අලුත් ඡන්ද හා ජනා­ධි­ප­ති­ව­ර­ණය | සිළුමිණ

අලුත් ඡන්ද හා ජනා­ධි­ප­ති­ව­ර­ණය

නා­ධි­ප­ති­ව­ර­ණය පව­ත්වන දිනය තව මාස කීප­යක් ඇතු­ළත ප්‍රකා­ශ­යට පත් කරනු ඇත. මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා පව­සන පරිදි ජනා­ධි­ප­ති­ව­ර­ණය අනි­වා­ර්යෙන්ම නොවැ­ම්බර් මාසයේ 15 වැනිදා හා දෙසැ­ම්බර් 7 වැනිදා අතර දින­යක (ඒ දින දෙකද ඇතු­ළත්ව) පැවැ­ත්විය යුතු­මය.

ජනා­ධි­ප­ති­ව­රයා දින­යක් නියම කළ හොත් එදින හෝ සැප්තැ­ම්බර් මස අව­සාන සතිය වන විට ඔහු දින­යක් ප්‍රකාශ නොකළ හොත් කොමි­සම විසින් හෝ ඒ දිනය තීර­ණය කරනු ඇත.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් මහ මැති­ව­ර­ණ­ය­කට වඩා හාත්ප­සින්ම වෙනස්ය. මහ මැති­ව­ර­ණ­ය­කදී මෙන් නොව එහිදී දැකිය හැක්කේ එකම අපේ­ක්ෂ­කයා වටා රොක් වූ මහ­ජන නියෝ­ජිත පිරි­සක්, ඔවුන් වටා රොක් වූ ප්‍රාදේ­ශීය දේශ­පා­ල­න­ඥ­යන් පිරි­සක් හා නගර හා ගම් මට්ට­මින් තම අපේ­ක්ෂ­කයා දින­වන්න වැර දරන ඡන්ද දාය­ක­යෝය.

මහ මැති­ව­ර­ණ­ය­කදී මෙන් එකම පක්ෂය ඇතු­ළත ‍ගහ-මරා­ගැ­නීම් වෙනු­වට තම අපේ­ක්ෂ­ක­යාම දින­ව­න්නට කැස කවන මේ ව්‍යායා­මය 1982 වසරේ සිටම දක්නට ලැබිණි. එහෙත් අපේ­ක්ෂ­කයා දින­වීම කෙරෙහි තිබූ වෑයමේ අව­ධා­නය යොමු නොවන නොපෙ­නෙන පැති­ක­ඩක්ද ඇත. ඒ අපේ­ක්ෂ­ක­යාගේ ජය­ග්‍ර­හ­ණය සැබැ­වින්ම සිදු වන්නේ පාක්ෂි­ක­යන්ගේ මනා­පය මතද යන්න පිළි­බඳ නොවි­ම­සී­මයි.

ජන­පති අපේ­ක්ෂ­කයා දින­වන්නේ පාක්ෂි­කයා හෝ පක්ෂය විසින් නොවන බවත්, නිර්පා­ක්ෂික ඡන්ද හා අලු­තින් එකතු වන ඡන්ද (තරුණ ඡන්ද) මත බවත් මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා මීට මස­කට පමණ පෙර සිළු­මිණ සමඟ පැවැති සාක­ච්ඡා­ව­කදී අපට පැහැ­දිලි කළේය.

එහෙත් ඒ නව ඡන්ද හා නිර්පා­ක්ෂික ඡන්ද තමන් වෙත ඇද­ගැ­නී­මට අපේ­ක්ෂ­ක­යන් කට­යුතු කර­න්නේද යන්න මෙහිදී සොයා බැලීම වට­නේය.

මෙරට ජනා­ධි­ප­ති­ව­රණ ඉති­හා­සයේ ජනා­ධි­ප­ති­ව­ර­යකු ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වී පරා­ජ­යට පත් වූයේ පසු­ගිය 2015 මැති­ව­ර­ණ­යේ­දීය. එහිදී මහින්ද රාජ­පක්ෂ මහතා පරා­ජ­යට පත් වූයේ මෛත්‍රී­පාල සිරි­සේන මහතා පොදු අපේ­ක්ෂ­කයා ලෙස සෙසු පක්ෂ­වල සහාය ලැබීම මත පම­ණක්ම නොවේ. රාජ­පක්ෂ මහ­තාට වැඩි­යෙන් මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට ලබා ගත හැකි වූයේ ඡන්ද 4,49,072ක් පමණි. ඒ වන විට 2010 පැවැත්වූ මැති­ව­ර­ණ­යට වඩා නව ඡන්ද 9,55,990ක් එකතු වී තිබිණි. නිර්පා­ක්ෂික ඡන්දද ඒ හා සමාන හෝ ඊට වැඩි ප්‍රමා­ණ­යක් තිබිණි. අවම වශ­යෙන් මහින්ද රාජ­පක්ෂ මහතා නව ඡන්ද හෝ නිර්පා­ක්ෂික ඡන්ද දෙකින් එක් අංශ­යක් කෙරෙහි හෝ අව­ධා­නය යොමු කෙළේ නම් තවත් ඡන්ද ලක්ෂ 5කට ආසන්න ප්‍රමා­ණ­යක් ලබා ගන්නට හොඳින්ම ඉඩ තිබිණි. එසේ වූවා නම් 2015 ජනා­වාරි 9 වැනිදා අපට අස­න්නට ලැබෙන ප්‍රති­ඵ­ලය බොහෝ වෙනස් වන්න­ටද ඉඩ තිබිණි. මෛත්‍රී­පාල සිරි­සේන මහතා තම මැති­ව­රණ ව්‍යාපා­ර­යේදී පොලි­තීන් කට­වුට් භාවිත නොකළ අතර, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ මැති­ව­රණ ව්‍යාපා­ර­යට සමා­ජයේ සැල­කිය යුතු පිරි­සක් දාය­ක­ත්වය සැප­යීය. එම­ඟින් ඔහුට ජය­ග්‍ර­හ­ණය කරා යන්නට හැකි වූ අතර, මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා පැවසූ පරිදි මෙවර ප්‍රධාන පක්ෂ දෙකින්ම මොන අපේ­ක්ෂ­කයා ඉදි­රි­පත් වුවද, එම අපේ­ක්ෂ­කයා නිර්පා­ක්ෂික ඡන්ද වෙත අව­ධා­නය යොමු කළ යුතු­මය. එමෙන්ම නව ඡන්ද හෙවත් තරුණ ඡන්ද වෙත අව­ධා­නය යොමු කළ යුතුය. ඒ නව ඡන්ද­ව­ලින් 90%කටත් වැඩි ප්‍රමා­ණ­යක් නිර්පා­ක්ෂික ඡන්ද වේ. ඉතා සුළු පිරි­සක් පියාගේ හෝ මවගේ හෝ වෙනත් ඥාති­ය­කුගේ සබ­ඳතා මත හා වෙනත් හේතු මත පාක්ෂි­ක­ත්ව­යක් ගත්තද සෙසු සියලු දෙනා නිර්පා­ක්ෂි­කයෝ වෙති.

2010 ජන­වාරි 26 දා පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මහින්ද රාජ­පක්ෂ මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (එව­කට ජන­රාල්) තරග කළ අතර, එහිදී ඡන්ද දාය­ක­යන් 1,40,88,500කින් එදා ඡන්දය භාවිත කෙළේ 100,49,451‍ක් පමණ පිරි­සකි. එය සමස්ත පිරි­සෙන් 75%කටත් අඩු පිරි­සකි. ඒ මැති­ව­ර­ණ­යේදී ඡන්දය දුන් අපේ­ක්ෂ­ක­ය­න්ගෙන් මහින්ද රාජ­පක්ෂ මහ­තාට මනාප 60,15,934ක් එනම් ඡන්දය දුන් පිරි­සෙන් 57.88%ක් හා සරත් ෆොන්සේ­කාට මනාප 41,73,185ක් එනම් ඡන්දය දුන් පිරි­සෙන් 40.15%ක් හිමි විය.

2015 වසරේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඡන්දය පාවිච්චි කළ සංඛ්‍යාව 1,50,44,490කි. එහිදී 2010 වස­රට වඩා නව ඡන්ද 9,55,990 ක් එක් විය.

මෙවර 15,992,096ක් ඡන්ද දාය­කයෝ ලියා­ප­දිං­චිව සිටිති. ඒ අනුව නව ඡන්ද 9,47,606ක් හෙවත් ලක්ෂ 10කට ආසන්න පිරි­සක් අලු­තින් ඡන්දය දැමී­මට සුදුස්සෝ වෙති.

ඔවුන්ගේ මනා­පය ලබා­ගැ­න්මට දේශ­පා­ලන නාය­කයෝ කුමක් කරත්ද? ඒ පිරිස ආම­න්ත්‍ර­ණය කරන බවක් මේ වන තුරුත් දක්නට නැත. 1971 වසරේ හා 1988/1989 වස­ර­වල තරුණ පිරිස රැකියා ප්‍රශ්න හා විශ්ව­වි­ද්‍යාල ප්‍රශ්න මත සිදු කළේ යම් යම් පක්ෂ­වල උසි ගැන්වීම් මත කැරලි ගැසී­මය. එසේ වුවත් දැන් තරුණ පිරිස බුද්ධි­මත්ය. ඔවුන් තමන්ට සුදුසු තැන නොලැ­බෙන්නේ නම් ඍජු­වම ගන්නේ එකම එක තීර­ණ­යකි. ඒ විදෙ­ස්ගත වීමය. එනිසා ඒ පිරිස ආම­න්ත්‍ර­ණය කර මනා­පය ලබා­ගැ­නීම මේ මැති­ව­ර­ණයේ තීර­ණා­ත්මක සාධ­ක­යක් වනු ඇත.

එසේම පසු­ගිය 2015 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඡන්දය දුන් ඡන්ද දාය­ක­යන් හා ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­යන් දෙස බැලී­මේදී පෙනී යන තවත් වැද­ගත් කරු­ණක් වන්නේ සැල­කිය යුතු පිරි­සක් ඡන්දය නොදී ඇති බවයි. 2015 වසරේ ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­යන් සංඛ්‍යාව 150,44,490ක් වුවත් ඡන්දය පාවිච්චි කළේ 1,22,64,377කි. ඒ අනුව ඡන්දය භාවිත නොකළ පිරිස 27,80,113කි. එයින් සැල­කිය යුතු පිරි­සක් විදෙ­ස්ග­තව ඇත. මේ ලක්ෂ 30කට ආසන්න ඡන්ද සංඛ්‍යාව තීර­ණා­ත්මක ප්‍රති­ඵල ලබා දෙන්නක් වන අතර, විදේ­ශීය රැකියා කර­න්නන්ට ඡන්දය ලබා දීම පිණිස තව­මත් ක්‍රම­වේ­ද­යක් අප සතුව නොවී­මද මෙහිදී අප මුහුණ දී ඇති බර­ප­තළ ප්‍රශ්න­යකි. පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නාට වලංගු ඡන්ද­ව­ලින් 98.86% හිමි වූ අතර, ඉතිරි 1.14% ක ප්‍රමා­ණය සෙසු අපේ­ක්ෂ­ක­යින් 17 දෙනා අතර බෙදී ගියේය.

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජනතා විමුක්ති පෙර­මු­ණෙන්ද අපේ­ක්ෂ­ක­යකු ඉදි­රි­පත් වන බැවින් ඡන්ද කොට­සක් ඔවු­න්ටද වෙන් වන නිසා ප්‍රධාන පක්ෂ­වල අපේ­ක්ෂ­ක­යන් දෙදෙ­නාට අනි­වා­ර්ය­යෙන්ම නිර්පා­ක්ෂික හා තරුණ ඡන්ද ලක්ෂ 10කට ආසන්න ප්‍රමා­ණය දෙස අව­ධා­නය යොමු කිරී­මට සිදුව ඇත.

විශේ­ෂ­යෙන්ම පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­ය­ටත් වඩා ඡන්ද දාය­ක­යන් 2,31,229ක පිරි­සක් (තරුණ ඡන්ද) සුදු­සු­කම් ලබා තිබේ. ඒ අනුව 2017 ලේඛ­න­යට වඩා 2018 මැති­ව­රණ ලේඛ­නයේ ලක්ෂ 2 ½ක පමණ පිරි­සක් ඡන්ද දාය­ක­යන් වැඩි වී තිබේ.

ඒ අනුව බලන කල මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සුදු­සු­කම් ලබා ඇති ඡන්ද දාය­ක­ය­න්ගෙන් 6%ක් පමණ අලුත් ඡන්ද දාය­කයෝ වෙති. ඔවු­හුද තීර­ණා­ත්ම­කය. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය පක්ෂ අතර අපේ­ක්ෂක සට­නක්ද වී තිබෙන හෙයින් මේ නව ඡන්ද බෙහෙ­වින්ම වැද­ගත් වනු ඇත. ඒවා ලබා­ගැ­න්මට මෙන්ම නිර්පා­ක්ෂික ඡන්ද කෙරෙ­හිද අව­ධා­නය යොමු කළ යුතු වන්නේ මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී දෙවන මනා­ප­යක් ගණන් කිරී­මට ඉඩ ඇති බවට බොහෝ දේශ­පාන පක්ෂ විසින් මෙන්ම සමාජ විචා­ර­ක­යින් විසින්ද ඉඟි කර ඇති හෙයිනි. දෙවැනි මනා­පය පිළි­බ­ඳව අපේ බොහෝ දෙන­කුට අව­බෝ­ධ­යක්ද නැත. ජන­තා­වට පම­ණක් නොව; බොහෝ දේශ­පා­ල­ක­යන්ට පවා ඒ ගැන අව­බෝ­ධ­යක් නැත.

එහෙ­යින් ඒ ගැනද යම් කරු­ණක් සඳ­හන් කළ යුතු වේ. ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කදී තමන්ගේ මනා­පය පරිදි පළමු කැමැත්ත අංක 1 ලෙසත්, දෙවැ­නි­යට කැමැත්ත දක්ව­න්නාට අංක 2 ලෙස හා 3 වැනි­යට කැමැති අයට අංක 3 ලෙසත් යෙදිය හැකිය. අපේ­ක්ෂ­ක­යන් 5 දෙනකු ඉදි­රි­පත් වුව හොත් සම්පූර්ණ වලංගු ඡන්ද සංඛ්‍යා­වෙන් 50%ක් යම් අපේ­ක්ෂ­ක­ය­කුට ලබ­න්නට නොහැකි වුව හොත් වැඩිම මනාප ලැබූ අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා හැරෙ­න්නට අනෙක් පස් දෙනාගේ ඡන්ද පත්‍රිකා පසෙ­කින් තබනු ලැබේ. උදා­හ­ර­ණ­යක් ලෙස අපේ­ක්ෂ­ක­යන් 5 දෙනකු අතු­රින් එක් අයෙක් වලංගු ඡන්ද­ව­ලින් 40%ක් දෙවැන්නා 30%ක් හා අනෙක් අය 15%ක් 10%ක් හා 5%ක් ලෙසින් ලබා ගත්තේ යැයි සිතමු. එවිට පළ­මු­වෙන් 15%ක් ගත් තැනැ­ත්තාගේ දෙවන මනා­පය කාට­දැයි විමසා බලනු ලැබේ. ඔහුගේ ඡන්ද­වල දෙවන මනා­පය ලකුණු කර ඇත්තේ 40% ලබා­ගත් අපේ­ක්ෂ­ක­යා­ට­නම් එම ඡන්ද ඔහුට හිමි වන අතර එම දෙවන මනා­පය ලකුණු කර ඇත්තේ 30%ක් ලබා­ගත් අපේ­ක්ෂ­ක­යාට නම් ඒ මනාප ඔහුට හිමි වේ. යම් ලෙස­කින් දෙවන මනා­පය දී ඇත්තේ 10% ලබා­ගත් අපේ­ක්ෂ­ක­යාට නම් එය නොස­ලකා තුන්වන මනා­පය කාට­දැයි විමසා බල­නවා. එම තුන්වන මනා­පය 40%ක් හෝ 30%ක් ලබා­ගත් අපේ­ක්ෂ­ක­යාට නම් එය ඒ අපේ­ක්ෂ­ක­යාගේ ගණ­න­යට එකතු වේ. එහිදී දෙවන මනා­පය නොව තුන්වන මනා­පය සැල­කී­මක් වේ.

එහෙත් අපේ රටේ බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ මනාප ලකුණු නොකර ඍජු­වම තමො කැමැති අපේ­ක්ෂ­ක­යාට ‘කති­රය‘ ගැසී­ම­ටය. එහිදී ඇත්තේ ඉතා සරල ක්‍රියා­දා­ම­යකි. එවිට 40% හා 30% යන දෙදෙ­නාගේ මනාප එකතු කර එය 100% ලෙස සලකා එයින් 50%කට වැඩි­යෙන් ලබා ගත් අපේ­ක්ෂ­කයා තෝරා පත් කර­ගනු ලැබේ. මෙහිදී 50%ක් හා තවත් එක් ඡන්ද­යක් අවශ්‍ය වේ. යම් අයු­ර­කින් ප්‍රති­ඵල සමාන වුව හොත් කුස­පත් ඇදී­මෙන් ජනා­ධි­ප­ති­ව­රයා තෝරා ගනී.

මේ කරුණු දෙස සලකා බැලී­මේදී අපට පැහැ­දි­ලිව පෙනී යන්නේ සුළු ජාතික පක්ෂ­වල ඡන්ද­ව­ලට වඩා අව­ධා­න­යක් නව ඡන්ද කෙරෙහි යොමු කළ යුතු බවයි. සුළු ජාතික ඡන්ද එම දේශ­පා­ලන පක්ෂ නාය­ක­යන්ගේ කේවල් කිරීම් මත හිමි වන අතර සියලු අපේ­ක්ෂ­ක­යන්ගේ අව­ධා­නය යොමු විය යුත්තේ නව ඡන්ද කෙරෙ­හිය.

නව සමා­ජයේ සිති­විලි හා අපේක්ෂා තේරුම් ගැනීම මෙහිලා අපේ­ක්ෂ­ක­යන් අව­ධා­නය යොමු කළ යුතුම කුරු­ණකි. එසේම මැති­ව­රණ කොමි­සමේ සභා­ප­ති­ව­රයා පැවසූ පරිදි නිර්පා­ක්ෂික ඡන්ද කෙරෙ­හිද අව­ධා­නය යොමු කරන්නේ නම් ඒ අපේ­ක්ෂ­ක­යාට ජය ගැනීම ඉතා පහසු වන්නේ 15%කට ආසන්න මනාප සංඛ්‍යා­වක් නව ඡන්ද හා නිර්පා­ක්ෂික ඡන්ද වන බැවිනි.

Comments