දහම් ගු රු හිඟ­යට විස­ඳුම් අව­ශ්‍යයි | සිළුමිණ

දහම් ගු රු හිඟ­යට විස­ඳුම් අව­ශ්‍යයි

ලක්ෂ 15කට ආසන්න සිසු දරු පිරි­සක් දහම් අධ්‍යා­ප­නය ලබාගන්නට දහම් පාසල් වෙත ඉරු දින උදයේ පැමි­ණෙති. සම­ස්ත­යක් ලෙස දහම් පාසල පව­ත්වන්නේ ඉරු දිනයේ උදය වරුවේ පමණ. මූලික ශ්‍රේණියේ සිට ධර්මා­චාර්ය ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. දහම් පාස­ලක දරු­වන්ට උග­වන්නේ බුදු දහම පම­ණක් නොවේ. පාලි භාෂාව, බෞද්ධ සංස්කෘ­තිය, බෞද්ධ ඉති­හා­සය ද උග­න්වති. එමෙන්ම දරු­වාගේ සහජ හැකි­යා­වන් වන ගායන, කථික, චිත්‍ර ඇදීම හා රචනා ලිවීම, ඔප මට්ටම් කරන දහම් පාසල තුළින් සිදු­වන සේවය වැද­ගත් සේව­යක් වන්නේ යහ­ගුණ දහ­මින් පෝසත් සදා­චාර සම්පන්න විනය ගරුක පුර­වැ­සි­යන් බිහි කිරී­මය. දහම් පාසල් ගුරු මඩුල්ල තම සේවය ලබා දෙන්නේ කිසිදු චේත­න­යක් ලාභ ප්‍රයෝ­ජ­න­යක් බලා­පො­රො­ත්තු­වෙන් නොවේ. එකම පැතුම යහ­පත් සමා­ජ­යක් රටට ලබා දීම­ටයි. එම උදාර චේත­නාව ඉටු කිරී­මට දහම් පාස­ලට පැමි­ණෙන දහම් ගුරු­ව­රයා දරු­වන්ට දක්වන්නේ අනු­ප­මෙය කරු­ණා­වකි. ඇඳු­මෙන් පැලඳුමෙන් හා කතාබහෙන් දහම් පාසල් ගුරු­ව­රයා ළමා පර­පු­රට පම­ණක් නොව මුළු සමා­ජ­ය­ටම ආද­ර්ශ­යකි. අද වන විට ලංකාවේ පළාත් නවය පුරාම පිහිටි විහා­ර­ස්ථා­න­වල දහම් පාසල් පිහි­ටුවා ඇත. එමෙන්ම තරුණ බෞද්ධ සංගම් ආශ්‍රි­තව දහම් පාසල් ගොඩ­නගා පව­ත්වනු ලබයි. දහම් පාසල් ශ්‍රේණි සඳහා සිසු දරු­වන්ට අවශ්‍ය පොත් මුද්‍ර­ණය කර භාර දෙන්නේ බෞද්ධ කට­යුතු දෙපා­ර්තු­මේ­න්තුව විසින්ය. එම පොත් පත් සිසුන්ට පිරි­න­මන්නේ නොමි­ලේය. දහම් පාසල් අධ්‍යා­ප­න­යට දක්වන සැල­කිල්ල නරක නැත. නමුත් අද වෙන වට මුළු රටේම දහම් පාසල් තුළ පව­තින දහම් ගුරු හිඟය පිර­වී­මට ඉක්මන් ක්‍රියා මාර්ග­යක් ගත යුතුව ඇත. එසේ නොවු­ණ ­හොත් රටේම දහම් පාස­ල්වල කට­යුතු අඩාළ වනු ඇත. දහම් පාසලේ ජීව­නා­ලිය ගුරු­ව­රුය. වර්ත­මා­නයේ හැම දහම් පාස­ල­කම උසස් පන්ති­ව­ලට උග­න්වන ගුරු­වරු හිඟකම තදින්ම දැනේ. එමෙන්ම බෞද්ධ බුද්ධි­මත් තරුණ පිරිස් දහම් පාසල් ගුරු සේව­යට සබන්ධ වීමට කැමැ­ත්තක් නැත. ඔවු­නට දහම් ගුරු සේව­යට කාල­යක් නැත. ප්‍රවීණ වයස් ගත ගුරු­වරු දහම් ගුරු සේව­යෙන් විශ්‍රාම ගත් පසු ඒ හිඩැස පිර­වී­මට සුදුසු ප්‍රවී­ණ­යන් නැති බව හොඳින් දැනේ. ගුරු සේව­යට එකතු වන තරුණ ගැහැනු දරු­වන් විවා­හ­යෙන් පසු ගුරු සේව­යෙන් සමු ගනී. මෙම ගුරු හිඟය අනා­ග­ත­යේදී මීට වඩා උග්‍ර­වනු ඇත. ඒ සඳහා නිසි විස­ඳුම් සොයා ගත යුතුය.

චන්ද්‍ර­සිරි ගෝමිස්

කළු­බෝ­විල

 

Comments