සිළුමිණ ලග්න පලාපල‍ | Page 2 | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍

මේෂ

විය­දම පාල­නය අසී­රුයි  ලග්නා­ධි­පති කුජ, සිකුරු, රව පූර්ව පුණ්‍ය­ස්ථා­න­යේය. ගුරු අටේ ද, රාහු 3, ශනි, කේතු 9 සිටි. එම පිහි­ටීම තුළ වෘත්තීය සහ රැකියා අංශ­වල දී අනෙ­කුත් තර­ග­ක­රු­වන් සමඟ කට­යුතු කිරී­මට සිදු වේ. ඒ තුළ යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු වේ.

ආදා­යම් ලැබුණ ද ඔබට විය­දම් පාල­නය කර­ගැ­නීම තර­මක් අසීරු වේ. ගෙද­ර­දොර කට­යුතු, යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ඉව­සී­මෙන් ක්‍රියා කළ යුතුයි.

දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් අව­ධා­න­යෙන් සිටින්න. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ගණිත මිනිත ක්ෂේත්‍ර, තාක්ෂ­ණික ක්ෂේත්‍ර­වල යෙදී සිටින අයට ශුභයි. උෂ්ණා­ධික රෝග, වයිස් රෝග­ව­ලින් පරිස්­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- සඳුදා

 

වෘෂභ

රැකි­යාවේ කට­යුතු ඉව­සී­මෙන් ලග්නා­ධි­පති සිකුරු, රවි, කේතු 8 ද ගුරු 7 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී ශරීර විඩාව සහ වෙහෙස මහන්සි ගති ඇති වේ. වෘත්තීය සහ රැකියා අංශ­වල දී යම් යම් බාධා අව­හි­රතා ගැටලූ මධ්‍යයේ ක්‍රියා කිරී­මට සිදු වේ.

එම නිසා ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. සිතට සතුට සන්තෝ­සය තර­මක් අඩු වේ. ආර්ථික වශ­යෙන් ශුභ­දා­යක වුවත් මිල මුදල් විය­දම් ඉහළ යයි. ගෙද­ර­දොර කට­යු­තු­වල දී ඉව­සී­මෙන් ක්‍රියා කරන්න. විටෙක ආකූ­ලතා ඉස්මතු කළ හැකිය. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි තර­මක් අව­ධා­නය යොමු කරන්න. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හ­යෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. ස්නායු, නහර දුර්ව­ලතා, බඩ­වැල් ආශ්‍රිත රෝගා­දි­යෙන් ද පරිස්­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 

මිථුන

බාධා මැද දියු­ණුව ලග්නා­ධි­පති බුධ දෙවැ­න්නේය. රවි, කුජ, සිකුරු 3 ද, රාහු ලග්නයේ ද ශනි, කේතු 7 ද, ගුරු 6 ද ගමන් ගනී. එම කාල සීමාව තුළ යම් යම් බාධා ප්‍රමා­දතා මධ්‍යයේ තමන්ගේ කට­යුතු කිරී­මට සිදු වේ. වෘත්තීය සහ රැකී­රක්ෂා ක්ෂේත්‍රයේ දී විටෙක සිය උත්සා­හයේ තර­මට සාර්ථක ප්‍රති­ඵල නොලැ­බීමේ ඉඩ පවතී. ආර්ථික වශ­යෙන් අය­හ­පත් නැත. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි.

ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය සම­ඟිය සාම­යට එත­රම් බාධා නැත. දරු­වන්ගේ කට­යුතු යහ­පත්ය. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට ශුභ­දා­යක ප්‍රති­ඵල දෙයි. උෂ්ණා­ධික රෝග, වයිස් රෝග, බෝවන රෝගා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

කටක

ගෙද­ර­දොර කට­යුතු යහ­පත් ලග්නා­ධි­පති සඳු භාග්‍ය­ස්ථා­න­යේය. ගුරු 5 ද රවි, කුජ, සිකුරු ධන­ස්ථා­නයේ ද සිටී. රාහු 12 ද, ශනි, කේතු 6 ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය තුළ ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් අය­හ­පත් නොවේ. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි මිල මුදල් ලාභ ලබයි. එහෙත් විය­දම් පක්ෂය ඉහළ යයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී යම් යම් බාධා ඇතත් සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල උදා කරනු ඇත. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් උදා කරයි. අධ්‍යා­පන ක්ෂේත්‍ර­වල යෙදී සිටින අයට ශුභයි. අලූත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. බඩ­වැල් ආශ්‍රිත රෝග, අම්ල පිත්තය, රුධිර පීඩ­නය වැනි රෝගා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

 

සිංහ

විවිධ ආදා­යම් මාර්ග උදා වෙයි ලග්නා­ධි­පති රවි, කුජ, සිකුරු ලග්න­යේය. රාහු 11, කේතු 5 ශනි 5 ද ගුරු 4 ද බුධ 121 ද ගමන් ගනී. එම කාල සීමාවේ පව­තින ග්‍රහ ගෝච­රය තුළ වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කර­ගෙන යෑමේ දී සුළු බාධා ප්‍රමා­දතා ඇතත් සිය උත්සා­හ­යෙන් සහ කැප වීවෙන් සාර්ථක ප්‍රති­ඵල ලබනු ඇත. අන්‍ය­යන්ගේ සහාය ලබයි. වෘත්තීය සහ ආර්ථික තත්ත්වය යහ­පත්ය. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආදා­යම් මාර්ග උදා කරයි. තමාගේ නිද­හස අග­යයි. සිය මතයේ සිට ක්‍රියා කරයි. විදේ­ශීය සම්බ­න්ධතා මත කරන කට­යුතු යහ­පත්ය. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය අන්ද­මට සිදු වේ. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් විම­සි­ලි­මත් වන්න. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට පර්යේ­ෂණ කට­යු­තු­වල යෙදී සිටින අයට ශුභයි. අලූත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. රුධිර පීඩ­නය, හෘද­ගත පීඩා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

 

කන්‍යා

අන් අයගේ සහාය ලැබෙයි ලග්නා­ධි­පති බුධ අය­ස්ථා­න­යේය. රවි, කුජ, සිකුරු 12 ද, රාහු 10 ද ශනි, කේතු 4, ගුරු 3 ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී කිසි­යම් සාර්ථක බවක් ලබයි. අන්‍ය­යන්ගේ සහ­යෝගය ආධා­රය උප­කා­රය ලැබී­මෙන් තමාගේ කට­යුතු එක්තරා ප්‍රමා­ණ­ය­කට සාර්ථක වේ. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් ශුභ­දා­යක වේ. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ගෙන දේ. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට අලුත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව ලැබේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තර­මක් කල්ප­නා­කාරී වන්න. රුධිර පීඩ­නය, උද­රා­ශ්‍රිත රෝගා­දි­යට ඉඩ පව­තින බැවිනි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

 

තුලා

ව්‍යාපා­රි­ක­යන්ට ශුභයි

ලග්නා­ධි­පති සිකුරු, රවි, කුජ අය­ස්ථා­න­යේය. බුධ කර්ම­ස්ථා­න­යේය. රාහු 9 ද, ශනි, කේතු 3 ද ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම තුළ අන්‍ය­යන් සමග කට­යුතු කිරී­මට යෑමේ දී තර­මක් කල්ප­නා­කාරී වන්න. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ඔබ බලා­පො­රොත්තු වන තර­මට සාර්ථක ප්‍රති­ඵල අත් නොවේ. වෘත්තීය සහ රැකියා අංශ­වල දී ඉතාම බුද්ධි­මත්ව ක්‍රියා කරන්න. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා ඉස්මතු වන බැවිනි. ආර්ථික වශ­යෙන් යහ­පත්ය. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලබයි. ව්‍යාපා­රික ක්ෂේත්‍ර­වල යෙදි සිටින අයට ශුභයි. ගෙද­ර­දොර කට­යතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සාමාන්‍ය වේ. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ද ලබයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට යහ­පත්ය. සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලැබිය හැකිය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ද පරිස්­සම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

 

වෘශ්චික

වැඩ­ක­ට­යු­තු­ව­ලට බාධා ලග්නා­ධි­පති කුජ දිග්බ­ලව, දිග්බල ස්වක්ෂේත්‍ර රවි සහ සිකුරු සමඟ කර්ම­ස්ථා­න­යේය. ශනි, කේතු 2 ද, රාහු 8 ද ගමන් ගනී. තමාගේ කර­ගෙන යන කට­යු­තු­ව­ලට සුළු වශ­යෙන් හෝ බාධා අව­හි­රතා ඉස්මතු කරයි. වෘත්තීය සහ රැකියා අංශයේ වුව ද සුළු හෝ බාධා අව­හි­රතා ඉස්මතු කරයි. විම­සි­ලි­මත්ව ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික වශ­යෙන් බැලු විට ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි.

මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් විය යුතුයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. එහෙත් සම­ඟිය සාමය ගැන සැල­කි­ලි­මත් විය යුතයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු කරයි. උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා ඇති විය හැකිය.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

ධනු

ක්‍රම­යෙන් දියු­ණුව ලග්නා­ධි­පති ගුරු 12 සිටී. ශනි, කේතු ලග්න­යේය. රාහු 7 ද, රවි, කුජ, සිකුරු භාග්‍ය­ස්ථා­නයේ ද සිටී. බුධ අටේ ගමන් ගනී. එම ග්‍රහ පිහි­ටීම් ගැන සැල­කීමේ දී යම් බාධා ඇතත් තමා බලා­පො­රොත්තු දේව­ලින් කර­ගෙන යන වැඩ­ක­ට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. සම­හර විට මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. විවිධ අංශ­යන්ට යොමු වීම තුළ සාර්ථක වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සම­ඟිය සාම­යට බාධා අව­හි­රතා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­ව­ලට බාධා එල්ල වේ. අව­ධා­ර­ණ­යෙන් බැලිය යුතුයි. ඉගෙ­නීමේ කට­යු­තු­වල දී උත්සා­හය සහ කැප­වීම අව­ශ්‍යයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන පරිස්­සම් වන්න. ස්නායු, නහර දුර්ව­ලතා ඇති විය හැක.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර

ප්‍රේම සම්බ­න්ධතා උදා වෙයි ලග්නා­ධි­පති ශනි දොළහේ, කේතු සම­ඟයි. ගුරු අය­ස්ථා­න­යේය. රවි, කුජ, සිකුරු අටේ ද, බුධ හතේ ද ගෝච­රය වේ. අන්‍ය­ය­න්ගෙන් උදව් උප­කාර ලාභ ප්‍රයෝ­ජන ලැබෙ­නවා ඇත. වෘත්තීය සහ රැකියා අංශයේ දී ශුභ­ප­ල­දා­යක වේ. මිල මුදල් සම්බ­න්ධ­යෙන් යහ­පත්ය. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආදා­යම් මාර්ග පාදා­ගනී. ආදා­යම් වර්ධ­නය වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලැබේ. අධ්‍යා­පන කට­යු­තු­වල දී අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. උත්සා­හ­යෙන් සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කර­ගනී. තරුණ තරු­ණි­යන් අතර ප්‍රේම සම්බ­න්ධතා මතු කරයි. සමා­ජ­යෙහි කිසි­යම් ස්ථාන­ය­කට පැමිණේ. රුධිර පීඩ­නය, උද­ර­ගත පීඩා, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

 

කුම්භ

මිශ්‍ර­ඵල ලග්නා­ධි­පති ශනි, කේතු අය­ස්ථා­න­යේය. ගුරු කර්ම­ස්ථා­නයේ ද රවි, කුජ, සිකුරු හතේ ද, බුධ හයේ ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­ර­යන් සැල­කීමේ දී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී යම් යම් බාධා අව­හි­රතා ඇතත් සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුව ද විය­දම් පක්ෂය ඉහළ යන නිසා මුදල් ඉතිරි කර­ගැ­නීම තර­මක් අසීරු වේ.

ගෙද­ර­දොර කට­යු­තු­වල දී වැඩ­ක­ට­යුතු අධික වීම නිසා ශරී­ර­යට තද­බල වෙහෙ­ස­කාරී තත්ත්ව­යක් උදා කරයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා වැඩි­පුර වෙහෙ­සී­මට සිදු වේ. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. උණ ලවණ ගති, උෂ්ණා­ධික රෝග­ව­ලින් පරිස්­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

 

මීන

ක්‍රම­යෙන් සාර්ථක ප්‍රති­ඵල ලග්නා­ධි­පති ගුරු පුණ්‍ය­ස්ථා­න­යේය. ශනි, කේතු 10 ද රාහු 4 ද රවි, කුජ, සිකුරු 6 ද, බුධ 5 ගමන් ගනී. එම ග්‍රහ චලිත ගැන සැල­කීමේ දී මෙම කාල සීමාව තුළ යම් යම් බාධා ප්‍රමා­දතා මධ්‍යයේ වුව ද ක්‍රම­යෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් උදා කරනු ඇත. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී උසස් අයගේ ආධා­රය උප­කා­රය ලැබීම තුළ තමගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් ලබයි. මිල මුදල් ලැබීම අතින් අය­හ­පත් නොවන නමුත් මුදල් ඉති­රි­කර ගැනීම තර­මක් අසීරු වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සම­ගිය සාම­යට එත­රම් බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත්, ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල නියුක්ත අයට ශුභයි. අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. උෂ්ණා­ධික රෝග, බඩ­වැල් ආශ්‍රිත පීඩා, සෙම් කෝප රෝගා­දි­යෙන් පරිස්­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

 

 

 

Comments