කරු කවු­රුද? | සිළුමිණ

කරු කවු­රුද?

 

මිනිස් චින්ත­නය ඉදි­රි­ගාමි වන සාධ­ක­යක් වන්නේ දේශ­පා­ල­න­යයි. හිතේ අමා­රු­ව­කට හෝ වෙන­යම් අමා­රු­ව­කට හෝ දේශ­පා­ල­න­ඥයා ප්‍රති­ක්ෂේප කිරී­මෙන් සිදු වන්නේ දරුණු ඒකා­ධි­ප­ති­ය­කුගේ වැඩ­ව­සම් යට­ත්වි­ජි­ත­යක ජීවත් වීමට අපට සිදු වීමය. මේ සම්බ­න්ධ­යෙන් යම් ප්‍රඥා­වක් නැති සම­හර මධ්‍යම පාන්තික කොටස් හෙට දවසේ මේ රටට තද පාල­ක­යකු ඉල්ලා සිටී. එවන් පාල­ක­යන් තම දරුවා කප්පම් උදෙසා පැහැ­ර­ගෙන යන තුරුම ඒ අයට ප්‍රඥාව පහළ වන්නේ නැත. එහෙත් අනෙක් අතට වත්මන් ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන්ගේ ක්‍රියා කලා­ප­යද මෙවන් සිති­වි­ලි­ව­ලට හේතු වී තිබෙන බව පෙනේ. පාර්ලි­මේ­න්තුවේ 225ම එපා යැයි බොහෝ දෙනකු සඳ­හන් කරන්නේ ඒ නිසාය.

 

එහෙත් දේශ­පා­ල­ක­යන් ප්‍රති­ක්ෂේප කර­මින් සොයන පාලන රික්ත­යට හමුදා ප්‍රධා­නීන් ආදේශ කරන මාන­සි­ක­ත්වය නිර්මා­ණය වන්නේ කෙසේ­දැයි සිතා­ගත නොහැ­කිය. එය රට­ටම විනා­ශය කැඳ­වන නරුම මාන­සි­ක­ත්ව­යකි. මීට හොඳම උදා­හ­ර­ණය හිට්ලර්ය. මාධ්‍ය විසින් බැට­ළු­වන් බවට පත් කර­මින් සිටින අතී­තයේ වැඩ පෙන්නා ඇති හමුදා චරිත අද “රියැ­ලිටි ෂෝ” විලා­ස­යෙන් දේශ­පා­ලන කර­ළි­යට ඉදි­රි­පත් වන්නේ මේ නිසාය. මේ කඳ­වුරු දෙක­ටම අයත් “රියැ­ලිටි ෂෝ” අපේ­ක්ෂ­කයෝ ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා සූදා­න­මින් සිටිති. මේ රටේ දේශ­පා­ලන ක්‍ෂේත්‍රය කොත­රම් පසු­ගාමි තැන­කට ඇද­දමා තිබේද යන්න මින් පැහැ­දි­ලිය. සම­ස්ත­යක් වශ­යෙන් ගත් කල වර්ත­මා­නයේ දේශ­පා­ල­නයේ යෙදෙන බහු­ත­රය පිළි­බඳ කල­කි­රී­මක් ඇති වුවද අඩුම තර­මින් ප්‍රාදේ­ශීය සභා දේශ­පා­ල­න­ය­ක­වත් යෙදී නොසිටි පිට­ස්තර චරිත ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් ලෙස බව්තීස්ම කිරීම අණු­වන චින්ත­න­යකි; යළිත් වතා­වක් පසු­තැ­විලි වීමට හේතු­වක් සාදා ගැනි­මකි.

මේ නිසා කොත­රම් අඩු-පාඩු පැව­ති­යද අපට තෝරා­ගැ­නී­මට සිදු වන්නේ මේ දේශ­පා­ලන ක්ෂේත්‍ර­යේම සිටින නිර්මල චරි­ත­යකි. එහෙත් සැබ­වින්ම අද එබඳු චරිත සිටීද?

රට එත­රම්ම අවා­ස­නා­වන්ත නැත. එවන් චරිත මේ රටේම සිටී. මේ දින­වල එවන් චරිත පිළි­බඳ කතා­බ­හක් ඇති වෙමින් පවතී. රටම පෙළ­ගැ­සෙ­මින් පව­තින්නේ ඒ දෙස­ටය.

මේ රටේ ඕනෑම මැති­ව­ර­ණ­ය­කදී වහ­ලුන් සේ ඇස්-කන් පියා­ගෙන ඡන්ද පොළට යන පිරි­සක් සිටිති. එ් ප්‍රමා­ණය 40%කට ආස­න්නය. කවු­රුන් කුමන දේශ­පා­ල­ක­යන් ප්‍රති­ක්ෂේප කළත් එසේ ඡන්දය දෙන එකී 40%ක පිරිස අතු­රින් නාය­ක­යකු හෝ දේශ­පා­ලන කණ්ඩා­ය­මක් රට බාර­ගැ­නී­ම­ටද ඉඩ-කඩක් නැති­වාම නොවෙයි. මීට හොඳම නිද­සුන පසු­ගිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­යයි. මේ වන විට මන්ත්‍රී­ව­රුන් වූ සම­හ­රුන්, හිස් මිනි­සුන් බවට පත්ව ඇත. ඒ සම්බ­න්ධ­යෙන් ජන­තා­වගේ අඳෝ­නාද අසන්න ලැබේ. මේ නිසා දේශ­පා­ල­න­ඥ­යන් ප්‍රති­ක්ෂේප කරන පිරි­සට සිදු වන්නේ එක්කෝ මේ 40% පිරි­සට එකතු වීම­ටය; නැත හොත් ඔවුන්ගේ තීර­ණ­යට අව­නත වීම­ටය.

දෙවැනි කරුණ වන්නේ ප්‍රධාන දේශ­පා­ලන පක්ෂ දෙක­ටම මේ රටේ මැති­ව­ර­ණ­ය­කට තනිව තරග කර ජනා­ධි­ප­ති­ව­ර­යකු හෝ ආණ්ඩු­වක් හෝ ලබා ගැනී­මට නොහැකි වීමයි.

ඒ අතර මේ වන විට ප්‍රධාන පක්ෂ දෙකෙ­හිම ඇතැම් පාක්ෂි­කයෝ අඳ ගොළු බිහිරි පාක්ෂික භාව­යෙන් ඉවත් වී නිද­හස් ඡන්ද­දා­ය­ක­යන් බවට පත්ව සිටිති. මීට අම­ත­රව අලු­තින් එකතු වන තරුණ ඡන්ද දාය­ක­යන්ද නාය­ක­යාගේ මට්ටම හා ඒ මොහොතේ ප්‍රව­ණතා ගැන කල්පනා කරන නිර්පා­ක්ෂික පිරි­සක් බවට පත්ව ඇත. 2015 ජන­වාරි 08 වැනිදා ජනා­ධි­පති මෛත්‍රීගේ ජය­ග්‍ර­හ­ණයේ තීර­ණා­ත්මක පිරිස බවට පත් වූයේ මේ නිර්පා­ක්ෂින ඡන්ද­දා­ය­ක­යාය. ඒ පිරිස හා වාමාං­ශික කොටස් ප්‍රථම වතා­වට එක්සත් ජාතික පක්ෂය මූලික වූ පෙර­මු­ණ­කට සාම්ප්‍ර­දා­යික එජාප විරෝ­ධය පසෙක දමා තම ඡන්දය භාවිත කළහ. මේ නව ප්‍රව­ණ­තාව ගැන කල්පනා නොක­රන පිරිස් අද එක්සත් ජාතික පක්ෂයේ හා පොහොට්ටු පෙර­මුණේ සිටින බව පෙනේ. ඒ අතර ග්‍රාමීය මට්ටමේ යූඑ­න්පී­කා­රයා හොඳ­යැයි සිතන වීර චරිත එජාප ඡන්ද­ව­ලට පම­ණක් ආක­ර්ෂ­ණය වූ චරිත විය හැකිය.

මොන කඳ­වු­රෙන් ආවත් ගම කියන්නේ ලෝකය යැයි සිතා සිටින ඝෝෂා­කා­ර­ය­කුට අද රට වැටී ඇති ආගා­ධ­යෙන් කිසි සේත් ගොඩ ගත නොහැ­කිය. එසේම ණය බරින් මිරි­කුණු රටක ජන­තා­වට සහ­නා­ධාර බෙද­න­වා­යැයි බොරු පොරොන්දු දෙමින් හර­වත් දෙයක් ගැන කතා නොක­රන බොල්පි­ළිම දේශ­පා­ල­නය මේ වන විට අව­සන් වී ඇති බව මේ අයට නොතේ­රීම කන­ගා­ටු­දා­ය­කය.

මේ නිසා අප සොයා­ගත යුතු වන්නේ කොහො­මත් ලැබෙන පාක්ෂික ඡන්ද ගොඩට අලු­තින් ඡන්ද එකතු කර­ගත හැකි, පාක්ෂික නොවන ඡන්ද දිනා­ගත හැකි අපේ­ක්ෂ­ක­යෙකි.

මේ වන විට පැරණි එජාප විරෝධී කඳ­වුර වශ­යෙන් නාම­ධාරි වූ, ප්‍රග­ති­ශී­ලීන් ලෙස අතී­තයේ පෙනී සිටි පිල දිය වෙමින් පවතී. ඔවුහු ජාති­වා­ද­යට යට වුණු, අන්ත­වාදි ලෙස එක් ජාති­ක­ත්ව­යක් හා ආග­මක් ගැන පම­ණක් කල්පනා කරන, බොරු අධි­රාජ්‍ය විරෝධි කඳ­වු­රක් බවට පත්ව සිටිති. ඔවුන් අධි­රා­ජ්‍ය­වා­දීන් සමඟ ගිවි­සුම් අස්සන් කළ අමෙ­රි­කානු පුර­වැ­සි­යන් ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ආදේශ කරන තැනට බංකො­ලොත් වී ඇත.

මේ අය අතර සිටින සම­හ­රුන් කල්පනා කරන්නේ මේ නැනෝ තාක්ෂ­ණික යුගයේ රජ කෙනකු සහිත වැඩ­ව­සම් පාල­න­යක් ගැනය. ‘මහ­ර­ජාණෝ‘ සංක­ල්පය හිමි වන්නේ මේ වැඩ­ව­සම් සන්ද­ර්භය තුළය. මේ රටේ පැරණි වම මේ අය සමඟ පෑහෙන්නේ සමා­ජ­වා­දය වෙනු­වට අව­ස්ථා­වා­දය කරට ගෙන සිටීම නිසා විය යුතුය.

මේ නිසා සම්ප්‍ර­දා­යික යූඑන්පී විරෝ­ධය අද දුගඳ හමන දිරා ගිය කඩ­මා­ල්ලක් බවට පත්ව ඇත. අද වන විට ජාතීන් අතර එක­මු­තුව, ශ්‍රී ලාංකික අන­න්‍ය­තාව හා ශ්‍රී ලාංකික ජාතිය ගොඩ­නැ­ගීම එජා­පය ප්‍රමුඛ දේශ­පා­ලන සන්ධා­නය විසින් නාය­ක­ත්වය දෙන කාර්ය­යක් බවට පත්ව තිබේ. අද මේ රටේ ප්‍රග­ති­ශී­ලි­ත්වය නියෝ­ජ­නය කරන්නේ මේ කඳ­වුර බව පැහැ­දි­ලිය. ජාති­වා­දය හෝ ආග­ම්වා­දය උසි­ගන්වා බලය අත්පත් කර­ගන්නා කඳ­වු­රට අවා­ස­නාව හා පසු­ගා­මි­ත්වය හැරෙ­න්නට මේ රටට දිනා දිය හැකි කිසි­වක් නැත. එහෙත් ඒ කඳ­වුරේ සුළු පිරි­ස­කට ආවේ­ණික හොර­කම නම් භීෂ­ණය හා දූෂ­ණය මැද්දේ ගන සැරේට කළ හැකිය. මේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් ඔවුන් ඒ සඳහා ජන අනු­මැ­ති­යක් අපේක්ෂා කරන බව පෙනේ. කෙන­කුට දුර-දිග කල්පනා කරන බුද්ධි­යක් අවශ්‍ය වන්නේ මෙය තේරුම් ගැනී­ම­ටය.

එජාප පිලේ හොරුන් නැතැයි මින් අද­හස් නොවේ. පැරණි හොරුන්ගේ නඩු-හබ ඇදි-ඇදී යෑමට ඉඩ සලසා තිබෙන්නේ ඒ සඳහා වාගේය. සම­හර නඩු ඉදි­රි­පත් කර ඇති­තේම දුර්වල පැමි­ණිලි ලෙසිනි. මෙය තමන්ට ජය ගත හැකි­යැයි සිතා­ගෙන සිටින වත්මන් හොරුන් පැරණි හොරු­න්ගෙන් රැක­ව­රණ අපේක්ෂා කර­නවා වාගේය. එහෙත් සම­ස්ත­යක් වශ­යෙන් ගත් කල එදාට වඩා නිද­හ­සක් ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් වර්ත­මා­නයේ රටේ පව­තින බව පිළි­ගැ­නී­මට සිදු වේ.

2020ට අපට අවශ්‍ය වන්නේ දෙපැත්තේ හොරුන්ගේ ඩීල් ප්‍රති­ක්ෂේප කරන, මේ රට මීට වඩා හොඳ තැන­කට ඔසවා තැබිය හැකි දෑහි­ත­කාමි, අත්දැ­කීම් සහිත පරි­ණත නාය­ක­යෙකි. ඔහු මේ දේශ­පා­ලන මඩ ගොහො­රු­වෙන් මතු වන අර­වි­න්ද­යක් බඳු අයෙක් විය යුතුය.

හෙට දවසේ ශ්‍රී ලංකාව බාර දිය යුත්තේ එවන් නාය­ක­ය­කු­ටය. ඕනෑම කෙන­කුට කැත නැතුව හිතට එක­ඟව දේශ­පා­ල­නය කළ හැකි වන්නේ එවන් නාය­ක­යකු සම­ඟය. ඔහු පවු­ල්වා­දය හා ආග­ම්වා­දය ප්‍රති­ක්ෂේප කරන දේශී­ය­ත්වය හඳු­නන නාය­ක­යකු විය යුතු බව අමු­තු­වෙන් කිව යුතු නැත. ඔහු අතේ ලේ නොතැ­ව­රුණු, භීෂ­ණ­යට සම්බන්ධ නැති, හොරකු නොවන අයෙක්ද විය යුතුය.

මේ සුවි­ශේෂ මිනිසා මෙන්ම අත්දැ­කීම් සහිත දේශ­පා­ල­න­ඥයා අප අතර සිටීද? සත්‍ය වශ­යෙන්ම සිටී. ඔහු සූදා­නම්ද? කවු­රුත් එක් වී ඒ වග­කීම භාර දෙන්නේ නම් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්වය ප්‍රති­ක්ෂේප කරන තැනක ඔහු නොසි­ටින බව පෙනේ.

ඔහු නම් අන් කව­රකු වත් නොව; ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ වත්මන් කථා­නා­යක කරු ජය­සූ­රි­යයි. වත්මන් දේශ­පා­ල­නයේ නියැළී සිටින, ඉහත සඳ­හන් සාධ­නීය ලක්ෂණ සියල්ල එකට කැටි වූ එකම මෙන්ම අව­සන් නාය­ක­යාද කරු විය හැකිය. කාර­ණා­කා­රණ විම­සි­ල්ලෙන් සොයා බලන විට මෙය සිහි­බු­ද්ධි­යක් ඇති ඕනෑම කෙනෙ­කුට තේරුම් යනු ඇත.

එහිදී ඇතැ­මුන් ඇඟිල්ල දිගු කරන්නේ ඔවුගේ වයස දෙස­ටය. ජේආර් ප්‍රථම වරට 1977දී මේ රට භාර ගත්තේ තරු­ණ­යකු ලෙස නොවේ. කොහො­ම­ටත් ආසි­යානු දේශ­පා­ල­නයේ රාජ්‍ය නාය­ක­ත්ව­යට වයස ප්‍රශ්න­යන් නොවේ. මහ­තීර් මොහො­මඩ් මෙවර මැලේ­සි­යාව බාර ගන්නේ වයස අවු­රුදු 91දීය.

වැද­ගත් වන්නේ අවං­ක­කම, කළ­ම­නා­ක­ර­ණය හා සුදුස්සා සුදුසු තැනට පත් කර රට මෙහෙ­ය­වී­මය; රට මීට වඩා හොඳ තැනක තැබී­මය. කරූට ඒ ශක්තිය තිබෙන බව දින 52 පාල­න­යේ­දීද පැහැ­දි­ලිව ප්‍රද­ර්ශ­නය කර ඇත. එසේ නම් ‘කරූ‘ අම­තක කර මේ රටේ යුක්ති ගරුක ජන­තා­වට මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජය­ග්‍ර­හ­ණ­යක් අත්පත් කර­ගත නොහැකි බව පැහැ­දි­ලිය.

Comments