එජාප සමහර නායකයොත් ළගදී අපේ වේදිකාවට ඒවි | සිළුමිණ

එජාප සමහර නායකයොත් ළගදී අපේ වේදිකාවට ඒවි

 

මේවන විට පොදු­ජන පෙර­මුණු පක්ෂයෙ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ප්‍රකා­ශ­යට පත් කර අව­සන්. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සූදා­නම ගැන කිව්වොත්.

පක්ෂ සම්මේ­ල­න­යෙන් අන­තු­රුව සියලු ම සංවි­ධාන කට­යුතු කොට්ඨාස මට්ට­මින් දිග­ටම සිදු කෙරුණා. ඒ අනුව ලංකාවේ කිසිදු පක්ෂ­යක නැති ඩිජි­ටල් සංවි­ධාන ජාල­යක් පක්ෂයේ නිර්මාත‍ෘ බැසිල් රාජ­පක්ෂ මහතා විසින් සිදු කර­මින් පව­ති­නවා. පොදු ජන ‍පෙරමුණ ලංකාවේ කිසිදු පක්ෂ­ය­කට නැති සංවි­ධාන ජාල­යක් ලංකාව පුරා ව්‍යාප්ත කිරීම ට කට­යුතු සංවි­ධා­නය කර­මින් පව­ති­නවා. අපි ඊ කැන්ව­සින් කියලා දෙයක් කර­නවා. එහිදී ඒ ගෙද­රට නොගි­හින් වෙන ගෙද­ර­කට ගිහින් ඒ දේක­රන්න බැහැ. ඒ අදාළ ගෙදර සිට­මයි ඒ ලකුණු කිරීම සිදු වෙන්නේ. ජංගම දුර­ක­තන හර­හායි ඒ දේ කරන්නේ. එය විශ්ව­ස­නී­ය­ත්වය පිළි­බඳ ව පුර්වා­ද­ර්ශ­යක් කියලා අපි හිතන්නේ.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ගේ ඇම­රි­කානු පුර­වැසි භාවය විධි­මත් ආකා­ර­යට අව­සන් කර නැති බවත් ‍එතුමා තරම් දුර්වල අපේ­ක්ෂ­ක­යකු සහ චෝද­නා­ව­ලට ලක් වූ අපේක්ෂ­ක­යකු මෙතෙක් ඉදි­රි­පත් වී නැති බවත් ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශ්ව චෝදනා කර­නවා.?

එක්සත් ජාතික පක්ෂය හීනෙන් සහ හැබැ­හින් දෙකෙන්ම බයයි ‍ගෝඨාභ­යට. ඒ නිසා ලෝකෙ කොහේ­වත් දැකලා තිය­න­වාද රටක මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාව පුද්ග­ල­යකු ‍ඉලක්ක කරන් වෙනස් කරපු. 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය ඇති කළේ, ගෝඨා­භ­යට ඡන්දය ඉල්ලන්න බැරි වෙන්නයි. ඒ කා‍ලයේ ඉදලා ඒ භීති­කාව ඇති­වෙලා තිබුණේ. වෙනත් රටක පුර­වැසි භාවය තියන කෙනෙක්ට ලංකාවේ ඡන්දය ඉල්ලන්න බැහැ කියලා ලංකා‍ ­ඉ­ති­හා­සයේ කව­ර­දා­ක­වත් ව්‍යව­ස්ථාවේ නොති­බුණ දෙයක් ඇතු­ළත් කළේ ඒ නිසයි. නියත ජනා­ධි­පති වරයා එතුමා බව දන්න නිසා උප­දින්න කලින් වළලා දාන්නයි ඒ දේ කළේ. ඉන් පසුව ඒ අය කිව්වා ගෝඨා­භය මහතා ඇම­රි­කා­වෙන් පුර­වැ­සි­භා­වය අත­හ­රින්නෙ නැහැ කියලා. ලංකාවේ ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු­වට ගිහින් ශ්‍රිලං­කන් පුර­වැ­සි­භා­වය සහිත නව ගුවන් ගමන් බල­ප­ත්‍ර­යක් අර­ගෙන ඒ ගුවන් ගමන් බල­ප­ත්‍ර­යෙන් සිංග­ප්පූ­රු­වට ගිහින් ප්‍රති­කාර ලබා­ගෙන ආපහු ලංකා­වට පැමි­ණිලා යන එන තොර­තුරු සට­හන් වෙලා තියෙ­නවා. නැති­නම් ආග­මන විග­මන දෙපා­ර්ත­මේන්තු­වෙන් තොර­තුරු ලබා­ගෙන නඩු­වක් දාන්න පුළු­වන්නේ පාස් පෝට් දෙකක් පාවිච්චි කර­නවා කියලා. මෙතුමා ජාතියේ වීර­යෙක් ලෙසයි ජය­ග්‍ර­හ­ණය කරන්නේ. මෙතුමා දිහා මුළු ලෝකය ම දිහා බල­ගෙන ඉන්නවා.

පසු­ගිය පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල දෙස බල­මින් ඒ මත තබන තක්සේ­රුව අනුව මෙවර ජනා­ධි­පති මැති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කර­න්නට පුළු­වන් කියලා ඔබ හිත­න­වාද? මුස්ලිම් දෙමළ ඡන්ද ගෝඨා­භය මහ­තාට හිමි වෙයි කියලා ඔබ හිත­න­වාද?

පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහින්ද රාජ­පක්ෂ මහතා පරා­ජය වුණේ මුස්ලිම් දෙමළ ඡන්ද­ව­ලින් නොවෙයි. ලංකාවේ සිංහල බෞද්ධ ඡන්දයි අඩු වුණේ. පසු­ගිය පලාත් පාලන මැති­ව­ර­ණ­යට වඩා මුස්ලිම් දෙමළ ඡන්ද අව­ශ්‍ය­යෙන් ම ලැබෙ­නවා කියලා අපිට විශ්වා­සයි. ප්‍රබල ‍සුළුජා­තික පක්ෂ නාය­ක­යන් මේ වන විට අප සමඟ සාකච්ඡා කර­නවා. ඒ ජන­තාව කිසි විටක ඒක­පා­ර්ශික වෙලා හුදෙ­කලා වෙන්න කැමැති නැහැ. මේ මහ සංස්කෘ­තිය තුළ එකට ජීව­ත්වෙ­න්නයි කැමැති. ලේබල් වෙලා අපි කෙලින් අපි රටේ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යාට විරු­ද්ධයි කියලා කියන්න මුස්ලිම් සහ දෙමළ ප්‍රග­ති­ශීලි ජන­තාව කැමැති වෙන්නේ නැහැ.

මේවන විටත් එජාප ජනා­ධි­පති අපෙ­ක්ෂ­කයා ඉදි­රි­පත් කරලා නැහැ. ඔවුන්ගේ අපේ­ක්ෂ­කයා සිංහල බෞද්ධ­ක­මට ප්‍රමු­ඛ­තා­වය දෙන කරු ජය­සු­රිය වැනි කෙනෙක් අපේක්ෂ­ක­ත්ව­යට පත්වු­ණොත් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට අභි­යෝ­ග­ය­ක්‍ ­වෙ­නවා නේද?

රනිල්, සජිත්, කරු, ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා යන අය හත­ර­දෙ­නාම එකම අපෙ­ක්ෂ­ක­ය­කු‍ ­වෙලා ආවත් අපිට අභි­යෝ­ග­යක් නැහැ. මේ අය මේ අවු­රුදු හත­ර­හ­මාර පුරාම ඔප්පු කරලා ඉව­රයි ජාතික ආර­ක්ෂාව සල­ස­වා­ගන්න බැරි බව. සියලු ම දේ කඩා­වැටී මැති­ව­රණ පොරොන්දු කිසි­වක් ඉටු­ක­රන්න බැරි ආණ්ඩු­වක් කියලා මේ ආණ්ඩුව ගැන මේ රටේ හැමෝම කිය­නවා. එජාප මැති­ඇ­මැ­ති­වරු මාධ්‍ය­යට දෙන පණි­විඩ බලන්න; ඔවුන්ම කිය­නවා රටට ආර­ක්ෂාව දෙන්න බැරි වුණ බව; මැති­ව­රණ පොරොන්දු ඉටු­ක­රන්න බැරි වුණා කියන එක ඒ අය පිළි­ග­න්නවා. ජන­තාව හිතන්නේ නැති එජාප නාය­ක­කා­ර­කා­ධීන් අපේ වේදි­කා­වට ගොඩ­වෙයි නාම­යෝ­ජනා ලබා­ගැ­නී­මෙන් පසුව. අපි ඒ දේ කරන්නේ නැහැ. අපි කරන්නේ පළි­ගැ­නීම වෙනු­වට පිළි­ගැ­නී­මයි. අපේ සටන් පාඨය එය. එන ඕන කෙනෙක් රට­පැත්තේ හිට­ගන්න ඕන එයයි අපේ අපේක්ෂාව.

අන්ත­වා­ද­යට සම්බන්ධ වුණ අය ගෝඨා­භය මහතා සමඟ එකට එකතු වුව­හොත් භික්ෂුන් වහ­න්සේ­ලාගේ සහය ගෝඨා­භය මහ­තාට නොලැ­බෙන බව ප්‍රකාශ කර­නවා නේද?

ත්‍රස්ත­වා­දය අන්ත­වා­දය ප්‍රච­ණ්ඩ­ත්වය හා සම්බ­න්ධතා පව­ත්වන්නේ නැති අලුත් ආද­ර්ශ­වත් මැති­ව­රණ ව්‍යාපා­ර­යක් අපි ආරම්භ කළේ. අන්ත­වා­දය, ජාති­වා­දය, කුල­වා­ද­යෙන් තොර මේ බෞද්ධ සංස්කෘ­තිය තුළ කරු­ණා­වෙන් මෛත්‍රි­යෙන් ජිවත් විය හැකි වැඩ පිළි­වෙ­ලක් ආරම්භ කර­න්නයි අපි උත්සහ කරන්නේ. වෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී ‍ජොකියා මාරු­වු­ණාට අස්සයා මාරු වුණේ නැහැ. නමුත් මෙවර අස්සයා සහ ජොකියා දෙකම මාරු­වෙ­නවා. අස්සයා පිටේ එක එක ‍ජොකියෝ නඟින්නේ නැහැ. මෙවර අස්ස­යයි ජොකි­යයි දෙකම මාරු­වෙන නිසා සැබෑ වෙන­සක් වෙනවා. නිද­හ­සින් පසු පුළුල් ජාතික අර­මුණු අනුව යන වැඩ­පි­ළි­වෙ­ලක් අනුව වැඩ කරන්න අපි සුදා­නම් වෙන්නේ. රට පැත්තේ හිට ගන්න රටේ වෙන­සක් කරන්න කැමැති අයව අපි පිළි­ග­න්නවා.

ඔබ­තු­ම­න්ලාගේ නව පක්ෂ­යෙත් එකම වික­ල්පය ‍රාජපක්ෂ වරුන් විත­ර­යිද?

නැහැ. ඇයි අපි ඉන්නේ. අපියි මේ පක්ෂය ගෙන යන්නේ. ඔක්කො­ටම ජනා­ධි­ප­ති­වරු වෙන්න බැහැ; ඒ නිසා සුදු­ස්සන් අත­රින් වඩා සුදු­ස්සෙක් පත් කළා. ඒ කෙනා රාජ­පක්ෂ කෙනෙක් ද කියන එක අපි ට ගැට­ලු­වක් නැහැ.

Comments