තනතුරු දුන්නේ සුදුස්සන්ට පමණයි | සිළුමිණ

තනතුරු දුන්නේ සුදුස්සන්ට පමණයි

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා නෑදෑයන්, හිත-මිතුරන් පත් කිරීමෙන් රට දියුණු කළ නොහැකි බවත්, වත්මන් ආණ්ඩුව වෘත්තීයවේදීන් පමණක් ඒ තනතුරු සඳහා පත් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා විසින් ලේක්හවුස් ආයතනය 'රැස' නමින් මඩ පත්තරයක් මුද්‍රණය කරන බවට පර්ලිමේන්තුවේදී පසුගිය දා කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි. ලේක්හවුස් ආයතනයේ සභාපති ධුරයට පත් කර ඇත්තේ වෘත්තීයවේදියකු බවත්, මේ වන විට ලේක්හවුස් ආයතනයේ පාඨක පිරිස වැඩි වී ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට හිටපු ජනාධිපතිවරයාගේ ඥාතීන් පත් කිරීමෙන් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

Comments