්‍යාපෘ­තියේ පුරෝ­ගා­මියා වශ­යෙන් කට­යුතු කරන්නේ උතුරු පළාත් ආණ්ඩු­කාර ආචාර්ය සුරේන් රාග­වන් මහ­තාය. ඔහු උතුරු පළාත් ආණ්ඩු­කාර ධුර­යට පත් වූ දිනයේ සිට යාප­න­යට පානීය ජලය සපයා දීමේ කට­යුත්ත සාර්ථක කර­ගැ­නී­මට වෙහෙ­සු­ණේය.

අප කළ සොයා බැලී­මේදී දැන­ග­න්නට ලැබුණේ ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනු­මැ­ති­යද ලැබුණු බවයි. රුපි­යල් මිලි­යන දෙද­හ­සක් පමණ ව්‍යාපෘ­තිය සඳහා අවශ්‍ය නමුත් අමාත්‍ය මණ්ඩල අනු­මැ­ති­යේදී එත­රම් විශාල මුද­ලක් අනු­මත නොවිණි.

කෙසේ වෙතත් මේ රටේ දේශ­පා­ලන ඉති­හා­සයේ මහත් අරුම පුදුම සිදු වීමක් මෙන්ම විශාල කඩා වැටී­මක් සිදු වූ දින පනස් දෙකේ අග­මැති සෙල්ලම මේ ව්‍යාපෘ­තිය සඳ­හාද බල­පෑම් කළේය. අමාත්‍ය මණ්ඩ­ලය විසින් අනු­මත කරන ලද මිලි­යන තුන්සී­යක් පමණ වූ මුද­ලට සිදු වූ දේ සොයා­ගැ­නී­මට පවා නොහැ­කිය.

ඒ අනුව යාප­න­යට පිරි­සුදු පානීය ජලය ලබා­දීමේ ව්‍යාපෘ­තිය යළි ආප­ස්ස­ටම ගියා මිස අඩි­යක් හෝ එය ඉදි­රි­යට යෑමට නොහැකි විය.

උතුරු පළාත් ආණ්ඩු­කා­ර­ව­ර­යාද ඔහුගේ උත්සා­හය අත්හැ­රියේ නැත. ''ඉල්ල­න්නට සුරුවෝ නම් බමු­ණෝම වෙත්'' යන බෞද්ධ සාහි­ත්‍යයේ සඳ­හන් කාර­ණා­වම මෙන්, ආණ්ඩු­කා­ර­ව­රයා යාප­නය පැමි­ණෙන සිය­ලුම දෙනා­ගෙන් ඉල්ලා සිටියේ පානීය ජලය සපයා දෙන්නට හැකි ලෙස උදව් කරන ලෙසය. මේ වන විට ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ උත්සා­හය සාර්ථක වී තිබේ.

ඔහුගේ උත්සා­හය වන්නේද ඉර­ණ­මඩු ජලා­ශය අත­හැර වඩ­ම­රච්චි කල­පු­වට රැස් කර­ගන්නා ජල­යෙන් යාප­නය ඇතුළු උතු­රේම වැසි­යන්ට අවශ්‍ය පානීය ජලය සප­යා­දී­ම­ටය.

නව ව්‍යාපෘ­තිය පිළි­බඳ අප ආණ්ඩු­කා­ර­ව­රයා සමඟ සාකච්ඡා කළ අව­ස්ථා­වේදී ඔහු කියා සිටියේ තමන්ද ආරු­මු­ගම් ඉංජි­නේ­රු­ව­ර­යාත් තවත් කීප දෙනෙ­කුත් යාප­නයේ වඩ­මා­රච්චි කල­පුව ඔස්සේ යාප­න­යට පානීය ජලය රැගෙන යෑමට සැල­සුම් කොට තිබූ සැලැස්මේ පිට­ප­තට අනුව මේ ව්‍යාපෘ­තිය ක්‍රියා­වට නැංවූ බවයි.

''මුලින්ම කිය­න්නට අවශ්‍ය වන්නේ වර්ෂා­වෙන් ඇද හැලෙන ජලය අයිති ඒ ජලය වැටෙන පළාතේ ජීවත් වන ජන­තා­ව­ටයි.මේ නිසා කිලි­නො­ච්චියේ ඉර­ණ­මඩු ජලා­ශයේ ජලය කාට­වත් දෙන්න බෑ කියලා ඒ මිනිස්සු කරන තර්කය සාධා­ර­ණයි. මොකද ඒ ජලය අයිති වන්නේ ඒ මිනි­ස්සු­න්ටයි.

මේ නිසා තමයි ඉර­ණ­මඩු ජලා­ශය අත­හැ­රලා යාප­නයේ වඩ­ම­රච්චි කල­පුව මිරි­දි­යෙන් පුර­වලා ඒ ජලය පිරි­සුදු කොට යාප­නයේ වැසි­යන්ට පානීය ජලය වශ­යෙන් ලබා දෙන්නට තීර­ණය කළේ. දැනට තියන භූගෝ­ලීය සාධක අනුව උතුරේ යාප­න­යට ලැබෙන වර්ෂා­ප­ත­නය වස­ර­කට මිලි මීටර් 1210ක් පමණ වෙනවා. උතුරේ මිනි­සුන්ට 2020 වසර වන විට පානීය ජලය අවශ්‍ය වන්නේ කියු­බික් මීටර් මිලි­යන අසූ­වක් පම­ණයි. නමුත් මේ කාලයේ අවශ්‍ය වන්නේ ඊට වඩා අඩු ප්‍රමා­ණ­ය­කුයි.

පානීය ජල අව­ශ්‍ය­තාව එසේ වූවත් කෘෂි­කා­ර්මික අව­ශ්‍ය­තාව සඳහා උතුරේ වැසි­යන්ට වස­ර­කට ජලය කියු­බික් මීටර් මිලි­යන 2500ක් අවශ්‍ය වනවා. ඒ නිසා කෘෂි­ක­ර්මා­න්ත­යට අවශ්‍ය ජල ප්‍රමා­ණය සප­යා­ගැ­නීමේ වග­කී­මට වඩා පානීය ජලය සපයා දීමේ වග­කීම අපි අමා­ත්‍යංශ හා ආය­තන කීප­යක් විසින් බෙදා­ගනු ලැබුවා. කෘෂි­කර්ම අමා­ත්‍යං­ශය වාරි­මාර්ග අමා­ත්‍යං­ශය ජල පවා­හන මණ්ඩ­ලය මහ­වැ­ලිය වැනි ආය­තන එකතු වෙලා මේ අවශ්‍ය වන කියු­බික් මීටර් මිලි­යන අසූ­වක ජල ප්‍රමා­ණය සොයා­ගැ­නීමේ උත්සා­හය තමයි මේ ව්‍යාපෘ­ති­යෙන් ක්‍රියා­ත්මක වන්නේ.

අර අසූ­වක ප්‍රමා­ණය සෙවීම ජල සම්පා­දන මණ්ඩ­ලයේ වග­කීම වෙනවා. ඔවුන් මේ ව්‍යාපෘ­ති­යට අනුව 2020 සිට 2050 වන තුරු ඒ ජල ප්‍රමා­ණය සැප­යීම සදහා බැඳී සිටි­නවා. ඔවුන්ගේ ප්‍රග­තිය නිර­න්ත­ර­යෙන්ම ඉදි­රි­පත් කළ යුතු වෙනවා.

ඒ වගේම කෘෂි ජලය සැප­යීමේ වග­කීම වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තු­වට හා කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තු­වට අයත් වෙනවා.

මේ වෙනු­වෙන් අපි දියත් කිරී­මට යන වඩ­ම­රච්චි කල­පුව ආශ්‍රි­තව ඉදි කෙරෙන ජලා­ශය අක්කර නව­ය­කින් සම­න්විත වෙනවා. මේ ප්‍රදේ­ශ­යට වස­ර­කට වැසි ජලය කියු­බික් මීටර් මිලි­යන 125ක් පමණ වැටෙ­නවා. නමුත් යාප­නයේ ජන­තා­වට පම­ණක් පානීය ජලය සපයා දීමට අවශ්‍ය වන්නේ ඉන් විස්සක් පම­ණයි. මුළු උතුරු පළා­ත­ටම පානීය ජලය සප­යා­දීම සදහා අවශ්‍ය වන්නේ අසූ­වයි.

මෙප­මණ කාල­යක් වඩ­ම­රච්චි කල­පු­වට වැටුණු වැසි ජල­යෙන් සිය­යට තිස්ප­හක් වාෂ්ප වී ගියා. තවත් සිය­යට විසි පහක් මහ පොළො­වට උරා­ගත්තා. අනෙක් ඉති­රිය මහ මුහු­දට ගලා­ගෙන ගියා. මේ පළා­තට සැප්තැ­ම්බර් අග සිට පෙබ­ර­වාර් මුල දක්වා වර්ෂාව ලබෙ­නවා. එත­කොට ජලය රැස් වෙනවා .පෙබ­ර­වාරි සිට සැප්තැ­ම්බර් මැද දක්වා ඇති වන නිය­ග­යේදී ජලය වාෂ්ප වී විනාශ වී යනවා.

ඉතින් අපි මේ ව්‍යාපෘ­ති­යේදී කරන්නේ වැසි ජලය ජලා­ශය තුළ රැස් කොට වේල්ලක් මඟින් යාප­නය දක්වා රැගෙන යෑමයි. පළමු වෙනි අදි­ය­ර­යේදී අපි ජන­වාරි මාසය තුළ වැටෙන වසි ජලය ගබඩා කිරී­මට උත්සහ දර­නවා. ඊට හේතුව සාන්ද්‍ර­තාව ඉතාම අඩු වැසි ජලය ලැබෙන්නේ ඒ කාල­ය­ටයි..

කෙසේ වෙතත් මේ සප­යන ජලය නිර­න්ත­ර­යෙන්ම පරී­ක්ෂා­වට ලක් කෙරෙ­නවා. මේ තමයි පළමු වැනි අදි­ය­රය. මේ අදි­ය­ර­යෙන් ලැබෙන ජලය ප්‍රමා­ණ­වත් වූවත් අපි දෙවන අදි­ය­ර­ය­කුත් මේ ව්‍යාපෘ­තිය යටතේ ක්‍රියා­ත්මක කර­නවා“

දෙවන අදි­ය­රය යටතේ සිදු වන්නේ වවු­නි­යාවේ සිට ඉර­ණ­ම­ඩුව දක්වා පැමි­ණෙන ජලය අලි­මං­කඩ දක්වා පැමි­ණෙන නිසා ඒ ජල­යත් හරස් කොට මේ සදහා එක් කර­ගැ­නී­මට බලා­පො­රොත්තු වෙනවා.1956 දී ආරු­මු­ගම් මහතා අලි­මං­කඩ ව්‍යාපෘ­තිය වශ­යෙන් නම් කරන ලද්දේ මේ ව්‍යාපෘ­ති­යයි.

ඒ ව්‍යාපෘති දෙකෙන්ම ලැබෙන ජලය උතු­රට පානීය ජලය ලබා­දීම සඳහා හොඳින්ම ප්‍රමා­ණ­වත් වෙනවා. විශාල ඉතු­රු­ව­කුත් තිබෙ­නවා. ඒ ඉතිරි ජලය කෘෂි­කා­ර්මික කට­යුතු සඳහා යොදා­ගැ­නී­මට හැකි­යාව තිබෙ­නවා.

මේ ව්‍යාපෘ­තිය සඳහා බිලි­යන දෙකක් වගේ මුද­ලක් වැය වෙනවා. ඒ මුදල එක් අමා­ත්‍යං­ශ­ය­කින්ම ලබා­ග­න්නට නොහැකි නිසා අපි මේ මුදල වාරි­මාර්ග අමා­ත්‍යං­ශ­යෙන් මහ­වැලි අමා­ත්‍යං­ශ­යෙන් ලබා ගැනී­මට කට­යුතු කොට තිබෙ­නවා. මනෝ ගනේ­ෂන් අමා­ත්‍ය­ව­ර­යාගේ සංහි­ඳි­යාව පිළි­බඳ අමා­ත්‍යං­ශ­යෙ­නුත් මේකට මුදල් ලබා­දෙ­නවා. කෙසේ වෙතත් අවශ්‍ය මුළු මුද­ලම 2020 අය­වැ­යේදී සම්මත වෙනවා.

නමුත් මේ වසරේ දෙසැ­ම්බර් මාසය වන තුරු මේ ව්‍යාපෘ­තිය ආරම්භ කොට පවත්වා ගෙන යෑමට විවිධ ආය­ත­න­ව­ලින් මගේ පෞද්ග­ලික කැප වීම මත රුපි­යල් මිලි­යන 400ක මුද­ලක් සප­යා­ගෙන තිබෙ­නවා.

දැන් මේ ව්‍යාපෘ­ති­යට අවශ්‍ය සියලු ලිපි ලේඛන සකසා අව­සන්. සක්‍යතා වාර්තා­වත් හමා­රයි. අගෝස්තු මාසේ තිස් වැනිදා ජනා­ධි­ප­ති­තුමා අතින් මේ ව්‍යාපෘ­තිය ආරම්භ කෙරෙ­නවා.''

උතුරු පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා ඒ සියල්ල ප්‍රකාශ කළේ ඉතා සතු­ටෙන් වූවත් මේ ව්‍යාපෘ­තිය ආරම්භ වන්නේ අපේ රටේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් කට උඩ තබා­ගෙන නිසා අප ආණ්ඩු­කා­ර­ව­ර­යා­ගෙන් විමසා සිටියේ ආණ්ඩු පෙර­ළි­යක් හෝ ජනා­ධි­පති මාරු­වක් සිදු වුව­හොත් මේ ව්‍යාපෘ­තිය අත­ර­මඟ නතර වී යාප­නයේ ජන­තාව යළිත් පිපා­සිත ජන­තා­වක් වනවා නොවේ­දැයි යන ප්‍රශ්න­යයි. ජනා­ධි­ප­ති­ව­ර­යාත් අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාත් හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාත් මේ ගැන කතා කරලා තිය­නවා. මේ ව්‍යාපෘ­තිය ආදේශ ව්‍යාපෘ­ති­යක් වශ­යෙන් නෙමෙයි අත්‍ය­වශ්‍ය ව්‍යාපෘ­ති­යක් වශ­යෙන් පවත්වා ගෙන යෑමට කට­යුතු යොද­නවා.''

Comments