මැණික් ගැන දැන­ගන්න මොරටුවට එන්න | සිළුමිණ

මැණික් ගැන දැන­ගන්න මොරටුවට එන්න

ලොව වටි­නාම ඛනිජ සම්පත් අතර මැණික් සඳහා හිමි­වන්නේ ප්‍රමු­ඛ­ස්ථා­න­යකි. විශේ­ෂ­යෙන්ම විවි­ධා­කා­රයේ වටිනා ආභ­රණ සඳහා මෙම මැණික් යොදා ගන්නා අතර ශ්‍රී ලංකාව ද දුර්ලභ එමෙන්ම මිල අධි­කම මැණික් සඳහා ප්‍රසිද්ධ තෝතැ­න්නක් ලෙස හැඳින් විය හැකි වේ. ඔබ කුමන ක්ෂේත්‍ර­යක කුමන තරා­ති­ර­මක කෙනකු වුවද මැණික් පිළි­බඳ හදාරා ඒ පිළි­බඳ දැනු­මැති සුවි­ශේෂ මැණික් ව්‍යාපා­රි­ක­යෙකු වීමේ ඉතා විශේෂ අව­ස්ථා­වක් දැන් උදා වී තිබේ. ඒ කිසි දු ගුරු මුෂ්ටි­යක් නොමැති ව මැණික් ක්ෂේත්‍රයේ සැඟ­වුණු විද්‍යා රහස් සමග ඉතා කෙටි කල­කින් මැණික් පිළි­බඳ පරි­පූර්ණ අව­බෝ­ධ­යක් ලබා දෙන විශේෂ මැණික් පන්ති­ය­කට සහ­භාගි වීමේ අව­ස්ථාව දැන් ඔබ­ටත් උදා වී ඇති නිසා ය. ශ්‍රී ලංකා මැණික් විද්‍යා­ඥ­යින්ගේ සංග­මයේ සාමා­ජි­ක­යෙකු මෙන්ම මොර­ටුව විශ්ව විද්‍යා­ලීය මැණික් විද්‍යා සහ­තික ධාරී ජේ. එම්. කේ. මැණික් අනු­ශා­සක ධූරය ද දරන මේ වන විට මොර­ටුව විශ්ව විද්‍යා­ලයේ ද්‍රව්‍ය විද්‍යා ඉංජි­නේරු අංශයේ ඉංජි­නේරු පර්යේ­ෂ­ණා­ගාර භාර මාණ්ඩ­ලික තාක්ෂ­ණික නිල­ධා­රි­යෙකු ලෙස ද සේවය කරන දේශ­බන්ධු ආචාර්ය ආර්. ජී. කරු­ණා­ති­ලක මහතා මෙම මැණික් පන්ති මෙහෙ­ය­වන අතර සෑම ඉරිදා දින­කම එම පන්ති මොර­ටුවේ දී පැවැත්වේ. මෙම පාඨ­මා­ලා­වන් මාස තුනක පාඨ­මා­ලා­වක් ලෙස සංවි­ධා­නය කර ඇති අතර අවශ්‍ය අයට පුද්ග­ලි­කව ද ඉගැ­න්වීමේ කට­යු­තුද මෙම මැණික් පන්ති හි දේශක ලෙස කට­යුතු කරන ආචාර්ය ආර්. ජී. කරු­ණා­ති­ලක මහතා පිය­වර ගෙන තිබේ.

මේ සඳහා සහ­භාගි වීමට කිසිදු වයස් සීමා­වක් හෝ ස්ත්‍රී පුරුෂ භේද­යක් අවශ්‍ය නොවන අතර මැණික් පිළි­බ­ඳව ද ජෝති­ෂය කරුණු හා විද්‍යා­ත්මක හේතු ඇතුළු ව එම ක්ෂේත්‍රය පිළි­බඳ අංග සම්පූර්ණ දැනු­මක් ප්‍රායෝ­ගි­කව හා විද්‍යා­ත්ම­කව මුල සිට ඉගෙන ගැනී­මට මෙම පන්ති සඳහා සහ­භාගි වන සියලු ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට හැකි­යාව ලැබෙන බව ආර් ජී කරු­ණා­ති­ලක මහතා සඳ­හන් කළේය. මීට අම­ත­රව රතු, නිල්, පුෂ්ප­රාග වෛරෝඩි, දිය­මන්ති, කාක නිල් මෙන්ම කෘත්‍රිම මැණික් වැනි සියලු මැණික් ඇසේ සහ අතේ හුරු­වෙන් සහ විද්‍යා­ත්මක දැනු­මෙන් හඳුනා ගැනී­ම­ටත් එම මැණික් තක්සේරු කරන ආකා­රය පිළි­බ­ඳ­වත් විවිධ වර්ගයේ මැණික් මිලදී ගැනීම සඳහා විකි­ණීමේ ක්‍රම මැණික් සෑදෙන ආකාර සහ බහු­ලව ඒවා පිහිටි ඇති ස්ථාන පිළි­බඳ වත් මෙම පාඨ­මා­ලා­වන්හිදී ප්‍රායෝ­ගික ක්‍රියා­කා­ර­කම් සමග අවශ්‍ය දැනුම බෙදා­දී­මට කට­යුතු යොදා තිබේ.

Comments