ජනා­ධි­ප­ති­ව­ර­ණ­යද? පළාත් සභාද? තීන්දුව අද-හෙටම | සිළුමිණ

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යද? පළාත් සභාද? තීන්දුව අද-හෙටම

සීමා නිර්ණය පිළි­බඳ කමිටු වාර්තාව පාර්ලි­මේ­න්තුව මඟින් සම්මත කර නැති අව­ස්ථා­වක පළාත් සභා මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට හැකි­යා­වක් තිබේ­දැයි ජනා­ධි­ප­ති­ව­රයා විසින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් සිදු කළ මත විම­සී­මට අදාළ විභා­ගය පසු­ගිය සිකු­රාදා

(23) අව­සන් කළ අග­වි­නි­සුරු ජයන්ත ජය­සූ­රිය මහතා ප්‍රමුඛ බුව­නෙක අලු­වි­හාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රසන්න ජය­ව­ර්ධන සහ විජිත් මල­ල්ගොඩ යන පංච පුද්ගල විනි­සුරු මඬුල්ල එහි රහ­සි­ගත නිග­ම­නය ජනා­ධි­ප­ති­ව­රයා වෙත කිරී­මට කට­යුතු කර තිබිණි.

ඒ අනුව ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දුව පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට හැකි­යාව ඇතැයි යනු­වෙන් දී තිබුණ හොත් පළ­මුව පව­ත්වන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යද පළාත් සභාද යන්න පිළි­බඳ තීන්දුව මේ සති­යේම ගැනී­මට සිදු වන බව වාර්තා වේ. කෙසේ වෙතත් දේශ­පා­ලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට බොහෝ දුරට ඉඩ-කඩ තිබෙන බවයි.

ජනා­ධි­ප­ති­ව­ර­ණය පව­ත්වන දින­යද මේ වන තුරුත් ප්‍රකා­ශ­යට පත්ව නැති අතර, ඌව පළාත් සභාව හැර සෙසු පළාත් සභා සියල්ල විසු­රුවා හැර ඇති පසු­බි­මක උද්ග­තව ඇති මේ තත්ත්වය පිළි­බ­ඳව මැති­ව­රණ කොමි­සමේ ‍ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­ය­කු­ගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මැති­ව­රණ දෙකක් ආසන්න දින­ව­ලදී පැවැ­ත්වීම කොමි­ස­මට අප­හසු දෙයක් නොවන බවයි. එසේ වුව හොත් පළාත් සභා මැති­ව­ර­ණය පැරණි මනාප ක්‍රම­යට පැවැ­ත්වී­මට සිදු වන බවද ඔහු පැව­සීය.

Comments