SLT හා Ceylinco General Insurance එක්ව Telehealth | සිළුමිණ

SLT හා Ceylinco General Insurance එක්ව Telehealth

ජාතික තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ විස­ඳුම් සහ­කරු වන ශ්‍රී ලංකා ටෙලි­කොම් (SLT), රක්ෂ­ණයේ දැවැ­න්තයා Ceylinco General Insurance Limited රක්ෂණ සමා­ගමේ සහ­යෝ­ගය ඇතිව Tele Health දැවැ­න්තයා නම් සුවි­ශේෂී වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය SLT හඳුන්වා දෙයි.

Telehealth රක්ෂ­ණය යනු ශ්‍රී ලංකා ටෙලි­කොම් විසින් විශේ­ෂ­යෙන්ම තම පාරි­භෝ­ගි­ක­යන්ට හඳු­න්වා­දුන් රෝහ­ල්ගත කිරීමේ ආධා­රක සැලැ­ස්මකි. රක්ෂ­ණා­ව­ර­ණය මඟින් හදිසි අන­තු­ර­කින් ඇති­වන ශාරී­රික හානි­යක්, ඕනෑම ආකා­රයේ අස­නී­ප­යක් හෝ සැත්ක­මක් සඳහා ඕනෑම රජයේ රෝහ­ලක, ලියා­ප­දිංචි පෞද්ග­ලික රෝහ­ලක, සාත්තු නිවා­ස­යක, වෙනත් අනු­මත රජයේ හෝ පෞද්ග­ලික ආයු­ර්වේද රෝහ­ලක රෝහ­ල්ග­ත­වී­මේදී මූල්‍ය ආධාර සප­යයි.

මෙම රක්ෂ­ණා­ව­ර­ණය මඟින් මූලික ප්‍රති­ලාභ රාශි­යක් හිමිවේ. පහසු මිල ගණන් යටතේ වූ මෙම රක්ෂ­ණා­ව­ර­ණයේ වාරි­ක­යන් රුපි­යල් 100 සිට ආරම්භ වන අතර රක්ෂ­ණා­ව­ර­ණය ලබා­ගැ­නී­මේදී ඉල්ලුම් පත්‍ර පිර­වී­මට අවශ්‍ය නොවන අතර SLT පාරි­භෝ­ගි­ක­යන්ගේ පහ­සුව උදෙසා සැම විටම කට­යුතු කරන ශ්‍රී ලංකා ටෙලි­කොම් මෙම රක්ෂ­ණා­ව­ර­ණයේ මාසික වාරි­කය දුර­ක­ථන බිල්පත සමඟ ගෙවී­මට අව­ස්ථාව සළසා දී තිබී­මද විශේ­ෂ­ත්ව­යකි.

(Bronze, Silver, Gold) ලෝකඩ, රිදී හා රන් ලෙස කාණ්ඩ 3ක් යටතේ පිරි­නැ­මෙන මෙම රක්ෂ­ණා­ව­ර­ණය මඟින් ග්‍රාහ­ක­යාට පම­ණක් නොව කල­ත්‍ර­යාට හා දරු­ව­න්ටද ඔවුන්ගේ සුවි­ශේෂී අව­ශ්‍යතා මත පද­නම්ව රක්ෂණ ප්‍රති­ලාභ හිමි­වෙයි. එප­ම­ණක් නොව රෝහ­ල්ග­තවී සිටින එක් රාත්‍රි­යක් සඳහා උප­රිම රුපි­යල් 5000ක මුද­ලක් හිමි­වන අත­රම අති­රේක වශ­යෙන් රුපි­යල් 10,000ක ඩෙංගු රක්ෂ­ණා­ව­ර­ණ­යක්ද පිරි­නැමේ.

Comments