අධි­ක­ර­ණය ඉදි­රියේ පරී­ක්ෂ­ණයේ භයා­නක බව කීවේ ඇත්ත හංග­න්නද? | සිළුමිණ

අධි­ක­ර­ණය ඉදි­රියේ පරී­ක්ෂ­ණයේ භයා­නක බව කීවේ ඇත්ත හංග­න්නද?

සිසේ­රි­යන් සැත්කම් අත­ර­තුර පැලෝ­පීය නාල­යට හානි කර­මින් සිංහල බෞද්ධ මවු­ව­රුන් සිය­ද­හස් ගණ­නක් වඳ භාව­යට පත් කළේ­යැයි චෝදනා එල්ල වුණු ප්‍රසව හා නාරි­වේද වෛද්‍ය ෂාෆි සහා­බ්දීන්ට එරෙ­හිව කුරු­ණෑ­ගල රෝහල පැත්තෙන් දැඩි සට­නක නිර­තව සිටින මහා බල කණු දෙකකි. ඒ කුරු­ණෑ­ගල රෝහල් අධ්‍යක්ෂ සරත් වීර­බ­ණ්ඩාර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කඳ­න්ග­මුව යන මහ­ත්ව­රුන්ය. ෂාෆිට එරෙහි සට­නේදී රෝහල පාර්ශ්ව­යෙන් ඉදි­රි­යෙන්ම සිටි­න්නේද මේ දෙදෙ­නාය.

මේ අයගේ සටන යම් තාක් දුර­කට පසු­බැ­සී­ම­කට ලක් වූයේ නම් ඒ වෛද්‍ය ෂාෆිට එරෙ­හිව එල්ල වී තිබුණු ත්‍රස්ත­වාදී ලේබ­ලය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ගලවා දැමීම හේතු­වෙනි. මේ චෝද­නාව ෂාෆිට එල්ල කර තිබුණේ සංවි­ධා­නා­ත්ම­ක­වය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­න­ව­ලින් හෙළිව ඇති ආකා­ර­යට එය කුම­න්ත්‍ර­ණ­යකි. එකී කුම­න්ත්‍ර­ණයේ කොට­ස්ක­රු­වන් අතර වෛද්‍ය වෘත්තියේ නිර­තව සිටි­න්නන් මෙන්ම පොලි­සියේ අයද සිටි­යහ. මේ අය මෙම කුම­න්ත්‍ර­ණ­යට සම්බන්ධ වී ඇත්තේ යම් දේශ­පා­ලන අර­මු­ණක් වෙනු­වෙනි. ඒ අර­මුණේ සාර්ථ­ක­ත්වය වෙනු­වෙන් කුම­න්ත්‍ර­ණ­ක­රු­වන්ගේ අව­සන් උත්සා­හය වූයේ ෂාෆි ඇප නොමැ­තිව හිරේ තබා­ග­න්න­ටය. එයද ආසා­ර්ථක වන්නේ ඔහුට කුරු­ණෑ­ගල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන්ම ඇප නියම වූ නිසාය.

මෙහිදී ෂාෆිට එරෙහි පිරිස් සඳ­හන් කරන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කිහිප දෙන­කුගේ කුම­න්ත්‍ර­ණ­ය­කින් ෂාෆි නිද­හස් වූ බවකි. ඉතා දරුණු ලෙස ඒ චෝද­නාව ඔවුන් එල්ල කරන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ශානි අබේ­සේ­කර මහ­තා­ගේත් සහ­කාර පොලිස් අධි­කාරී බී.එස්. තිසේ­රා­ගේත් නම්ද සඳ­හන් කර­මිනි. මේ නිල­ධා­රීන්ට අලුත් ආණ්ඩු­වක් යටතේ ජම්පර් අන්ද­වන බවට පවා මේ වන විටත් අන­තුරු අඟවා තිබී­මෙන්ම ඒ බව පැහැ­දි­ලිය.

කුරු­ණෑ­ගල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කඳ­න්ග­මුව මහතා විසින් 14 දා කුරු­ණෑ­ගල තමාට එල්ල වී ඇති ජීවිත තර්ජ­න­යක් ගැන පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කරන්නේ මේ අත­ර­තු­ර­දීය. ඒ වෛද්‍ය ෂාෆි සහා­බ්දීන් අතින් අග­ති­යට පත් මවු­ව­රුන් වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටින නීති­ඥ­ව­රුන් කිහිප දෙනකු පෙරටු කර­ග­නි­මිනි. කඳ­න්ග­මුව මහතා පොලී­සි­යට සඳ­හන් කර ඇති අන්ද­මට ඔහුගේ ජීවි­ත­යට තර්ජ­න­යක් එල්ල වී ඇත්තේ නාඳු­නන පුද්ග­ල­යන් ඔහු පදිංචි නිවෙස වටා සැක­ක­ට­යුතු අයු­රින් සැරි සැරීම නිසාය. එසේ නැතිව ඔහුට වාචි­කව කිසිදු තර්ජ­න­යක් නම් මෙතෙක් එල්ල වී ඇති බවක් ඔහු සඳ­හන් කරන්නේ නැත. නාඳු­නන පුද්ග­ල­යන් සිය නිවෙස වටා සැරි­සැ­රී­මත්, යන-එන තැන්ව­ලට පස්සෙන් ඒමත් නිසා වෛද්‍ය කඳ­න්ග­මුව මහතා දැන් සිටින්නේ මරණ බියෙනි. ඒ නිසා ඔහු පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර­මින් ඉල්ලා ඇත්තේ තමාට ආර­ක්ෂාව සප­යන ලෙසය.

එකී පැමි­ණි­ල්ලට අනුව මෙතෙක් වෛද්‍ය කඳ­න්ග­මුව මහ­තාට නිසි ආර­ක්ෂා­වක් ලැබී නැතත් කුරු­ණෑ­ගල පොලී­සිය පැත්තෙන් කිය­වෙන්නේ ඔහුට ඇති තර්ජ­නය ගැන මේ වන විටත් විම­ර්ශ­න­යක් පැවැ­ත්වෙන බවකි. ඒ අනුව කඳ­න්ග­මුව මහ­තාට සැබැ­වින්ම ආර­ක්ෂා­වක් සල­ස­න්නේද? නැද්ද? යන්න තීර­ණය වන්නේ ඒ විම­ර්ශ­න­යෙන් අන­තු­රු­වය.

වෛද්‍ය කඳ­න්ග­මුව මහතා තමාගේ ජීවි­ත­යට තර්ජ­න­යක් ඇතැයි කුරු­ණෑ­ගල පොලී­සි­යට එසේ පැමි­ණි­ල්ලක් කරන්නේ මර­ණීය තර්ජ­න­යක් ගැන ඔහුට එරෙ­හි­වද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පැත්තෙන් විම­ර්ශ­න­යක් පැවැ­ත්වෙ­මින් තිබි­යදී වීම විශේ­ෂි­තය. වෛද්‍ය කඳ­න්ග­මුව මහ­තාට එරෙහි ඒ විම­ර්ශ­නයේ පැමි­ණි­ලි­කරු වන්නේ සහ­කාර පොලිස් අධි­කාරී බී.එස්. තිසේරා මහ­තාය. සිය පැමි­ණි­ල්ලෙහි තිසේරා මහතා සඳ­හන් කර ඇත්තේ වෛද්‍ය ෂාෆිට එරෙහි විම­ර්ශ­න­ය­කට අදා­ළව කුරු­ණෑ­ගල රෝහලේ විකි­රණ අංශයේ වෛද්‍ය­ව­රුන් තිදෙ­න­කුට සිතාසි භාර­දී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සැර­ය­න්ව­ර­යකු රෝහ­ලට ගිය අව­ස්ථාවේ ඒ තර්ජ­නය එල්ල වී ඇති බවය.

“ෂාෆිව නිද­හස් කරන්න අන්තිම ඇණෙත් දැම්ම නේද? ඔයාල කරපු වැඩේ අන්තිම අන්තිම කැතයි. තව අවු­රුදු දහ­ය­කින් සිංහල ජාති­යම නැති වෙනව.“ සැර­ය­න්ව­රයා සමඟ වෛද්‍ය කඳ­න්ග­මුව මහතා කතා­වට වැටී ඇතැයි පැව­සෙන්නේ එසේය.

“ඒඑස්පී තිසේරා ඉන්නේ නුගේ­ගොඩ නේද? ළමයි දෙන්නෙක් ඉන්නවා නේද? සල්ලි එහෙම විය­දම් කරන්නේ නැහැ නේද? ඒ වුණාට ළඟදී ලොකු දාන­යක් එහෙම දීල තියෙ­නව නේද?“ කථාවේ අව­සා­නය සිදුව ඇත්තේ එසේය.

ඒ බව සැර­ය­න්ව­රයා විසින් සහ­කාර පොලිස් අධි­කාරී බී.එස්. තිසේරා මහ­තාට දැනුම් දෙන්නේ වෛද්‍ය කඳ­න්ග­මුව මහතා එසේ පැවැ­සීම සැක­යට තුඩු දෙන බව පෙන්වා දෙමිනි. එහිදී තිසේරා මහ­තාට පෙනී යන්නේ වෛද්‍ය කඳ­න්ග­මුව මහතා සිය පෞද්ග­ලික තොර­තුරු සොයන්න උන­න්දු­වක් දක්වන බවකි. තිසේරා මහතා දකින්නේ එය තමා­ටත් පවුලේ සාමා­ජි­ක­ය­න්ටත් එල්ල වී ඇති තර්ජ­න­යක් ලෙසිනි. සිය ප්‍රධා­නියා වන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර මහතා හමුවේ ඔහු වෛද්‍ය කඳ­න්ග­මුව මහ­තාට එරෙ­හිව පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරන්නේ ඒ අනු­වය.

මේ සිය­ල්ලට මුල වෛද්‍ය ෂාෆි සම්බ­න්ධ­යෙන් නිසි විම­ර්ශ­න­යක් නොකර කුරු­ණෑ­ගල පොලී­සිය ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මය. මේ වන විට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් හෙළි කර­ගෙන ඇති ආකා­ර­යට අනුව වෛද්‍ය ෂාෆි අත්අ­ඩං­ගු­වට ගැනීම පවා සිදුව ඇත්තේ නීති විරෝධි ආකා­ර­ය­ටය. ඒ සම්බ­න්ධ­යෙන් කුරු­ණෑ­ගල හිටපු නියෝජ්‍ය පොලි­ස්පති කිත්සිරි ජය­ලත්, කුරු­ණෑ­ගල කොට්ඨා­සය භාර පොලිස් අධි­කාරී මහින්ද දිසා­නා­යක, කුරු­ණෑ­ගල පොලී­සියේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක පුෂ්ප­ලාල් සහ තවත් නිල­ධා­රීන් පස් දෙන­කුට එරෙ­හිව ඉදි­රි­යේදී නීති­පති උප­දෙස් පිය­වර ගනු ඇත.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­න­ව­ලින් මේ වන විට හෙළිව ඇති ආකා­ර­යට වෛද්‍ය ෂාෆි කුරු­ණෑ­ගල පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් විසින් මැයි 24 දා මහා රෑ අත්අ­ඩං­ගු­වට ගන්නේ කුරු­ණෑ­ගල නියෝජ්‍ය පොලි­ස්පති කිත්සිරි ජය­ලත් මහ­තාගේ උප­දෙ­සිනි. ඒ පාස්කු ඉරිදා ප්‍රහා­රයේ මහ මොළ­කරු බව කියන සහ­රාන් සමඟ සම්බ­න්ධ­කම් ඇති බව­ටත්, ත්‍රස්ත­වා­දී­න්ගෙන් අසී­මා­න්තික ලෙස ඔහුට මුදල් ලැබී ඇති බව­ටත් චෝදනා එල්ල කර­මිනි. මේ වන විට ඒ සියලු චෝදනා පුස්සක් බවට පත්ව හමා­රය. හෙළිව ඇති ආකා­ර­යට කුරු­ණෑ­ගල පොලී­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් විසින් වෛද්‍ය ෂාෆි අත්අ­ඩං­ගු­වට ගන්නේ ඔහුට එරෙ­හිව ලැබී තිබුණු පැමි­ණි­ල්ලක් මුල් කර­ගෙ­නය. ඒ පැමි­ණිල්ල කරන්නේ කුරු­ණෑ­ගල රෝහ­ලේම සේවයේ නිරත හෙදි­යකි. ඇය චෝදනා කරන්නේ තමාගේ තෙවැනි දරු ප්‍රසූ­ති­යේදී වෛද්‍ය ෂාෆි විසින් තමාගේ මූත්‍ර පද්ධ­ති­යට හානි කළ බව­ටත් ගර්භා­ශය ඉවත් කළ බව­ටත්ය. ඒ පැමි­ණිල්ලේ වෛද්‍ය ෂාෆි අයථා ලෙස මුදල් ඉප­යී­මක් හෝ ත්‍රස්ත­වා­දීන් සමග සම්බ­න්ධ­කම් පව­ත්ව­න්නක් ගැන කිසි­වක් සට­හන් වීද නැත. එසේ තිබි­යදී වෛද්‍ය ෂාෆිව අත්අ­ඩං­ගු­වට ගන්නේ අඩුම තර­මින් ඔහුට එරෙහි ඒ පැමි­ණිල්ල නිසි විම­ර්ශ­න­ය­කට පවා ලක් නොක­ර­මිනි. මේ පැමි­ණිල්ල ගැන විම­ර්ශ­න­යක් පව­ත්වන්නේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසිනි. එහිදී හෙළි වන්නේ සිය තෙවැනි දරුවා සාමාන්‍ය දරු ප්‍රසූ­ති­ය­කින් බිහි කිරී­මට ඇය සූදා­නම් වූවත් අව­සා­නයේ ඇති වූ අසාධ්‍ය තත්ත්වය මත ප්‍රසව හා නාරි රෝග විශේ­ෂඥ වෛද්‍ය­ව­රයා මව­ගේත් දරු­වා­ගේත් ජීවිත බේරා­ගැ­නීම උදෙසා සිසේ­රි­යන් සැත්ක­මක් කිරී­මට තීර­ණය කර ඇති බවයි. එහිදී ඇති­වන කල­බ­ල­කා­රි­ත්වය හේතු­වෙන් ඇයගේ මූත්‍ර නාල­යක් කැපී­ම­කට ලක් වන්නේ විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යාගේ යම් අත­පසු වීම­කිනි. එහිදී එම නාල­යට මැහුම් දමා එය සකස් කර­න්නට පැව­රෙන්නේ වෛද්‍ය ෂාෆි­ටය. ඒ විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යාගේ උප­දෙ­සිනි. මැහු­මක් දමා කැපුණු මූත්‍ර නාලය සකස් කළද ඇයට ඒ හේතු­වෙන් පසු කාලී­නව අතුරු ආබාධ රැස­කට මුහුණ දෙන්නට සිදු වී තිබේ. අව­සා­න­යේදී ඇයට සිය ගර්භා­ශ­යද අහිමි වන්නේ ඒ කැපුම් පහර මුල් කර­ගෙ­නය.

සේවයේ නියුතු හෙදි­යක ලෙස තමන්ට සිදු වූයේ කුම­ක්දැයි පැහැ­දිලි අව­බෝ­ධ­ය­කින් සිටි ඇය 2018 වස­රේදී සිදු වූ ශල්‍ය­ක­ර්මය ගැන පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කරන්නේ 2019 වසරේ මැයි 24 දාය. ඒ වෛද්‍ය ෂාෆිට සියලු චෝදනා එල්ල කර­මිනි. එහෙත් මේ වන විට එම චෝද­නා­වෙන් පවා වෛද්‍ය ෂාෆි නිදොස් වී ඇත්තේ අදාළ විශේ­ෂඥ වෛද්‍ය­ව­රයා විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ප්‍රකා­ශ­යක් දෙමින් එම ශල්‍ය­ක­ර්මය ගැන දීර්ඝ පැහැ­දිලි කිරී­මක් කර ඇති බැවිනි.

කෙසේ වෙතත් මේ පැමි­ණිල්ල පම­ණක් පද­නම් කර­ගෙන කුරු­ණෑ­ගල පොලි­සිය එදා මහා රෑ වෛද්‍ය ෂාෆිව අත්අ­ඩං­ගු­වට ගත්තද පැය 24කට වඩා වැඩි කාල­යක් ඔවුන්ට වෛද්‍ය ෂාෆිව සිය භාරයේ තබා­ගැ­නී­මට ඉඩක් නොවීය. සිදු­වන්නේ වැඩ බලන පොලි­ස්ප­ති­ව­ර­යාගේ උප­දෙ­සින් පරී­ක්ෂණ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර­වන බැවින් වෛද්‍ය ෂාෆි­වත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර කර­න්න­ටය. ඒ වන විටත් කුරු­ණෑ­ගල පොලි­සිය සතුව තිබෙන්නේ ෂාෆිට එරෙහි එක් පැමි­ණි­ල්ලක් පමණි. එය ෂාෆිව අත්අ­ඩං­ගු­වට ගැනී­මට තරම් ප්‍රබල එකක් නොවූ බැවින් යම් සැල­සු­ම­කට අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා­දී­මට ෂාෆිට එරෙ­හිව තවත් පැමි­ණිලි 9ක් කුරු­ණෑ­ගල පොලි­සියේ පොත්ප­ත්වල ලියැ­වෙ­න්නට විය. එයින් පැමි­ණිලි 3ක් ලියැ­වෙන්නේ 25 දාය. සෙසු පැමි­ණිලි 6 ලියැ­වෙන්නේ 25 දා සහ 26 දාය. එහෙත් මේ පැමි­ණිලි 6 ම පොලිස් පොතේ ලියැ­වෙන්නේ වෛද්‍ය ෂාෆි අත්අ­ඩං­ගු­වට ගැනී­මට පෙර ලියැ­වුණු ඒවා ලෙසිනි. මේ පැමි­ණිලි අතර වෛද්‍ය­ව­රුන් තිදෙ­න­කුගේ පැමි­ණි­ලිද ඇත්තේය. ඔවුන් තිදෙ­නා­ගේම පැමි­ණිලි පොලි­සිය සට­හන් කර­ගෙන ඇත්තේ ඔවුන් ළඟට ගොසිනි. ඒ සඳහා පොලිස් නිල­ධා­රීන් කුරු­ණෑ­ග­ලින් පිටත් කර යැවෙන්නේ පොලිස් අධි­කාරී මහින්ද දිසා­නා­යක මහතා විසිනි. ඒ වෛද්‍ය­ව­රුන්ට ඔහු විසින්ම දුර­ක­ථ­න­යෙන් කතා කර වේලා­වන් පවා වෙන් කර­ග­නි­මිනි.

ඒ සෑම වෛද්‍ය­ව­ර­ය­කුම කුරු­ණෑ­ගල රෝහලේ සේවයේ නිර­තව සිටි වෛද්‍ය ෂාෆි සමග එකට වැඩ කළ අයය. ඔවුහු වෙද්‍ය ෂාෆි සමග මත­ගැ­ටුම් ඇති­කර ගත්තෝය. ඒ අය අතර නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය­ව­රි­යක්ද සිටි­න්නීය. ඇයගේ පැමි­ණිල්ල සට­හන් කර­ගන්නේ බත්ත­ර­මුල්ලේ පිහිටි ඇගේ නිවෙ­සේ­දීය. ඒ මැයි 24 දාය. ඒ පැමි­ණිල්ල කුරු­ණෑ­ගල පොලි­සියේ පොත්වල ඇල­වෙන්නේ 24 දා රාත්‍රීයේ ඇය පොලි­සි­යට පැමිණ කළ පැමි­ණි­ල්ලක් ලෙසිනි. සෙසු වෛද්‍ය­වරු දෙදෙ­නා­ගේද පැමි­ණිලි සට­හන් කර­ගන්නේ එසේය. ඒ කිසි­වෙක් වෛද්‍ය ෂාෆි පැලෝ­පීය නාල­යට හානි කර­මින් මවු­ව­රුන් වඳ බවට පත් කරන බවක් හෝ ඔහු ත්‍රස්ත­වා­දි­යකු බව පව­සන්නේ නැත. ඒ අයට තිබුණේ ෂාෆි සම්බ­න්ධ­යෙන් වෘත්තීය ගැටලු පමණි. ඒ ඔහු මුස්ලිම් මවු­ව­රුන්ට වැඩි සැල­කි­ල්ලක් සහ සිංහල මවු­ව­රුන්ට අඩු සැල­කි­ල්ලක් දැක්වීම ගැනය. එසේම මුස්ලිම් මවු­ව­රුන්ගේ දරු­වන් පිට­තට ගන්නා අව­ස්ථාවේ ඔහු සූති­කා­ගා­රයේ සිට “අල්ලා අක්බර්“ යනු­වෙන් පැව­සීම ගැනද එම වෛද්‍ය­ව­රුන්ට ෂාෆි සම්බ­න්ධ­යෙන් තිබී ඇත්තේ යහ­පත් ආක­ල්ප­යක් නොවේ. එසේම එක් වෛද්‍ය­ව­ර­යකු වෝදනා කරන්නේ වෛද්‍ය ෂාෆි මුස්ලිම් මවු­ව­රුන් සිසේ­රි­යන් සැත්ක­ම්ව­ලට ලක්කි­රී­මේදී එම කැපු­මට මැහුම් දෙකක් දැමු­වත් සිංහල මවු­ව­රුන්ට දමන්නේ එක් මැහු­මක් පම­ණක් බවය.

මේ කිසි­වක් වෛද්‍ය ෂාෆිව ත්‍රස්ත­වා­දි­යකු කර අත්අ­ඩං­ගු­වට ගැනී­මට තරම් ප්‍රම­ණ­වත් නොවීය. එහෙත් වෛද්‍ය ෂාෆි සම්බ­න්ධ­යෙන් ජන­මා­ධ්‍ය­යෙන් ලද ප්‍රසි­ද්ධිය සමග කුරු­ණෑ­ගල සහ දඹුල්ල යන රෝහ­ල්ව­ලට මවු­ව­රුන් වැල නොකැඩී පැමි­ණෙ­න්නට වූයේ ෂාෆිගේ සැත්ක­ම්ව­ලින් තමන්ද වඳ­භා­ව­යට පත්වී­දැයි සැක­හැර දැන­ග­න්නය. ඒ අයට සැබෑ ලෙසම දරු­ඵල අහිමි වී ඇත්තේ ෂාෆිගේ ක්‍රියා­කා­රි­ත්ව­යක් හේතු­වෙ­න්දැයි දැන­ගැ­නී­මට වෛද්‍ය විද්‍යා­ත්මක විම­සු­ම­කට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­නම් වන්නේ කොළඹ අධි­ක­රණ වෛද්‍ය විශේ­ෂඥ රුවන් පති­රණ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් වෛද්‍ය කමි­ටු­වක් පත් කර­ග­නි­මිනි. එම කමි­ටුව ප්‍රසව හා නාරි විශේ­ෂඥ වෛද්‍ය­වරු දෙදෙ­න­කු­ගෙන්ද සැදු­ම්ලත් ත්‍රිපු­ද්ගල මිටු­වකි. මේ කමි­ටු­වට අධි­ක­ර­ණ­යෙන්ද අව­සර ලබ­න්නට අප­රාධ පරි­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව වග බලා­ගත්තේ ඒ කමි­ටු­වට අධි­ක­ර­ණයේ පිළි­ගැ­නී­මක්ද ලබා­දෙ­මිනි. අවස්ථා කිහි­ප­ය­ක­දීම රැස් වන කමි­ටුව දීර්ඝ ලෙස කරුණු අධ්‍ය­ය­නය කර නිර්දේශ කරන්නේ එම මවු­වරු 147 දෙනා එස්එච්ජී පරී­ක්ෂ­ණ­ය­කට යොමු කිරීම වඩාත් සුදුසු බවය. ඒ පැලෝ­පීය නාළයේ යම් අව­හි­ර­තා­වක් හෝ හානි­යක් සිදුව ඇත්නම් එය නිරී­ක්ෂ­ණය කිරී­මට එම පරී­ක්ෂ­ණ­යෙන් හැකි­යා­වක් පව­තින බැවිනි.

එස්එච්ජී (HysteroSalpingoGram - HSG) පරී­ක්ෂ­ණ­යක් හිතු මතේට කළ නොහැ­කිය. කල් තියා මවු­ව­රුන් ඊට සූදා­නම් කළ යුතුය. කාන්තා­වන්ගේ සාඵ­ල්‍ය­තාව පරීක්ෂා කිරී­මට සිදු කෙරෙන මේ පරී­ක්ෂ­ණ­යේදී සිදු වන්නේ මවු­ව­රුන්ගේ ගැබ්ගෙල තුළින් ඩයි විශේ­ෂ­යක් ඇතුළු කොට විශේ­ෂිත එක්ස් කිරණ පරී­ක්ෂ­ණ­යක් සිදු කිරී­මය. මේ සඳහා මවු­ව­රුන් දැනු­වත් කිරීමේ වැඩ­මු­ළු­වක් පැවැ­ත්වී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­නම් වන්නේ කුරු­ණෑ­ගල පිහිටි පොලිස් සේවස්ථ පුහුණු ආය­ත­න­යේ­දීය. ඒ ජුනි 30 දාටය. සැල­සුම් කෙරෙන්නේ වැඩ­මු­ළු­වෙන් පසු මවු­ව­රුන්ව කොළඹ කාසල් සහ සොයිසා රෝහ­ල්ව­ලදී එස්එච්ජී පරී­ක්ෂා­වට යොමු කර­න්න­ටය. ඒ විශේෂ වෛද්‍ය­ව­රුන්ගේ සහ­භා­ගි­ත්වය ඇති­වය.

ඒ සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් කුරු­ණෑ­ගල අධි­ක­ර­ණ­යෙන් අව­ස­රය ඉල්ලා සිටින්නේ ජූනි 27 දා ෂාෆිට එරෙහි නඩුව පළමු වරට විභා­යට ගත් අව­ස්ථා­වේ­දී­මය. එහිදී ඊට දැඩි විරෝ­ධ­යක් දක්වන්නේ කුරු­ණෑ­ගල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර­බ­ණ්ඩාර මහ­තාය. අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් ඔහු සඳ­හන් කරන්නේ එස්එච්ජී පරී­ක්ෂ­ණය මාරා­න්තික බවයි. එම­ඟින් මවු­ව­රුන් මඳ-සරු භාව­යට හා විවිධ සංකු­ල­තා­වන්ට පත් වීමේ අව­දා­න­මක්ද ඇතැ­යිද ඔවුන්ට පිළිකා ඇති­වීමේ අව­දා­න­මක් ඇතැ­යිද ඔහු කීවේය.

සරත් වීර­බ­ණ්ඩාර මහ­තාගේ ඒ කරුණු පැහැ­දිලි කිරීම නිසාම එස්එච්ජී පරී­ක්ෂාව කෙසේ වෙතත් ඒ සම්බ­න්ධ­යෙන් මවු­ව­රුන් දැනු­වත් කිරීම් වැඩ­මු­ළු­වද පව­ත්ව­න්නට අධි­ක­ර­ණ­යෙන් අව­ස­ර­යක් නොවීය.

දන්ත වෛද්‍ය­ව­ර­යකු වූ රෝහල් අධ්‍යක්ෂ සරත් වීර­බ­ණ්ඩාර මහ­තාගේ මතය ඔහු විසින් ඉදි­රි­පත් කිරී­මට මුල්වූ වස්තු බීජය ඒත් එක්කම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් සොය­න්නට ගත්තේය. ඊට අනුව එදා වෛද්‍ය වීර­බ­ණ්ඩාර විසින් එස්එච්ජී පරී­ක්ෂ­ණය මාරා­න්තික බව මෙන්ම සංකු­ලතා ඇති වන බව කියන්නේ ෂාෆි­ගෙන් වඳ­භා­ව­යට පත් වූ බව කියන මවු­ව­රුන් කිහිප දෙනකු හොර රහසේ කුරු­ණෑ­ගල රෝහ­ලේදී එස්එච්ජී පරී­ක්ෂා­වට ලක් කිරී­ම­කින් අන­තු­රු­වය. අධි­ක­රණ නියෝ­ග­යක් මඟින් සිදු කරන්ට ගිය එස්එච්ජී පරී­ක්ෂා­ව­කට වෛද්‍ය වීර­බ­ණ්ඩාර විරෝ­ධය දක්වන්නේ වෙන කිසි­වක් නිසා නොව, රෝහ­ලේදී හොර-රහසේ කරන ලද එස්එච්ජී පරී­ක්ෂණ වාර්තා­ව­ලින් ෂාෆිව වර­ද­ක­රු­වකු කරන්න තරම් හැකි­යා­වක් නොවූ බැවින් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පෙනී ගියේය.

කුරු­ණෑ­ගල රෝහල තුළදී ෂාෆිට එරෙ­හිව පැමි­ණිලි කළ මවු­ව­රුන් කිහිප දෙනකු එස්එච්ජී පරී­ක්ෂා­වක් කර ඇතැයි ඉතා පැහැ­දි­ලි­වම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මේ වන විටත් හෙළි කර­ගෙන ඇත්තේ සාක්ෂිද සහි­ත­වය. ඒ එක් සාක්ෂි­ක­රු­වෙක් වන්නේ ප්‍රසව හා නාරි රෝග විශේ­ෂඥ වෛද්‍ය දංගල්ල මහ­තාය. වෛද්‍ය ෂාෆි අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසු ඔහුට එරෙ­හිව කුරු­ණෑ­ගල රෝහ­ලට පැමි­ණිලි ගලා එන විට රෝහල් අධ්‍යක්ෂ වීර­බ­ණ්ඩාර මහතා වෛද්‍ය දංගල්ල මහ­තාට අත්අ­කු­රින් සට­හන් කරන ලද පිටු 4ක ලේඛ­න­යක් ලබා­දෙන්නේ එහි සඳ­හන් මවු­ව­රුන් මඳ-සරු භාවය පිළි­බඳ සාය­න­ය­කට යොමු කිරීම සඳ­හාය. මේ ලේඛ­නයේ මවු­ව­රුන් 140ක පමණ නම් සට­හන්ව තිබී ඇති බව සඳ­හන්ය. මේ මවු­ව­රුන්ගේ තොර­තුරු පරීක්ෂා කිරී­මේදී වෛද්‍ය දංග­ල්ලට පෙනී යන්නේ මඳ-සරු­භා­වය සම්බ­න්ධ­යෙන් සැබෑ ලෙසම ගැට­ලු­වක් තිබේ නම් ඒ ඇත්තේ 14 දෙන­කුට පම­ණක් බවය. වෛද්‍ය දංගල්ල ඒ අය වෙනු­වෙන් කුරු­ණෑ­ගල රෝහල් පරි­ශ්‍රයේ සාය­න­යක් පව­ත්වන්නේ ජුනි 03 දාය. එහිදී එම මවු­ව­රුන් සමග කෙරෙන කතා­බහ සහ ඒ අය භාවිත කර ඇති උපත් පාලන සහ පවුල් සැල­සුම් ක්‍රම ආදිය ගැන සලකා බල­මින් වෛද්‍ය දංගල්ල මහතා අව­සා­න­යේදී එස්එච්ජී පරී­ක්ෂා­ව­කට යොමු කිරී­මට තීර­ණය කරන්නේ එම මවු­ව­රු­න්ගෙ­නුත් 7 දෙනකු පමණි.

මේ අයව එස්එච්ජී පරී­ක්ෂා­ව­කට සූදා­නම් කරන්නේ විකි­රණ අංශයේ විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් වන සාග­රිකා කුල­වංශ, ප්‍රියන්ති රත්නා­යක සහ ටීබී හේරත් යන මහ­ත්ව­රුන්ගේ අධී­ක්ෂ­ණ­යෙනි.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මේ වන විට කර ඇති විම­ර්ශ­න­ව­ලින් සාක්ෂි සහි­තව අනා­ව­ර­ණය වී ඇත්තේ මඳ-සරු සාය­න­යක් නොප­ව­ත්ව­මින් විකි­රණ අංශයේ වෛද්‍ය­ව­රුන් මගින් මවු­ව­රුන් එස්එච්ජී පරී­ක්ෂා­ව­කට යොමු කිරීමේ උත්ස­හ­ය­කද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර­බ­ණ්ඩර මහතා නිර­තව සිට ඇති බවයි. වෛද්‍ය දංගල්ල හරහා මඳ-සරු සාය­න­යක් හර­හාම එස්එච්ජී පරී­ක්ෂ­ණ­ය­කට මවු­ව­රුන්ව යොමු කිරී­මට සිදුවී ඇත්තේ එබැ­විනි. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විම­ර්ශ­ක­යන්ට විකි­රණ අංශයේ වෛද්‍ය­ව­රුන් සඳ­හන් කර ඇති ආකා­ර­යට එම මවු­වරු එස්එච්ජී පරී­ක්ෂ­ණ­යට යොමු කිරී­මේදී කිසිදු සංකු­ල­තා­ව­කට මුහුණ දී ඇති බවක් අනා­ව­ර­ණය වන්නේ නැත.

සහ­කාර පොලිස් අධි­කාරී බීඑස් තිසේ­රාට නියෝජ්‍ය රෝහල් අධ්‍ය­ක්ෂ­ක­ව­ර­යා­ගෙන් තර්ජ­න­යක් එල්ල වූයේ යැයි සඳ­හන් වන්නේ විකි­රණ අංශයේ වෛද්‍ය­ව­රුන් තිදෙ­නාට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පෙනී සිට ප්‍රකා­ශ­යක් දෙන්නැයි අධි­ක­ර­ණ­යෙන් නිකුත් කළ නියෝ­ගය භාර­දෙන්න ගිය විට­දීය.

ඒ වෛද්‍ය­ව­රුන් තිදෙනා පම­ණක් නොව, විශේ­ෂඥ වෛද්‍ය දංග­ල්ලද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ හෙළි කර ඇති තොර­තුරු බොහෝය. ඊට අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පෙනී ගොස් ඇත්තේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීර­බ­ණ්ඩාර මහතා විසින් එස්එච්ජී පරී­ක්ෂණ මාරා­න්තික බව පවසා ඇත්තේ අධි­ක­ර­ණය නොමඟ යව­මින් එස්එච්ජී පරී­ක්ෂ­ණ­යන් වැළැ­ක්වීමේ අර­මු­ණින්ම බවය.

Comments