පක්ෂ රැසක් අපගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් එක් වනවා | සිළුමිණ

පක්ෂ රැසක් අපගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් එක් වනවා

 

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තවත් ඇත්තේ මාස කීප­යක් පම­ණයි. මේ මැති­ව­ර­ණය ජය ගැනීම සඳහා ඔබේ පක්ෂයේ ඇති සූදා­නම කෙබ­ඳුද?

මේ ජනා­ධි­ප­ති­ව­ර­ණය නිසැක ලෙසම එජා­ප­යට ජය­ග්‍ර­හ­ණය කළ හැකියි. මේ ජය­ග්‍ර­හ­ණය ලැබිය හැකි ආකා­රය පිළි­බඳ අප ඉතා හොඳ තක්සේ­රු­ව­කට පැමිණ තිබෙ­නවා. කාල­යක් පුරා පාක්ෂි­ක­යන් පම­ණක් නොව, රටේ මුළු මහත් පොදු ජන­තා­වම එක හඬින් ඉල්ලා සිටි ඉතා ආක­ර්ෂ­ණීය පුද්ග­ලයා මේ මැති­ව­ර­ණයේ ජය­ග්‍රාහි අපේ­ක්ෂ­කයා ලෙස ඉදි­රි­පත් කිරී­ම­ටත්, අපේ සම්පූර්ණ බර යොදා ඔහුගේ ජය­ග්‍ර­හණ විජ­ය­ග්‍ර­හ­ණ­යක් බවට පත් කිරී­ම­ටත් අවශ්‍ය සියලු කට­යුතු හා සැල­සුම් මේ වන විටත් සකස් කර අව­සන්.

ඔබ ඔය කියන ජය­ග්‍රාහි, ආක­ර්ෂ­ණීය චරි­තය කවු­රුද?

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තව කල් තිබෙ­නවා. අප මෙව­රත් තරග කරන්නේ පුළුල් සන්ධා­න­ය­කින්. එහි නාය­ක­යන් හා අපගේ කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලය විසින් තෝරා­ගනු ලබන අපේ­ක්ෂ­කයා අව­ස්ථාව ආවාම ප්‍රකා­ශ­යට පත් කර­නවා.

එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් වන්නේ එක්සත් ජාතික පක්ෂ­යෙන්ද? නැති නම් අලු­තින් පිහි­ටු­වී­මට යෝජිත ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ජාතික සන්ධා­න­යෙන්ද?

මේ මැති­ව­ර­ණය සඳහා එක්සත් ජාතික පක්ෂය වගේම අපට සහාය දක්වන තවත් පක්ෂ, සංවි­ධාන, බල­වේග රාශි­යක් තිබෙ­නවා.

ඒ අනුව පුළුල් පෙර­මු­ණ­කින් ඉතා ජව­ස­ම්ප­න්නව ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට ඉතා වේග­යෙන් වගේම ඉතා සාර්ථක ලෙස සිදු වනවා. ඉදි­රි­යේදී ගොඩ­නැ­ගෙන ඒ පුළුල් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සන්ධා­නය මෙහෙ­ය­ව­මින් ජනා­ධි­ප­ති­ව­රණ සටන ජය ගැනී­මට හැකි ඒ සියලු දෙනාගේ ආශි­ර්වා­දය හිමි වන එජා­පයේ අපේ­ක්ෂ­කයා ඉදි­රි­පත් කර­නවා.

ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­ත්වය සම්බ­න්ධව අව­සන් තීර­ණ­යක් ගැනීම සදහා පක්ෂ නායක, අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේම­දාස මහතා අතර පෞද්ග­ලික, රහස් සාක­ච්ඡා­වක් පැවති බවට මාධ්‍ය පසු­ගි­යදා වාර්තා කර තිබුණා. ඒ හමු­වේදී කතා­බහ කෙරුණු, එක­ඟ­ත්ව­යට පත් වූ කරුණු පිළි­බඳ ඔබ දැනු­වත්ද?

නාය­ක­යන් දෙපළ හමු වී යම් තීර­ණා­ත්මක සාක­ච්ඡා­වක් කළ බව ඇත්තයි. ඒත් පෞද්ග­ලික මට්ට­මින් ඒ හමුව සිදුව ඇති නිසා සාකච්ඡා කළ කරුණු පිළි­බඳ අප පුළුල්ව දැනු­වත් වී නැහැ.

ජනා­ධි­ප­ති­ව­රණ පැවැ­ත්වීමේ ඉති­හා­සය දෙස බලන විට පැහැ­දිලි වන ප්‍රධාන කරු­ණක් තමයි සිංහල ජන­තා­වගේ ඡන්ද­ව­ලට අම­ත­රව දමිළ හා මුස්ලිම් සුළු ජාතික ඡන්ද එක ගොඩ­කට, එක මිට­කට ගත් පක්ෂය හෝ සන්ධා­නය තමයි ජනා­ධි­ප­ති­ව­රණ ජය­ග්‍රා­හ­ක­යන් බවට පත් වුණේ. 2015 ජනා­ධි­ප­ති­ව­රණ ජය­ග්‍ර­හ­ණයේ සිට මෙතෙක් එක්සත් ජාතික පෙර­මුණ සමඟ අත්වැල් බැඳ­ගෙන සිටි ඒ දමිළ හා මුස්ලිම් සුළු ජාතික පක්ෂ­යන්හි සහාය තව­මත් ඔබ පක්ෂය වටා තිබෙන බව ඔබ විශ්වාස කර­න­වාද?

පැහැ­දි­ලි­වම ඔව්. මේ වන විටත් පක්ෂ ගණ­නා­වක් අපගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් අත්වැල් බැඳ­ගන්නා බව ශපථ කර තිබෙ­නවා. ඒ වගේම තවත් පක්ෂ, සංවි­ධාන, කණ්ඩා­යම් හා බල­වේග සමඟ ඉතා සාධ­නීය මට්ටමේ සාකච්ඡා පැවැ­ත්වෙ­මින් තිබෙ­නවා. පසු­ගිය කාලයේ අප සිදු කළ ඉතා විද්‍යා­ත්මක සමී­ක්ෂණ ගණ­නා­ව­ක­දීම ජනා­ධි­ප­ති­ව­රණ ජය­ග්‍ර­හ­ණයේ අති­ශය තීර­ණා­ත්මක සාධ­ක­යක් වන සුළු ජාතික ඡන්ද­ව­ලින් 95%කටත් වඩා අප සන්ධා­න­යට ලැබෙන බව තහ­වුරු වී තිබෙ­නවා.

ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­ක­ත්වය පිළි­බඳ එක්සත් ජාතික පක්ෂයේ නිල මතය තව­මත් ප්‍රකා­ශ­යට පත් වී නැති පසු­බි­මක සජිත් ප්‍රේම­දාස මහ­තාට හිත­වාදී ඔබ ඇතුළු පාර්ශ්වය මූලික වී අගෝස්තු මස 12 වැනිදා බදු­ල්ලේදී පූර්ව ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රක කට­යුතු ආරම්භ කරනු ලැබුවා. ඒ ක්‍රියා­දා­මය පිළි­බඳ යම් පැහැ­දිලි කිරී­මක් කළොත්?

ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වීමට සුදු­සු­කම් තිබෙන, පාක්ෂි­ක­ය­න්ගෙන් අති­ම­හත් බහු­ත­ර­යක් කැමැති, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ගේ අති­ම­හත් බහු­ත­ර­යක් කැමැති දැනට නම­යෝ­ජනා වෙලා තිබෙන එකම අපේ­ක්ෂකයා තමයි සජිත් ප්‍රේම­දාස මැති­තුමා. ඔහුට විශාල ජන­බ­ල­යක් තිබෙ­නවා. බදුල්ලේ පැවති රැලිය ඒ ජන­බ­ලය පෙන්නුම් කරන සාක්ෂි­යක්. ඒ වගේම මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාත්, උතු­රේත්, දකු­ණෙත්, නැගෙ­න­හි­රත්, බස්නා­හි­රත්, මධ්‍යම කඳු­ක­ර­යේත් සියලු දෙනා කිය­න්නෙත් රටට බල­ස­ම්පන්න, ජව­ස­ම්පන්න, විශ්වා­ස­වන්ත අලුත් නාය­ක­යෙක් අව­ශ්‍යයි කියල.

ඒ හැම සුදු­සු­ක­මක්ම සජිත් ප්‍රේම­දාස මැති­තු­මාට තිබෙ­නවා. අපට තවත් ප්‍රමාද වන්නට බැහැ. ඒ නිසා සජිත් ප්‍රේම­දාස මහතා මූලික කර­ගෙන බදු­ල්ලේදී ඉතා ආක­ර්ෂ­ණීය රැලි­යක් අප පැවැ­ත්වූවා. සජිත් ප්‍රේම­දාස මැති­තුමා ජනා­ධි­පති ධූරය දක්වා ඉහ­ළට ඔසවා තබන පූර්ව මැති­ව­රණ ප්‍රචා­රක කට­යුතු අපි බදු­ල්ලෙන් ආරම්භ කළේ කිසි­යම් හේතු­වක් ඇති­වයි. ඉදි­රි­යේදී රට පුරාම අපේ සන්ධා­න­යට හිමි ජන­බ­ලය ප්‍රද­ර්ශ­නය වේවි. කවුරු මොනවා දේ කීව්වත්, මොන විදි­යට විග්‍රහ කළත් එජාප ප්‍රමුඛ පුළුල් ජාතික සන්ධා­නයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස එතුමා මේ රටේ ජනා­ධි­ප­ති­ව­රයා බවට පත් වේවි. ඒ බල­වේ­ගය මොන විදි­ය­කින් වත් ආපසු හැර­වන්න හෝ බිඳින්න මොනම බල­වේ­ග­ය­ක­ට­වත් බැහැ.

සජිත් ප්‍රේම­දාස මහ­තාට අපේ­ක්ෂ­ක­ත්වය දුන්නොත් රවි කරු­ණා­නා­යක වැනි ප්‍රබල එජාප නාය­ක­යන් ඉවත්ව යන බවට රාව­යක් තිබෙ­නවා...

තමන් කැමැති මත­යක් දරන්න අපේ පක්ෂයේ ඕනෑම කෙන­කුට ඉඩ තිබෙ­නවා. ඒ තමයි මෙහි තිබෙන ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ගුණය. ඒත් තමන්ගෙ පක්ෂයේ අපේ­ක්ෂ­කයා ස්ථීර­සා­ර­වම දින­නවා නම්, එහෙම දිනන බවට සමී­ක්ෂණ වාර්තා කිය­නවා නම්, එහෙම දිනන බව මහ­පො­ළොවේ පය­ග­හල ඉන්න මිනි­ස්සුන්ගේ අද­හස් බැලු­වාම තේරෙ­නවා නම්, දේශ­පා­ල­නය ගැන අල්ප­මාත්‍ර දැනු­මක් තියෙන කෙනෙක් පැර­දෙන තැන­කට යන්නේ නැහැ. එක එක්කෙනා තුළ විවිධ අද­හස් තිබෙන්න පුළු­වන්.

ඒ අද­හස් හරි වුණත් වැරදි වුණත් ඒ කවු­රු­වත් පක්ෂය දාලා යන්නේ නැහැ කියන එකයි මගේ විශ්වා­සය. සජිත් ප්‍රේම­දාස මැති­තුමා ඒ අප­වාද බොහෝම උපේක්ෂා සහ­ග­තව විඳ­ද­රා­ගෙන ඒවාට බොහොම කාරු­ණි­කව සිනා මුහු­ණින් මුහුණ දෙමින්, කාගෙන් වත් පළි ගන්නේ නැතිව ඉදි­රි­යට යනවා.

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ඇම­රි­කානු පුර­වැසි භාවය ඉවත් කර ඇති බව නිල වශ­යෙන් දැනුම් දී නැති බව ඔබ පව­ස­නවා. ඒ ඇයි?

එහෙම දෙයක් වුණා නම් ඒ රටේ රජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ප්‍රකා­ශ­යට පත් කරන ලේඛ­නයේ ඒ බව සඳ­හන් වන්න ඕනෑ. පසු­ගිය දව­සක එතුමා නිල වශ­යෙන් පත් කළ අව­ස්ථාවේ හෝ එතු­මාට ඒ බව සඳ­හන් කරන්න තිබුණා. හැබැයි ඔහු ඒ පිළි­බඳ එක වච­න­යක් වත් කතා කළේ නැහැ. වෙන රටක පුර­වැ­සි­කම අර­ගෙන නැවත ලංකාවේ පුර­වැ­සි­යකු වන-එකේ වර­දක් නැහැ.

ඒ අයි­තිය එතු­මාට තිබෙ­නවා. ඒත් මේ වගේ අපැ­හැ­දිලි භාව­යක් ඇති වන-එක එතු­මා­ටත් රට­ටත් ඒ තරම් හොඳ දෙයක් නොවෙයි. එතුමා ප්‍රධාන පක්ෂ­යක අපේ­ක්ෂ­කයා. එතු­මාගේ නීත්‍ය­නු­කූල පුර­වැ­සි­භා­වය පිළි­බඳ සැක සංකා මතු වුණොත් ඒක රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට හොඳ නැහැ. එතුමා ඉදි­රි­පත් වන-එකේ ගැට­ලු­වක් අපට නැහැ. මෙය නිවැ­රදි කරන්න කිය­ලයි අප එතු­මා­ගෙන් ඉල්ලා සිටින්නේ. මොකද: ඒක නිර­වුල් වුණා නම් කාටත් හොඳයි.

ඔබේ ප්‍රති­වි­රුද්ධ කඳ­වුරේ අපේ­ක්ෂ­කයා ලෙස ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නම් කර තිබෙ­නවා. ඔහු ඔබ­ලාගේ ජය­ග්‍ර­හ­ණ­යට අභි­යෝ­ග­යක් නොවෙ­යිද?

මගේ අද­හසේ හා පිළි­ගැ­නීමේ හැටි­යට නම් අපට ඉතා පහ­සු­වෙන් පරාද කළ හැකි අපේ­ක්ෂ­කයා වන්නේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තායි. ඔහුට එරෙ­හිව උසා­විය ඉදි­රියේ නඩු ගණ­නා­වක්ම තිබෙ­නවා. දැන් උඩ දැම්මට ඒ නඩු ඇහෙන කොට වෙනත් අපේ­ක්ෂ­ක­යකු නම් කර­න්නත් ඉඩ තිබෙ­නවා.

එක්සත් ජාතික පක්ෂය වැටී තිබුණු අව­ස්ථා­වක නාය­ක­ත්වය භාර ගෙන රනිල් වික්‍ර­ම­සිංහ මහතා පක්ෂයේ නාය­කයා ලෙස දශක දෙක­හ­මා­ර­කට වැඩි කාල­යක් තුළ පක්ෂය යළි ඉහ­ළට ඔසවා තැබීම සඳහා සිදු කළ කාර්ය­භා­රය සුළු-පටු නැහැ. ඔහු අභි­යෝග ගණ­නා­ව­ක­ටම මුහුණ දී පසු­ගිය මැති­ව­ර­ණ­ව­ලදී පක්ෂය ජය­ග්‍රාහී මාව­තට ගෙන ආවා. ඔහු ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා ලෙස ගෙන ඒම ගැන ඔබේ මතය කුමක්ද?

රනිල් වික්‍ර­ම­සිංහ අග­මැ­ති­තුමා ඉතා දක්ෂ නාය­ක­යෙක්; බුද්ධි­ම­තෙක්. පාර්ලි­මේන්තු ක්‍රමය පිළි­බඳ ඔහු හා සම කළ හැකි බුද්ධි­ම­තකු නැති තරම්. ඔහු පක්ෂය වෙනු­වෙන් සිදු කළ මෙහෙ­වර පිළි­බඳ අප හැම කෙනා තුළම ඉතා යහ­පත් ඇග­යී­මක් තිබෙ­නවා. අප එතු­මාට හද පත්ලෙන්ම ගෞරව කර­නවා. එතුමා ඉදි­රි­යේදී අප විසින් ගොඩ­න­ඟන පාර්ලි­මේ­න්තුවේ ප්‍රධා­නියා ලෙස ඉතාම ගෞර­ව­නීය භූමි­කා­ව­කට නිසැ­ක­වම පණ­පො­වාවි.

Comments