බුදු දහම විචි­ත්‍ර­වත් කරන ශ්‍රද්ධාව පෙර­දැරි ආමිස පූජාව | Page 2 | සිළුමිණ

බුදු දහම විචි­ත්‍ර­වත් කරන ශ්‍රද්ධාව පෙර­දැරි ආමිස පූජාව

 

 

බුදු දහම සහ බෞද්ධ­යාගේ ආමි­සය මුල් කොට­ගත් පුද පූජා සමා­ජය විසින්ම දෙවෙනි කොට දක්වනු පෙනේ. මේ තර්ක ගොඩ­න­ඟන්නෝ බුදු­ද­හම බැබ­ළෙන්නේ ප්‍රශ්න කළ තර­ම­ටය යන මතය ඉදි­රි­පත් කර­මින් ආමිස පුජාව නිගරු කරති.

බුදු­හිමි පුදන ආකා­රය පුද්ග­ල­ය­කුට අන­න්‍යය වූවකි. එය තම හද­වතේ ශ්‍රද්ධාව පෙර­දැරි කර­ග­නි­මින් තමාට හැකි උප­රි­ම­යෙන් සිදු කර­න්නකි. චෛත්‍ය­යට බෝධි­යට බුදු­පි­ළි­ම­යට වැද නම­ස්කාර කර­න්නට යමෙ­කුට සිතෙ­න්නට හේතු තිබේ. ඒ හේතු සංස්කෘ­තිය, සාමා­ජා­නු­යෝ­ජ­නය සහ පවු­ලෙන් එන අත්දැ­කීම් මූලික කොට හට ගන්නකි. එහෙත් දහම පිළි­බඳ, බුදු­ර­ජා­ණන් වහන්සේ පිළි­බඳ ශ්‍රද්ධාව අව­බෝ­ධය වර්ධ­නය වන විට සිතෙහි හට­ගන්නා ප්‍රභා­ෂ්වර බව ශාස්තෘෘන් වහන්සේ සංකේ­ත­වත් කරන උත්තම සංකේ­ත­යන් ඉදි­රියේ වන්ද­නය ලෙසින් ක්‍රියා­වට නැඟේ.

බුදු­හි­මිගේ ත්‍රෛවිධ ධාතුන් වහ­න්සේට අයත් ත්‍රිවිධ බෝධීන් වන්දනා කර­ගැ­නී­මෙන් කුසල් සිදු වන බැව් බුදුන් ධර­මාන කාල­යේ­දීම ඔප්පු කර ඇති ප්‍රධාන අවස්ථා දෙකක් ඇත. ඉන් පළමු වැන්න ආනන්ද බෝධි­යයි. බුදු­හිමි දකි­න්නට එන සැදැ­හැ­ව­තුන් බුදු­හිමි ජේත­ව­නා­රා­මයේ නැති විට දොම්නස් සහ­ග­තව ආපසු හැරී යන බැවින් බුදු­හිමි වැඩ නොසි­ටින වේලා­වට වන්ද­නා­මාන කිරී­මට සුදුසු යමෙක් ඇද්දැයි ආනන්ද හිමි­යන් බුදු හිමි විම­සූ­හයි පැනේ. එම අව­ස්ථාවේ බුදු­හි­මිගේ අනු­ශා­ස­නය පරිදි ගයාවේ බුදු­හිමි සම්බෝ­ධි­යට පත් වීමට සෙවණ දුන් බෝධි­යෙන් අංකු­ර­යක් ජේත­ව­නා­රා­මයේ උත්ස­වා­කා­ර­යෙන් අනේ­පිඩු සිටු අතින් රෝප­ණය කර­වී­මට ආනන්ද හාමු­ද­රු­වන් කට­යුතු කළ­හයි බෞද්ධ සාහි­ත්‍යය පෙන්වයි. රෝප­ණය කළ බෝධිය මූල­යෙහි බුදු­හිමි සම­වත් සුවෙන් වැඩ හිඳ එය සැදැ­හැ­ව­තුන්ගේ වන්ද­නා­වට සුදුසු ස්ථාන­යක් බවට පත් කළ­හයි කියැවේ.

දෙවැන්න කෝසම්භි වර්ණ­නාවේ සඳ­හන් වන සඳුන් අර­ටු­වෙන් කරන ලද බුදු පිළිම වහ­න්සේගේ පුව­තය. කෝසම්භි වර්ණ­නා­වට අනුව බුදු­හිමි අභි­ධ­ර්මය දේශනා කිරී­මට තව්තිසා දෙව්ලො­වට වැඩම කළ අව­ස්ථාවේ පසේ­නදී කෝසල රජු ඇතුළු පිරිස බුදුන් වන්දනා කිරී­මට නොහැකි වීම නිසා දොම්නස් සහ­ගත වී යැයි කියැවේ. පසුව බුදු­හිමි ආපසු වැඩි පසු බුදු­හිමි හමුවේ බුදු­හි­මිගේ පිළි­රු­වක් කෝසල රජු සඳුන් අර­ටු­ව­කින් නෙළ­න්නට අව­සර ඉල්ලූ අව­ස්ථාවේ බුදු හිමි ඒ සඳහා අනු­මැ­තිය ලබා දුන් බව සඳ­හන්ය. එම බුද්ධ ප්‍රති­මාව කළ බව සඳ­හන් කාල­යෙන් සිය­වස් දහ­ය­කට පසු, එනම් පස් වන සිය­වසේ ඉන්දි­යාවේ චාරිකා කළ හියුත්සාං භික්ෂූ­වගේ චාරිකා සට­හනේ එම ප්‍රති­මා­ව­හන්සේ ගැන සඳ­හන්ය. හියුත්සාං සට­හන කෝසම්බි වර්ණ­නාවේ සඳ­හන් කාරණා හා ගැළ­පෙයි.

විශාලා මහ­නු­වර තුන්බිය පැතිරී මිනි­සුන් අනේ­ක­විධ පීඩා විඳිද්දී රතන සූත්‍රය දේශනා කර­මින් පිරි­ත්පැන් ඉසි­මින් මහා සංඝයා වහන්සේ නුවර වටා වැඩම කළ බවත් ඉන් තුන්බිය සම­නය වූ බවත් සූත්‍ර පිට­කයේ සඳ­හන්ය. රතන සූත්‍රයේ අඩංගු වන්නේ තුනු­රු­වනේ ගුණ සමු­දා­යයි. “ඒ ගුණ­යන්හි සත්‍යයේ බල­යෙන් ඔබ සුව­පත් වේවා!“යන සත්‍ය­ක්‍රි­යා­වයි. බුද්ධ, ධම්ම, සංඝ යන තුනු­රු­වනේ අනන්ත ගුණයේ බල­යෙන් සුව­පත් වේවා! ප්‍රාර්ථනා කර­න්නට බෞද්ධ­යන් මෙහෙ­ය­වන්නේ මේ බෞද්ධ සූත්‍රාන්ත දේශ­නාය.

බුදු­හිමි අනු­ශා­සනා කළ බොහෝ කාරණා වර්ත­මාන ලෝකයේ විද්ව­තුන් අතර සම්භා­ව­නා­වට ලක් වී ඇති අයුරු පෙනේ. ඉන් එකක් නම් ජපන් විද්‍යා­ඥ­යකු විසින් පිරිත් බල­යෙන් ජල අණුවේ හැඩය වෙනස් වන ආකා­රය ලෝක­යට ඉදි­රි­පත් කිරී­මය. පිරිත් පැන්වල බලය පිළි­බඳ විම­සන වෙනත් මාන­යක් අප වෙත විවර වී තිබේ.

ඉති­පිසෝ ගාථා­වෙන් කියැ­වෙන්නේ ලොව පහළ වූ නික්ලේෂී උතු­ම­කුගේ අසම සම ගුණ සමු­දා­යකි. එවන් උතු­ම­කුගේ ගුණ මෙනෙහි කර මා සුව­පත් වේවා! කියන විටදී අපගේ මනස ශාන්ත සුව­යට පත්ව­න්නේද කියා විමසා බැලී­මෙන් පසක් කර­ගත යුතුය.

ආමිස පූජාව පිළි­බඳ වර්ත­මා­නයේ විවිධ විරෝ­ධතා මතු වෙයි. බුදු­ර­ජා­ණන් වහන්සේ උදෙසා කෙරෙන සම­හර ආමිස පූජා විශාල නාස්ති­යක්ය යන මතය සමා­ජ­ගත වෙමින් ඇත. ඒ සම්බ­න්ධ­වද අප කළ යුත්තේ විවේ­ච­ක­යකු ලෙසින් බුදු පුදට කෙරෙන කට­යු­තු­ව­ලට ගැර­හීම නොව බුදු රජා­ණන් වහන්සේ පුද්ග­ල­යා­ගෙන් සැබැ­වින්ම අපේක්ෂා කළ පූජාව කව­රේද යන්න ත්‍රිපි­ට­කය ඇසු­රින්ම විමසා අව­බෝධ කර­ගැ­නී­මය.

එහෙත් බුදු­ද­හම ගැඹු­රින් අව­බෝධ කර­ගත නොහැකි පුද්ග­ල­යන් අද පම­ණක් නොව බුදු සම­යේත් ජීවත් වුහ. එවන් මිනි­සුන් කුසල් වඩා ප්‍රඥා ඇස දල්වා­ගන්නා තෙක් සතර අපායේ නොවැටී සසර ගමන් කිරීම සඳහා ආමිස පූජා­වෙන් විශාල දාය­ක­ත්ව­යක් ලැබේ.

බුදු දහම ප්‍රති­පත්ති පූජාව මත පම­ණක් පව­ත්වා­ගෙන යා නොහැ­කිය. අපගේ මහා විහාර සම්ප්‍ර­දාය ඉක්ම­නින් නැති වූයේ එහෙ­යිනි. අභ­ය­ගිරි සම්ප්‍ර­දාය නොව­න්නට බුදු දහම වැනසී යන්නට ඉඩ තිබිණි. කණිෂ්ක අධි­රා­ජයා බුදු දහම ප්‍රච­ලිත කර­න්නට ආමි­සය පෙරටු කොට­ගත්තේ එහෙ­යිනි. පිළිම කලාව එහි කූට­ප්‍රා­ප්ති­යයි. හර්ෂ­ව­ර්ධන අධි­රා­ජ­යාද බුදු දහමේ පැවැත්ම වෙනු­වෙන් එවන් මහඟු මෙහෙ­යක් සිදු කළේය. එම නිසා ආමි­සය පම­ණක් නොව ප්‍රති­පත්ති පූජා­වද නිසි අව­බෝ­ධ­යෙන් කිරී­මට වැද­ගත්ය. එසේ නොවු­ව­හොත් අප විසින් පුරනු ලබන ප්‍රති­පත්ති පූජා­වෙන්ද අපට නිසි ඵල නෙළා­ගත නොහැකි වනු ඇත.

යමෙ­කුට සතර මඟ සතර ඵල අව­බෝධ කර­ගැ­නී­මට අවශ්‍ය නම් ඒ සඳහා තව­මත් නිසි මාර්ග විව­රය. එහෙත් ආමිය පූජාව පවත්වා ගත යුත්තේ එත­රම් ප්‍රඥා­වත් නොවූ ජන­තාව ශ්‍රද්ධා­වෙන් යුතුව ආමි­සයේ යෙදී­මෙන් පවින් වැළකී සතර අපායේ නොවැ­ටෙ­න්නට ඉඩ හරිනු පිණි­සය.

Comments