'Waterfall Screen' තාක්ෂ­ණය OPPO රසි­ක­යන්ට | සිළුමිණ

'Waterfall Screen' තාක්ෂ­ණය OPPO රසි­ක­යන්ට

'Waterfall Screen' නමැති නව නිමා­වක් සහිත දුර­ක­ථ­න­යක ආද­ර්ශ­යක් එළි­දැ­ක්වී­මට OPPO සමා­ගම් 2019 ජූලි 29 වන දින කට­යුතු කළේ ය. සිරස් අංශක 88 ක් තරම් වක්‍ර වූ කෝණ­යක් සහිත වීම නිසා දුර­ක­ථ­නයේ තිරය මුළු­ම­නින්ම පාහේ දාර රහිත තිර­යක් බවට පත්ව ඇති අතර එම­ගින් වඩාත් උසස් දෘශ්‍ය­මය අත්දැ­කී­මක් විඳ­ගැ­නී­මට හැකි­යාව ලැබේ. මෙය පූර්ණ තිර සහ නව­තම තාක්ෂ­ණ­යන් සහිත වඩාත් අලං­කාර ජංගම දුර­ක­ථන එළි­දැ­ක්වීම සඳහා OPPO දරන නිර­න්තර උත්සා­හයේ තවත් එක් ප්‍රති­ඵ­ල­යකි. මේ ආකා­රයේ දුර­ක­ථන නිර්මා­ණය කිරී­මට උත්සාහ කිරීම, OPPO සමා­ගමේ පර්යේ­ෂණ හා සංව­ර්ධන ඒක­කයේ ප්‍රධාන අව­ධා­නය යොමුවී ඇති අංශ 5 අත­රින් එකක් වේ. දැන­ට­මත් වක්‍ර තිර සහිත දුර­ක­ථන නිර්මා­ණය සම්බ­න්ධ­යෙන් කැපී­පෙ­නෙන සාර්ථ­ක­ත්ව­යක් අත්පත් කර­ගැ­නී­මට OPPO සමත් වී ඇත.

Comments