ලියුම් බෙද­න්න­ත් යතුරු පැදි­යක් ලබා­දෙන්න | සිළුමිණ

ලියුම් බෙද­න්න­ත් යතුරු පැදි­යක් ලබා­දෙන්න

අවු වැසි නොබලා කලට වේලා­වට පාපැ­දි­යෙන් ගොස් ලිපි තැපැ­ල්පත් බෙදනා අය විඳින අප­හ­සු­තා­වය හා වේද­නා­කාරී සේවාව මා කොතෙ­කුත් දැක ඇත්තෙමි. කඳු පල්ලම් දුෂ්කර මං මාවත් තර­ණය කර­මින් වෙහෙස මහන්සි වන මොවුන්ට පාපැ­දිය වෙනු­වට යතුරු පැදි­යක් ලබා­දෙන්නේ නම් දැනට ව‍ඩා කාර්ය­ක්ෂම සේවා­වක් ඉදි­රි­යේදී බලා­පො­රොත්තු විය හැක.

රජයේ බොහො­ම­යක් ආය­ත­න­වල සේව­ක­යින්ට ලබා­දුන් යතුරු පැදි නිසා එතු­ළින් කාර්ය­ක්ෂම උදාර සේවා­වක් සිදු­වන බැව් කවු­රුත් දන්නා සත්‍ය­යකි. එම නිසා බොහො­ම­යක් රැකියා ස්ථාන­ව­ලට ලබා­දුන් යතුරු පැදිය තැපැල් සොයු­රා­ටත් ලබා­දී­මට ඔබගේ අව­ධා­නය යොමු වේවා!

 

වඳුරා­මු­ල්ල­වත්තේ ලය­නල් ජය­ලත්

පාණදුර.

 

Comments