මානය අධික වූවන් සුනඛයන් වී ඉපදෙනවා | සිළුමිණ

මානය අධික වූවන් සුනඛයන් වී ඉපදෙනවා

අද අපි සාකච්ජා කරන්නේ සූත්‍ර­පි­ඨ­කයේ සංයුක්ත නිකායේ සඳ­හන් වන පත්ත සූත්‍ර දේශ­නා­වයි. පත්ත කියලා සිංහ­ල­යෙන් අරුත් දෙන්නේ පාත්‍ර­යට. මේ සූත්‍ර­දේ­ශ­නා­වට පාත්‍ර­යක් සම්බන්ධ වෙනවා. රූපං වේද­යිතං සඤ්ඤං විඤ්ඤාංච සංකතං -නේ සෝ හම­ස්මිනේ තං මේඒවං තත්ත විර­ජ්ජ­තිතී බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ එක් දිනක් ජේත­ව­නා­රා­මයේ විශාල භික්ෂු පිරි­සක් පිරි­ව­රා­ගෙන ධර්ම දේශ­නා­වක් කළා. උන්ව­හන්සේ  මේ භික්ෂු­න්ව­හ­න්සේ­ලාට කියලා දෙන්නේ බොහොම ගම්භීර කාර­ණා­වක් පිළි­බ­ඳයි.

න්ව­හන්සේ භික්ෂුන් වහ­සේට දේශනා කළා, තේණ කෝ පණ සම­යේන භගවා පංචංනං භගවා කන්ධානං උපා­දාය භික්ඛූ ධම්මියා කතාය සංද­ස්සේතී කියලා‍. ඒ විශාල භික්ෂු පිරි­සට ගැඹුරු දහම් කරුණු කියලා දෙනවා. උන්ව­හන්සේ පංච උපා­දා­න­ස්ක­න්ධය ගැන කතා කරන කොට ඒ භික්ෂු­න්ව­හ­න්සේලා ඉතාම හොදින් ධර්ම ශ්‍රව­ණය කර­නවා. ඒ සූත්‍ර­යේම සඳ­හන් වෙනවා උන්ව­හන්සේ කොහො­මද ධර්ම­ශ්‍ර­ව­ණය ක‍ළේ කියලා. එහිදී කිය­නවා අට්ඨි­කත්වා. උන්ව­හන්සේ මේ ශ්‍රව­ණය කරන්නේ අර්ථය දැන­ගෙන බවයි. ශ්‍රව­ණය කර‍න කොට හරි­යට අහ­නවා නම් වච­න­යක් වච­න­යක් ගානේ තේරුම් ගන්නට ඕනෑ . තමන් භාවිත කරන භාෂා­වෙන් ධර්මය ශ්‍රව­ණය කර­න්නට ලැබෙ­නවා. එ් නිසා ධර්ම ශ්‍රව­ණය කරන සියලු දෙනාම ඒ ධර්ම දේශ­නාවේ සියලු වචන හොඳින් තේරුම් ගන්නට ඕනෑ. එයයි ධර්මය ශ්‍රව­ණය කරන පින්ව­තුන් තුළ තිබිය යුතු පළ­මු­වැනි ගුණාං­ගය.

ගැඹුරු වචන නොවෙයි කියන්නෙ. පාලි­පාඨ කිය­නවා තමයි. ඒත් ඒවා සර­ලව පැහැ­දිලි කර දෙනවා. ඔබට පාලි නොතේ­රු­ණත් තථා­ග­ත­ය­න්ව­හ­න්සේගේ දේශනා පැහැ­දිලි කරන්න පාලි පාඨ දැක්වු­වාට අපි එහි පරි­ව­ර්ත­නය සිංහ­ල­යෙන් කිය­නවා. දේශ­නාව පුරා­ව­ටම හැම වච­න­ය­කම අර්ථ දැන­ග­න්නට ඕනෑ. එදා ඒ භික්ෂුව ඒ ධර්මය ශ්‍රව­ණය කළේ අර්ථය දැන­ගෙ­නයි.

අනෙක් කාර­ණාව මන­සි­කත්වා. ඒ කියන්නේ කෙනෙක් හොඳින් තේරුම් අරන් හොඳ සිහි­යෙන් ධර්ම ශ්‍රව­ණය කළාට මත­කයේ රැඳෙන්නේ නැහැ. බුදු­න්ව­හන්සේ උප­මා­ව­කින් මෙහෙම කිය­නවා ඒ ගැන. කෙනෙක් වස්ත්‍ර­යක් ඇඳ­ගෙන වාඩි­වෙලා ඉන්නවා. එයාට වෙනත් කෙනෙක් යමක් දෙනවා. දෙන හැම දේම එයා එකතු කර­ග­න්නවා. තමන්ගේ ඔඩො­ක්කු­ව­ටයි එකතු කර­ගන්නේ. සිහි­යෙන් තොරව නැගි­ට්ටාම ඒ සියල්ල බිම වැටෙ­නවා. උන්ව­හන්සේ කිය­නවා සම­හර අය ධර්ම ශ්‍රව­ණය කරන්නේ එසේ කියලා.

මතක හිටින්නේ නැතුව තමන්ගේ හිතේ ධාර­ණය කර­ගත්තේ නැතිව ඉන්න අය අප අත­රත් ඉන්නවා. හොඳින් වට­හා­ග­න්නට අර්ථ තේරුම් ගැනීම පම­ණක් මදි. හොඳින් ධර්ම කාරණා ශ්‍රව­ණය කර­නවා වගේම මත­කයේ තබා ගත යුතුයි. එය­ටයි අපි මන­සි­කත්වා කියන්නේ. ඉන් පසුව මන­සි­කත්වා හොඳින් ධාර­ණය කර­ගත යුතුයි.

ඉන් පසු දේශනා කළා සබ්බං චේතිසො සමන්වා හරිත්වා කියලා. ඒ කියන්නේ මුළු සිතම යොමු කරලා ධර්ම දේශනා ඇසිය යුතුයි. අනෙක් සිතු­විලි බැහැර කරලා ධර්ම­ශ්‍ර­ව­ණ­යට හිත යොමු කළ යුතුයි.

අපි කැමැ­තිම කෙනෙක් දිහා හෝ කැමැ­තිම දෙයක් දිහා හෝ නැති නම් රූප­වා­හි‍නියේ කැමැති දෙයක් දිහා බලන විට හෝ අසන විට අපි ඉන්නේ හිතින්ම ඒ තුළ. අපි ඉන්නේ කොතැ­න­කද කිය­ල­වත් මතක නෑ. අපි මුළු හිතින්ම ඒ තුළ ජීවත් වෙනවා. අන්න ඒ වගේ සැදැ­හැති ශ්‍රාව­කයා ධර්මය ශ්‍රව­ණය කරන විට ඒ ධර්ම දේශ­නා­වට මුළු හිතම යොමු කර­නවා. ඉන් පසු කිය­නවා ඕ හිත­සෝතෝ ධම්මං සුනාති කියලා. ඒ කියන්නේ යොමු කරන ලද කන් ඇති කියන තේරු­මයි. ඒ කියන්නේ තමන්ගේ සවන් ධර්ම දේශ­නා­ව­ටම යොමු කිරී­මයි .එදා භික්ෂූන් වහන්සේ පංච උපා­දා­න­ස්ක­න්ධය පිළි­බඳ දේශ­නා­වේදී භික්ෂුව ඒ ධර්ම­යට සවන් දුන් ආකා­ර­ය­ටයි අදත් අපි ධර්ම දේශ­නා­වට සවන් දෙන්නට ඕනෑ.

කියන හැම වච­න­ය­කම අරුත් දැන­ගත යුතුයි. ඒ වගේම වච­න­යක් ගානේ මතක තියා­ගන්න ඕනෑ. ධර්ම දේශ­නා­ව­ටම සිත යොමු කර­න්නට ඕනෑ. කන් යොමු කර­ගෙන අස­න්නට ඕනෑ. ඒ අකා­ර­යට එදා මම භික්ෂුන් ධර්මය ශ්‍රව­ණය කරන විට පව්කාර මාර­යාට මෙසේ හිතෙ­නවා.

මේ දේව­පුත්ත මාරයා එනම් පර­නි­ම්මිත වස­වර්ථි කියන ‍දිව්‍යලෝ­කයේ ආධි­පත්‍ය දරන වස­වර්ථි කියන මාර­පු­ත්‍රයා මහ පින් කරපු කෙනෙක්. එයාට පුළු­වන් දිව්‍ය­ලෝක හය, බ්‍රහ්ම­ලෝ­කය, මිනිස් ලෝකය තම වස­ඟයේ පව­ත්ව­න්නට. රහ­තන් වහන්සේ හැර අනෙක් අ‍යගේ සිත් පවා වෙනස් කරන්න මේ මාර දිව්‍ය පුත්‍ර­යා­ට‍ ­පු­ළු­වන්. එයා කැමැති නැහැ කිසි කෙනෙක් නිවන් අව­බෝධ කර­ග­න්නවා දකින්න . එයා හිත­නවා කවුරු හරි නිවන් අව­බෝධ කර­ග­ත්තොත්, තම යටත් වැසි­යෙකු තමාට අහිමි වෙනාවා කියලා. ඒ නිසා නිවන් දකි­න්නට උත්සහා කරන අයට බාධා කර­නවා.

මේ භික්ෂූ­න්ව­හන්සේ ධර්ම­ශ්‍ර­ව­ණය කරන දෙසත් බලන් හිටියා. මේ අකා­ර­යට බණ ඇසු­වොත් මේ අය රහත් වෙනවා කියලා හිතුවා. බුදු රජා­ණ­න්ව­හ­න්සේගේ ධර්ම දේශනා බොහො­ම­යක් එසේ­මයි. අස­න්නන් රහත් ඵල­යට පත් වෙනවා. ඊට පෙර බාධා කළ යුතුයි කියලා හිත­නවා. ගෞත­ම­යන් වහන්සේ අද මේ භික්ෂුව තෙජ ගන්ව­නවා. ඒ කියන්නේ තේජසක් ශක්ති­යක් ලබලා දෙනවා. මේ ධර්ම දේශ­නාව තුළ මේ භික්ෂු­න්ව­හන්සේ මේ ධර්මයේ අර්ථ දැන­ගෙන මන­සින් දැන­ගෙන මතක තියා­ගෙන මුළු‍ ­සි­තම යොමු කරලා කන් යොමා බණ අස­නවා. ඒ නිසා මුන්ව­හ­න්සේගේ නුවණ නැමැති ඇස වන­සලා දාන්න මම දැන් එතැ­නට යන්න ඕනෑ කියලා හිත­නවා.

ඒ වෙලාවේ භික්ෂු­න්ව­හ­න්සේගේ පාත්‍ර යම් ප්‍රමා­ණ­යක් වේළෙන්න එළියේ තියලා තිබුණා. මේ මාරයා විශාල හර­කෙ­කුගේ වේස­යක් මවා­ගෙන ධර්ම දේශ­නාව කරන තැනට ඇවිත් මැටි පාත්‍රා­වක් බින්දා. එක් භික්ෂු­වක් අනෙක් භික්ෂු­වට කතා කරලා කීවා බලන්න හර­කෙක් ඇවිත් පාත්‍රා ටික බිදි­නවා කියලා. නසෝ භික්ඛු බලි­වද‍්දෝ මාරෝ ඒස­ප­පා­පිමා' මහ­ණෙනි ඒ හර­කෙන් නොවෙයි ඒ තමයි පව්කාර මාරයා කියලා බුදු­න්වහ‍න්සේ දේශනා කොට වදාළා. 'තුම්මාකං විචක්ඛු කම්මායා අතෝතී දැන් ඔබේ නුවණ වැඩෙ­නවා. ඒ ඇවිත් ඉන්නේ නුවණ නැමැති ඇස වන­සලා දම­න්න­ටයි. ප්‍රඥාව නැති කර­න්නයි. බුදු­න්ව­හන්සේ ඒ පව්කාර මාර­යාට ගාථා දේශ­නා­වක් කිය­නවා. රූපං වේද­යිතං සඤ්ඤං විඤ්ඤාංච සංකතං -නේ සෝ හම­ස්මිනේ තං මේඒවං තත්ත විර­ජ්ජ­තිතී. යම් කිසි කෙනෙක් රූපය වේද­නාව සඤ්ඤ‍ාව සංස්කාර විඤ්ඤාණ යන පංච උපා­දා­න­ස්ක­න්ධය. ‍නේ සෝ හම­ස්මින් මෙය මම නොවෙමි නේතං මේ මගේ නොවෙයි කියලා හිත­නවා නම්, ඒ වං තත්ව විර­ජ්ජතී ඒ මම නොවෙමි ම‍ගේ නොවේ කියලා හිතන කෙනා පංච උපා­දා­න­ස්ක­න්ධ­යට ඇළෙන්නේ නැහැ කියලා බුදු රජා­න­න්ව­හන්සේ මාර­යාට දේශනා කළා.

මාර­යාට පුළු­වන් නිවන් දකින්න ඉන්න අයට බාධා කරන්න. නමුත් නිවන් දකින්න ඉන්න හැමෝ­ටම බාධා කරන්න මාර­යාට පුළු­වන් කමක් නැහැ. සිහි­යෙන් තොරව ඉන්න වේලා­වට බාධා කරන්න විත­රයි පුළු­වන්.

බෝස­තා­ණ­න්ව­හන්සේ ගිහි ගේ අත­හැර යන අව­ස්ථාවේ ගේට්ටු­ව­කින් නග­ර­යම වසා තිබුණ. දෙවි­ව­රුන් තමයි එදා මේ ගේට්ටු ද්වාරය හැරියේ. උන්ව­හසේ එළි­යට යන කොට වලා­කු­ළක ලස්සන කෙනෙක් හිටියා. උන්ව­හන්සේ ඒ දෙස බැලුවා. බලන විටම ‘සිද්ධා­ර්ථය යන්න එපා. ඉදි­රි­යට ඔබ තව දවස් හතක් ඉන්න. සක්විති චක්‍රය ඔබ දෙසට පෙර­ළෙ­මින් එනවා. සක්විති චක්‍ර­ර­ත්නය එන තුරු ඉන්න. ඉන්පසු ඔබ සක්විති රජ­වෙ­නවා. ඒ අනුව ලෝක­යම පාල­නය කරන රජ­කෙ­නෙක් වෙන්න පුළු­වන්‘ කියලා.

උන්ව­හන්සේ එය ඇසුවේ නැහැ. උන්ව­හන්සේ ඉදි­රි­යට ගියා, ඔබ වැනි දාහක් ආවත් මා බුද්ධ­ත්ව­යට යන ගමන නව­තා­ල­න්නට බැහැ කියලා. උන්ව­හන්සේ ගියාට අවු­රුදු හයක් දුක්වි­ඳින්න වුණා. එදා සිටම බුද්ධ­ත්ව­යට පත් වන දවස දක්වා මාරයා පස්සෙන් එන්න ගත්තා. බුද්ධ­ත්ව­යට පත් වුණාට පස්සෙත් වස­රක් පස්සෙන් ආවා. දිනක් මාරයා කිය­නවා. ‘අවු­රුදු හතක්ම ඔබ­ව­හ­න්සේගේ පිය­ව­රක් පිය­ව­රක් ගානේ ආවා. ඒ වුණාට මම ඔබ වහ­න්සේගේ හිතේ ක්ලේෂ­යක් හට ගන්නවා දැක්කේ නැහැ. ඒ නිසා ඔබ වහ­න්සේට බාධා කර­න්නට මට බැරි­වුණා‘ කියලා කිය­නවා.

ලොකු ගලක් තියෙ­නවා වෙඬරු වගේ වර්ණ­යක් තියෙන. කපු­ටෙක් වෙඬරු කියලා හිතලා ඒ ගලට කොටලා කොටලා වෙහෙස වුණා. ඒ වගේම මම අවු­රුදු හයක් පස්සෙන් ආවා ඔබ­ව­හ­න්සේගේ ‍යම් ක්ලේෂ­යන්ගේ් අඩු­වක් තියෙ­යිද බලන්න. කිසිදු අඩු­වක් තිබුණේ නැහැ. සිහි­යෙන් යුක්ත වේලා­වට විත­රයි මාර දිව්‍ය­පු­ත්‍ර­යාට අපේ ජිවි­ත­ව­ලට බල­පෑම් කරන්න පුළු­වන් වෙන්නේ.

අපි කෙලෙස් ලෝකේ ඉන්නවා නම් මාරයා අපිට උදව් කර­නවා. කෙලෙ­සු­න්ගෙන් මිදි­මට උත්සහ කළාම තමයි එ් මාරයා අපට බාධා කරන්නේ. ඉතින් මාර­යා­ගෙන් මිදි­මට නම් රූපය වේද­නාව සඤ්ඤාව සංස්කාර විඤ්ඤාණ කියන මෙන්න මේ පංච උපා­දා­න­ස්ක­න්ධය නුව­ණින් බල­න්නට පුරුදු වෙන්නට ඕනෑ. නේතං මම මගේ­නොවේ, නේ සො හමස්මී මෙය මම නොවෙමි, නේසෝ අත්තා මෙය මාගේ ආත්මය නොවේ කියලා නුව­ණින් බල­න්නට ඕනෑ. එසේ නුව­ණින් බලන විට හිත ටිකින් ටික දියුණු වෙලා පුළු­වන් වෙනවා පංච උපා­දා­න­ස්ක­න්‍ධ­යෙන් මිදිලා ඇලෙන්නේ නැතුව ඉන්න කියලා උන්ව­හන්සේ දේශනා කළා.

මේ පංච උපා­දා­න­ස්කන්ධ කියන්නේ කුමක්ද කියලා බලමු. රූප උපා­දා­න­ස්ක­න්ධය, වේදනා උපා­දා­න­ස්ක­න්ධය, සඤ්ඤා උපා­දා­න­ස්ක­න්ධය, සංකාර උපා­දා­න­ස්ක­න්ධය, විඤ්ඤාණ උපා­දා­න­ස්ක­න්ධය කියලා සඳ­හන් වෙනවා . රූප උපා­ද­න­ස්ක­න්ධය කොටස් දහ­ය­කට බෙදෙ­නවා. ඒ කොටස් හැදිලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, ‍වයෝ කියන සතර මහා ධාතු­ව­ලින්.

නේතං මම එනම් මෙය මාගේ නොවේ, නේසෝ හමස්මි මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවෙමි කියලා හිත­න්නට පුළු­වන්. ඇස මාගේ නොවේ, ඇස මම නොවෙමි, ඇස මගේ ආත්මය නොවේ කියලා හිත­නවා. එහෙම හිතන කොට ඇස දකින දේ ආසාව ප්‍රහිණ වෙනවා. ඇස මගේ නොවේ කියලා හිතන කොට තණ්හාව අඩු වෙන්න පටන් ගන්නවා. ඇස මම නොවෙමි කියලා හිතන කොට සස­රට බැඳලා තියන ක්ලේෂය ඉවත් වෙනවා. මානය ඉවත් වෙනවා..මානේන මක්කටෝ හෝති අදි­මා­නේනේ කුක්කුරෝ හෝති කියලා අධික මානය නිසා බල්ලන් වෙලා ඉප­දෙ­නවා. හින මානය නිසා වඳු­රන් වෙලා ඉප­දෙ­නවා. තිරි­සන් ලෝක­යට යනවා .

ඇහෙන් අපි රූප­යක් දෙස බලන විට රූපය කියන දේ අපට දැනෙ­නවා. එයට අපි කියන්නේ විඤ්ඤා­ණය කියලා . මේ විඤ්ඤාණ මගේ නො‍වෙමි කියලා නුව­ණින් විමසා බල­න්නට ඕනෑ. ඇසේ පහළ වන විඤ්ඤාණ මම නොවෙමි, මගේ නොවේ, මගේ ආත්මය නොවෙමි කියලා සිතිය යුතුයි . මෙ වේදනා අපි උපේ­ක්ෂා­වෙන් සිතිය යුතුයි. මේ ‍ආකාර­යට කාල­යක් පුරුදු කර­න්නට ඕනෑ. ඒවාං­තත්ව විර­ජ්ජතී මේ අාකා­ර­යට ඇලෙන්නේ නැතුව ඉන්නට පුළු­වන් කියලා බුදු­ර­ජා­ණ­න්ව­හන්සේ දේශනා කර­නවා. මැන­වින් යමෙක් ඒ දේවල් පුරුදු කළොත් මර­ණා­සන්න මොහොතේ වුවත් මාර්ග ඵල­ව­ලට පත් වෙන්න පුළු­වන්. මේ ජිවි­තයේ බැරි වුණොත් දෙව්ලොව ඉප­දිලා මාර්ග­ඵල ලබන්න පුළු­වන් කියලා තථා­ග­ත­ය­න්ව­හන්සේ දේශනා කර­නවා.

 

Comments