මහි­න්දගේ කාලේ කෝටි 440ක බිල් ගෙව­න්නත් මහා භාණ්ඩා­ගා­ර­යට සිදු වෙයිද? | සිළුමිණ

මහි­න්දගේ කාලේ කෝටි 440ක බිල් ගෙව­න්නත් මහා භාණ්ඩා­ගා­ර­යට සිදු වෙයිද?

හ­ජ­න­තාව තමන් පාවි­ච්චි­යට ගන්නා සබන් කැටයේ, දත් බුරු­සුවේ, බෙහෙත් පෙත්තේ සිට සෑම පාරි­භෝ­ගික භාණ්ඩ­ය­ක­ටම රජයේ ආදා­යම් ලෙස ගෙවන බදු මුදල් හිතූ මනා­ප­යට තම සුඛ විහ­ර­ණය සඳහා ඉතා අම­නෝඥ අයු­රින් යොදා­ගැ­නී­මක් පිළි­බඳ සිහි­පත් වන සිද්ධි­යක් ඉකුත් දා සිදු විය. ඒ , හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පාලන කාලයේ සිදු වූ විනි­වි­ද­භා­ව­යෙන් තොර භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සඳහා විය­දම් දැරී­මට පිය­වර ගත යුතු­යැයි ඉකුත් ඇමැති මණ්ඩ­ල­යට ගෙන ආ යෝජ­නා­වක් සම­ඟය.

මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ කාලයේ නිසි ක්‍රම­වේ­ද­යක් හෝ පිළි­වෙ­තක් නැතිව වැය කළ රුපි­යල් කෝටි හාර­සිය හත­ළි­හක මුද­ලක් ගෙවා දමන ලෙස ඉකුත් ඇමැති මණ්ඩ­ල­යට ගෙන ආ දැනු­වත් කිරීමේ ‍යෝජනාව පසු­වට කල් තැබී­මට සිදු විය. ඒ මුදල පිය­ව­න­වාද? නැද්ද? යන්න පිළි­බඳ ඉදි­රියේ තීර­ණ­යක් ගනු ඇත.

මහින්ද රාජ­පක්ෂ
පාලන සමයේ ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට
ආන­ය­නය කළ භාණ්ඩ වෙනු­වෙන් ශ්‍රී ලංකා
රේගු­වට රුපි­යල් කෝටි 200ක් ගෙවී­මට සිදු වී තිබේ. ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය ‍භාවිත කළ වාහන 78ක් සඳහා
ලීසිං සමා­ග­ම­කට ගෙවිය යුතු රුපි­යල් කෝටි 150ක්ද වෙයි. ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය විසින්
ශ්‍රී ලංකන් ගුවන්
සමා­ගම වෙත රුපි­යල් කෝටි 11ක්ද, තංගල්ල කාල්ටන් නි‍ෙවසේ පැවැති
උත්සව සදහා වැය වූ රුපි­යල් කෝටි 2ක්ද
පිය­විය යුතුව ඇත
.

2005 නොවැ­ම්බර් 17 වැනිදා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ජය­ගත් මහින්ද රාජ­පක්ෂ මහතා 2010 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ද ජය­ගෙන 2015-01-08 වැනි දා දක්වා ජනා­ධි­පති ලෙස කට­යුතු කළේය. ඒ කාලය තුළ ප්‍රශ්න මතු වන ආකා­ර­යට සිදු කළ ගනු­දෙනු පිය­වීම සම්බ­න්ධව ඉකුත් දා ඇමති මණ්ඩ­ල­යට විග­ණ­කා­ධි­ප­ති­ව­ර­යාගේ දැනුම් දීම මත දැනු­වත් කිරීමේ යෝජ­නාව ගෙන ආවේ ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා විසිනි. ඒ සම්බ­න්ධ­යෙන් ඇමැති මණ්ඩ­ල­යේදී අමා­ත්‍ය­ව­රුන් ගණ­නා­වක් විරෝ­ධ­තාව දක්වා තිබේ.

මහින්ද රාජ­පක්ෂ මහතා ආණ්ඩු පාල­නය ගෙන ගිය අවස්ථා දෙකේ­දීම විය­දම් කරන ලදුව එහෙත් මෙතෙක් නොගෙවා ඇති මුද­ලක් පිළි­බඳ ජනා­ධි­ප­ති­ව­රයා පසු­ගිය කැබි­නට් රැස්වී­මේදී තොර­තුරු අනා­ව­ර­ණය කර තිබිණි.

ඒ විය­ද­ම්වල විනි­වි­ද­භා­වය පිළි­බඳ ප්‍රශ්න මතු වී ඇතැ­යිද ටෙන්ඩර් පටි­පා­ටි­ය­කින් තොරව සිදු වී ඇති එකී ගනු­දෙනු පිය­වී­මට රජ­යට හැකි­යා­වක් නැතැ­යිද මෙහිදී ඇතැම් ඇමැ­ති­ව­රුන් පෙන්වා දී තිබේ. ‍එලෙස සිදු වූ ගනු­දෙ­නු­ව­ලට ගෙවිය යුතු මුදල් සම්බ­න්ධ­යෙන් මහා­භා­ණ්ඩා­ගා­රය සිය දැක්ම පැහැ­දිලි කර තිබෙන්නේ පව­තින නීති රීති අකු­ර­ටම පිළි­ප­දි­මිනි. එ් අනුව එම මුදල් ගෙව­න­වාද? නැද්ද? යන්න පිළි­බඳ තීර­ණ­යක් ගැනී­මට ඉදි­රි­යේදී සිදු වනු ඇත.

මහින්ද රාජ­පක්ෂ පාලන සමයේ ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට ආන­ය­නය කළ භාණ්ඩ වෙනු­වෙන් ශ්‍රී ලංකා රේගු­වට රුපි­යල් කෝටි 200ක් ගෙවී­මට සිදු වී තිබේ. ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය ‍භාවිත කළ වාහන 78ක් සඳහා ලීසිං සමා­ග­ම­කට ගෙවිය යුතු රුපි­යල් කෝටි 150ක්ද වෙයි. ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමා­ගම වෙත ගෙවිය යුතු රුපි­යල් කෝටි 11ක්ද, තංගල්ල කාල්ටන් නිවසේ පැවැති උත්සව සදහා වැය වූ රුපි­යල් කෝටි 2ක්ද පිය­විය යුතුව ඇතැයි ජනා­ධි­ප­ති­ව­රයා විසින් ඉදි­රි­පත් කරන ලද ඇමැති මණ්ඩල පත්‍රි­කාවේ සඳ­හන් වී ඇතැයි ද ඇතැම් ඇමැ­ති­වරු පෙන්වා දී තිබේ.

හිතු මනා­ප­යට සුපිරි වාහන ලබා­ග­නි­මින් ඒවාට ගෙවිය යුතු ලීසිං මුදල් හා පොලිය නොගෙවා තිබීම බර­ප­තළ වර­දකි. එප­ම­ණක් නොව ඒ සම්බ­න්ධ­යෙන් නිසි ක්‍රම­වේ­ද­යක් අනු­ග­ම­නය නොකි­රී­මද වර­දකි. එවැනි තත්ත්ව­යක් යට‍තේ ලබා­ගෙන අත­හැර දමා තිබූ ඒ ඇතැම් වාහන සම්බ­න්ධ­යෙන් නීති­මය ක්‍රියා­මාර්ග ගැනී­මට කිසි­ව­කු­ටත් අව­කාශ සැලසී නැත. ඇමැති මණ්ඩ­ලය දැනු­වත් කිරීම සම්බ­න්ධ­යෙන් ගෙන ආ ඒ යෝජ­නාව පිළි­බඳ ඉදි­රි­යට කට­යුතු කිරී­මට මුදල් අමා­ත්‍යාං­ශයේ මතය සලකා බැලිය යුතු­මය. මුදල් අමා­ත්‍යාං­ශයේ ඉහළ නිල­ධා­රි­යෙකු සඳ­හන් කළේ රජය සෑම වස­රක් පාසාම සිදු කරනු ලබන විය­දම් එම වස­රේ­දීම ගෙවා දැමිය යුතු බවය. එසේ නැති නම් මුදල් චක්‍ර­ලේඛ මුරය 115 යටතේ ඊළඟ වසරේ ගෙවී­මට ඒ සඳහා ඉදි­රි­යට පිය­වර ගත යුතුව ඇත. එහෙත් මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පාලන කාලයේ සිදු වී තිබෙන දැනට ගෙවිය යුතු ඉහත මුදල සඳහා කිසිදු පිය­ව­රක් එම ‍වකවා­නුවේ ගෙන නැත. ඒ විය­දම් ගෙවා දැමීම පිළි­බඳ ඉතිරි වී ඇත්තේ ප්‍රශ්නා­ර්ථ­යකි.

- සඳරුවන්

Comments