සැහැල්ලු දුම්රි‍ය මඟේ වැඩ ඇරඹේ | සිළුමිණ

සැහැල්ලු දුම්රි‍ය මඟේ වැඩ ඇරඹේ

මාලබේ සිට කොළඹ කොටුව දක්වා වූ කි.මී. 16ක දුරක් මිනිත්තු 28ක් වැනි කෙටි කාල­ය­කින් ගමන් කළ හැකි අති­න­වීන සුඛෝ­ප­භෝගි සැහැල්ලු දුම්රිය මාර්ග­යක් ඉදි කිරීමේ මූලික අදි­යරේ කට­යුතු මේ වන විට ආරම්භ කර ඇතැයි මහා­න­ගර හා බස්නා­හිර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය සඳ­හන් කරයි.

පූර්ණ පරි­සර හිත­කාමි ව්‍යාපෘ­ති­යක් ලෙස දැනට පව­තින මහා­මා­ර්ග­යේම කොන්ක්‍රීට් කුලුනු මත ඉදි වන මේ නව දුම්රිය මාර්ගය නැව­තු­ම්පොළ 16කින් සම­න්වි­තය. සෑම මිනිත්තු තුන­කට වරක්ම දුම්රි­යක් ධාව­නය කිරීමේ අර­මු­ණින් සැලැ­සුම් සකස් කර ඇති මෙහි කට­යුතු 2025 වර්ෂයේ නිම­වී­මට අපේ­ක්ෂි­තය. ජපන් තාක්ෂ­ණ­යෙන් යුත් සැහැල්ලු දුම්රිය ධාව­න­යට යොදා­ගන්නා මේ ව්‍යාපෘ­තිය සඳහා ඇ.ඩො. බිලි­යන 32ක් වැය වෙතැයි ගණන් බලා තිබේ.

Comments