ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන 28ක් එක්ව ගොඩනඟන ලද ජාතික ජන බලවේගය විසින් ඉදිරි ජනපතිවරණයේදී ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා අද (18) ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන මහජන රැලියේදී රටට හෙළි කරන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
දේශපාලන නායකයකු වන සිය අපේක්ෂකයා සියලු ජනබලවේග එක්ව ඉදිරි ජනපතිවරණයේදී ජයග්රහණය කරා රැගෙන යන බවද ඒ මහතා කියා සිටී.