ගෝඨා­භය ජය­ග්‍ර­හ­ණය කරන්නේ ගව් ගණ­නක් ඉදි­රි­යෙන් | සිළුමිණ

ගෝඨා­භය ජය­ග්‍ර­හ­ණය කරන්නේ ගව් ගණ­නක් ඉදි­රි­යෙන්

 

පොදු ජන පෙර­මුණ පක්ෂයේ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ගෝඨා­භය රාජ පක්ෂ මහතා බව මුළු රට­ටම හෙළි­ද­රව් වුණා. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වාමාං­ශික පෙර­මුණ ලෙස ඔබ­තු­මාලා ජනා­ධි­පති අපේ­ක්ෂක ගෝඨා­භය මහ­තාට පසු­ගිය දිනක ඉදි­රි­පත් කරන ලද යෝජ­නා­ව­ලට එතු­මා­ගෙන් ලැබුණ ප්‍රති­චා­රය කෙබඳු ද ?

එතු­මා­ගෙන් අපිට හොඳ ප්‍රති­චාර ලැබුණා. අපේ යෝජ­නා­ව­ලි­යට සහ අපි ඉදි­රි­පත් කරන ලද වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධ­යෙන් ඒ වෙලාවේ ම හොඳ ප්‍රති­චාර අපිට ලැබුණා. ඒ යෝජ­නා­ව­ලට අදාළ තවත් කරුණු සහ ඒ පිළි­බඳ ව තවත් විස්තර සොයා දෙන්න කියලා අපිට කිව්වා‍. එතුමා අපිට එතු­මාගේ අද­හස් ප්‍රකාශ කළා. අපිට යම් යම් ගැටලු තිබුණා; එතුමා ඒ සම්බ­න්ධ­යෙන් අපිට පැහැ­දිලි කිරීම් කළා.

ගෝඨා­භය මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට පත් කිරීම සම්බ­න්ධ­යෙන් පක්ෂය තුළ විරෝධතාවයක් ඇති බව පසු­ගිය කාලයේ ඇතැම් මාධ්‍ය­වල ප්‍රචා­රය වුණා. අව­සාන තීන්දුව ප්‍රකා­ශ­යට පත්වුණේ ඒ සියලු දෙනාගේ එක­ඟ­තාව ඇති­වද?

තවත් නම් යෝජනා කළා; නමුත් ඒ ගෝඨා­භය මහ­තාට අක­මැ­තිව නොවෙයි. තම­ත­මන් කැමැති නම් යෝජනා කර­නවා; නමුත් එයින් අක­මැත්ත ප්‍රකාශ වෙන්නේ නැහැ. අපිත් එවැනි යෝජනා කළා. නමුත් ගෝඨා­භය මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා වෙනවා නම් එය අනු­මත කර­මින් තමයි; අපි එතුමා හමු වීමට ගියෙත්; ඒව­ගේම එතු­මාට අපේ පක්ෂයේ යෝජනා ඉදි­රි­පත් කළේ. එ්කාබද්ධ විප­ක්ෂයේ ආර­ම්භක පක්ෂ දහ­යක් විතර තියෙ­නවා. පොදු­ජන පෙර­මු­ණත් එක් කොට­සක් පම­ණයි. අපි පක්ෂ කිහි­ප­යක් එකතු වෙලා සන්ධා­න­යක් හද­න්නයි උත්සාහ කරන්නේ. එයට කියන්නේ අපි ඒකා­බද්ධ පොදු ජන පෙර­මුණ කියලා. අපි බලා­පො­රොත්තු වෙනවා මෙයට ශ්‍රිල­නි­පත් එකතු කර­ගන්න.

මේ වන විටත් සාකච්ඡා වාර කිහි­ප­යක් පැවැ­ත්වු­වත් ශ්‍රීල­නිප සහ පොදු ජන පෙර­මුණ අතර සාකච්ඡා සාර්ථක වී ඇති බවක් දක්නට නැහැ නේද?

නිද­හස් පක්ෂ සම්මේ­ල­නයේ දී එතු­මා‍ලගේ පක්ෂයේ ජනා­ධි­පති අපෙ­ක්ෂ­කයා ඉදි­රි­පත් කර­නවා කියලා පක්ෂ නියෝ­ජි­තයෝ කිය­නවා. ශ්‍රීල­නිප එක් මත­යක් නොවෙයි තියෙන්නේ.ශ්‍රීල­නි­පය වෙන‍ු­වෙන් කිහි­ප­දෙ­නෙක් කතා කර­නවා. සම­හරු නිශේ­ධ­නීය ව කතා කර­නවා; සම­හ­රුන් සාධ­නී­යව කතා කර­නවා.

මම කියන්නේ මේ සන්ධා­නය ගොඩ­නැ­ඟෙ­නවා. ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට කලින් මේ සන්ධා­න­ගත වීම සිදු‍ ­වෙන්න ඕන. ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා සහ පොදු­ජන පෙර­මුණු පක්ෂ නායක මහින්ද රාජ­පක්ෂ මහතා අතර මේවන විට සාකච්ඡා වාර­යක් පැවැ­ත්වෙලා තියෙ­නවා. දැන් එහි දෙවන වරත් සාකච්ඡා වට­යක් කෙරෙයි. ඉන් පහළ මට්ට­මින් ගෙනි­යන ලද සාකච්ඡා හරි­යා­කා­රව යම් තැන­කට කේන්ද්‍ර ගත­වුණේ නැහැ. දෙවි­දි­හ­කට තුන්වි­දි­හ­කට අද­හස් පළ වුණා.

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස පත් වේ යැයි අනු­මාන කළ අයෙක් ලෙස; ඔබ එතු­මාගේ ජය­ග්‍ර­හ­ණය කිරීමේ හැකි­යාව සම්බ­න්ධ­යෙන් ද ඇති අනු­මා­නය කෙබ­දුද?

ජය­ග්‍ර­හ­ණය සම්බ­න්ධ­යෙන් කිසිදු සැක­යක් නැහැ‍. ගෝඨා­භය මහතා ජය­ග්‍ර­හ­ණය කරන්නේ ගව් ගණ­නක් ඉදි­රි­යෙන්. ‍

සුළු­ජා­තික පක්ෂ­වල; විශේ­ෂ­යෙන් ම දෙමළ ඡන්ද එතු­මාට ලැබේ යැයි ඔබ සිත­න­වාද?

සුළු ජාතික ඡන්ද අපිට ලැබෙ­නවා. ලොකු ප්‍රමා­ණ­යක් නොවෙයි; අඩු ප්‍රමා­ණ­යක් ලැබෙ­නවා. දෙමළ ජාතික ඡන්ද අපිට ගිය පාරත් තිබුණා. ඒ තිබුණ ඡන්ද වැඩි­ක­ර­ගන්න පුළු­වන් වෙයි කියලා හිත­නවා. මුස්ලිම් ඡන්දත් අපිට ගිය­වර තිබුණා. මේ වර එය වැඩි­වෙයි කියලා මම හිතන්නේ. සුවි­ශේෂ කාර­ණාව තමයි අද වන­විට අලුත් ඡන්ද තියෙ­නවා ලක්ෂ දාහ­ත­රක්. ඒ ඡන්ද වලින් වැඩි­පං­ගු­වක් දෙපැ­ත්තට බෙදේවි; ඉතුරු කොටස අපි දිනා ගැනී­මට නම් අපි ඒ තරුණ පිරිස අමතා කතා කළ යුතුයි.

එකම පවු­ලක් වටා මේ රටේ බලය කේන්ද්‍ර­ගත වෙලා තිබුණා කිය­ලයි; පසු­ගිය කාලය පුරා ආණ්ඩු පක්ෂය විසින් කරන ලද චෝද­නාව වුණේ. ජනා­ධි­පති ගෝඨා­භය, අග­මැති මහින්ද බව මේ වන විට මෙව­රත් යෝජනා වෙලා තියෙ­නවා. යළිත් රට පවු­ල්වා­දය කරා යනවා යැයි චෝදනා නැඟෙ­නවා?

නැහැ, පවුල් වාදය කියන්නේ ඕකට නොවෙයි; ජන­තාව‍ගේ වර­මක් නැතුව උඩින් තමන්ගේ ඥාති­ව­රුන් පත්කර ගැනීම; ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ඡන්ද­ය­කින් ජය­ග්‍ර­හ­ණය කර එන අය ඒ රාජ්‍යයේ පාල­නයේ ස්ථාන­ගත කිරීම; වගේ දේවල් පවුල් වාද­යක් වෙන්නේ නැහැ. එය ජනතා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය.

ශ්‍රීල­නිප නැතිව ජනා­ධි­ප­ති­ව­ර­යෙක් පත්ක­රන්න බැහැ කියලා ඇතැ­මුන් කිය­නවා;

ශ්‍රීල­නි­පය අපිට අව­ශ්‍යයි. අපි එය එකතු කර­ගත යුතුයි. ශ්‍රීල­නිප අපි සන්ධා­න­ගත විය­යුතු වන්නේ මේ රටේ සංව­ර්ධන වැඩ පිළි­වෙ­ළක් සහ මේ රටේ ජාතික නිද­හස ඇති කිරිම සඳ­හායි.

ශ්‍රීල­නිප පෙහො­ට්ටුව තුළ දිය කරන්න උත්සාහ කර­නවා; එයට ඉඩ දෙන්නේ නැහැ කියලා එ් පක්ෂයේ ඇතැම් මන්ත්‍රි­ව­රුන් කිය­නවා ?

අපි ‍ගොඩන­ඟන්නේ සන්ධා­න­යක්. කිසිදු පක්ෂ­යක් ඒ තුළ දිය­වෙන්නේ නැහැ. අපි­ටත් තියෙ­නවා පක්ෂ­යක්; අපි­ටත් තියෙ­නවා අන­න්‍ය­තා­ව­යක්. අපි‍ ­අපේ අන­න්‍ය­තාව තියා­ගෙන එකට වැඩ කළ යුතුයි. එකට වැඩ­ක­රන කොට වැඩි බල­යක් තියෙන පක්ෂය වැඩි බල­ය­කින් කට­යුතු කර­නවා; එය වල­ක්වන්න බැහැ. නමුත් අපි අපේ පක්ෂ­වල අන­න්‍ය­තාව රැක ගන්නවා. ඒ කොහො­මද රැක ගන්නේ කියලා පැහැ­දිලි ‍කළොත්; අපි වෙන වෙනම ඉදි­රි­පත් වෙලා; මේ ඡන්ද ‍වලදි අපේ පක්ෂ වල අන­න්‍ය­තා­වෙන් යුතුව ඡන්ද ව්‍යාපා­ර­යට එකතු වුණොත් අන­න්‍ය­තාව රැක ගත හැකියි.

Comments