TVS කුස­ලානය ක්‍රිකට් සාර්ථකව නිමා වෙයි | සිළුමිණ

TVS කුස­ලානය ක්‍රිකට් සාර්ථකව නිමා වෙයි

TVS සමා­ගම පසු­ගි­යද නිමාව දුටු ශ්‍රී ලංකා බංග­්ලා­දේශ එක්දින තර­ගා­ව­ලිය සඳහා ප්‍රධාන අනු­ග්‍රා­හ­කයා ලෙස කට­යුතු කළේ ය. TVS කුස­ලාන තර­ගා­ව­ලිය ලෙස නම්ක­රන ලද එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­ය­මට මෙන්ම මෙරට ක්‍රිකට් රසි­ක­ය­න්ටද අති­ශ­යින් වැද­ගත් තර­ගා­ව­ලි­යක් වූ අතර, මාස 44 ක් පුරා ලැබූ පරා­ජ­යන් නිමා කර­මින් තර­ගා­ව­ලිය 3-0 ක් ලෙස ජය­ගැ­නී­මට ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට හැකි­යාව ලැබිණි. මෙම තර­ගා­ව­ලියේ තවත් වැද­ගත් සිදු­වී­මක් වූයේ ලසිත් මාලිංග එක්දින පිටි­යෙන් සමු­ගැ­නීම ඉතා­මත් උත්ක­ර්ෂ­වත් අන්ද­මින්, රසික හර­සර මැද සිදු­වී­මයි.

ලොව ප්‍රමු­ඛ­තම රථ­වා­හන සමා­ග­මක් වන TVS මේ වන­විට රට­වල් 60 කට අධික සංඛ්‍යා­වක ව්‍යාප්ත වී ඇත. එම සමා­ගමේ අනු­ග්‍ර­හය යටතේ පව­ත්වන ලද මෙම තර­ගා­ව­ලිය, ශ්‍රී ලංකා කණ්ඩා­ය­මට තම ආත්ම විශ්වා­සය නැවත ගොඩ­නංවා ගැනී­මට මෙන්ම තරුණ ක්‍රීඩ­ක­යන්ට තම දක්ෂතා විදහා දැක්වී­මට අගනා අව­ස්ථා­වක් විය.

Comments