සංචා­රක ආක­ර්ෂ­ණය නංවන ගාලු සවා­රිය 24 සහ 25 දා | Page 2 | සිළුමිණ

සංචා­රක ආක­ර්ෂ­ණය නංවන ගාලු සවා­රිය 24 සහ 25 දා

ශ්‍රී ලංකා පැරැණි මෝටර් රථ හිමි­යන්ගේ සංග­මයේ වාර්ෂික ‘ගාලු සවා­රිය’ ලබන 24 සහ 25 දෙදින පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබේ.

සභා­පති නීල් ෆර්නැන්ඩු

අඩ­පණ වී ඇති සංචා­රක ව්‍යාපා­රය, යළි නැංවී­මත් සංචා­රක ආක­ර්ෂ­ණය අද්දවා ගැනී­මත් මෙවර පැරැණි කාර්, ගාලු සවා­රියේ අර­මු­ණයි. දළදා පෙර­හර නැරැ­ඹී­මට පැමිණි බහු­තර සංචා­ර­ක­යින් තව­මත් රට තුළ රැඳී හිඳින මෙම කාල සීමාව තුළ මෙව­රත් ගාලු ‍කොටුව දක්වා රැලිය පැවැ­ත්වී­මට, සංග­මය තීර­ණය කර ඇත. ගාලු කොටු­වේදි රැලිය පව­ත්ව­නුයේ මෝටර් රථ හිමි­යන් එම මෝටර් රථ අයත් පැරැණි යුග­යන්ට අයිති පැරැණි ඇඳුම් ආයි­ත්ත­ම්ව­ලින් සැරසී වීම, මෙහි විශේ­ෂ­ත්ව­යකි. පැරැණි ඔස්ටින් 7, ඔස්ටින් හෙවි ක්ලිෆ්ටන්, ඔස්ටින් බිග් සෙවන්ස් සහ ටෙන්ස්, වොක්ස්හෝල් සහ වූස්ලි ෆ්ලයින් ස්ටෑන්ඩර්ඩ් සමඟ ලෝක යුද්ධ­යට පෙර හා පසු යුග­ව­ලට අයත් ඔස්ටින්, බෙන්ස්, මොරිස් පර්ජෝ සහ වෝක්ස්වැ­ගන් ආදි පෞරා­ණික මෝටර් රථ රැසක් මෙවර රැලිය ආලෝ­ක­මත් කරන බව, සංග­මයේ සභා­පති නීල් ෆර්නැන්ඩු මහතා පව­සයි. ලබන 24 වැනි සෙන­සු­රාදා ‍උදේ 7.00ට මොර­ටුව - රාව­තා­වත්ත වේල්ස් කුමාර විදු­හල ඉදි­රි­පි­ටින් පටන් ගන්නා යුග­යක් එකලු කළ මෙම රථ පෙර­හර නැරැ­ඹී­මට, ගාල්ල දක්වා ගාලු පාර දෙප­සට පැමි­ණෙන්න යැයි, ඔවුන් සැමට ආරා­ධනා කරයි.

Comments