මාද­ම්පි­ටිය ඝාත­න­යෙන් අලුත් වන චූටි උක්කුන්-කුඩු රෝෂාන් නොන­ව­තින ගැටුම | Page 2 | සිළුමිණ

මාද­ම්පි­ටිය ඝාත­න­යෙන් අලුත් වන චූටි උක්කුන්-කුඩු රෝෂාන් නොන­ව­තින ගැටුම

ත්කුඩු ජාවා­රමේ ඒකා­ධි­කා­රිය වෙනු­වෙන් මට්ට­ක්කු­ලියේ සමි­ට්පුර චූටි උක්කුංගේ කල්ලියේ සහ කුඩු රොෂාන්ගේ කල්ලියේ මරා ගැනි­ල්ලට තව­මත් නැව­තීමේ තිත තැබී නැත. දෙපා­ර්ශ්ව­යේම දහ පහ­ළොස් දෙනෙ­කුගේ ජීවිත අහිමි වී ගොසිනි. ඒ අතර චූටි උක්කුන්ද සිටී. දැන් චූටි උක්කුංගේ කල්ලිය මෙයෙ­වන්නේ ඔහුගේ සහෝ­ද­ර­යාය. ඔහු සුද්දාය. මේ වන විට සුද්දා සිටින්නේ මත්කුඩු ජාවා­ර­ම­කට අසුවී බන්ධ­නා­ගා­ර­යේය.

රොෂාන්ගේ පියාගේ ඝාත­න­යට පොලි­සිය චූටි උක්කුන් ඇතුළු කිහිප දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගත්තද ඔවුන් වැඩි කාල­යක් බන්ධා­නා­ගා­රයේ සිටියේ නැත. ඇප මත එළි­යට ආවෝය. මත්කුඩු ජාවා­රම වෙන­දා­ටත් වඩා සරු­වට කර­න්නට ගන්නේ රොෂාන්ට ද කොකා  පෙන්ව­මිනි. රොෂාන්ගේ හයිය වූයේ දෙම­ට­ගොඩ චමි­න්දය.  ඒ වන විට ඔහු සිටියේ භාරත ලක්ෂ­මන් ඝාත­න­යට බන්ධ­නා­ග­ර­ග­ත­වය.  ඒ නිසා රොෂාන්ගේ බලය හීන වී ඇතැයි චූටි උක්කුං සිතු­වේය. රොෂාන්ගේ නිවස ඉදි­රි­පි­ටින් යන එන විට රොෂාන්ගේ නිව­සට පස්ස පැත්ත පෙන්ව­මින් උසුළු විසුළු කර­න්නට පවා චූටි උක්කුන් සහ ගෝල බාලයෝ  වග බලාගත්හ. ඒවා නොරි­ස්සු­වත්  ඉව­සා­ගෙන සිටි­න්නට රොෂාන්ට සිදු විය

චූටි උක්කුන් මරා දමන්ගේ එක පොදි­යට ඔහුගේ ගෝල­යන් සිවු දෙනෙක්ද සම­ඟිනි. ඒ 2016 වසරේ ඔක්තෝ­ම්බර් 23 වැනි­දාය. මට්ට­ක්කු­ලියේ සමි­ට්පු­ර­දීය. එල්ලේ ක්‍රීඩා තර­ග­යක ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වී එමින් සිටි­යදී චූටි උක්කුන් ඇතුළු ඔහුගේ ගෝල­බා­ල­යන් එක පොදි­යට වෙඩි තබා මරා දමන්නේ කුඩු රොෂාන් ඔහුගේ ගෝල­බා­ල­යන් සමඟ එක්වය.

එදා එම පංච පුද්ගල ඝාත­න­යට කුඩු රොෂාන් සහ ඔහුගේ ගෝලන් 08 දෙනෙකු ගිනි අවි රැසක් සමඟ අත්අ­ඩං­ගු­වට ගන්නේ කොළඹ අප­රාධ කොට්ඨා­ස­යයි. නීති­ප­ති­ව­රයා ඔවුන්ට එරෙ­හිව අධි චෝදනා පවා කොළඹ මහා­ධි­ක­ර­ණයේ ගොනු කරනු ලැබු­වේය. ඒ මිනිස් ඝාතන ඇතුළු චෝදනා 15ක් යට­තේය.

අව­සා­න­යේදී සිදු වන්නේ එල්ලුම් ගස් යනවා වෙනු­වට ඔවුන්ට නිද­හස ලැබී­මය. ඒ නීති­ප­ති­ව­රයා ඔවුන්ට එරෙ­හිව ගොනු කර තිබුණු චෝදනා සාධා­රණ සැක­යෙන් ඔබ්බට ඔප්පු කිරී­මට නොහැකි වූ බව අධි­ක­ර­ණය තීර­ණය කිරී­මෙනි. ඒ අනුව කුඩු රොෂන් ඇතුළු ගෝල­යන් 09 දෙනා නිද­හස ලබා එළි­යට එන්නේ ඉකුත් ජූනි 26 වැනි­දාය.

ඒ වන විට චූටි උක්කුංගේ සහෝ­ද­ර­යන් දෙදෙනා සිටින්නේ බල­ව­ත්වය. කුඩු රොෂාන්ගේ මත්කුඩු ඒකා­ධි­කා­රය බිඳ­ද­ම­මින් චූටි උක්කුංගේ බාල සහෝ­ද­රයා වන සුද්දා සිටියේ මත්කුඩු ජාවා­රමේ ජය­ටම නිරත වෙමිනි. සිය සහෝ­ද­ර­යාගේ කල්ලිය ඔහු නඩත්තු කළේ මත්කුඩු ජාවා­රම ඔස්සේය. චූටි උක්කුන්ගේ සහෝ­ද­රයා ඔළුව උස්සා­ගෙන සිටීම කුඩු රොෂාන්ට එත­රම් රිස්සුවේ නැත. ඒ නිසාම චූටි උක්කුංගේ කල්ලියේ බලය බිඳී­මට කුඩු රොෂාන් නිද­හස ලැබී­මෙන් පසු කල්යල් බලා වැඩ අල්ලන්නේ ඉකුත් 15 වැනි­දාය. ඒ අව­ම­ඟු­ල­කට සහ­භාගි වීමට මාද­ම්පි­ටිය සුසාන භුමි­යට ගොස් සිටි චූටි උක්කුන්ගේ කල්ලියේ වැඩ්ඩෙකු වන ආන­මාළු රංග සහ ඔහුගේ සග­යෙකු මන්නා පිහි­ව­ලින් කපා ඝාත­නය කර­මිනි. ත්‍රී රෝද රථ­ය­කින් සිය සග­යන් සමඟ මාද­ම්පි­ටිය සුසාන භුමි­යට කඩා වදින කුඩු රොෂාන් සිය ගෝල­යන් සමඟ එක් වී ඔවුන් දෙදෙනා මරා දමන්නේ දෙනෝ දහක් දෙනා බලා­සි­ටි­ය­දීය.

කුඩු රොෂාන් සහ ගෝල­යන් සිය ඉල­ක්කය ලබා­ගැ­නී­මෙන් පසු පලා යන්නේ ඔවුන් පැමිණි ත්‍රී රෝද රථ­යද සුසාන භුමියේ අත­හැර දමාය. කුඩු රොෂාන් පස්සෙන් පැන්නී­මට පොලි­සි­යට එහි ඉතිරි වන ප්‍රබ­ලම සාක්ෂිය වන්නේ එයය. එම සාක්ෂිය පස්සේ පන්නන්නේ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රී­හුය. පැය කිහි­ප­යක් ඇතු­ළත ඔවුහු ත්‍රිරොද රථයේ ලියා­ප­දිංචි හිමි­කරු කවු­රු­න්දැයි අනා­ව­ර­ණය කර ගත්හ. බැලි­න්නම් එම රථයේ හිමි­කරු කුඩු රොෂාන්ගේ බිරිය නිරෝ­ෂ­නීය.

ඒත් එක්කම විශේෂ කාර්ය බළ­කායේ සෙබළු කුඩු රොෂාන්ගේ සමි­ට්පුර පිහිටි නිවාස හත­රක්ම වැට­ලූහ. කුඩු රොෂාන්ගේ බිරිය පදිං­චිව සිටියේ තෙම­හල් සුවි­සල් නිව­ස­කය. එ් වන විට කුඩු රොෂාන් සිටින්නේ පලා­ගොස් සැඟ­වය. සෙසු නිවාස සෝදිසි කිරී­මේදී කුඩු රොෂාන්ගේ ගෝල­යන් තිදෙ­නෙකු කොටු වන්නේ කඩු දෙකක්ද සම­ඟිනි. ඒ අය අතර කැල­ණිය වරා­ගොඩ පදිං­චිව සිටින කුඩු රොෂාන්ගේ සහෝ­ද­ර­යාද සිටි­යේය. ඔහු කෝලි­තය.

එම ඝාතන දැම්වැල් පුරුක් මෙන් ඇත්තේ එකි­නෙ­කට බැඳීය . චුටී උක්කුන් ඇතුළු පස් දෙනාගේ ඝාත­න­යට කුඩු රොෂාන් බන්ධ­නා­ගාර ගත වන විට චූටි උක්කුංගේ වැඩි­ම­හල් සහෝ­ද­ර­යාගේ මෙහෙ­යැ­වී­මෙන් ප්‍රති­ප්‍ර­හාර එල්ල වන්නේ කුඩු රොෂාන්ගේ ගෝල­යන් ඉලක්ක කර­ගෙ­නය. වැඩි කල් ඔහුට සෙල්ලම් දම­න්නට ඉඩක් නොවීය. පොලි­සිය ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගාර ගත කරන්නේ කාල­යක් එළි­යට එන්නට නොහැකි වන ලෙසිනි.

ඒ අතර කුඩු රොෂාන් ඇතුළේ සිට ප්‍රියං­ක­රට දැනෙ­න්නට ඔහුගේ බිරි­යට කොකා ගස්සන්නේ ගෝල­යෙකු යොද­වාය. ඒ ඇයව මරා දැමී­ම­ටය. එහෙත් ඇයට ජීවත් වීමේ වාස­නාව තිබිණි. සිය නෑනාට තැබූ වෙඩි­ල්ලට පළි­ගැ­නී­මට ඉදි­රි­පත් වන්නේ චූටි උක්කුංගේ බාල සහෝ­ද­රයා වන චාම­රය. සුද්දා යැයි කියන්නේ ඔහු­ටය. සුද්දා කල්යල් බලා කොකා ගස්සන්නේ කුඩු රොෂාන්ගේ දකුණු අත බදු ගෝල­යා­ටය. ඔහු නමින් ගල් සම්පත්ය. රටේම අව­ධා­න­යට යොමු වූ එම ඝාත­නය සිදු වන්නේ මෝදර අලුත් මාව­තේ­දීය. සිය බිරිද සහ දරුවා සමඟ ත්‍රි රෝද රථ­ය­කින් ගමන් කර­මින් සිටි ගල්ස­ම්පත්ට වෙඩි තැබන්නේ දකු­ණෙන් ගෙන්වන ලද කුලී ඝාත­ක­යෙකු යොදා­ගෙ­නය. එදා ගල්ස­ම්පත් වෙඩි කා අව­සන් හුස්ම පොද මහා පාර මැද හෙළන්නේ සිය පෙර පාසල් වයසේ පසු වන දරුවා ඒ දෙස බලා සිටි­ය­දීය.

ගල්ස­ම්පත්ගේ ඝාත­න­යෙන් වැඩි කාල­යක් සුද්දාට නිද­හසේ සිටි­න්නට ඉඩක් නොවීය. පොලි­සිය ඔහුව අල්ලා හිරේට යැව්වේය. මාස හයක්ම ඔහු සිටියේ වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යේය. ඇප මත එළි­යට එන්නේ ඉකුත් වස­රේ­දීය. ඒ පැමිණි ඔහු සමි­ට්පුර මත්කුඩු ජාවා­රමේ ඒකා­ධි­කා­රය සිය­තට ගත්තේය. ඒ කුඩු රොෂාන්ගේ ගෝල­යන් පන්නා දම­මිනි. ඊට කුඩු රොෂා­න්ගෙන් සුද්දාට ප්‍රති­ප්‍ර­හා­ර­යක් එල්ල වන්නේ ගල් සම්පත්තේ ඝාතන නඩු­වට පෙනී සිට අලුත් කඩේ අධි­ක­ර­ණයේ සිට සමි­ට්පුර බලා යන අත­රය. එම ප්‍රහ­රය ගැන කල්ති­යාම ඉව වැටුණු නිසාම ඔහු ආරක්ෂා වන්නට වග බලා ගත්තේය. ඔහුගේ ආර­ක්ෂා­වට අධි­ක­ර­ණ­යට පැමිණ සිටි පවුලේ උද­විය ත්‍රී රෝද රථ­යක නංවා පිටත් කර හරින ඔහු යතුරු පැදි­යක නැඟී කාටත් හොරා පැන­ග­ත්තේය.

ඒ බවක් නොදත් කුඩු රොෂාන් යොද­වනු ලබූ වෙඩි­ක්කරු ඉලක්ක කරන්තේ සුද්දාගේ පවුලේ උද­විය ගමන් කර­මින් සිටි ත්‍රිරෝද රථ­යයි. කිසි­වෙ­කු­ගේත් ජීවි­ත­යට හානි­යක් එම ප්‍රහා­ර­යෙන් සිදු නොවූ­වත් සුද්දාගේ මාමාත්, මස්සි­නාත්, නැඟ­ණි­යත් ඇතුළු පස් දෙනෙක්ම වෙඩි කෑවෝය.

මේ අකා­ර­යට එකි­නෙකා මරා­ගන්නා චූටි උක්කුංගේ සහ කුඩු රොෂාන්ගේ නොන­ව­තින ගැටුමේ මුල වසර පහ හයක් ඈත­කට දිව යන්නෙකි. එකම ගමේ එකට හැදී වැඩුණු චූටි උක්කුන් සහ කුඩු රොෂාන් අතර විර­සි­ක­යට මුල මත්කුඩු ජාවා­ර­මයි. චූටි උක්කුන්ට මත්කුඩු සප­යන ලද්දේ පාතාල කල්ලි නායක බ්ලූමැ­න්ඩල් සංඛය. ඔහු දැන් සිටින්නේ ඉන්දි­යා­වට පලා­ගො­සිනි. ඉන්දාවේ රාමේ­ෂ්ව­රන් හීදී මෑත­කදී එරට පොලි­සි­යට හසු­වූයේ යැයි සඳ­හන් වූයේ සංඛ­වය. කුඩු රොෂාන්ට මත්කුඩු සප­යන ලද්දේ සංඛගේ ප්‍රධා­න­තම ප්‍රති­වා­දි­යෙකු වන දෙම­ට­ගොඩ චමි­න්දය. භාරත ලක්ෂ­මන් ඝාත­න­යට වර­ද­කරු වෙමින් චමින්ද දැන් සිටින්නේ මර­ණීය දන්ඩ­නය නියම වූ සිර­ක­රු­වකු ලෙසිනි.

සංඛ සහ දෙම­ට­ගොඩ චමින්ද අතර ඇත්තේ නයි මුගටි වෛර­යකි. වරක් දෙම­ට­ගොඩ චමින්ද රැගත් බන්ධ­නා­ගාර බස් රථ­ය­කට පවා දෙම­ට­ගො­ඩදී වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කරන්නේ සංඛගේ සැල­සු­ම­කට අනු­වය. චූටි උක්කුන් සහ කුඩු රොෂාන් අතර මත්කුඩු ඒකා­ධි­කා­ර­යට ඇති වන ගැටු­ම­ටද මුල සංඛ සහ දෙම­ට­ගොඩ චමින්ද අතර ඇති ඒ බල අර­ග­ල­යයි.

මරා­ගැ­නී­ම්ව­ලින් තොරව අත­පයේ හයි­යෙන් පම­ණක් සිය ශක්තිය පෙන්වනු ලැබූ චූටි උක්කුන් සහ කුඩු රොෂාන් අතර පැවැති ගැටුම් වෙඩි තබා ගැනීම් දක්වා වර්ධ­නය වන්නේ 2014 වසරේ ජූලි 12 වැනිදා කුඩු රොෂාන්ගේ පියා ඝාත­නය වීමත් සම­ඟිනි. චූටි උක්කුන් ඇතුළු පිරි­සක් එදා ඒ එල්ල කළ ප්‍රහා­ර­යෙන් රොෂාන්ද බර­ප­තළ තුවල ලැබු­වේය. සිය පියා ඝාත­න­යට රොෂාන් පළිය ගන්නේ ඊට පසු දින චූටි උක්කුන්ගේ මව ඝාත­නය කර­ව­මිනි. එම ඝාත­නය ඔහු මෙහෙ­ය­වන්නේ කොළඹ ජාතික රෝහලේ ඇඳක් මත සිටි­මිනි.

රොෂාන්ගේ පියාගේ ඝාත­න­යට පොලි­සිය චූටි උක්කුන් ඇතුළු කිහිප දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගත්තද ඔවුන් වැඩි කාල­යක් බන්ධා­නා­ගා­රයේ සිටියේ නැත. ඇප මත එළි­යට ආවෝය. මත්කුඩු ජාවා­රම වෙන­දා­ටත් වඩා සරු­වට කර­න්නට ගන්නේ රොෂාන්ට ද කොකා පෙන්ව­මිනි. රොෂාන්ගේ හයිය වූයේ දෙම­ට­ගොඩ චමි­න්දය. ඒ වන විට ඔහු සිටියේ භාරත ලක්ෂ­මන් ඝාත­න­යට බන්ධ­නා­ග­ර­ග­ත­වය. ඒ නිසා රොෂාන්ගේ බලය හීන වී ඇතැයි චූටි උක්කුං සිතු­වේය. රොෂාන්ගේ නිවස ඉදි­රි­පි­ටින් යන එන විට රොෂාන්ගේ නිව­සට පස්ස පැත්ත පෙන්ව­මින් උසුළු විසුළු කර­න්නට පවා චූටි උක්කුන් සහ ගෝල බාලයෝ වග බලාගත්හ. ඒවා නොරි­ස්සු­වත් ඉව­සා­ගෙන සිටි­න්නට රොෂාන්ට සිදු විය.

රොෂාන්ගේ එම නිහ­ඬ­තාව හමුවේ දිනෙන් දින ශක්ති­මත් වන්නේ චූටි උක්කුන්ය. රොෂාන් ළඟ සිටි ගෝල බාල­යෝද චූටි උක්කුන් වටා රොක් වන්නට වූහ.

තමා තනි වෙමින් සිටින බව රොෂාන්ට දැනිණි. චූටි උක්කුන් අතින් වැඩි කල් යන්නට මත්තෙන් මැරු­ම්ක­න්නට පවා සිදු වන බව රොෂාන්ට වැට­හිණි. ඊට පෙර තමා ඉස්සර විය යුතු යැයි රොෂාන් කල්පනා කළේය.

ඔහු ඉස්සර වන්නේ 2016 වසරේ ඔක්තෝ­ම්බර් 23 වැනිදා චූටි උක්කුන් ඇතුළු පස් දෙනෙකු එක පොදි­යට ඝාත­නය කර­මිනි.

චූටි උක්කුන්ගේ මර­ණින් පසු සියල්ල නිමා වේවි යැයි සමි­ට්පුර වැසි­යන් විශ්වාස කළත් ඒ විශ්වා­සය මාද­ම්පි­ටිය කනත්තේ ඝාත­න­යත් සමඟ බිඳ වැටී ඇත.

Comments