අපේ කුණු ගැන හැම තැනම ‘කනු කුනු, | Page 2 | සිළුමිණ

අපේ කුණු ගැන හැම තැනම ‘කනු කුනු,

පේ රටේ අවි­ධි­මත් කසළ පරි­හ­ර­ණය නිසා රටේ විශාල ඉඩම් ප්‍රමා­ණ­යක් හා රටේ විශාල මුදල් ප්‍රමා­ණ­යක් රටට අහි­මි­වෙන බව අලුත් ම අධ්‍ය­ය­න­ව­ලින් හෙළිවේ‍.

අලුත්ම අධ්‍ය­යන අනුව කොළඹ නගර සභාවේ අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ කට­යුතු සඳහා වස­ර­කට වැය­වන මුදල කෝටි 200කට ආස­න්නය. එමෙන් ම කොළඹ නග­රයේ අවට ප්‍රදේ­ශ­වල කෝටි 10000කට අධික වටි­නා­ක­මක් ඇති ඉඩම් අක්කර 100ක් ද කුණු කස­ළ­ව­ලින් වැසී ඇත.

අද පව­තින තත්ත්වය අනුව ලොකුම කුණු කසළ ගැට­ලුව ඇත්තේ කොළඹ මහ නගර සභා­වට ය. ඒ අනුව දැන් මෙතෙක් කාල­යක් කෙර­ව­ල­පි­ටි­යට යැවූ කුණු කසළ දැන් කිලෝ­මී­ටර් 200ක් පමණ දුර ගෙවා අරු­ව­ක්කා­ලු­ව­ලට යැවී­මට සිදුවී තිබේ. එය කොළඹ නගර සභා­ව­ටත් පුත්ත­ලම් ජන­තා­ව­ටත් වනා­ත­වි­ල්ලුව ප්‍රාදේ­ශීය සභා­ව­ටත් විවිධ ගැටලු මතුවී තිබේ.

මේ සියලු කුණු කසළ ගැටලු නිසා ඇළ වේලි අතුරු ඇළ මාර්ග තෙත් බිම් හා පාරි­ස­රික සංවේදී කලාප රැසක් ද විනා­ශ­යට පත්වෙ­මින් පවතී.

ඊට අම­ත­රව රට­පුරා කුණු කසළ කඳු 350ක් ද ඇති වෙමින් පවතී. මේ කුණු කසළ ගැට­ලු­වට තිර­සර විස­ඳුම් වෙනු­වට ක්‍රියා­ත්ම­කවී ඇත්තේ පැලැ­ස්තර විස­ඳුම් පම­ණකි. අපි ඒ පිළි­බ­ඳව ගැඹු­රින් අව­ධා­නය යොමු කළ යුතුව ති‍බේ.

දින­කට අපේ රටේ හැම­තැ­නම කුණු කසළ මෙට්‍රික් ටොන් 6400ක් පමණ එක­තුවේ. ඉන් පළාත් පාලන ආය­ත­න­ව­ලින් එකතු කරනු ලබන්නේ කුණු කස­ළ­ව­ලින් සිය­යට 3ක් පමණි.

මේ පිළි­බ­ඳව අපට කරුණු පැහැ­දිලි කළ කොළඹ නාග­රික කොම­සා­රිස් පාලිත නානා­ය­ක්කාර මහතා පැව­සුවේ මේ කොළඹ කුණු ගැට­ලු­වට විස­ඳු­මක් ලෙස කොළඹ කුණු පුච්චන්න යන්ත්‍රා­ගා­ර­යක් ලබන දෙසැ­ම්බර් මස සිට කොළඹ නග­රයේ ස්ථාපිත කරන බවයි. වෙස්ටන් ෆවර් ආය­ත­නයේ අනු­ග්‍ර­හය මත රුපි­යල් කෝටි 7ක විය­ද­මින් එය කොළඹ නග­රයේ ස්ථාන­යක ස්ථාන­ගත කරන බවත් එවිට කොළඹ කුණු­ව­ලින් සිය­යට 80ක් පමණ එය මගින් පිට­වී­මට හැකි බවත් නාග­රික කොම­සා­රි­ස්ව­රයා පව­සයි.

දැනට කොළඹ නග­රයේ එක­තු­වන කුණු ටොන් 10ක් වත් එක් ලොරි­ය­කට අරු­ව­ක්කා­ලු­වට ප්‍රවා­හ­න­යට රුපි­යල් ලක්ෂ­යක් වැය වන බවත් ඒ අනුව ලොරි 20ක් දින­කට අරු­ව­ක්කා­ලු­වට ගියොත් නගර සභා­වට රුපි­යල් ලක්ෂ 20ක් වැය­ව­නවා. මේක අපිට දරන්න අමා­රුයි. ඊට අම­ත­රව සේව­ක­යන්ට විය­ද­මට මුදල් දෙන්න වෙනවා. මේ අනුව මස­කට මේ කසළ අරු­ව­ක්කා­ලු­ව­ලට ප්‍රවා­හ­න­යට පම­ණක් කෝටි 6ක් වැය වෙනවා” නාග­රික කොම­සා­රි­ස්ව­රයා පව­සයි.

මේ පිළි­බ­ඳව තව­දු­ර­ටත් කරුණු දක්වන කොළඹ නගර සභාවේ අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ කමි­ටුව පවසා ඇත්තේ කොළඹ අප­ද්‍රව්‍ය එකතු කිරීම ප්‍රවා­හ­නය හා පරි­පා­ලන කට­යුතු සඳහා කොළඹ නගර සභාව මස­කට රුපි­යල් කෝටි 33ක් වැය කරන බවයි.

මේ තත්ත්වය අනුව මේ වස‍‍රේ නගර සභාවේ අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ කට­යුතු සඳහා පම­ණක් වැය කර ඇති මුදල රුපි­යල් කෝටි 180කට අධික බවත් මේ වසර අවසන් වන විට කෝටි 200 දක්වා ඉහළ යනු ඇති බවත් නගර සභාවේ මන්ත්‍රී­වරු පව­සති.

මේ පිළි­බ­ඳව කොළඹ නාග­රික කොම­සා­රි­ස්ව­රයා වැඩි­දු­ර­ටත් පව­සන්නේ කොළඹ කසළ පිරි­සුදු කරන කොන්ත්‍රාත් සමා­ගම් දෙකට මස­කට රුපි­යල් මිලි­යන 210ක් ගෙවන බවයි. ඒ අනුව කොළඹ සිට අරු­ව­ක්කා­ලු­වට කසළ ගෙන යාමට රුපි­යල් මිලි­යන 60ක් ද එකතු කිරී­මට මස­කට මිලි­යන 150ක් ද ලබා­දී­මට සිදුව ඇති බවයි.

මේ පිළි­බ­ඳව පරි­සර හා මහ­වැලි සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ අහි­ත­කර අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ අංශයේ සහ­කාර අධ්‍ය­ක්ෂක සුජීවා ප්‍රනාන්දු මහ­ත්මිය පැව­සුවේ නග­රයේ ජන­තාව හා නග­ර­යට පිටින් එන ජන­තාව නග­ර­යට කුණු කසළ දැමීම අවම කිරීම හා කුණු කසළ වෙන්කර ඉව­තට දැමීම මගින් කසළ එකතු වීම අඩු කර­ගත හැකි වනු ඇති බවයි. මේ පිළි­බ­ඳව ජන­තාව දැනු­ම්වත් කිරීම අත්‍ය­වශ්‍ය බව ද ඇය පෙන්වා දෙයි.

දැනට අපේ රටේ ප්‍රධාන නග­ර­වල කුණු කඳු 350ක් ගොඩ ගැසී තිබෙ­නවා. ජන­තාව තම කුස්සි­යෙන් ම තම ගෙව­ත්තෙන් ම අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය හා අවම කිරීම් නැවත පාවි­ච්චිය පටන් ගන්නේ නම් පළාත් පාලන ආය­ත­න­ව­ලට කුණු මෙත­රම් ගැට­ලු­වක් වෙන්නේ නැහැ. ඒ වගේ ම අද යළිත් අරු­ව­ක්කා­ලු­වට විරුද්ධ උද්ඝෝ­ෂණ ඇරැඹී තිබෙ­නවා. මේ වගේ ඒවා නිසා තමයි කොළ­ඹත් රට පුරාත් කුණු ගොඩ ගැසෙන්නේ. ඒ නිසා අපි මහ­ජ­න­තා­වට පව­සන්නේ සනී­පා­ර­ක්ෂක කසළ රද­ව­න­ව­ලට විරුද්ධ වීම පරි­ස­ර­යට හානි කිරී­මක් බවයි.

මධ්‍යම පරි­සර අධි­කා­රිය මෙරට කුණු කසළ ප්‍රශ්නය විස­ඳී­මට වැද­ගත් මෙහෙ­යක් ඉටු කරයි. පසු­ගිය වක­වා­නුවේ මෙර­ටට එංග­ල­න්තයේ සිට එවනු ලැබ කටු­නා­යක ගබඩා කර තිබූ පිට­රට කුණු කසළ සියල්ල කන්ටේ­නර් 33ක් තුළට දැමූ බවත් ඒවා ඉදි­රි­යේදී එංග­ල­න්ත­යට යැවී­මට කට­යුතු කරන බවත් මධ්‍යම පරි­සර අධි­කා­රියේ උප­ද්‍ර­ව­කාරි අප­ද්‍රව්‍ය අංශයේ අධ්‍යක්ෂ අජිත් වීර­සු­න්දර මහතා පව­සයි.

මෙරට කුණු කසළ ගැට­ලු­වට විස­ඳුම් රැසක් ඇති බවත් ඉන් එක් සාර්ථක විස­ඳු­මක් වන්නේ සෞඛ්‍ය ආර­ක්ෂක කසළ අංගණ බවත් මධ්‍යම පරි­සර අධි­කා­රියේ අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ අංශයේ අධ්‍යක්ෂ සරෝ­ජිනී ජය­සේ­කර මහ­ත්මිය පව­ස­න්නීය.

ඒ අනුව මධ්‍යම පරි­සර අධි­කාරි‍ය මගින් දොම්පේ සනී­පා­ර­ක්ෂක කසළ අංග­ණ­යක් දැන් ඉදි­කර අව­සන් කර ආර­ක්ෂිත ලෙස පව­ත්වා­ගෙන යන බවත් එයට මුලින් ම විරෝ­ධතා එල්ල වූ බවත් ඇය පෙන්වා දෙයි‍.

අපේ රට පුරා කුණු කඳු ගොඩ­ගැ­සීම වැළැ­ක්වී­මට අපි දැන් අලුත් කසළ අංගණ 4ක් ඉදි­කි­රී­මට සැල­සුම් කර තිබෙ­නවා.

ගාල්ලේ අනු­රා­ධ­පු­රයේ පොලො­න්න‍රුවේ හා යාප­නයේ ඒවා පිහි­ට­වී­මට දැන් සැල­සුම් ක්‍රියා­ත්ම­කයි. ඒ අනුව යාප­නයේ ඉදි­ක­රන කසළ අංග­ණයට දින­කට කසළ මෙට්‍රික් ටොන් 50ක් දාන්න පුළු­වන්. පොළො­න්න­රු­වට මෙට්‍රික් ටොන් 30ක්, අනු­රා­ධ­පු­ර­යට මෙට්‍රික් ටොන් 20ක් හා ගාල්ලට මෙට්‍රික් ටොන් 50ක් ලෙස ධාරි­තා­වක් ඇති කසළ අංගණ අපි පිහි­ටු­ව­නවා.” කෙසේ වුවත් මේවා ඉදි­කි­රී­මට ප්‍රදේ­ශයේ අය විරු­ද්ධ­තා­වන් පළ කර­නවා. නමුත් අපි ඒ අයට කරුණු වටහා දී රටේ කුණු කසළ ගැට­ලු­වට විස­ඳුම් ලෙස මේ අංගන ඉදි­කි­රී­ම­ටයි අපේ අපේ­ක්ෂාව.

සෑම නිවෙ­සක සිටම අප­ද්‍රව්‍ය බෑග්ව­ලට දමන කොට ඒවා වෙන් කිරීම ඉතා වැද­ගත්. එලෙස කසළ වෙන් කළ විට ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණ­ය­කට යන කසළ, කොම්පො­ස්ට්ව­ලට සුදුසු කසළ කිසි­වක් කළ නොහැකි කසළ ලෙස තුන් වර්ග­ය­කට වර්ග කර­නවා. පසුව ඒ අනුව කිසි­වක් කළ නොහැකි ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කිරී­මට අප­හසු කසළ මේ කසළ අංග­ණ­ව­ලට දැමී­මට කට­යුතු කළ යුතුයි. වර්ග නොකළා නම් අප කරන්නේ සියලු කසළ අර අංග­ණ­ව­ලට දැමී­මයි. එවිට ඒ අංගණ ඉතා ඉක්ම­නින් පිරෙ­නවා. අපි අපේ රටේ ජන­තාව හා කසළ එකතු කරන අය කසළ වෙන් කිරී­මට කට­යුතු කිරීම අත්‍ය­වශ්‍ය කරු­ණක්” ඇය පැව­සු­වාය.

මේ අතර බස්නා­හිර සංව­ර්ධන හා මහා නගර සංව­ර්ධන ඇමැති පාඨලි චම්පික රණ­වක මහතා පව­සන්නේ මේ කුණු ගැට­ලුව නිසා කොළඹ නග­රයේ හා අවට ප්‍රධාන නග­ර­වල අක්කර 100ක පමණ ආර්ථික වශ­යෙන් ඉතා වැද­ගත් භූමි ප්‍රදේ­ශ­යක් කුණු කස­ළ­ව­ලට වැසී තිබෙන බවයි.

ඒ අනුව තව­මත් මීතො­ට­මුල්ලේ වටිනා ඉඩම් අක්කර 10ක්ද, වේර­හැර කර­දි­යානේ අක්කර 22ක්ද, බ්ලුමැ­න්ඩල්හි අක්කර 16ක්ද, කෙළ­ව­ර­පි­ටියේ අක්කර 4ක්ද කුණු කස­ළ­ව­ලින් පිරී ඇතැයි මහා­න­ගර හා බස්නා­හිර පළාත් සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ සමාජ විද්‍යාඥ නිමල් ප්‍රේම­ති­ලක මහතා පව­සයි. මින් කරදියාන කුණු කන්ද නාය යෑමට ඉඩ ඇතැයි පරිසර විද්‍යාඥයෝ පවසති.

ඊට අම­ත­රව කුරු­ණෑ­ගල ප්‍රදේ­ශයේ ඉඩම් අක්කර 25ක්ද, මහ­නු­වර ගුහා­ගොඩ ප්‍රදේ­ශයේ අක්කර 16ක්ද, මාතර අක්කර 12ක්ද ගාල්ලේ අක්කර 5ක්ද බදුල්ලේ අක්කර 10කද කුණු කසළ කඳු එකතු කිරීම් නිසා ප්‍රයෝ­ජ­න­යට ගත නොහැකි වී ඇතැයි ප්‍රේම­ති­ලක මහතා පව­සයි.

මේ අතර මීතො­ට­මුල්ල කුණු කන්ද ඉවත් කර­මින් පව­තින බවත් ඒ ඉඩ­කඩේ උද්‍යා­න­යක් ඉදි­ක­රන බවත් ඔහු කීය.

2017 වසරේ සිට 2014 දක්වා මීතො­ට­මු­ල්ලට කුණු කසළ දැමී­මට රුපි­යල් දස­ලක්ෂ 250ක් අදාළ සමා­ග­ම්ව­ලට ගෙවා ඇත. ඊට අම­ත­රව 2015 පම­ණක් මීතො­ට­මුල්ල කුණු කන්ද ඉහ­ළට යාම නිසා එම කුණු කන්දට කුණු දැමී­මට වැය කර ඇති මුදල රුපි­යල් දස­ලක්ෂ 215කි.

ඒ සම­ඟම 2017 ජන­වාරි මාස­යේදි කොළඹ නගර සභාව මඟින් කොන්ත්‍රාත් සමා­ග­ම­කට මීතො­ට­මුල්ල කුණු කන්ද නාය යෑම වැළැ­ක්වී­මට හා සම­තලා කිරී­මට රුපි­යල් මිලි­යන 250ක්ද ලබා දී ඇතත් එය හරි පරිදි සිදුවී නැත. කුණු කන්ද 2017 අප්‍රේල් 19 දා නාය­ගිය අතර ජීවිත හා දේපොළ රැසක් හානි­යට පත්විය.

ඒ අනුව ඒ කුණු කන්ද සම­ඟම ඒ රුපි­යල් මිලි­යන 250ක් ‘නාය ගොස්’ ඇතැයි පරි­ස­ර­වේ­දීහු පව­සති. මීතො­ට­මුල්ල කුණු කන්ද නාය­යෑම පිළි­බ­ඳව ජනා­ධි­ප­ති­තුමා විසින් ජනා­ධි­පති විම­ර්ශන කොමි­සන් සභා­වක් පත්කර තිබිණි. එහි ප්‍රධාන නිර්දේශ අතර වූයේ ඒ සිදු­වීම පිළි­බ­ඳව 2017 දි කොළඹ මහ නගර සභාවේ කොම­සා­රිස් ලෙස සිටි නිල­ධා­රි­යාත් 2017 දි කොලො­න්නාව ප්‍රදේ­ශයේ ලේකම්ව සිටි නිල­ධා­රි­යාත් වග­කිව යුතු බවයි. ඊට අම­ත­රව මේ පිළි­බ­ඳව මධ්‍යම පරි­සර අධි­කා­රිය කොළඹ නගර සභාව, කොලො­න්නාව නගර සභාව, ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය, බස්නා­හිර පළාත් සහ අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ අධි­කා­රිය වැනි ආය­තන ද ඊට වග­කිව යුතු බව එම ජනා­ධි­පති විම­ර්ශන වාර්තා­වෙන් දක්වා තිබිණි.

මීතො­ට­මුල්ල කුණු කන්ද නාය­යෑම පිළි­බ­ඳව ජනා­ධි­පති විම­ර්ශන වාර්තාව අනුව කසළ කළ­ම­නා­ක­රණ කට­යුතු විධි­මත් කිරීම තවම සිදුවී නැති බවත් දැන­ග­න්නට ඇත.

මේ අතර දැනට කොළඹ නගර සභාව දින­කට මෙට්‍රික් ටොන් 150ක් පමණ අරු­ව­ක්කා­ලු­වට කුණු කසළ ගෙනැ­විත් දමනු ල‍ැබේ. මේ එක් කුණු කසළ ටොන් එකක් පරි­සර හිත­කාමි ලෙස කසළ අංග­ණ­යට යොමු කිරී­මට අම­තර රුපි­යල් 3000 ක් වැය කිරී­මට සිදුවී ඇති බවත් අරු­ව­ක්කාලු කසළ අංග­ණයේ සමාජ විද්‍යාඥ නිමල් ප්‍රේම­ති­ලක මහතා පෙන්වා දෙයි.

පසු­ගිය දින­වල තිර­ප්පනේ හා සෙව­ණ­ගල ප්‍රදේ­ශ­වල විවිධ ස්ථාන­ව­ලට වරින් වර රෝහල් අප­ද්‍රව්‍ය දැමීම සිදුවී තිබිණි. මේ පිළි­බ­ඳව අපට මධ්‍යම පරි­සර අධි­කා­රියේ උප­ද්‍ර­ව­කාරි අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීර­සු­න්දර මහතා පැසුවේ ඒ පිළි­බ­ඳව පරී­ක්ෂණ සිදු­ක­රන බවයි.

ජාතික පාරි­ස­රික පනත අනුව හා මහ­ජන පීඩා­කාරි ආඥා පනත අනුව අදාළ පුද්ග­ල­යන්ට විරු­ද්ධව දැඩි නීති­මය පිය­වර ගන්නා බවත් අජිත් වීර­සු­න්දර මහතා පව­සයි. රටේ සිය­ලුම පොලිස් ස්ථාන, විශේෂ කාර්ය සාධක බළ­කාය මෙම පරී­ක්ෂණ සඳහා සහාය දෙන බවද ඔහු කීය. පුත්ත­ලමේ හා වනා­ත­වි­ල්ලුව ප්‍රදේ­ශ­යට කොළඹ කුණු කසළ ‍ලොරිවල දමා රැගෙන ඒම නිසා කටු­නා­යක පුත්ත­ලම මාර්ගයේ දැඩි දුර්ග­න්ධක් පව­තින බවට ද අරු­ව­ක්කාලු ව්‍යාපෘ­තිය සඳහා අනු­මත වූ පාරි­ස­රික නීති රීති හරි­හැටි අනු­ග­ම­නය නොකළ බවට වයඹ පළාත් වාසිහු චෝදනා කර­මින් සිටිති.

මේ පිළි­බ­ඳව ප්‍රදේ­ශයේ මහා සංඝ­ර­ත්නය, පිය­තු­මන්ද, පූජ­ක­ව­රුන්ද, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ද විරෝ­ධය දක්වා තිබේ.

ඒ පිළි­බ­ඳව කරුණු දක්වන මහ­න­ගර හා බස්නා­හිර පළාත් සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් ඉංජි­නේරු නිහාල් රූප­සිංහ මහතා පැව­සුවේ ඉදිරි මාස හය ඇතු­ළත මෙම කුණු සෞඛ්‍ය ආර­ක්ෂිත ලෙස දුම්රිය මඟින් කැල­ණියේ සිට අරු­ව­ක්කා­ලු­වට ප්‍රවා­හ­නය කිරී­මට කට­යුතු යොදන බවයි.

කැල­ණිය දුම්රිය අංග­ණය සකස් කිරී­මෙන් පසු හා සම්පූ­ර්ණ­යෙන් ම ආව­ර­ණය කළ අප­ද්‍රව්‍ය සනී­පා­ර­ක්ෂක ලෙස ප්‍රවා­හ­නය කළ හැකි දුම්රිය පෙට්ටි මෙර­ටට ගෙන්වූ වහාම ව්‍යාපෘ­තිය සම්පූර්ණ ලෙස අර­ඹන බවත් ලේක­ම්ව­රයා කියයි.

Comments