බොර­ලැ­ස්ග­මු­ව ජී.එච්. පෙරේරා මාවතට මාර්ග සංඥා ලබා දෙන්න | සිළුමිණ

බොර­ලැ­ස්ග­මු­ව ජී.එච්. පෙරේරා මාවතට මාර්ග සංඥා ලබා දෙන්න

බොර­ලැ­ස්ග­මුව මංස­න්ධි­ය­ටත්, රත්තණ පිටිය මංස­න්ධි­ය­ටත් අතර පිහිටි ජී.එච්. පෙරේරා මාවත ආස­න්න­යෙන් පාර හරහා මාරු­වෙන ජන­තාව ලක්වන්නේ දැඩි තැති ගැනී­ම­ටය. කොළඹ හා ඒ අවට පාසල් කරා පිය­න­ඟන සිසු සිසු­වි­යන්ද අග­න­ග­රයේ හා තදා­සන්න නග­ර­ව­ලට දෛනික ‍රාජකාරි කට­යුතු සඳහා පිවි­සෙ­න්නද මෙම මඟ ප්‍රයෝ­ජ­න­යට ගනිති.

පිළි­ය­න්දල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා බස් රථ නැව­තු­මද ඇත්තේ මෙම ස්ථාන­යේ­මය. බස් රථ­ව­ලින් බැස­යන මගී ජන­තා­වට පාර හරහා මාරු වීමට සිදු වී ඇත්තේ මර බියෙනි. මේ ස්ථානයේ කහ ඉරක් ගසා තිබු­ණද. ඒ ආස­න්නයේ ඇති වංගුව ගැන නොස­ල­කන එකි­නෙකා පරයා රථ වාහන පද­ව­න්නන් නිසා, මිනිස් ජීවිත අන­තු­රට ලක්විය හැකි ස්වභා­ව­යක් දැක ගන්නට ඇත.

මෙයට පිළි­ය­මක් ලෙස මෙම ස්ථානයේ “මාර්ග සංඥා පද්ධ­ති­යක්” සවි කිරී­මට ඉක්මන් ක්‍රියා මාර්ග­යක් ගන්නා ලෙස මහ මාර්ග බල­ධා­රී­න්ගෙන් ඉතා ඕනෑ­ක­මින් ඉල්ලා සිටිමු.

ඩබ්ලිව්. පී. සුනන්ද හිමි­දිරි

රත්තණපිටිය , බොර­ලැ­ස්ග­මුව

 

Comments