අන්තර්ජාතිකව සල­කුණු වන වන­ජීවි සින­මාවේ ලාංකික හැඩය | Page 3 | සිළුමිණ

අන්තර්ජාතිකව සල­කුණු වන වන­ජීවි සින­මාවේ ලාංකික හැඩය

 

 

ශ්‍රී ලාංකි­ක­යන් වන අපට තර­මක් දුරස්ත කලා­වක් වුව ද අන්ත­ර්ජා­තික වශ­යෙන් සලකා බලන කල්හි දැඩි ඉල්ලු­මක් හා ඉහළ ප්‍රේක්ෂක රුචි­ක­ත්ව­යක් වන­ජීවි කලා මාධ්‍ය සම්බ­න්ධ­යෙන් නිර්මා­ණය වෙමින් පවතී. වන­ජී­වින් සහ වනා­න්තර හි අසි­රිය රස විඳි­න්නන් උදෙ­සාම මේ වන විට එම විෂය කර්මා­න්ත­යක් ලෙස ගොඩ­නැඟී තිබේ.

ශ්‍රී ලංකාවේ පව­තින සින­මාව වෘතාන්ත චිත්‍ර­පට වශ­යෙන් පටු සීමා­ව­කට ලඝු කර ඇති නමුත් එකී සාම්ප්‍ර­දා­යික සීමා බිඳ­හෙ­ළ­මින් ශ්‍රි ලාංකික තරුණ සින­මා­ක­රු­වෙක් වන­ජීවි සින­මා­ක­රු­වකු ලෙස අන්ත­ර්ජා­තික සින­මාව තුළ ස්වකීය අන­න්‍ය­තාව සල­කුණු කිරී­මට සමත් වී සිටී.

ඔහු තිවංක රුක්ෂාන් පෙරේ­රාය. හෙතෙම කොළඹ ශාන්ත ජෝසප් විද්‍යා­ලයේ ආදි ශිෂ්‍යෙ­යකි. තිවංක සින­මා­ක­රු­වෙකු ලෙස ගොඩ­නැ­ඟෙන්නේ ඇම­රිකා එක්සත් ජන­ප­දයේ සෑන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි Academy of Art University of Creative Arts නමැති විශ්ව­වි­ද්‍යා­ලය මඟින් ද, මැලේ­සි­යාවේ පිහිටි Limkokwing University Creative Arts නමැති විශ්ව­වි­ද්‍යා­ලය මඟින් ද සිය උසස් අධ්‍යා­පන කට­යුතු සාර්ථ­කව නිම කිරී­මෙන් අන­තු­රු­වය. තිවංක මේ වන විට වෘත්තී­මය වශ­යෙන් සිය පූර්ණ කාල­යම වැය කරන්නේ වන ජීවි සිනමා කෘති වෙනු­වෙනි.

ඔහු විසින් Big-Four Sri Lanka, Wild Sri - Lanka Realm of the Leopard, The Devil Birds of Sri Lanka, Brown Wood Owl- Juvenile’s Journey යන සින­මා­පට නිර්මා­ණය කර ඇත. ඒ අත­රින් Big-Four Sri Lanka, යන චිත්‍ර­ප­ටය 2019 වර්ෂයේ දී 12th ECO Film Festival හීදි ප්‍රද­ර්ශ­නය කරන ලදී. තව ද ශ්‍රී ලංකා­වට ආවේ­ණික වූ 'උලමා' නැමැති කුරුලු විශේ­ෂය සම්බ­න්ධ­යෙන් තිවංක විසින් නිර්මා­ණය කරනු ලැබූ The Devil Birds of Sri Lanka යන සිනමා නිර්මා­ණය කැන­ඩාවේ Daily Plant මඟින් ද විකා­ශ­නය කරන ලදී.

තිවංක සින­මා­ක­රු­වකු වශ­යෙන් පම­ණක් නොව තිර පිට­පත් රච­ක­යෙකු වශ­යෙන් ද සිය දාය­ක­ත්වය නොම­සු­රුව ලබාදී තිබේ. “Sanctuary”තිර නාට­කය සඳහා World Series of script writing ලෙස 2010 වර්ෂ­යේදී ද, Black Leopard තිර රච­නය සඳහා 4th Annual Screen Craft Screen Writing Fellowship සහ Bird Pray තිර රච­නය සඳහා Screen craft Horror Screen Play Contest ලෙස 2017 වර්ෂයේ දී ද, Writers for Writers - MichellCollyar Screen Writing ලෙස නිර්දේශ වීමෙන් ද අන්ත­ර්ජා­තික වශ­යෙන් විවිධ ඇග­යී­ම්ව­ලට ලක් වී සිටී.

ඔහු විසින් නිර්මා­ණය කරන ලද Wild Sri Lanka - Realm of the Leopard නැමැති ශ්‍රී ලංකාවේ වනා­න්තර සිය වාස­භු­මිය කර­ගත් දිවි­යන්ගේ තොර­තුරු අනා­ව­ර­ණය කරන මිනිත්තු 50ක් පුරා දිවෙන සිනමා පටය Discovery Asia නමැති සුප්‍ර­සිද්ධ වන­ජීවි සිනමා නාලි­කාව විසින් ආසි­යාව පුරා විකා­ශ­නය කිරීම සඳහා මිලදී ගෙන තිබේ. එම නිර්මා­ණය ප්‍රංසය, ඉතා­ලිය, ජපා­නය සහ වෙනත් යුරෝ­පීය සහ ඇම­රි­කානු රට­වල් විසින් ද විකා­ශ­නය කිරී­මට බලා­පො­රොත්තු වේ.

Discovery Asia නාලි­කාව 2019 අගෝස්තු 21 වන දා සිට අගෝස්තු 29 වන දින දක්වා සති­ය­කට ආසන්න කාල­යක් සිය ගුවන් කාලය තිවං­කගේ Wild Sri Lanka - Realm of the Leopard වෙනු­වෙන් වෙන් කිරී­මට නිය­මි­තව ඇත.

වන­ජීවි සින­මා­ක­රු­වෙකු වීම පහසු කට­යු­ත්තක් නොවේ. සින­මා­ක­රු­වෙකු වශ­යෙන් ස්ථාවර වීමට හෝ කිසිදු විධි­මත් ක්‍රම­වේ­ද­යක් නැති රටක තිවංක වන­ජීවි සින­මා­ක­රු­වෙකු ලෙස ජාත්‍ය­න්ත­රය දිනා­ගැ­නීම අරු­ම­යකි. ශ්‍රී ලංකාව හා ජාත්‍ය­න්ත­රය ප්‍රබල හුය­කින් බැඳ තබන තිවංක වැනි තරු­ණ­යන්ගේ නිර්මා­ණ­ශීලී හැකියා කෙරෙහි බල­ධා­රීන්ගේ අව­ධා­නය යොමු විය යුතු කාලය එළඹ ඇත.

 

Comments